පිළිකාව හා සටන් කළ කේට් කුමරිය ගෙවූ අසීරුම කාලය

තමන්ට පිළිකා රෝගී තත්වයක් තියෙන බව දැනගත්තාම , තනි පුද්ගලයෙක් විදියට නෙවෙයි ජීවිත වෙනස් වෙන්නේ. පවුල පිටින්ම ඒ අසනීපය එක්ක ජීවන රටා වෙනස් කරගන්නවා.  ඒ වේදනාවට  දුප්පත් පොහොසත් බේදයක් නැතිවම මේ පිලිකා මාරයා සුන්දර කේට් කුමරියවත් හොයාගෙන ගිහින් තිබුන කතාව ඔබට මතක ඇති. බොහෝ දෙනා කේට් කුමරිය වෙනුවෙන් දුක් වුනාත් මතක ඇති. අද මේ කියන්න යන්නේ සුන්දර කේට් ඇගේ රසායනික ප්‍රතිකාර අවසන් කර ඇති බවට ඇයම හෙළිදරවු කරපු ඒ සුභ පුවත.

පහුගිය සැප්තැම්බර් නව වෙනිහා නෝර්ෆොක්ස් වල ඇගේ පවුලේ නිවස අසල රූගත කරපු පණිවිඩයක් අන්තර්ජාලයහරහා බෙදාගන්නට සලස්වමින් තමයි කේට් කුමරිය මේ ගැන හැමෝවම දැනුවත් කරන්නේ. ඇයගේ ආදරණීය සැමියා වුන විලියම් කුමාරයා වගේම ඔවුන් දෙදෙනාගේ දරුවන් තිදෙනා වුණ ජෝර්ජ් කුමාරයා, ලුවී කුමාරයා සහ  චාලර්ට් කුමරියත් මේ වීඩියෝවේ ඉතාම සන්තෝසෙන් ඉන්නවා.

” ගීම්හානය අවසන් වනවාත් සමඟම , මගේ රසායනික චිකිත්සක  ප්‍රතිකාරය අවසන් කිරීමට ලැබීම කෙතරම් සහනයක්දැයි මට ඔබට කියන්න වැටහෙන්නේ නැහැ.. ගෙවුණ මාස නවය පුරාවටම අපි පවුලක් විදියට ගෙව්වේ අතිශය අපහසු කාලයක්… එක පාරටම අපේ ජීවිත වෙනස් වුනා.. එක් ක්ෂණයකින් අපිට ලැබුන තීරනය දරාගෙන, ඒ වෙනස්වීම පිළිගන්න අපට සිදු වුණා…. අප කිසිත් නොදන්නා කුනාටු සහිත මාවතක අපට ඇවිද යන්නට සිදු වුනා…”

කේට් කුමරිය ඉතාම සංවේදීව එහෙම පවසනවා.

“ඔබට පිළිකාවක් වැළඳී ඇති බව දැනගන්නට ලැබෙන මොහොත ඉතාම සංකීර්ණ, අනපේක්ෂිත සහ බියජනක මොහොතක් බවට සැකයක් නැහැ.. විශේෂයෙන්ම ඔබ සමීපයෙන් සිටින අයට එය දරාගැනීම අපහසුයි …  ඒ බව දැනගන්නට ලැබීම තුළ ඔබ මින් පෙර නොසිතූ ආකාරයෙන් ඔබට ඔබේ සමඟම සටන් කරන්න වෙනවා.. ඔබේම දුර්වලතා පිළිගෙන ඒවා පරාජය කරන්න වෙනවා… ඒ වගේම ජීවිතේ හැමදේම දිහා වෙනස්ම කෝණයකින් බලන්න ඔබට සිදු වෙනවා….”

ඇය ඉතාම සංවේදීව පවසනවා.  ජීවිතය සියල් සපිරි බව සිතාගෙන උන්නත්, මෙවන් ක්ෂණයකට පසු සියල්ල අහිමිව යන බව ඇගේ හැඟීම් වලින් කියැවෙනවා.

“මේ මාස නවය පුරාවටම විලියම් සහ මම ඉගෙනගත්තා ජීවිතේ සරලයි කියලා අපි අත් හැර දමන දේවල් වෙනුවෙන් අපි කලගුණ සැලකිය යුතු බව….. අපි ආදරය කරන්න සහ ආදරය ලබන්න ජීවිතේ වැඩි වේලාවක් වෙන් කරගන්න ඕනි බව අපට මතක් කරගන්න පුලුවන් වුණා…

“කීමෝ ප්‍රතිකාර අවසන් බව මම ඔබ සමඟ සතුටින් කිව්වත්, මගේ සම්පූර්ණ සුවවීම තව බොහෝම දුරකයි තියෙන්නේ.. දැන් මම පිළිකා රෝගයෙන් මිදී සිටින්න මට කල හැකි සියලුම දේ කරන්න මගේ අවධානය දෙනවා…  මම හැම දිනකම ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනි බව මම දැන් වටහාගෙන තියෙනවා….”

” මට මගේ රැකියාවට යන්න තව කල් ගතවෙන්නත් පුලුවන්.. ඒත් මම බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් ඒ කටයුතු වෙනුවෙන් යොමු වෙන්න .. ඒ වහේම මේ අවුරුද්දේ ඉදිරි මාස කිහිපය තුළ මම සැලසුම් කරලා තිබුන පොදු වැඩ කිහිපයක් කරන්නත් මම අවධානය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා…”

කේට් එහෙම කියන්නේ, අහිමිවෙන්න ගියපු බලාපොරොත්තු සියල්ලම තමා දැන් මිටි මොලවාගෙන ඉන්න බවට වන විශ්වාසයත් එක්කම.

“පහුගිය මාස නවය පුරාවටම සිදු වුන හැම දේම තියෙද්දීත්, මම ආයෙම අලුතින් හැම දේම ගැන හිතන්න උත්සාහ කරනවා.. අලුත් බලාපොරොත්තු, අලුත් අගය කිරීම් එක්ක ජීවිතේ ඉස්සරහට යන එකයි දැන් මට අවශ්‍ය වෙන්නේ….”

” ඇත්තටම අපි දෙන්නා ස්තූතිවන්ත වෙන්න ඕනි අපය ලැබුන සහයෝගය වෙනුවෙන් … සියලුම දෙනාගෙන් අපට විශාල ශක්තියක් ලැබුණා… ඔබ සියලුම දෙනාගේ කරුණාව, සහකම්පනය සහ දයානුකම්පාව වෙනුවෙන්  විලියම් සහ මම ඔබ සියලු දෙනාටම යලි යලිත් ස්තූතිවන්ත වෙනවා…. පිළිකාවන් නිසා පීඩාවට පත් වුන හැමෝටම මම කියන්නේ, මම ඔබ සියලුම දෙනා සමඟ අත් වැල් බැඳගෙන ඉන්නවා….අඳුරෙන් අලෝකය එන එක අනිවාර්‍යෙන්ම සිද්ද වෙනවා… ඒ ආලෝකය වඩා දීප්තිමත්ව බැබලේවා කියලා තමයි මගේ ප්‍රාර්තනාව …”

කේට් කුමරිය කියන විදියට ඇය ඉදිරි මාස කිහිපය තුල මහජනතාව වෙනුවෙන් යම් සමාජ සේවා කටයුතු කිහිපයක නියැලෙන්න  බලාපොරොත්තු වෙනවා. ඒත් ඇගේ වැඩි අවධානය රෝගී තත්වයෙන් මිදී ජීවත් වීම පිළිබඳව වගත් ඇඟවෙනවා.

කොහොම වුනත්, සම්පූර්ණ සුවය ලබා ගන්න එක ගැන අවධාන දෙමින්, මේ අවුරුද්දේ ඉස්සරහට එන දවස් වල සැහැල්ලු වැඩසටහන් සඳහා ඇය සහභාගී වේවි කියලා තමයි මාධ්‍ය වලිනුත් වාර්තා කරන්නේ…. 

ඒ වගේම මේ වෙනකොට කේට් කුමරිය නිවසේ ඉඳන් කරපු  ඇගේ වැඩ කටයුතු වල ප්‍රමාණයත් වැඩි කරලා  තියෙන බව වාර්තා වෙනවා. මුල් ළමා විය සංවර්ධනය පිලිබඳව වන ව්‍යාපෘ ති  ඇය දිගින් දිගටම කරගෙන යන බවත් , රාජකීය පවුල සමඟ නොවැම්බර් මාසයේදී ඇය අනුස්මරන දිනයකට සහභාගී වෙන්න ඉඩ තියෙන බව වාර්තා වෙනව. ඒත් එක්කම දෙසැම්බර් මාසයේදී වෙස්ට්මිනිස්ටර් ඇබේ වල වාර්ෂික කැරොල් ප්‍රසංගයට ඇගේ සහබාගීත්වය තහවුරු කර  ගැනීම වෙනුවෙන් මේ වෙනකොටත් සැලසුම් සකස් කරගෙන යන බව වාර්තා වෙනවා.

මේ අතරේ බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් කේට් කුමරිය ගැන  මෙහෙම කියලා තියෙනවා.

” චාර්ල්ස් රජතුමා සහ කැමිලා රැජින අද කේට් කුමරියගේ නිවේදනය ඉතාම ආදරණීයව වැළඳගත්තා. කේට් කුමරියගේ සම්පූර්ණ ගමනටම ආදරය සහ සහයෝගය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කලා…”

කේට් විසින් මේ සුබ පණිවිඩය අනෙක් අය සමඟ බෙදා ගත් වීඩියෝවේ පවුලක් ලෙසින් ඔවුන් ඉතාම ආදරණීය විදියට හැඟීම් බෙදාගන්නවා. කේට් විලියම්ගේ උරහිසට හේත්තු වෙලා , තමන්ගේ දරුවන් සෙල්ලම් කරන ආකාරය බලාගෙන ඉන්නවා. තව වෙලාවක ඇය කුඩා ලුවී කුමාරයාව ඔංචිල්ලාවක තියලා තල්ලු කරනවා. කේට්ගේ දෙමාපියන් සමඟ ඔවුන් කාඩ් සෙල්ලම් කරනවා.  ඒ වගේම කේට් සහ විලියම් ඔවුන්ගේ සුරතල් සුනඛයා එක්ක වෙරළේ විවේක ගන්නා අතරේ කේට් ඇගේ දෑතින් සමනලයෙක් මුදා හරින දර්ශනත් ඒ වීඩියෝවේ තියෙනවා. ඒ වීඩ්ඩියෝව පුරාවටම තියෙන්නේ අඳුරෙන් එලියට පැමිණීමේ ප්‍රහර්ෂය.

මේ  වීඩියෝව පවා කේට් ගේ අලුත් ජීවිතය ගැන අනෙක් හැමෝටම නැවුම් හැඟීමක් දෙන බව නම් අනිවාර්‍යෙන්ම කියන්න පුලුවන් 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles