ලොවක් කම්පාවට පත්කළ හෙලෝ කිටී අභිරහස

අවතාරයකින් ඇරඹුණු හෙලිදරව් වීම

1999 මැයි මාසයේ දවසක අවුරුදු 14ක  දැරියක් හොංකොන් පොලිස් ස්තානයට ආවා. ඇය පොලිස් නිළධාරින්ට පැමිණිළි කරා කම්බි වලින් බැඳලා දාලා වද හිංසා පමුණවලා මරලා දාපු කාන්තාවක් රෑට තමන්ට කරදර කරන බව. ඒ අවතාරය නිසා තමන්ට නින්ද පවා අහිමි වෙලා කියලා ඇය කිව්වා.

කොහොම වුනත්  පොලිස් නිළධාරීන් ඇගේ කතාවට වැඩි අවධානයක් නම් යොමු කලේ නැහැ.  තරුණ වයසේ කෙල්ලගේ මනෝ විකාරයක් කියලා හිතලා ඔවුන් එය බැහැර කලා. තමන් දුටුව සිදුවීමේ වගකීම ගන්න සිදුවෙන බව වටහා ගත්ත තරුන ගැහැණු ළමයා, අවසානේදි පොලිසියට මිනීමැරුමක් ගැන ඔත්තුවක් ලබා දුන්නා.

ගැහැණුළමයා කීව තොරතුරු පස්සේ ගියපු පොලිස් නිළධාරීන්ට කාලයේ වැල්ලෙන් වැහිලා යන්න නියමිත වෙලා තිබුන මිනීමැරුමක තොරතුරු හෙළිදරව් කරගන්න හැකි වුනා. මහල් නිවාස සංකීර්ණයක මහලක , විශාල ප්‍රමාණයේ හෙලෝ කිටී බෝනික්කෙක් ඇතුලේ හංගලා තිබුන කාන්තා හිස් කබල පොලිස් නිළධාරීන් විසින් සොයා ගත්තේ ඝාතකයන් පසුපස යන්න හොඳම සාක්ෂිය විදියට. හෙලෝ කිටී අභිරහස විදියට සමාජගත වුන මේ සිධ්ඩිය සැලකෙන්නේ හොංකොං ඉතිහාසයේ  සිදු වුන බිහිසුණුම සිදුවීමක් විදියට.

Fan Man- Yee: ඛේදවාචකයක ගොදුර

හොංකොං නගරයේ තම මිතුරියක සමඟ ජීවත් වුන Fan Man- Yee කියන්නේ උපතින්ම ඛේදවාචකයක් උරුම කරගෙන උන්න කෙනෙක්. ඇය ඉපදිලා ටික කාලෙකින් ඇගේ දෙමාපියන් අහිමි වුනා. ඉන් පස්සේ ඇය හැදී වැඩුනේ නිසි භාරකාරයෙක් පවා නැතිව තැනින් තැන. ඒ හින්දාම වයසෙන් තරුන වියට එලැඹෙනකොට Fan Man- Yee මත් ද්‍රව්‍ය වල දැඩි ගොදුරක් වෙලා අවසන්. මත් ද්‍රව්‍ය සමඟම ඇය ගණිකා වෘත්තියටත් යොමු වෙලා හිටියේ. 23 වෙනි වියට එලැඹෙනකොට ඇය රාත්‍රී සමාජ ශාලාවක සේවිකාවක් විදියට රැකියාවක් ඇරඹුවත්, ගණිකා වෘත්තිය සහ මත් ද්‍රව්‍ය ඇගේ සමීප හිතවතුන් වෙලා තිබුනා.

Chan Man-Lok ගේ හමුවීම

1997 අවුරුද්දේ  මුල් කාලේදි තමයි Fan Man- Yee ට  Chan Man-Lokව මුණ ගැහෙන්නේ. ඔහු  සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට පෙනී හිඳිමින් ඉතා ඉක්මනින් Fan Man- Yee එක්ක හිතවත්කමක් ගොඩ  නගා ගන්නවා. දෙන්නම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිඳීම තුල මේ හිතවත්කම ඉතා කෙටි කාලයකින් ඉතාම දැඩි වෙනවා. ඊට පස්සේ Fan Man- Yeeවත් තමනගේ කණ්ඩායම් සගයෙක් විදියට එකතු කරගන්න මේ Chan Man-Lok කටයුතු කරනවා.

ගුරාගෙන් සොරකම් කිරීම

Chan Man-Lokව ගේ කණ්ඩායම් සගයෙක් වුනත්, Fan Man- Yeeට මත්ද්‍රවය සඳහා ප්‍රමාණවත් මුදලක් හෝ මත්ද්‍රව්‍ය ඔහුගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා එක දවසක් හවස ඇය තීරණයක් ගන්නවා.

ඇය Chan Man-Lok ගේ පසුම්බියෙන්  ඩොලර් 4000 ක් හොරකම් කරගන්නේ මත් වීම ඇරෙන්න අන් කිසිවක් ගැන සිහියේ නොතිබුණ නිසා. Chan Man-Lok වහාම හොයාගන්නවා මේ මුදල් හොරකම් කලේ Fan Man- Yee බව. ඔහුට ඇගෙන් ඒ මුදල් ලබා ගන්න විදියක් හොයාගන්නම බැරි වෙනවා. ඊට පස්සේ ඔහු තීරණය කරනවා ඇයව ගණිකාවක් විදියට සේවයේ යොදවන අතරේ ඒ මුදල ඇය ලවාම හොයාගන්න.

බලහත්කාරයෙන් ඇයව සේවාදායකයන්ට විකිණුවත්, ඔහු බලාපොරොත්තු වෙන විදියේ මුදලක් ඉන් උපයා ගන්න ලැබෙන්නේ නැහැ.

පලිගැනීමක බිහිසුණුකම

Fan Man- Yeeව ගණිකා වෘත්තියේ යෙදෙව්වා කියලා තමන් බලාපොරොත්තු වෙන තරමේ ආදායමක් නොලැබෙන බව වටහා ගන්න කණ්ඩායම් නායකයා තමන්ගේ සගයන් එක්ක වෙන තීරණයකට එලැබෙනවා.  ඒ සතුට හොයන සෙල්ලමක් කරන්න. ඔවුන් ඇයට නොනවත්වාම වධ හිංසා කරමින් සතුටු වෙන්න පටන් ගන්නවා. ඇයව පිළිස්සීම, බැඳ දමා දූෂණය කිරීම, මිනිස් අසූචි ඇයට කැවීම, නොනවත්වාම පහරදීම වගේ අමානුෂික වද හිංසා වලට ඇයට නතු වෙන්න සිද්ද වෙනවා. කොහොම හරි මාසෙකට වැඩි කාලයක් ඇය මේ සියල්ල දරාගනිමින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.

හෙළිදරව් වීමේ ඇරඹුම

Chan Man-Lok විසින් ගණිකා වෘත්තියේ යොදවන, ඔහුගේ පෙම්වතියක විදියටත් උන්න 14 වියැති Aah Fong දවසක් ඔහුව හොයාගෙන ඔහු ජීවත් වුන මහල් නිවාස සංකීර්ණයට එනවා. එතැනදී ඇය දකිනවා තමන්ගේ පෙම්වතා සහ මිතුරන් තරුණියකට වද හිංසා පමුනවමින් විනෝද වෙන විදිය. තම පෙම්වතා ආගන්තුක තරුණියගේ හිසට 50 වතාවකටත් වැඩියෙන් පහර දෙනවා බලාගෙන ඉන්න මේ කුඩා කෙල්ලටත් ඒ විනෝදය අවශ්‍ය වෙනවා. ඇයත් Fan Man- Yeeට පහර දෙනවා.

“මම හිතුවේ ඒක විනෝදයක් කියලා…”

Aah Fong පොලිසියට කියන්නේ එහෙම.

සියල්ල අත් හැරීම

මාසයකටත් වැඩි කාලයක් වද හිංසා වලට භාජනය වෙලා උන්න යුවතිය අවසානයේ මිය යනවා. පර්‍යේෂකයන් කියන්නේ ඇගේ හිස තුල තිබුණ අභ්‍යන්තර රුධිර වහනයන් නිසා ඇය මිය යන්නට  ඇතියි කියලා. ඒත් අත් අඩංගුවට පත් වුනාට පස්සේ  ඇතුළු පිරිස පොලිසියට කියන්නෙ ඇය මිය ගියේ ඇය විසින්ම ලබා ගත් අධි ඖෂධ මාත්‍රාවකින් කියලා .

ඇය මිය ගිහින් බව තහවුරු කර ගැනීමෙන් පස්සේ මේ මිනීමරු කල්ලිය ඇයගේ ශරීරය විදුලි කියතකින් කපලා තියෙන බව පොලිසිය  හොයාගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ කොටස් උයලා,  මුලුතැන්ගෙය අපද්‍රව්‍ය වලට කවලම් කරලා බැහැර කරලා බවත් හොයාගන්නවා. 

ඇගේ හිස් කබල බැහැර කරන්න ඔවුන්ට ක්‍රමයක් ගිතාගන්න පුලුවන් වෙන්නේම නැහැ. ඊට පස්සේ තමයි ඔවුන් විශාල හෙලෝ කිටී බෝනික්කෙක්  මහන්නේ. මහල්  නිවාස සංකීර්නයේ බිම් මහලේ තියන මේ හෙලෝ කිටී බෝනීක්කාගේ ඇතුලට ඔවුන් පුලුන් පුරවනවා. ඊට පස්සේ අවාසනාවන්ත යුවතියගේ හිස් කබල ඒ ඇතුලේ හංගලා දානවා.

පොලිසියේ පැත්තේ සාක්ෂි

තමන්ගේ පෙම්වතා සහ මිතුරන්ට විරුද්ධ  වෙන 14 වියැති දැරිය ඇය දුටු සියලු දේ උසාවිය හමුවේ කියනවා. ඒ ඇයට සමාව ලබා ගන්නට හැකි වේය යන බලාපොරොත්තුවත් එක්ක. ඒ කොහොම වුනත් ඇගේ ශරීරයේ ඉතිරි කොටස් හොයාගන්න කිසිම ඉඩක් නැති වීම  හින්දා චූදිතයන්ගේ දිහාවටත් වාසි තහ්වයක් හැදෙනවා. ඇය මියන්නට පෙර ඉතා වද වේදනා විඳින්නට ඇති බව උසාවියට ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි නැති වෙනව. අන්තිමේදි උසාවිය මෙහෙම තීරනය කරන්වා.

” මේ මිනීමැරුමක් වුනත්, ඔවුන්ට මරණීය චේතනාව නොතිබෙන්න හැකියි. මරණකාරිය අධික ලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සිටි බව පැහැදිලියි. ඒ අනුව එහි බලපෑමක්ද තිබුණා විය හැකියි. ඒ නිසා චූදිතයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක් කරනවා. ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව මත ඔවුන්ට වසර විස්සක් දක්වා වන ලෙස දඬුවම් අඩු කරගන්නටත් හැකි වේවි..”

හොංහොං ප්‍රදේශයම කම්පාවට පත් කරපු ඝාතනයක්, හෙලෝ කිටී අභිරහස කියන අන්වර්ත නාමයත් එක්කම විසඳෙන්නේ ඒ විදියට

අපේක්ෂා ගූණරත්න 

Related Articles

Don't Miss


Latest Articles