අමුද්‍රව්‍ය දෙකකින් ලේසියෙන් හදාගන්න පුළුවන් චොකලට් ට්‍රෆල්ස් හදමු..

අපි කොච්චර සීමා කරන්න හැදුවත් පොඩ්ඩන්ව පැණි රස වලින් ඈත් කරල තියන එක හිතන තරම් ලේසි නෑනෙ. 

පොඩ්ඩන්ට විතරක් නෙමෙයි සමහර වෙලාවට අපිටත් පැණිරස කෑමක් කන්න ඕනමයි කියල හිතෙන වෙලාවල් එනව. 

විශේෂයෙන්ම හිතට කලබලයක් පීඩනයක් දැනුණු වෙලාවට ඒමනේ. 

ඒත් නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයට හැකිතරම් පැණිරස කෑමබීම අඩුකිරීම හරිම වැදගත්. 

ඉඳල හිටල පැණිරස කෑමක් බීමක් කෑවට වැරැද්දකුත් නැති නිසා අපිට අවශ්‍ය ප්‍රමාණයට සීමා කරගෙන බය නැතුව අපේ පොඩ්ඩන්ට වුනත් කන්න දෙන්න පුළුවන් රසම රස චොකල්ට් ට්‍රෆල්ස් ලේසියෙන්ම හදාගන්නෙ කෝමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි ඔන්න අද සූදානම් වෙන්නෙ. 

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

මිල්ක්මේඩ් හෝ රසකළ උකු කිරි 240g ක් 

චොකලට් කුඩු 100g ක් පමණ 

(සරසා ගැනීමට තවත් චොකලට් කුඩු අවශ්‍යයි)

සාදාගන්නා ආකාරය 

මුලින්ම නොඇලෙන භාජනයක් ලිපතබා එයට උකු කිරි එකතු කර හොඳින් හැඳිගාමින් මද ගින්න් රත්කර ගන්න. 

කුඩා බුබුළු නැගීම ආරම්භ වන තුරු උකුකිරි රත්කර ඉක්මනින් ලිපෙන් ඉවත් කරගන්න. 

(කිරි පිළිස්සීමෙන් වළක්වා ගැනීම සඳහා) 

ඉන්පසු රත්කර ගත් උකුකිරි වෙනත් භාජනයකට දමාගන්න. 

චොකලට් කුඩු ටිකෙන් ටික පෙරනයක් ආධරයෙන් හලාගන්නා ගමන්ම රත්කර ගත් කිරි වලට එකතු කරගන්න. 

ඒ අතරවාරයේ හැඳිගාමින් චොකලට් කුඩු සහ කිරි කලවම් කරගන්න. 

සියල්ලම කලවම් කරගත් පසු හතරැස් කෑම පෙට්ටියකට, කේක් තැටියකට හෝ වෙනත් හතරැස් භාජනයකට තෙල් කඩදාසියක් අතුරා ඒ මත සාදාගත් චොකලට් මිශ්‍රණය දමා භාජනයේ අඩියේ හැඩයට තුනී කරගන්න. 

දැන් මෙය ආවරණය කර සවිවන තුරු පැය 02 ක් 03 ක් තබන්න. 

ශීතකරණයෙන් ඉවතට ගත් චොකලට් මිශ්‍රණය චොකලට් අතුරා ගත් මතුපිටක් මත තබා කොටු හැඩයට කපාගන්න. 

උඩට චොකලට් කුඩු ඉසගන්න. 

(ඔබ කැමති නම් දියකරගත් චොකලට් / වයිට් චොකලට් හෝ ගාගත් පොල් වුනත් එකතු කරගන්න පුළුවන්) 

ඔන්න චොකලට් ට්‍රෆල්ස් හදාගෙන ඉවරයි. 

ඒනම් මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා  

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles