හතලිස් වැනි නෙත් සැරිය
චත්‍රගේ හිස ගිණිගෙන තිබුණි. පසෙකින් සිහිනිගේ මානසිකත්වයය. අනෙක් පසින් අයත්මා ගැන කිසිඳු තොරතුරක් දැනගන්නට විදියක් නැති කමය. ඒ අතරේ ලොකු අප්පච්චී හමුවෙන්නට ගිය ගමනෙන්ද හිත කලබල වූවාම පමණක් විය. ඔහු උත්සාහ කරන්නේ වෙනමම මඟුලක් වෙනුවෙන් ය.
එදින ගාලු යන්නට පෙර අයත්මා දකින්නට හෝ දැරූ උත්සාහයද ව්‍යර්ත වී යෑම නිසා චත්‍ර උන්නේ උමතු සිතුවිලි සමඟින් ය. අවිශ්ක ඇය කැටුව යෑමට පාසැල අසලට විත් උන්නාය. පාසැල් නිවාඩුවද ලැබීමෙන් පසු අයත්මා නිවෙසටම වූ නිසා චත්‍ර ගෙවමින් උන්නේ අයත්මා දකින්නට ඉඩක් නැතිව ගෙවෙන දෙවන සතියේ ආරම්භයය. ඇමතුමක් වෙනුවෙන්වත් වැඩි ඉඩක් සකසා ගන්නට අයත්මා උත්සාහ නොකිරීම තුළ චත්‍ර අසරණව උන්නේය.
ලොකු අප්පච්චී අනතුරු ඇඟෙව්වේ තම දේශපාලන ගමන අවසන් කර ගැනීමට අවශ්‍ය නම් අයත්මා සමඟ වන සම්බන්ධතාවය ඉදිරියට ගෙන යන ලෙසය. සත්‍ය සිදුවීම කුමක්දැයි පක්ශ දිස්ත්‍රික් නායකවරයාට පැහැදිලි කර ආකාරයෙන්ම ලොකු අප්පච්චීට කීවද ඔහු එය පිළිගන්නට සූදානමින් උන්නේ නැත. ඔහු කීවේ කුඩා කල පටන් චත්‍ර සහ තම පුතු යම දෙදෙනාටම තමා එකම ආකාරයෙන් ආදරය කල බවත්, තම පුතු දේශපාලනයට එළැඹෙන්නේ නැති නිසා, තම සියලු බලාපොරොත්තු ඇත්තේ චත්‍ර මත බවත් ය. ඒ වෙනුවෙන් ගැලපෙන තරුණියක සමඟ විවාහයක් වෙනුවෙන් එලැඹීම කෙතරම් වැදගත් දැයි ඔහු අවධාරණය කලේය. චත්‍ර නිහඬව උන්නේ ලොකු අප්පච්චී සමඟ රණ්ඩු කරන්නට නොයුතු ය යන ඉවසීම නිසාම පමණකි.
ඒ අතරේ ඔහු සිහිනිව මනෝ වෛද්‍ය්වරයෙකු මුන ගැසෙන්නට රැගෙන ගියේය. ඔහුගේ සියලු මානසික ව්‍යාධීන් පසෙකට දමා ඔහු අන් සියලු දෙනා වෙනුවෙන් කැප වෙමින් උන්නේය.
අවසානයේ චත්‍ර රාත්‍රී නවයට පමණ නිවසින් පිටතට ආවේය. කැබ් රිය අයත්මාගේ නිවසට ආසන්නව තිබූ අතුරු පාරක නැවැත්වූ චත්‍ර අඩියට දෙකට විත් අයත්මාගේ නිවසේ පසුපස තාප්පය අසල සිටගත්තේය.
මහ වැසි ඇද හැලෙමින් තිබූ නිසා චත්‍ර උන්නේ වැස්සේ වාසිය එක්කය. තිබූ මුරුංගා ගසක් දිගේ බඩගා තාප්පයට නැග ගත් චත්‍ර මිදුලට පැන්නේය. කකුලට යම් වේදනාවක් දැනුනද ඔහු එය නොතකා වේගයෙන් අඩි තියමින් නිවසේ බිත්තියට වන්නට සිට ගත්තේය. අයත්මාගේ ජංගම දුරකතන සවස පටන්ම වූයේ ක්‍රියා විරහිතව නිසා ඔහු එයට යළි උත්සාහ කලේ නැත. සඳ එළිය තිබූ නිසා චත්‍රට කාමරය සොයා ගැනීම අපහසු වූයේ නැත. බාධාව වූයේ මහ වැසිය. ඔහු වැස්සේ පෙඟෙමින් තිබුණි.
ඔහු කාමරයේ ජනේලය අසල සිට ගත්තේය. යන්තම් හඬක් නැගෙන සේ තට්ටුවක් දැම්මේය. අයත්මා උන්නේ යහනේ ඔහේ වැතිරීගෙනය. චත්‍ර විසින් එවූ විදුලි බල්බය දෙස බලාගෙනය. ඔහු අහිමිව යන්නට දෙන්නේ කෙලෙසකින්දැයි සිතමින් ය. ඕ එක්වරම යහනේ කෙලින් වූවාය. දමා තිබූ ඝණ ජනේල රෙදි නිසා ඇයට පිටතින් වන කිසිවක් පෙනෙන්නේ නැත.
” අයු … “
අයත්මා වහා යහනෙන් බිමට පැන්නාය. වහා ජනෙල් රෙදි දෙපසට කර ජනේලය විවෘත කළාය. චත්‍ර වහා ජනේලය ඉදිරියට ආවේය. අයත්මා ඔහු දෙස බලා උන්නේ දෑස් අයාගෙනය.
” දෙය්යනේ …..”
ඕ දෑතින්ම මුව වසා ගත්තාය.
” ඇතුලට ගන්නකෝ .. සීතලයි …”
“කොහොමද?..අනේ ….. දොර ඇරියොත් අයියා ඇහැරෙයි …”
අයත්මා හැඬුම්බරව කීවාය. කුමක් කරන්නදැයි ඇයට වැටහෙන්නේ නැත. ජනේලය සකසා තිබුනේද කිසිවෙකුට ඇතුලු විය නොහැකි වන සේ යකඩ පොලු දමාය.
” එහෙනම් මෙහෙම ඉන්නම් ටිකක්…”
චත්‍ර ජනෙල් හිඩැස් අතරින් අයත්මාගේ දෑත අල්ලා ගත්තේය. චත්‍ර සීතලෙන් පෙඟී වෙවුලන බව අයත්මාට දැණුනේ එවෙලෙහිය. ඔහුට මෙලෙසින් යන්නට දෙන්නට නොහැකි යැයි වන සිතුවිල්ල මහා ශක්තියක් වී නැගී ආවේය.
ඕ ඔහුගේ දෑතින් මිදුණාය. මහ වැසි නිසා අයියා ඇත්තේ නින්දේ විය යුතුයැයි සිතා පූසියක මෙන් ඇවිද ගොස් දොර ඇරියයා. දොර අසල උන් චත්‍රව වහා කාමරය තුලට කැටුව ගියාය. කාමරයේ වූ පාපිස්ස ගෙන විත් සාලයේ තිබූ මද ආලෝකයේ එලියෙන් මඩ වැකී තිබූ ටයිල් පිස දැමුවාය. ඉන් පසුව කාමරය තුළට වැදී දොර වසා ගත්තාය. චත්‍ර උන්නේ තෙමී තිබූ ජංගම දුරකතන දෙකක් මේසය මතින් තබමිනි.
අයත්මා වහා ඔහු වෙතට ඇවිද ගියාය. ඒ කාලය තත්පරයකිනුත් අරික්කාල තරමේ විය. චත්‍ර සතුවූ සියළු සීතල හැඟුම් අයත්මා තමා වෙත පවරා ගත්තාය. ඉතා තදින් ඔහු වැළඳ ගත්තේය.
” සීතල අල්ලයි අයූ ..”
විනාඩියක් පමණ ඇයට එලෙසම ඉන්නට හැර චත්‍ර කීවේය. අයත්මා වහා චත්‍රව නාන කාමරය තුලට තල්ලු කළෑය විශාල තුවායක් දුන්නාය.
” හොට් වෝටර් පාවිච්චි කරන්න …”
අයත්මා නාන කාමරයේ දොරට තට්ටු කර කීවාය. චත්‍ර තනිව සිනාසුනේය. මේ වීර වික්‍රම කිසිදිනෙක කරන්නට බලාපොරොත්තු වූ ඒවා නොවේය. එහෙත් ප්‍රේමය සියල්ල උහුලන්නේය. සියල්ල වෙනුවෙන් ශක්තිය දෙන්නේය. සියල්ල වෙනුවෙන් මඟ පෙන්වන්නේය.
අයත්මා ශීතකරනයේ වූ චීස් පෙට්ටියක් සහ බිස්කට් පැකැට්ටුවක් ගත්තේය. කෝපි කෝප්පයක් සකසා ගත්තේය. ඇය සියල්ල නිම කරගන්නා තුරු කිසිවෙකු කුස්සිය දෙසට ආවේ නැත.
ඕ කාමරයට රිංගා ගත්තේ වැස්සට පින් දෙමිනි. චත්‍ර තුවාය ගත පටලවාගෙන යහනේ හිඳ උන්නේය. උණුසුම් ජලයෙන් ගත දොවා ගත්තද කාමරය තුල යළි සීතලය.
” කැබ් එක කොහෙද දාලා ආවේ ..?”
අයත්මා පහත් හඬින් විමසුවේ කෝපි කෝප්පය සහ ආහාර මේසය මත තබමින් ය. චත්‍ර හිස සලා ඒ ගැන නොසිතන ලෙසින් වන මුද්‍රාවක් පෙන්වූයේය. අයත්මා අල්මාරිය විවෘත කර සරමක් සහ කමිසයක් ගත්තාය. චත්‍ර ඒ දෙස බලා උන්නේ කිසිවක් සිතා ගන්නට නොහැකි මෙන් ය.
” තාත්තාගේ උපන්දිනේට ගත්ත එව්වා.. එයාට එව්වා අඳින්න උනේ නෑ …”
අයත්මා නවා තිබූ සරම සහ කමිසය චත්‍ර වෙත පාමින් කීවාය. චත්‍ර ඇඳුම් තමා අතට ගෙන යහනේ පසෙක තමන අතරේ අයත්මා ගේ නළලත සිම්බේය. පසුව ඇයව තමා වෙතට නතු කරගත්තේය. අයත්මා හැඳ උන්නේ සැහැල්ලු රාත්‍රී ඇඳුම පමණි. නිම්න සීතලින් තැවී යන්නට විය. ඕ කිළිපොළා ගියාය. චත්‍ර ඇය සන්සුන් කලේය.
” අවිශ්කයා ?…”
“නිදි ඇති ..”
අයත්මා එහෙමම හිඳ කීවේය. චත්‍ර අයත්මාට පේන සීමාවේම හිඳ සරමට බැස්සේය. කමිසයද ගත ලා ගත්තේය. ඒවායේ ඇත්තේ අමුතුම උණුහුමක් බව දැණුනි.
” මං චීස් එක්ක බිස්කට් ගෙනාවා… කෝපි හැදුවා..”
චත්‍ර අයත්මාව අල්ලාගෙන යළි යහනේම ඉඳගත්තේය. අයත්මා ක්‍රීම් ක්‍රැකර් බිකට් දෙකක් මැදට චීස් පෙත්තක් වන සේ දමා චත්‍ර වෙත පෑවේය. ඔහු එය ගත්තේ ඇය වෙත ප්‍රේමණීය බැල්මක් හෙලමිනි.
” මම වේල් ගානකින් කාලා නෑ ..”
චත්‍ර ඉන් පසුව කීවේය. අයත්මා මුහුණ හකුලවා ගත්තාය. තමාද එලෙසින්ම බව කියන්නට සිතා යළි නොපවසා උන්නාය. අයියා තම ජංගම දුරකතන අතට ගෙන යළි චත්‍රට අමතන්නේ නැතැයි පොරොන්දු වෙන්නයැයි කී මොහොත ගැන අයත්මා චත්‍රට කීවාය. ඒ නිසාවෙන් ඇමතුමක් නොදී උන්නාට සමාවෙන්නයැයි කීවාය. චත්‍ර ඇගේ උරහිස ඉම්බේය.
” ඒකට කමක් නෑ අයූ .. අවිශ්කයාව මට තේරෙනවා … අපේ නංගී ගම කාලා තියෙන්නේ ..”
“මං ඔයාට ෆෝන් එකක් ගෙනාවා.. අවිශ්කයා ඕකේ වෙනකල් ඔයාගේ ෆෝන් එකෙන් මට ගන්න එපා …”
අයත්මා සැනසුම් සිනහවක් සමඟින් හිස පසෙකට ඇල කළාය. චත්‍ර කෝපි කෝප්පය අතට ගත්තේය. අයත්මා වෙත කෝපි කෝප්පය පෑවාය. ඕ ඉන් උගුරක් බීවාය. ඉන් පසුව ඔහු කෝපි කෝප්පය හිස් කලේය.
” දැන්ම යන්නේ නෑ නේද?…”
” නෑ … “
චත්‍ර මනමාල සිනහවක් පෑවේය.අයත්මා ඔහුගේ කොපුලක් ඇඟිළි තුඩු වලින් ඉම්බාය.
| අපේක්ෂා ගුණරත්න |