අපිට හානියක් නැතුවම මදුරුවන් පලවා හරින ස්වාභාවික ක්‍රම

ඕනෑම නිවසක තියෙන පොදු ගැටලුවක් තමයි මදුරු කරදරය.මේ සඳහා විසඳුම් ලෙස වෙළඳපලේ ඕනෑ තරම් දේවල් තිබුනත් සමහරවිට ඒවායෙන් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. තවත් සමහර ඒවා කුඩා දරුවන්ට අහිතකර තත්ත්වයන් ඇති කරවනවා. එනිසාම ස්වභාවික ලෙස ඔබේ නිවසෙන් මදුරුවන් තුරන් කළ හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබට කියන්න අපි හිතුවා.

  • කපුරු 

ඔබේ නිවස සුවඳවත් කර මඳුරුවන් පලවා හරින හොඳම ක්‍රමය ලෙස කපුරු හඳුන්වන්නට පුළුවන්. කපුරු පෙති කිහිපයක් කුඩු කර එය පොල්තෙල් හෝ ඔලිව් තෙල් සමග මිශ්‍ර කර පහනක් දල්වන්න. මෙමගින් නිකුත් වන සුවඳ මගින් ඔබේ නිවසට මදුරුවන් ඇතුලු වීම වළක්වනවා.

  • ලෙමන් සහ කරාබු නැටි 

ලෙමන් වල පැඟිරි සුවඳ බලවත් මදුරු විකර්ෂකයක් ලෙස ක්‍රියා කරනවා. ලෙමන් පෙති කපා ඒවා තුළට කරාබු නැටි කිහිපයක් ගසා නිවසට මදුරුවන් ඇතුලුවන කවුලු සහ ජනෙල් අතර තබන්න. 

  • ගම්මිරිස් තෙල් 

ගම්මිරිස් තෙල් ස්වල්පයක් ජලය සමඟ තනුක කර ඉසින බෝතලයකට දමා නිවසේ පිටත සහ නිවස තුලට මදුරුවන් ඇතුලු වන ස්ථාන වලට ඉසින්න. එය මදුරුවන් පලවා හැරීම පමණක් නොව ඔබේ නිවසට හොඳ සුවඳක්ද ලබා දෙනවා.

  • Tea tre oil

Tea tree oil සම මත ආලේප කිරීම මගින් කිසිඳු අතුරු ආබාධයකින් තොරව මදුරුවන්ගෙන් ආරක්ශා වීමට හැකියාව ලැබෙනවා. 

මදුරුවන් පලවා හරින ශාක

පැගිරි , දාස්පෙතියා , තුල්සි , ගම්මිරිස් සහ බැසිල් වැනි මදුරු විකර්ශක ශාක ලෙස හඳුන්වන ශාක ඔබේ නිවසේ පිටත් ජනෙල් අසල සිටුවීමෙන් නිවසට මදුරුවන් ඇතුලු වීම වලක්වා ගන්නට හැකියාව ලැබෙනවා. 

  • ලැවෙන්ඩර් 

ලැවෙන්ඩර් වල තිබෙන ප්‍රසන්න සුවඳට අමතරව එය මදුරුවන් පලවා හැරීම සඳහා ඵලදායි ක්‍රමයක් වෙනවා . ලැවෙන්ඩර් තෙල් සමේ ආලේප කිරීම වගේම ලැවෙන්ඩර් තෙල් අඩංගු පහන් පත්තු කිරීමත් ඔබට කරන්නට පුළුවන්. මීට අමතරව නිවස ආසන්නයේ ලැවෙන්ඩර් ගස් සිටුවීමත් මදුරුවන් සඳහා හොඳ විසඳුමක්.

  • මින්ට්

මින්ට් වල ඇති තද සුවඳ මදුරුවන් පැමිණීම වලක්වනවා. මේ සඳහා ඔබට මින්ට් තෙල් ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ඉසින බෝතලයක් ආධාරයෙන් නිවසේ කවුලු සහ ජනෙල් අසලට ඉසින්නට පුළුවන්. ඒ වගේම මින්ට් කොළ අඹරා වතුර සමඟ මිශ්‍ර කර මද වේලාවක් තබා නිවස ආශ්‍රිතව ඉසින්නත් පුළුවන්.

  • ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි ඉසින බෝතලයකට දමා ජලය සමඟ මිශ්‍ර කර ඔබේ නිවස වටා ඉසින්න. ඒ වගේම නිවස ආශ්‍රිතව මදුරුවන් බහුල ප්‍රදේශ වල ඇපල් සයිඩර් විනාකිරි බඳුනක් තැබීමත් ඔබට කල හැකියි.

  • කුරුඳු

කුරුඳු වල ඇති ප්‍රබල සුවඳ මදුරු විකර්ෂකයක් ලෙස ක්‍රියා කරනවා. කුරුඳු තෙල් ජලය සමඟ මිශ්‍ර කර ඉසීම හෝ මදුරුවන් බහුල ස්ථාන වලට කුරුඳු කුඩු ඉසීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් 

ඔබේ නිවසේ මදුරුවන් පලවා හැරීම සඳහා ඔබට මේ ස්වාභාවික ක්‍රම වලින් ඕනෑම එකක් භාවිතා කරන්නට හැකියාව තියෙනවා.ඊට අමතරව නිවස ආසන්නයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම , පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමත් ඔබ කල යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles