Chicken එහෙමත් නැත්තන් කුකුළු මස් කියන්නෙ අපි බොහෝදෙනෙක් ප්‍රියකරන මාංශ ආහාර වර්ග වලින් එකක් වගේම හොඳ ප්‍රෝටීන ප්රභවයක්නෙ.
විවිධ ආකාරයට, විවිධ රසට අපි සාමාන්‍ය අවස්ථා වලදී වගේම විශේෂ අවස්ථා වලදිත් කුකුල් මස් පිසගන්නව.
ඔන්න smart lady අපි අද ඔබට කියල දෙන්න යන්නෙ රසවත් chicken gizzard එහෙමත් නැත්නම් කුකුළු මස් පීකුදු ව්‍යාංජනයක් හදාගන්නෙ කොහොමද කියලයි.
මුලින්ම, අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුළු මස් පීකුදු 250 g ක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක්
තලාගත් ඉඟුරු සුදුළූණු මිශ්‍රණයෙන් මේස හැඳි 01 ක්
තෙල් මේස හැඳි 02 ක්
කරපිංචා ඉත්තක කොළ
අඟලක පමණ කුරුඳුපොතු කැබැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි 01 ක්
අමු තුනපහ කුඩු මේස හැඳි 01 ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 01 ක්
කහ කුඩු තේ හැඳි ¼ ක්
ලුණු කුඩු
වතුර කෝප්ප ¼ ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම හොඳින් සෝදා පිරිසිදු කරගත් කුකුළු මස් පීකුදු කුඩා කැබලි වලට කපා පසෙකින් තබාගන්න.
භාජනයක් ලිප තබා එය රත්වන විට තෙල් එකතු කරගෙන තෙල් රත්වන විට කපාගත් ලොකු ලූණු සහ තලාගත් ඉඟුරු සුදුලූණු මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩියක් පමණ තබා එයට කරපිංචා, අමු මිරිස් සහ කුරුඳු පොතු කැබැල්ලත් කපා පසෙකින් තබාගත් කුකුළු මස් පීකුදුත් එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි 02 ක් පමණ තබා එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ රස අනුව ලුණු කුඩුත් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
දැන් භාජනයේ පියන වසා විනාඩි 05 ක් හෝ 07 ක් පමණ මඳගින්නේ හොඳින් පිසගන්න.
භාජනයේ පියන විවෘත කර එයට වතුර දමා නැවත හොඳින් කලවම් කරගන්න.
නැවත භාජනයේ පියන වසා පීකුදු ටික හොඳින් පිසගෙන ඉස්ම මඳක් ඉතිරිවෙන්නට තබා භාජනය ලිපෙන් ඉවත් කරගන්න.
ඔන්න දැන් රසවත් පීකුදු ව්‍යාංජනයක් හදාගෙන අවසන්.
බත්, ආප්ප, ඉඳිආප්ප, නූඩ්ලස්, පරාටා මේ ඕනැම දෙයක් එක්ක ඔබට මේ විදිහට හදාගන්න කුකුළු මස් පීකුදු ව්‍යාංජනය රස බලන්න පුළුවන්.
සටහන – දුලානි නවෝද්‍යා