පෝෂණයෙන් පිරිපුන් ආහාර පිළිබඳව කතා කිරීමේදී අපගේ සිහියට නිතැතින්ම එන්නේ මස් මාළු කිරි බිත්තර වැනි දේවල් පිළිබඳවයි. නමුත් මේ සියල්ල සමඟ පළතුරු ද කරට කර තරඟ කරන බව අපට අමතක වනවා.
අලිගැටපේර
පළතුරු අතරින් ඉතාමත්ම පෝෂ්‍ය දායක පළතුරු වර්ගයක්. ඕනෑම වයසක අයෙකුට සුදුසුයි. දිරවීම පහසුයි. සිරුර මහත් කරයි. දරුවන් නැති අයට ඉතාමත්ම සුදුසු පළතුරක්.
ග්‍රෑම් 100 ක පෝෂණය
- ශක්තිය කිලෝ කැලරි 98
- ප්‍රෝටීන් ග්‍රෑම් 1.4
- කැල්සියම් මිලි ග්‍රෑම් 10
- මේදය 8.3
- විටමින් A ජාත්‍යන්තර ඒකක 340
- තයමින් මිලිග්‍රෑම් 10
- රයිබෝප්ලේවින් 44
- නියසීන් මිලිග්‍රෑම් 1.5
- යකඩ මිලිග්‍රෑම් .9
- අලිගැට පේර වල ගුණ
- ශරීරයේ උෂ්ණත්වය අවම කරයි .
- ශුක්‍ර වර්ධනය කරයි .
- ශරීරය මහත් කරයි .
- සමේ වියළි ස්වභාවය අවම කරයි .
- පිපාසය අඩු කරයි .
- වාජීකරණ ගුණය ලබා දෙයි .
- කාන්තාවන්ගේ නිසරු බව නැති කරයි .
- සමේ පැහැපත් බව වැඩිකර ගැනීමට ආලේපයක් ලෙස යොදා ගනී .
- විටමින් ඌනතාවන්ගෙන් පෙළෙන අයට ඉතාමත්ම ගුණ දායකයි .
- හදවතට හිතකරයි .
- දියවැඩියා සහ පිළිකාවලට හිතකරයි .
- පිළිකා ඇති වීම වළක්වයි.
ඉරේෂා