කරදරකාරී මැස්සන් එළවන්න ලේසි ක්‍රම

මැස්සන් මේ දිනවල නිවෙස් ආක්‍රමණය කරන්නේ වේගයෙන්. ලෙඩ රෝග සීඝ්‍රයෙන් පැතිරීමට ගෙමැස්සන් හේතුවක්. මැස්සන් වේගයෙන් ප්‍රජනනය කරමින් ඉක්මනින් ගහනය වර්ධනය කර ගන්නා නිසා උන්ව මර්දනය කිරීම තරමක් අපහසුයි.

නමුත් විෂ රසායනික යොදමින් මැස්සන් මර්දනය කිරීම අපේ සෞඛ්‍යයට අහිතකර දෙයක්.

මේ ස්වභාවිකව ගෙමැස්සන් පාලනය කිරීමට ඔබට උදව් වෙන ක්‍රම කිහිපයක්.

කරාබු නැටි සහ දෙහි

  • කරාබුනැටි සැරට මැස්සන් අකමැත්තක් දක්වන අතර කරාබුනැටි සහ දෙහි එකට මිශ්‍ර වූ විට එය තවත් ප්‍රබල වෙනවා.
  • දෙහි ගෙඩියක් හෝ කිහිපයක් දෙපළු කර රේණු අතරේ කරාබුනැටි සිර කරන්න. ඒවා මැස්සන් නිතර ගැවසෙන ස්ථාන වල තබන්න.

මැසි නාශක ස්ප්‍රේ

  • සේදුම් කාරක දියර මේස හැඳි දෙකක් පෙපරමින්ට් තෙල් ටිකක්, ලෙමන් යුෂ ටිකක්, වතුර කෝප්පයක්, ස්ප්‍රේ බෝතලයක් ගන්න.
  • ස්ප්‍රේ බෝතලය ගෙන එයට ජලය සහ සේදුම්කාරක දියර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසුව පෙපරමින්ට් තෙල් සහ ලෙමන් බිංදු එකතු කරන්න. මෙසේ සකස් කර ගත් මිශ්‍රණය සති දෙකකට වරක් ස්ප්‍රේ කරන්න.

මැසි උගුල

  • ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සෝදන දියර මේස හැඳි දෙකක්, බේසමක් හා ආවරණය කිරීම සඳහා පොලිතින් මීට අවශ්‍ය වෙනවා.
  • බේසම ගෙන එයට ඇපල් විනාකිරි සහ සෝදන දියර එකතු කර බේසමෙහි කට පොලිතින් වලින් ආවරණය කර මැස්සන්ට ඇතුළු වීම සඳහා සිදුරු විදින්න.
  • මෙහි ගඳට ආකර්ෂණය වන මැස්සන් සිදුරු තුලින් ඇතුළු වී එහි ගිලී යනවා.

ලැවැන්ඩර් තෙල් සහ පැඟිරි තෙල්

  • මේවාගෙන් සිදු වන්නේ මැස්සන්ගේ සංවේදීතාවයට හානි සිදු කිරීමයි.
  • ලැවැන්ඩර් ඔයිල්, ස්පොන්ජ් එකක්, මූඩිය සහිත ජෝගුවක් ගන්න.
  • ස්පොන්ජ් එක මතට ලැවැන්ඩර් තෙල් බිංදු කිහිපයක් වක්කර එය ජෝගුව තුලට දමා එහි මූඩිය තදින් වසා පසුදා උදෑසන වන තුරු තබන්න. ඉන් පසුව මැස්සන් සිටින ස්ථානයක් වෙත එය රැගෙන ගොස් මූඩිය විවෘත කර තබන්න.
  • පැඟිරි තෙල් වලින් ද මෙය සිදු කළ හැකියි.
  • නැතිනම් මේ තෙල් දෙවර්ගයම පීරිසියකට දමා මැස්සන් වැඩි වශයෙන් ගැවසෙන තැන්වල තැබීමත් යෝග්‍ය වෙනවා.

මේ ස්වභාවික ක්‍රම ඉතා සාර්ථකව මැස්සන් මර්ධනය කරන අතර විශාල මුදලක් වැය වන්නේත් නැහැ. ඒ වගේම සිරුරට අහිතකර වන්නේත් නැහැ.

ගෙමැස්සන් පාලනයට ඔබේ පිරිසිදුකම ද අත්‍යවශ්‍ය බව අමතක කරන්න එපා.

කූඹි සහ කැරපොතු කරදරය මඟ හැර ගන්නා ආකාරය ඊළඟ ලිපියෙන් ඔබට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.

– නිබන්ධිකා –

 

Related Articles

Don't Miss


Latest Articles