Break Up එකක් නිසා ජීවිතේ අතරමග නතර කරගත් තරුශාගේ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මලක ලස්සන විඳින්න මලක් කඩාගෙන අත උඩ තියාගන්නෙ මක්කටෙයි? එහෙම කරෝතින් ඉක්මනට ඒ මල පරවෙලා යනවා. ඒත් ගහේම තියෙද්දි ඒ දිහා බලාන මොනතරං අපූරුවට අපිට ලස්සන බලන්න ඇහැක්ද? ජීවිතෙත් අන්න ඒ වගේ. ඕනවට වැඩියෙන් යං දේකට කිට්ටු උනෝතින්, මනාප උනෝතින් අන්තිමේ ඒ දේ නැති නහත්ති වෙලා ගියාට පස්සෙ හිතට දැනෙන තන්නාසෙට, කාංසියට, වේදනාවට බේතක් තියෙනවද?”

උදතාරීගෙ අග්ගිසිඛා පොත කියවල ඉවරකරද්දි තරුශාටත් හිතුනා ඒ කතාව කොච්චර ඇත්තද කියල. මිලින්දගෙන් වෙන් වෙලා අවුරුදු හයක් ගෙවුණත් තාම මේ ජීවිතේ තනියෙන් ගෙවන්නෙ මිලින්ද ගැන හිතේ තිබිච්ච හැඟීම් නැතිකරගන්න බැරි හන්ද නේද කියල නොහිත ඉන්න තරුශාට පුලුවන් උනේ නෑ.

තරුශා මිලින්ද එක්ක යාලු වුනේ ඉස්කෝලෙ යන කාලෙදිමයි. සම්බන්ධෙට අවුරුදු පහක් පිරෙද්දි තමා දෙන්නටම තේරුනේ තමන්ට තම්න් ගැලපෙන්නෙ නැති බව සහ එහෙම නොගැලපීම් එක්ක ඉදිරියට යන එක තේරුමක් නැති දෙයක් බව.

“අපි දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නෑ, මෙහෙම නොගැලපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි අපි වෙන් වෙන එක” මිලින්ද එහෙම කියද්දි ඒ කතාව ඇත්තක් නෙවෙයි කියල කියන්න තරුශට පුලුවන් කමක් තිබුනේ නෑ. මොකද ඒ වෙද්දි තරුශාටත් තමන් එකිනෙකාට ගැලපෙන්නෙ නැති බව තේරුම් ගිහින් තිබුන හන්දා.

ඒ විදියට තවමයි තරුශා – මිලින්ද ආදර කතාව ඉවර උනේ. මේ වෙද්දි ඒ කතාව ඉවරවෙලා අවුරුදු හයකට වැඩියි. ඒත් තරුශා තාම ඉන්නෙ හිටපු තැනමයි.

“මිලින්ද ඔන්න උඹට චීට් කරල අතෑරල දැම්ම නම් උඹ තව අෆෙයාර් එකකට නොයා ඉන්න එක සාධාරණයි කියන්න තිබුණා. ඒ උනාට මෙතන එහෙම දෙයක් නෙවෙයිනෙ උනේ. උඹල දෙන්නා බ්‍රේක් අප් උනේ දෙන්නගෙම කැමැත්තෙන්. එහෙම එකේ ඇයි උඹ මේ වෙන අෆෙයාර් එකක් ගැන නොහිත ඉන්නෙ?” හොඳම යාලුවා මාධවී උන්නේ තරුශාගෙ “ආයෙ නම් මිනිහෙක් එපා” කියන තියරිය හන්දා හිත රිද්දගෙන. තරුශා එහෙම ඉන්නෝන කෙල්ලෙක් නෙවෙයි. මාධවී හිතුවා.

“වෙන්වුනේ තේරුම් අරගෙන බව ඇත්ත. ඒ නිසාම තමයි මම ආයෙ අෆෙයාර් එකක් ගැන නොහිතුවෙ. මට අෆෙයාර්ස් යාදෙන්නෙ නෑ. මම කියන්නෙ අෆෙයාර් එකක් මේන්ටේන් කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. නැත්තම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳල තිබිච්ච අෆෙයාර් එක මේ ගැලපෙන්නෙ නෑ කියල හිතල බ්‍රේක් අප් වෙන්නෙ නෑනෙ”

“ඉතින් මෝඩියෙ, නොගැලපෙන එකක් දිගටම කරගෙන යනවට වඩා ඒකෙන් වෙන් වෙච්ච එක හොඳ නැද්ද?”

“හොඳයි, මම කියන්නෙ නෑ ඒක නරකයි කියල. ඒ උනාට මට බයයි ආයෙ අෆෙයාර් එකකට යන්න. ඒ අෆෙයාර් එකෙදිත් තේරුනොත් ගැලපෙන්නෙ නෑ කියල. කීයක් අෆෙයාර්ස් ට්‍රයි කරල බලන්නද?”

“එතකොට දැන් සදාකල් තනියෙන් ඉන්නද කල්පනාව?”

“ඔව්, එහෙම ඉන්න බෑ කියල කවුරුවත් කියල නෑනෙ” කියල තරුශා කිසි ගාණක් නැතුව වගේ කියද්දි තමයි මාධවීට තේරුනේ ඒ ගාණක් නැති වචන අස්සෙ තරුශා අවුරුදු ගාණක් පුරාවට Treat කරේ නැති මහ ලොකු වේදනාවක් හැංගිල තියෙන බව.

තරුශා මනෝ උපදේශනයට ආවෙ මාධවීගේ බලපෑම හන්දමයි.

“ඔයා ආයෙම කෙනෙක් ගැන නොහිතුවෙ ඔයාට අෆෙයාර් එකක් උවමනා උනේ නැති හන්දද එහෙම නැත්තම් ඔයා කියන්නෙ අෆෙයාර් එකක් ලෝන්ග් ටර්ම් මේන්ටේන් කරන්න බැරි කෙනෙක් කියල ඔයාගෙ හිත කියපු හන්දද?” කියල මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ අහද්දි උත්තරේ දෙවනි එක කියල තරුෂා දැනගෙන උන්නා.

කවුද අකමැති ජීවිතේට ආදරයක් ලැබෙනවට? ඒත් තමන් කියන්නෙ ආදරයක්, ආදරණීය සම්බන්ධයක් උරුම නැති කෙනෙක් නම්?

තමන් උන්නෙත් ඒ වගේම හිතුවිල්ලක හිරවෙලා නේද මේ පහුගිය අවුරුදු හය පුරාවටම?

මේ වගේ දේවල් දුලබ නැහැ. Break Ups කියන්නෙ දැන් සමාජයේ හරිම සුලබ දෙයක්. Break Up එකකට අපේ සහකරුවට වෙන සබඳතාවයක් තියෙන්නම ඕන නෑ. Mutual Understanding එකක් මතත් අපි Break Up වෙන්න පුලුවන්. ඒ කොහොම උනත් Break Up එකකින් ලැබෙන වේදනාව හරිම වැඩියි.

හිතන්නකො අතක් කැඩුනම අපි ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් ප්‍රතිකාර ගන්නවා. එතකොට ඩොක්ටර් ප්‍රතිකාර කරනවා 99% ක් ම වගේ අපේ අත තිබුන විදියට හැදෙන්න, අස්ති ශක්තිමත් වෙන්න බෙහෙත් දෙන්න. හැබැයි බෙහෙත් ගන්න නොගියත් ස්වභාවිකවමත් අපේ අස්ති ආයෙ පෑහෙනව. හැබැයි අර වෛද්‍ය උපදෙස් ලබාගනිද්දි වගේ 99%ක විතර සාර්තකත්වයක් එතනින් ලැබෙනව කියල අපිට කියන්න බෑ. හිතක් කැඩුණමත් එහෙමයි. කාලය එක්ක හිත හැදුණට අපේ මනස Defense එකක් විදියට ක්‍රියාකරනවා. ඒ ක්‍රියාකිරීම සමහරවිට අපිව Negative තීරණ ගන්න පොළඹවන්න පුලුවන්. ඒ නිසා තමයි හිතක් බිඳුණ වෙලාවකත් අපි Professional Support එක ගන්න ඕන.

හිතක් බිඳෙන එකේදි අපි Professional Support එක ගන්න ඕන ඇයි?

හිතක් බිඳෙන එක ලොකුම ලොකු මානසික පීඩනයක් ඇති කරන්න පුලුවන්. අපි ඒ වගේ තැනකදි Professional Support එකක් ලබාගන්න ඕන වෙන්නෙ:

1-     මානසික සෞඛ්‍යය හදාගන්න: Break Up එකකට මුල් කාලෙදිම හරියට ප්‍රතිකාර නොකිරීම දිගු කාලීනව අපිව Depression  දක්වා අරගෙන යන්න හේතුවෙන්න පුලුවන්. ඒ වගේම තනිවීම ගැන බය, කම්පනය ඇතිවෙන්න පුලුවන්. Professional Support එකකින් ඔයාට මේවට සාර්තකව මුහුණ දෙන විදිය කියල දෙනවා.

2-     අවබෝධය සහ මනෝවිද්‍යාත්මක සහය: Professional Supporter කෙනෙක් ඔයාගේ Sensitivities අඳුනගෙන ඔයාට ඔයා ඉන්න Situation එක හෙමින් හොඳින් තේරුම් කරල දෙනවා. මොකද සමහරවෙලාවට අපිට තේරෙන්නෙ නෑ අපේ තත්ත්වය.

3-     සුවබර සබඳතාවයක්: Professional support එක මඟින්, ඔයාට අළුත් healthy relationships බිහි කර ගැනීමට, පරණ සම්බන්ධතාවන් අළුත් විදිහට බලන්නට උදව් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles