හිසකෙස් සඳහා නිෂ්පාදන තෝරා ගන්නා විට අප බොහෝ සැලකිලිමත් විය යුතු වෙනවා. අප තෝරා ගන්නා නිෂ්පාදන වල අඩංගු වන අමුද්‍රව්‍ය මගින් අපට හිස් කබලේ සහ හිස කෙස් වල ඇතිවන ගැටලු තවත් නරක අතට හැරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට තිබෙන හිසකෙස් වර්ගය අනුව මේ අමුද්‍රව්‍ය ක්‍රියාකරන ආකාරයද වෙනස් වනවා. ඒ නිසා සෑම විටම හිසකෙස් සඳහා නිෂ්පාදනයක් හෝ ෂැම්පු වර්ගයක් තෝරා ගැනීමේ දී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා. විශේෂයෙන්ම ෂැම්පු වර්ග තෝරා ගැනීමේදී ඒවායේ සල්ෆේට් අඩංගු වනවා දැයි ඔබ අනිවාර්යෙන්ම පරීක්ෂා කර බැලිය යුතුයි.
ඇයි සල්ෆේට් රහිත ?
සල්ෆේට් යනු අපිරිසිදු ද්‍රව්‍ය කුණු සහ දුහුවිලි ඉවත් කිරීමට ෂැම්පු වල භාවිතා කරන ඩිටර්ජන් වර්ගයක්.එහෙත් ඒවා ඔබේ හිසකෙස් සඳහා රළු විය හැකි අතර ඔබේ හිස්කබලේ සහ හිස කෙස් වල ඇති ස්වාභාවික , ආරක්ෂිත තෙල් ඉවත් කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ හිස් කබලට සහ හිස කෙස් වලට හානි වීම , අධික ලෙස වියලීම සිදු වනවා. මෙය තවත් බොහෝ අහිතකර ප්‍රතිඵල ඇති කරවනවා.
සල්ෆේට් රහිත ෂැම්පු භාවිතා කිරීමේ වාසි මොනවද ?
මෘදු පිරිසිදු කිරීම
සල්ෆේට් රහිත ෂැම්පු භාවිතා කිරීමෙහි ප්‍රධානම වාසියක් ලෙස සැලකෙන්නේ මෙයයි. හිසගේ ස් පිරිසිදු කිරීමේදී ඒවායේ ඇති ස්වාභාවික තෙල් ඉවත් නොකර පිරිසිදු කිරීමේ හැකියාව පවතින්නේ සල්ෆේට් රහිත ෂැම්පු වලට පමණයි. මේ නිසා හිස කෙස් පිරිසිදු කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම ෂැම්පු වර්ග ලෙස සල්ෆේට් රහිත ෂැම්පු සැලකෙනවා.
වර්ණය ආරක්ෂා කිරීම
වර්ණ ගැන්වූ හිස කෙස් වල වර්ණය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ භාවිතා කළ යුතු වන්නේ සල්ෆේට් රහිත ෂැම්පු වර්ගයි. සල්ෆේට් රහිත ෂැම්පු මෘදු සහ ස්වාභාවික වන නිසා එමගින් හිස කෙස් වල මුල සිට අග දක්වාම පෝෂණය කරමින් ආරක්ෂා කරනවා.
සංවේදී සම සඳහා සුදුසුයි
සංවේදී සමක් ඇති අය සඳහා භාවිතා කිරීමට ඉතාම සුදුසු ෂැම්පු වර්ගයක් ලෙස සල්ෆේට් රහිත ෂැම්පු සැලකෙනවා. සාමාන්‍ය ෂැම්පු වෙලා අඩංගු වන සමහර අමුද්‍රව්‍ය සංවේදී සමක් ඇති අය සඳහා ආසාත්මිකතා , කැසීම සහ දැවිල්ල වැනි තත්ත්වයන් ඇති කරනවා. ඒ නිසා එවැනි අයට භාවිතා කිරීම සල්ෆේට් රහිත ෂැම්පු වර්ග සුදුසුයි.
තෙතමනය රඳවා තබයි
සල්ෆේට් රහිත ෂැම්පු තෙතමනය රඳවා තබා ගැනීම සඳහා හිස්කබලට උපකාර කරනවා.මෙය වියළි සහ හානියට පත් හිස කෙස් ඇති අයට ඉතා හොඳ ප්‍රයෝජන ලබා දෙන ෂැම්පු වර්ගයක් වන්නේ ඒ හේතුව නිසාය.
හිසකෙස් ගැලවී යාම වැළැක්වීම
සල්ෆේට් රහිත ෂැම්පු ඉතාම මෘදු බවින් සහ හානිකර තත්ත්වයන් ඇති නොකරන නිසා හිසකෙස් ගැලවී යාමේ සම්භාවිතාවය බොහෝ දුරට අඩු කරනවා.
සල්ෆේට් රහිත ෂැම්පු එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද ?
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
ආසවනය කල ජලය කෝප්ප 1/4
කාස්ටිල් සබන් කෝප්ප 1/4
ජොජෝබා තෙල් තේ හැඳි 1
කැමති ආකාරයේ essential oil වර්ගයකින් බින්දු කිහිපයක්
හදන්නේ මෙහෙමයි
පිරිසිදු බඳුනක් ගෙන එයට ආසවනය කල ( Distilled water ) ජලය එකතු කරන්න. නිවසේදී සකස් කරන ශැම්පු සඳහා මෙම ජලය තෝරා ගැනීමට හේතුව වන්නේ සාමාන්‍ය ජලයේ අඩංගු විය හැකි ඛනිජ , දූෂක හෝ වායු වලින් තොර වීමයි.
මෙම ජලයට කාස්ටිල් සබන් ( සුපිරි වෙළද සැල් හෝ ෆාමසි වලින් ලබාගත හැක ) එකතුකර විස්ක් එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරන්න.කාස්ටිල් සබන් වලට හිස කෙස් වල ස්වාභාවික තෙල් ඉවත් නොකර අනවශ්‍ය තෙල් කුණු සහ දූවිලි ඉවත් කරමින් හිසකෙස් හොඳින් පිරිසිදු කිරීමේ හැකියාව තිබෙනවා.
මීළඟට එයට ජෝජෝබා තෙල් එකතු කරන්න.වියලි සහ ඉක්මනින් අවුල් සහගත වන හිස කෙස් වලට හොඳ පෝෂණයක් සහ පෙනුමක් ලබාදීම සඳහා ජොජෝබා තෙල් යනු හොඳම අමුද්‍රව්‍යකි.
සියල්ල මිශ්‍ර කර අවසානයේදී ඔබ කැමතිම ආකාරයේ essential oil වර්ගයක් එකතු කරන්න.
සියල්ල හොඳින් මිශ්‍ර කර පුනීලයක් ආධාරයෙන් මිශ්‍රණය බෝතලයකට ගබඩා කර ගන්න.
සකස් කරගත් ෂැම්පු හොඳින් තෙත් කරගත් හිසකෙස් මත ආලේප කර සම්බාහනය කර සෝදා හරින්න.
මෙවැනි සල්ෆේට් රහිත ස්වභාවික ෂැම්පු වර්ගයක් ඔබට නිවසේදීම සකස් කරගෙන භාවිතා කිරීම මගින් අහිතකර අමුද්‍රව්‍ය මගින් ඔබේ හිස කෙස් වලට ඇති විය හැකි හානි වළක්වා ගෙන හිස කෙස් හොඳින් පෝෂණය කරගෙන පිරිසිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.