විටමින් A, විටමින් C, කැල්සියම්, අයන්, ෆෝලේට්, පොටෑසියම්, සින්ක්, පොස්පරස් සහ මැග්නීසියම් අඩංගු කරවිල කියන්නෙ රුධිරගත සීනි මට්ටම අඩු කරල දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩු කරන්නත් ශරිරයේ දැවීම් අඩුකරන්නත් හොඳින් උපකාරී වෙන ඉතාම ගුණදායක ආහාරයක්.
හැබැයි, අපේ පොඩ්ඩන්ගෙ ඉඳල වැඩිහිටි අපි බොහෝදෙනෙක් කරවිල කන්න වැඩි කැමැත්තක් නෑ. ඒකට හේතුව ඔබ නොදන්නව නෙමෙයිනෙ.
කරවිල වල තිත්ත බව තමයි මේ කරවිල කෑම ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප කරන්න හේතුව. ඒත් තිත්තයි කියල අහක දාන්න පුළුවන් නොකා ඉන්න බැරි මේ ගුණදායක එළවළු වර්ගය තිත්ත නැතුව පෝෂණ ගුණය වැඩිවෙන විදිහට බිත්තරත් එකතු කරල හරිම ලේසියෙන් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි smart lady අපි ඔන්න අද සූදානම් වෙන්නෙ.
එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය කළමණා මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
කරවිල කරලක් (ලපටි නම් වඩා හොඳයි)
බිත්තර ගෙඩි 02 හෝ 03 ක්
ඔබ කැමති තෙල් වර්ගයක්
කුඩාවට කපාගත් සුදුලූණු මේස හැඳි 01 ක්
ෆිෂ් සෝස් තේ හැඳි 01 ක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු හෝ කැබලි
කුඩාවට කපාගත් වියළි මිරිස් කරලක් හෝකෑලි මිරිස්
කුඩාවට කපාගත් ලූණු කොළ
සාදාගන්නා ආකාරය
මුලින්ම, සෝදා පිරිසිදු කරගත් කරවිල කරල දෙකට පලාගෙන මැද ඇති සුදු මදය සහ ඇට හැන්ඳක් ආධාරයෙන් සූරා ඉවත් කරගන්න.
දැන් කරවිල අඟල් ¼ ක පමණ ඝනකමට පෙති කපාගන්න.
තරමක් විශාල භාජනයක් ගෙන එයට පෙති කපාගත් කරවිල එකතු කර කරවිල වැසෙන ප්‍රමාණයට වතුර දමා එයට ලුණු කුඩු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කර විනාඩි 10 ක් පමණ පෙඟෙන්නට තබා ගන්න.
පෙඟන්නට තබාගත් කරවිල සෝදා වතුර බේරා, ගන්න.
බිත්තර ටික කඩා භාජනයකට එකතු කර එයට ෆිෂ් සෝස් එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි 01 ක් එකතු කර තෙල් රත්වූ පසු සුදුලූණු එකතු කරගන්න.
සුදුලූණු බැඳී සුවඳ එන විට වතුර බේරාගත් කරවිල දමා හොඳින් කලවම් කරගන්න.
කරවිල මෘදු වන විට එයට කලවම් කරගත් බිත්තර, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
හැන්ඳක් භාවිතයෙන් බිත්තර ටිකෙන් ටික භාජනයේ මැදට කරමින් කරවිල කැබලි හා කලවම් කරගන්න.
ඉන්පසු කුඩාවට කපාගත් ලූණු කොළ සහ වියළි මිරිස් කැබලි හෝ කෑලි මිරිස් එකතු කර නැවත තත්පර කීපයක් කලවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
ඔන්න අපි කරවිල හදාගෙන අවසන්.
බත් හෝ පාන් සමඟ වගේම ඔබ කැමති නම් ඔබේ ආහාර පාලනය කරන ආහාර වේලට තනිව වුනත් මේ කරවිල ව්‍යාංජනය හදාගන්න ඔබට පුළුවන්.
ඒ වගේම මේ ව්‍යාංජනයට තම්බාගත් හෝ බැඳගත් මස්, මාළු එකතු කර රස වැඩි කරගන්නත් පුළුවන්.
එහෙනම් හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරගන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා