කමු බොමු – තර වෙමු
අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙන්නේ නීරෝගීව ජීවත් වෙන්න නම් තරබාරු කම අඩුවෙන් පවත්වාගන්න ඕනි කියලානේ. ඒ වගේම ටිකක් දැනුම් තේරුම් එන වයසට එනකොට අපි අපේ ශරිරය තරබාරු නොවී තියාගන්න නේක විධ දේවල් කරනවා. සමහර වෙලාවට අපේ ආහාර වේල් වල පවා යම් යම් වෙනස්කම් කරනවා. සමහර අය අනවශ්‍ය තරබාරුවෙන් මිදෙන්න වෛද්‍ය උපදෙස් පවා ගන්නවා. තවත් සමහර අය දිනපතා ව්‍යායාම වල නියැලෙනවා. එහෙම කරන්නේ තරබාරු වීම තුළින් අපිට මානසික, කායික වගේම සමාජයීය ගැටලුත් ඇති වෙන බව අපි දන්න නිසානේ. හැබැයි ලංකාවෙයි, අපි දන්න කියන ලෝකය පුරාමයි එහෙම වුනාට, අපිට මඟ ඇරුණු මේ ලෝකේම අපූරු ගම්මානයක් තියෙනවා මේ කිසිම කතාවක් අදාල නොවෙන. අපි අද ස්මාර්ට් ලේඩි මේ ලිපියෙන් ඔබට කියන්නේ තරබාරු වීම මහා ආශිර්වාදයක් කියලා හිතන අපූරු ගැහැණුන් සහ මිනිසුන් ඉන්න ඒ ගම්මානේ ගැන.
මේ ගම්මානේ ඉන්න කාන්තාවන්ට අනුව සුන්දර බව වඩා ඔප් නැංවෙන්න නම් ඔවුන් වඩ වඩා තරබාරු වෙන්න ඕනි. ඒ හින්දාම ඔවුන් දවසේ වැඩි හරියක් කරන්නේ බඩ පැලෙන්න කාලා බීලා නිදාගන්න එක. ඒ කෑම බීම වල අධික ප්‍රෝටීන ප්‍රභව එකතු කරගන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. මෙහෙම කාලා බීලා නිදාගන්න ගැහැණූ ඉන්න ගමේ පිරිමින්ට පැවරෙන ප්‍රධානම රාජකාරියක් තමයි තමන්ගේ පවුල් වල ගැහැණුන්ට ප්‍රමාණය ඉක්මවා යන තරමේ අධික ආහාර සපයලා ඔවුන්ව පෝෂණය කරන එක. එ පිරිමින් ඒ රාජකාරිය ඉශ්ඨ කරන්නේ හරිම කැමැත්තෙන් කිසිම නෝක්කාඩුවක් කියන්නේ නැතුව. ඒ වගේම ඒ පිරිමින් පවා විශ්වාස කරන්නේ තමන්ගේ බිරිඳ වඩා තරබාරු නම්, ඇය වඩා සුන්දරයි කියලා.
මේ අපූරු ගමේ ඉන්න එක කාන්තාවකගේ සාමාන්‍ය බර රාත්තල් තුන්සීය ඉක්මවනවා. මේ වගේ බරක් තියාගන්න ඔවුන් දවසට බත් පිඟන් කිහිපයක්ම ආහාරයට ගන්නවා. ඇත්තටම බත් පිගන් කියනවාට වඩා බත් හැලි වගේ නමක් පාවිච්චි කරන එක තමයි වැඩියෙන්ම සුදුසු.
මේ තරබාරු ගැහැණුන් මේ ගම්මානය තුළ කොයි තරම් නම් උමතුවක් වෙලාද කියනවා නම්, විවාහ වන වයසට එලැඹෙන තරුණියක් තමන්ට සුදුසු සහකාරයෙක් හොයාගන්න නම් අඩුම තරමේ රාත්තල් 300ක වත් බරක් තියාගන්න ඕනි. ඒ බරවත් නැත්නම් ඔවුන්ට විවාහයක් කියන්නේ සිහිනයක්. තමන් දැනුවත් වෙලා තරබාරු නොවී , සිහින් නීරෝගී ශරීරයක් නඩත්තු කරන විවාහ වන වයසේ ගැහැණු ළමුන් කිහිප දෙනෙක්ම කිසිම පිරිමි කෙනෙක් තමන්ව විවාහ කරගන්න අකමැති වීම නිසා දැඩි ගැටලුවලටත් මුහුන දීලා තියෙනවා. ඔවුන් පවසන විදියට පිරිමින් පවසන්නේත් අඩුම තරමේ රාත්තල් 300ක්වත් වෙන්න බර හදාගන්න කියලලු. එහෙත් මේ තරුණියන් රාත්තල් සීයකින් එහාට ඔවුන්ගේ බර ගෙනියන්න කමති අයවලුන් නම් නෙවෙයි. ඒ හින්දාම මේ වෙනකොට ඔවුන්ට විවාහය සිහිනයක්ම වෙලා.
අපි කලිනුත් කිව්වා වගේම මේ ගම්මානයේ කාන්තාවන් වැඩිපුරම කරන්නේ කාලා බීලා තැන් තැන් වලට වෙලා වාඩි වෙලා කතා කර කර කාලය ගත කරන එක. ඊට පස්සේ නිදාගන්න එක.ශරීරය වෙහෙසවලා කරන හැම වැඩක්ම කරන්නේ පිරිමි අය. ඔවුන් කාන්තාවන් ලවා කිසිම වැඩක් කරවගන්න උත්සාහ කරන්නේත් නැහැ. එ හින්දාම මේ කාන්තාවන් යම් යම් සෞඛ්‍ය ගැටලු වලටත් මුහුන දෙමින් ඉන්න බව කියැවෙනවා.
විවාහයේදී විතරක් නෙවෙයි, මේ තරබාරුකම වෙනුවෙන් ඔවුන් එකිනෙකා අතරේත් තරඟයක් තියෙනවා. හැම අවුරුද්දේම ජුනි මාසේ මේ තරබාරු කාන්තාවන් අතරින් තරබාරුම සුන්දරිය තෝරන තරඟය මේ ගමේදී පවත්වනවා. අවුරුද්ද පුරාම ගමේ බහුතරයක් කාන්තාවන් සහ පිරිමින් ඉලක්ක කරන්නේ මේ තරඟයේ ජයග්‍රහණය ලබා ගන්න එක. ඒකට ප්‍රධානම හේතුව තමයි, මේ වෙනුවෙන් අති විශාල තෑගි මුදලක් හිමිවෙන එක.
පසුගිය වසර කිහිපය පුරාම මේ තරඟයෙන් ජයග්‍රහණය කරපු කාන්තාව, නිවෙසට මද දුරක් ඔබ්බෙන් තියෙන වැසිකිලිය වෙත අරගෙන යන්නේත් ඇගේ සැමියා විසින් කුඩා බයිසිකල් රික්ෂෝවක තියාගෙන. ඇය සහ ඔහු දෙදෙනාම ඒ ගැන ඉන්නේ මහ ආඩම්බරේකින්.
” මට ඇය ගැන ආඩම්බරයි. ඇය අපේ පවුලේ නම්බුව වෙනුවෙන් කරන්නේ සුලුපටු කැප කිරීමක් නෙවෙයි. මම ඇයව ඊලඟ වසරේත් ජයග්‍රාහිකාව කරන්න මට පුලුවන් හැමදේම කරනවා…”
තරබාරු සුන්දරියගේ සැමියා එහෙම කියන්නේ හරිම ආඩම්බරෙන්.
ඒ වගේම වර්තමානයේදීත් ගමේ අවිවාහකව ඉන්න පිරිමින් එකිනෙකා පරදවන උනන්දුවකින් උත්සාහ කරන්නේ වඩාත්ම තරබාරු කාන්තාව තමන්ගේ බිරිඳ කරගෙන ඇය සමඟ එකතු වෙලා ජුනි මාසේ තියෙන සුන්දරම තරබාරු කාන්තාව තරඟය ජයග්‍රහණය කරන එක.
මෙච්චර වෙලා අපි මේ කතා කරපු අරුම පුදුම ගම තියෙන්නේ අපේ රටට ටිකක් මෑතින් තියෙන තායිලන්තයේ පුකෙට් කියන දූපත තුල. ඒ දුපතේ තියෙන සුන්දර මුහුදු තීර සට අලංකාර පන්සල් ඇරුනම මේ තරබාරු කාන්තාවන් බලන්නත් සංචාරකයන් එන බව වාර්තා වෙනවා. පුකෙට් දුපත සුන්දර සංචාරක ගමනාන්තයක් වෙන්න තරබාරු කාන්තාවන්ගෙනුත් ලොකු කාර්යබාරයක් ඉටු වෙන බව නම් හිතන්න පුලුවන්.
ඒ කොහොම වුනත්, කාලා බීලා එක ට්ඃඇනකට වෙලා වාඩි වෙලා ඉන්න එක ඒ තරම් අපේ සෞඛ්‍යට හොඳ නැති බව අපි දන්නවානෙ. මේ අරුම පුදුම ගම්මානේ කාන්තාවන්ගේ කතාව ඔබේ දැණුමට විතරක් තියාගෙන, ඔබේ ශරීරය තරබාරු නොවී සෞඛ්‍ය සම්පන්න මට්ට්ටමක තියාගන්න අවශ්‍ය කරන ක්‍රියා පිලිවෙත් කරන්නය කියලා අපි අද ලිපිය අවසානයේ යෝජනා කරනවා.
අපේක්ෂා ගුණරත්න.