Crush එකක් තියෙනවද? කොහොමද ඒකෙන් මිදෙන්නෙ?

Crushes කියන්නෙ ඉතින් අපි හැමෝම ජීවිතේ එකපාරක් හරි විඳලා තියෙන දෙයක්නෙ. ගොඩක්වෙලාවට අපි ප්‍රසිද්ධ නලුවො නිළියො ගායක ගායිකාවො ක්‍රිකට් තරුවලටනෙ Crush කරන්නෙ. හැබැයි අතරින් පතර ඇත්තම ජීවිතේ අපිට එදිනෙදා හම්බෙන කෙනෙක්ට උනත් අපි Crush කරන අවස්තා නැතුවම නෙවෙයි.

Crush එකක් තියෙද්දි, එයාව දකිද්දි, එයා එක්ක කතාකරද්දි බඩ දඟලනවා වගේ දැනෙනවා. හිත ඇතුලෙ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා. දෙන්නටම දෙන්න ගැන එහෙම නම් හිතෙන්නෙ මේක හරිම සන්තෝස වෙන්න ඕන මොහොතක්. ඒ උනාට හැම Crush එකම එහෙම වෙන්නෙ නෑනෙ. සමහර Crush දන්නෙත් නෑ අපි එයාට Crush කියලා. එයා නොදන්නවා උනාට අපි මෙහෙ හිතෙන් එයාව කසාද බැඳලත් ඉවරයි.

හැබැයි හිතෙන් මොනවා හිතුවත් ඇත්ත ජීවිතේ ඇතුලෙදි සමහර Crush නිසා අපිට ලැබෙන්නෙ හිත් වේදනාවක් විතරයි. අන්තිමේ Crush එක අපි ගැන දන්නෙත් නැතුව අපි හිතෙන් ආදරේ කරල, හිතෙන් Break Up වෙලා දුක් විඳලත් ඉවරයි.

ඉතින් මෙහෙම වෙලාවක අපි මොකද කරන්න ඕන?

 1. ඔයාගේ හැඟීම් හඳුනාගන්න:

Crush එකක් තියෙන විට, අපි ඒක ආදරය කියලා හිතනවා කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි, ඒ හැඟීම් හිත තුළ ඇතිවන විට, ඇත්තටම ඒ හැඟීම් ආදරයක්ද නැද්ද කියන එක පරීක්ෂා කරන එක වැදගත්. ඔයාගේ crush එක ගැන ඔයාට තියෙන හැඟීම උනන්දුවක්, ආකර්ශණයක් ද එහෙමත් නැත්තම් ඇත්තටම ආදරයක්ද කියල අඳුරගන්න එක හරිම වැදගත්. Crush එකක් කියන්නෙ ආදරයක් ඇතිවෙන්න පුලුවන් මාර්ගයක්මයි කියල කියන්න අපිට බෑ. හැබැයි එහෙම නොවෙන්නත් බැරි හන්දා ඔක්කොටම කලියෙන් ඔයාගෙ Crush එක ගැන ඔයාට තියෙන්නෙ මොනවගේ හැඟීමක්ද කියල පැහැදිළිව තේරුම් කරගන්න එක හරිම වැදගත්.

2. හැම Possibility එකක් ගැනම හිතන්න:

Crush එකක් තියෙද්දි ඒක අනාගතයෙදි ආදරයක් වෙන්න ඉඩකඩක් තියෙනවා. නැත්තෙම නෑ. ඒත් ඒක හැමතිස්සෙම එහෙම නෙවෙයි කියන එක අමතක කරන්න එපා. සමහර Crush වියැකිල යන්නෙ කතාවක්වත් නැතුව. ඔබේ ආකර්ෂණය, එක්කෙනෙක්ට ඇති වෙන විටත් එය අපට හරිම ආදරයක් කියලා පෙන්වීමක් වුණත්, එම crush එක දිගටම පවතිනවද කියලා විමසිල්ලෙන් බලන්න. මොකද සමහර ඒවට අපි පණදාගෙන Crush කරාට ඊට වඩා ලස්සන කෙනෙක් දැක්කම අපිට අරයව අමතක වෙලා මෙයාට හිත යන්නත් ඉඩක් තියෙනවා. ඒ නිසා කිසිම දේකට හදිසි වෙන්න එපා. හැමදෙයක් ගැනම හොඳට හිතලා බලන්න.

3. ඉතා ආරක්ෂිතව අවස්ථා සීමා කරන්න:

Crush එකක් තිබුනත්, ඔහු හෝ ඇය සමඟ අතිශය සමීපව කාලය ගත කිරීමට නොයන්න. ඔයාට crush එකක් තියෙන කෙනා ලඟම ඉන්න පුරුද්දට බොහෝ දුරට ඔයාගේ ඒ හැඟීම තවමත් වැඩි වීම හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ crush එකට උනත් ඔයා ගැන වැරදි වැටහීමක් එන්න උනත් ඉඩක් තියෙනවා. නිතරම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියනවා වගේ ඔයාව නිතර හමුවෙන එකෙන්, නිතරම කතාබස් කරන එකෙන් එයාගෙ හිතේ ඔයා ගැන යම් හැඟීමක් තියෙනම් ඒකත් නැතිවෙලා යන්න පුළුවන්.

4. Crush එක ගැනම විතරක් හිතන්න එපා:

ඇත්තම කතාව කිව්වොත් Crush එකක් ගැන හිතන්න පටන් ගත්තම එයා ගැනම විතරනෙ අපි හිතන්නෙ. සමහරවෙලාවට වැඩ එහෙමත් අමතක වෙනවා. මනෝ ලෝකෙක තමා ඉන්නෙ. ඒක හැබැයි කිසිම තේරුමක් තියෙන දෙයක් නම් නෙවෙයි. අලුත්ම රුචිකත්වයකට හෝ අත්දැකීමකට මග පෙන්වීමෙන්, ඔයාගේ මනසේ crush එක ගැන තියෙන ඉඩ ප්‍රමානෙ ටිකක් අඩුවෙලා ඔයාට ඔයා ගැනත් හිතන්න ඉඩක් සලසලා දෙනවා. crush එක ගැනම හිතන එක අඩුකිරීමට, ඔයා ඔයා ගැනත් හිතන්න පටන් ගන්න එක හොඳ උපක්‍රමයක්.

5. සහකාරක පිරිසක් සොයාගන්න:

ඔයාට crush එකක් තියෙනවා කියලා හිතාගැනීම සමගම, ඔයාගේ යාලුවන් සහ ආදරණීයයන්ට ඔයාගේ මේ Crush එක ගැන කියන එක හොඳයි. ඔවුන්ගේ සමීපත්වය මඟින්, Crush එක ගැන තව ඕනනම් පොඩ්ඩක් හොයල බලන්න, මෙයා ඇත්තටම Crush කරන්න ඕන මනුස්සයෙක්ද කියල හොයල බලන්න උනත් පුළුවන් නේ.

6. ඔයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න:

Crush එක ගැන හිතුවට කමක් නෑ, හැබැයි වැඩ ඔක්කොම පාඩු කරගෙන කරන්නෙ නැතුව ඔයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න. රැකියාවට හෝ අධ්‍යාපනයට අවධානය යොමු කිරීමෙන් ඔයාට crush එක අමතක වීමට සහ ඔයාගේ ජීවිතේ වටිනා දේවල් ගොඩනැගීමට උපකාරී වේවි. අනාගතයක් ගැන සිතීම, වෘත්තීයමය සාර්ථකත්වයට යන දේවල් Crush එකක් වෙනුවෙන් කැපකරන්න එපා. ඒක ඔයාගේ crush එක ගැනම හිතන සිතුවිලි අමතක කිරීමට සහ ඔයාගේ අවධානය මෙන්ම කාලය ගොඩනැගීමටම උපකාරී වේවි.

මීට අමතරව, crush එකක් ගැන දිගින් දිගටම හිතමින් සිටීම හොඳක් නොවෙයි. Crush එකක් නතර කරන එකෙන්, ඔයාට ඇත්තටම ලෝකෙ වෙන්නෙ මොනවද, වටපිටවෙ වෙන්නෙ මොනවද කියන එක පැහැදිළිව පේන්න ගන්නවා. ඒකම ඔයාට උදව්වක් වේවි මනෝලෝකෙකා ඉන්න හොඳම ප්‍රේමවන්තයා විදියට දකින ඔයාගෙ Crush එකේ ඇත්ත පැත්ත වුණත් හරියටම දකින්න!

Related Articles

Don't Miss


Latest Articles