Nuts වල ප්‍රතිලාභ දන්නවද ?

ඇට වර්ග එහෙමත් නැත්නම් nuts කියන්නෙ අධික මේදය තිබියදී වුනත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නව. 

විවිධ ලෙඩ රෝග වලදී සහ සෞඛ්‍ය තත්ව වලදී ඇට වර්ග වල බලපෑම ගැන විවිධ ලිපි හරහා ඔබව දැනුවත් කරපු අපි අද සූදානම් වෙන්නෙ ඇට වර්ග වල ගුණ මොනවද කියල පොදුවේ කතා කරන්නයි. 

ඒ හැමදේටම කලින් ඇට වර්ග / nuts කියන්නෙ මොනවද කියල අපි බලමු. 

ඇට වර්ග / nuts කියන්නෙ මොනවද? 

ඇට වර්ග කියන්නෙ මේදය හා කැලරි බහුල දෘඩ ආහාරයට ගත නොහැකි පිටත කවචයකින් වටවූ ආහාරයක්. 

අද වෙද්දී මේ පිටත කවචය ඉවත් කරල ආහාරයට ගත හැකි කොටස පමණක් වෙන් කර සකසා ඇති ඇට වර්ග වෙළඳපොලෙන් මිලදී ගන්න ඔබට පුළුවන්. 

ඒ අතර, 

ආමන්ඩ්,

කජු,

හෙස්ල්නට්,

පයින් ගෙඩි,

පිස්ටාචියෝ සහ 

වෝල්නට්ස් වගේ ඇට වර්ග අද වෙද්දී ඉතාම ජනප්‍රියයි. 

රටකජු ඇට වර්ගයක් විදිහට සමහරු හැඳින්වුවත් පෝෂණ ගුණය සහ සමහර ලක්ෂණ නිසා රටකජු, ගෙඩි වලට වඩා සමීප බවයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නෙ. 

දැන් අපි බලමු, ඇට වර්ග වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල? 

පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවී ඇත

ඇට වර්ග කියන්නෙ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවෙලා තියෙන ආහාරයක් කියල අපි කලින් සඳහන් කලා ඔබට මතක ඇති. 

ඇට වර්ග කීපයක් කලවම් කර 28g ක ආසන්න වශයෙන්,

කැලරි – 173 

ප්‍රෝටීන් – 05 g 

මේදය – 16 g 

කාබ්ස් – 06 g 

ෆයිබර් – 03 g 

විටමින් E – දෛනික අවශ්‍යතාවයෙන් 12% 

මැග්නීසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 16% 

පොස්පරස් – දෛනික අවශ්‍යතාවයෙන් 13% 

කොපර් – දෛනික අවශ්‍යතාවයෙන් 23% 

මැංගනීස් – දෛනික අවශ්‍යතාවයෙන් 26% 

සෙලිනියම් – දෛනික අවශ්‍යතාවයෙන් 56% ක් අඩංගු වෙලා තියෙනව කියල අනුමාන කරනව. 

මේම වුනත් සමහර ඇට වර්ග වල අනෙක් ඇට වලට වඩා සමහර පෝෂක ඉහළ ප්‍රමාණයකින් අඩංගුයි. 

ඒ කොහොම වුනත් ඇට වර්ග නිසි ආකාරව යොදාගැනීම, ආහාර පාලනය කරන ඔබේ ආහාර වේලට අවශ්‍ය පෝෂණය ලබාගන්න හොඳ විසඳුමක් කියල තමයි පෝෂණවේදීන් හඳුන්වා දෙන්නෙ. 

ප්‍රතිඔක්සිකාරක වලින් සංතෘප්තයි 

ඇට වර්ග කියන්නෙ ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරක සංචිතයක්. 

සෛල වලට හානිකරන රැඩිකල් විදිහය හඳුන්වන සංයෝග වලට එරෙහිව ක්‍රියා කරල ආසාදන ඇතිවීමේ අවදානම අඩු කරන්න මේ ප්‍රතිඔක්සිකාරක වලින් ලබාදෙන්නෙ ප්‍රභල සහයක්.

මාළු වලටත් වඩා වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතයක් ලබාදී මේ හානිකර සංයෝග වලින් සෛල වලට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්න වෝල්නට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක වලට හැකියාව තියෙනව කියල පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනව. 

ඒ වගේම හෘද රෝග වලට බලපාන ප්‍රධාන සාධකයක් විදිහට හඳුනාගෙන තිබෙන LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම 26 – 33 % ත් අතර ප්‍රතිශතයකින් අඩු කරන්න සම්පූර්ණ pecans ඇට අනුභවයෙන් පුළුවන් වුණා කියල සනාථ කරපු පර්‍යේෂණත් තිබෙන බවයි සඳහන් වෙන්නෙ. 

බර අඩු කරගැනීමට උදව්වක් 

කැලරි වැඩි වශයෙන් අඩංගු වුවත් ඇට වර්ග ආහාරයට ගැනීම බර අඩු කරගන්නත් හොඳ උදව්වක් කියල පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

බර අඩු කර ගැනීමට සහ ඉණේ වට ප්‍රමාණය අඩු කිරීමට පෝෂණවේදීන්හෙ උපදෙස් අනුව සකසා ගත් ඇට වර්ග අඩංගු ආහාර වේලක් උදව් වෙන බවත් ආමන්ඩ්, පිස්ටාචියෝ, ඔලිව් වගේ ඇට වර්ග බර අඩු කිරීම සම්බන්ධව හොඳ ප්‍රතිඵල ලබාදුන් බව තමයි පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙන්නෙ. 

කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරයි

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරන්න ආමන්ඩ්, හෙස්ල්නට් සහ පිස්ටාචියෝ කියන ඇට වර්ග යොදාගෙන කරන ලද පර්‍යේෂණ වලිනුත් සනාථ කරගෙන තිබෙනවා. 

මෙහිදී රුධිරගත LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම පහළ නංවා HDL එහෙමත් නැත්තම් හොඳ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්න දායක වෙලා තියෙනව කියලත් සඳහන් වෙනව. 

රුධිරගත සීනි මට්ටම අඩු කරයි 

දෙවන වර්ගයේ දියවැඩියාව කියන්නෙ ලොව පුරා ලක්ෂ ගණනක පිරිසක් පීඩා විඳින රෝගයක් කියල ඔබ දන්නව. 

කාබ්ස් වැඩිපුර අඩංගු ආහාර වෙනුවට ඇට වර්ග ආදේශ කරගැනීම මඟින් රුධිරගත සීනි මට්ටම පහත හෙලීම, රුධිර පීඩනය අඩු කිරීම සහ ඔක්සිකාරක ආතතිය අඩු කර දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන බව පිස්ටාචියෝ ඇට වර්ගය ආශ්‍රිතව කරන ලද පර්‍යෙෂණ ආශ්‍රිතව නිගමනය කර ඇතැයි සඳහන් වෙනවා.

දැවීම් / ප්‍රදාහය අඩු කරයි 

ප්‍රදාහය / iinflammation කියන්නෙ තුවාල, බැක්ටීරියා සහ අනෙකුත් හානිකර රෝග කාරක වලින් ශරීරය ආරක්ෂා කරන්න ශරීරය විසින්ම දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

නිදන්ගතව පවතින දිගුකාලීන ප්‍රදාහය අවයව වලට හානිකරන්නත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන්නත් හේතු වෙනව කියල සඳහන් වෙනව. 

ඇට වර්ග වලට මේ ප්‍රදාහන් ඇතිවීමේ සම්භාවිතාව අඩු කරන්න හැකියාව තියෙනව කියල පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

ෆයිබර් වලින් සංතෘප්ත වේ

අපේ ශරීරයට තත්තු ජීර්ණය කරන්න හැකියාවක් නැතත් අපේ බඩවැලේ ජීවත් වන බැක්ටීරියා වලට ඒ හැකියාව තියෙනව.

බොහෝ තත්තු වර්ග මෙලෙස බැක්ටීරියා සඳහා ප්‍රෝබයෝටික් එහෙමත් නැත්නම් ආහාර ලෙස ක්‍රියා කරනවා. 

එමඟින් බඩවැල් ආශ්‍රිත සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කරන්නත්, දියවැඩියාව සහ තරබාරු බව ඇතිවීමේ අවදානම අඩු කරන්නත් හේතු වෙනවා. 

ආමන්ඩ් ඇට 28 g ක තන්තු 3.5 g ක් පිස්ටාචියෝ සහ හේස්ල්නට් 28 g ක තන්තු 2.9 g කුත් අඩංගු වෙනව. 

ඉතිං ඇට වර්ග අනුභව කරද්දි ඔබට ගැළපෙන ප්‍රමාණ සහ ඇට වර්ග පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඔබේ වෛද්‍යවරයා මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි මතක් කරන්න කැමතියි. 

මෙවැනිම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles