චත්‍ර දින දෙකම හිතුවක්කාර ලෙසින් නිවසට වී ගෙවා දැම්මේය. සඳුදා අයත්මා පාසැල් ගියේ ත්‍රී රෝද රියක් ගෙන්වාගෙනය. චත්‍රගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වූවද ඔහු ඇයට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටින්නට පරෙස්සම් විය. ඔහු රාජකාරි කටයුතු වෙනුවෙන් අවධානය දෙන්නට උත්සාහ කරමින් උන්නේය. මඟ හැරුන රැස්වීම් කිහිපයක් වෙනුවෙන් හේතු පවසා ඊ මේල තබන්නටද, තොරතුරු විමසන්නද ඔහු අමතක කලේ නැත.
පාසැලේදී සිහිනි මුණ ගැසීමෙන් පසුව අයත්මාට විමසන්නට තිබූ බොහෝ දේ අතරින් ඕ ඉහලටම ඇද ගත්තේ චත්‍රය. අයියා සමඟ සිහිනිගේ ගණුදෙණු වල දිග පලල ගැන දැන් බොහෝ දේ ඇයට වැටහෙනේය. සැබැවින්ම සිහිනි විඳවන්නේද චත්‍ර නිසාය. තමා මේ විඳින වේදනාවටද හේතුව ඔහුම නොවේදැයි ඕ සිතුවේ අට වැනි නිදහස් කාලච්ඡේදයේ අවසානයට ඔන්න මෙන්න තිබියදී සිහිනි උන් අසුනට එහා අසුනේ හිඳ ගනිමිනි.
“අයියා ගෙදරද සිහිනි …?”
සිහිනි හිස සැලුවාය. අයියා නිවසින් පැමිණෙන විටම අවධාරනය කලේ කුමක්දැයි සිහි වෙත්ම යළි සුසුමක්ද හෙලුවාය.
” අයත්මා මං ගැන අහන මොකකටවත්ම උත්තර දෙන්න ඕනි නෑ… “
චත්‍ර දෙවතාවක්ම අවධාරනය කල බව සිහිනිට මතකය.
සිහිනි උන්නේ නිහඬව වුවද, අයත්මා පැකිලෙමින් යමක් විමසුවාය.
” ඔයාට පුලුවන්ද එයාට කෝල් එකක් අරන් මට ඇහෙන්න ස්පීකර් දාන්න ..මට සාංකාවයි වගේ .. ..”
සිහිනි මද වේලාවක් අයත්මා දෙස නිහඬව බලා උන්නාය. අයත්මා තම ඉදිරියේ මෙලෙසින් බැගෑපත් වන්නේ ඇයි දැයි කියා සිහිනිට නොවැටහෙනවා නොවේය. සැබැවින්ම අයත්මා අයියාගෙන් පලි ගන්නට සැලසුම් සදන බවට සිතමින් නිරපරාදේ තමා නැටූ නාඩගම් ගැන සිහිනිට දැන් වේදනාවක් දැනෙන්නේය.
” එයා එපා කීවා නම් කමක් නෑ .. එයා මාව ආන්සර් කරන්නේත් නෑ .ඒකයි….”
සිහිනි වහා පියවි සිහියට එලැඹෙමින් ඇමතුමක් ගත්තාය. අයත්මාගේ අතින් අල්ලාගෙන ගුරු විවේකාගාරයෙන් පිටතට යන්නට යෝජනා කලාය. චත්‍ර පිළිතුරු දුන්නේ දෙවැනි ඇමතුමටය.
” කියනවා ..ඇයි ? .. කපිලයා ආවා තමුසේ ගන්න .. ඒවි දැන් ..”
” අනේ ඒක නෙවෙයි අයියේ හරි වැඩේනේ.මං ටිකක් පරක්කු වේවි ..”
සිහිනි එක්වරම හැඬුමක්ට මාරු වෙද්දී අයත්මාද තිගැස්සුණාය. චත්‍රගේ හඬ අසන්නට වූ සිහියද මදකට අවුල්ව ගිය බව අයත්මාට දැනුනේය.
” අයත්මා ආයේ ඉස්කෝලේ එන්නේ නෑලු .. එයා ඔක්කොම දාලා කොහෙද මන්දා නවතින්න යනවලූ … මං එයාට කතා කරන්න යනකොටත් එයා ලීව් දාන්නේත් නැතුවම ඉස්කෝලෙන් ගිහින් ..ප්‍රින්සිපල් සර් කිව්වා අදට මොකක් හරි කරමු කියලා .. හෙට ඇවිල්ලා සයින් කරන්න කියන්න කියලා පණිවිඩේ දෙන්නම කීවා .. දැන් කලන සර්ලා ගෙදරත් බලලා ආවේ.. එයා එහෙත් නෑලු …”
අයත්මා සිහිනිගේ අතින් අල්ලා ගත්තේය. සිහිනි ඇසක් වසා සිනාසී කලබලව නොසිටින්නයැයි අයත්මාට ඉඟි කලේය.
” කොයි වෙලේද වුනේ ඕක ?…”
” දෙවෙනි පීරියඩ් එකේලු ගිහින් තියෙන්නේ.. මං දන්නේ ඉන්ටර්වල් එකේ…. ලියුමක් දීලා ගිහින් ප්‍රියා ටීචර්ට … ආයේ ඉස්කෝලේ එන්නේ නෑ කියලා තියෙනවා ඒකේ … “
” ඉන්ටර්වල් එකේ දැනගත්තා නම් මෙච්චර වෙලා මඟුලක් කලාද චූටි ?.. ශිට්.. පොලිසියට කිව්වද?.. ෆෝන් එක වැඩද?…”
සිහිනි වහා අයත්මාගේ අනෙක් අතෙහි වූ ජංගම දුරකතනය ගෙන විසන්ධි කලාය.
” ෆෝන් වැඩ නෑලූ .. නෑලු නෙවෙයි වැඩ නෑ …. පොලිසියට ගියා.. අවිශ්ක අයියාත් පොලිසියේලු …”
” ඒත් දොළහට විතරත් මට කෝල් එකක් ගත්තානේ… ශිට් … තමුසේ ඔහොම ඉන්නවා.. මං එන්නම් …”
” හරි .. ඉක්මනට එන්න.. පරෙස්සමට එන්න .. එක්කෝ.. කපිල අයියාත් එක්කම එන්න…”
එවිට ඇමතුම විසන්ධිව ගොස් තිබූනි. සිහිනි වහා කපිල අමතා සිද්දිය කෙටියෙන් පවසා චත්‍රද කැටුවන් එන්නයැයි කීවේය. ඔහු එයට එකඟ නොවේ නම් මෝටර් රියේ වෙනමම හෝ එන්නට කීවාය.
” මෙව්වා අන්තිමේ මං ගස් යන වැඩ ..”
සිහිනිට දොස් කියමින් කපිල ඇමතුම විසන්ධි කරද්දී සිහිනි සිනාසෙමින් හිස දෙපසට වැනුවාය. ඉන් පසුව අයත්මා දෙස බැලුවාය
” බය නොවී ඉන්න … එයාගේ යකා දැන් ගියා… ඔයාට වලියක් අල්ලන්න හිතෙනවා නම් මං පොයින්ට් එකක් දෙන්නම්.. අයියා එදා කිව්වා, ලොකු අප්පච්චී එයාට ප්‍රොපෝස් කරපු ගර්ල්ව බඳින්න කැමති කියලා එයා.. බොරුවට අර කිව්වෙ ඉතින් .. අපි නම් ගානකට ගත්තේ නෑ.. ඔයා ඒ උනාට කේස් එක ඇදගන්න …”
අයත්මා ව්‍යාජ සිනහවකට උත්සාහ කලාය. එහෙත් හදවත රිදුම් දෙන තීවෘතාවය වැඩි බව ඕ අත් වින්දාය. දෙදෙනාම පාසැල් ගේට්ටුවෙන් පිටතට වී බලා උන්හ. දූවිලි අවුස්සාගෙන ආ කැබ් රියද, ඊට පසුපසින් ආ මෝටර් රියද ඔවුන් දෙදෙනා ඉදිරියේ නතර විය. සිහිනි චත්‍ර වෙත එබුනාය.
” මෙන්න හම්බුනා …”
ඇය බලෙන්ම කැබ් රියේ දොර විවෘත කර අයත්මා එයට නැග්ගුවාය. දොර වසා දමා දෙදෙනා දෙසම බලා හිස සලා සමුදුන්නාය. අයත්මා උන්නේ ඊළඟ තත්පරයට මුහුන දෙන්නේ කෙලෙසකින්දැයි සිතාගන්නට නොහැකිවය.
” මරාගෙන හරි කමක් නෑ.. ප්‍රශ්න විසඳගන්නවා ඈ …. මළ වදේ නැත්නම් මෙතන ..”
ඕ කපිල සමඟ නිවෙසට යන්නට හැරුණාය. කපිල සමඟ චත්‍රගේ හිතුවක්කාර හැසිරීම් ගැන කියවමින් නිවසට යනතුරුම ගිය ඕ අම්මාටද විස්තරය කියා කාමරයට වැදුණාය.
චත්‍ර උන්නේ යම් සැනසීමක් එක්කය. එහෙත් තමා කලබලවී පැමිණීම ගැන නොසන්සුන් කමක්ද දැනෙමින් තිබුනි. තමාට නංගීගේ කපටිකම් ඝැන සිතන්නට තිබුණි.
” ගෙදරින් දාන්නද? මේන් රෝඩ් එකෙන් දාන්නද?…”
ඔහු ඒ නොසන්සුන් කමට කෝපය යම් තරමකින් එක් කල ඇයට රිදවන පිහි තුවු එල්ල කලේය. අයත්මා තිගැස්සුණාය. එහෙත්, ඕ ඒ බවක් නොපෙන්වා, හිස සලමින්, දෑත් එකිනෙක ගුලි කරගනිමින්, දෙතොල් එකිනෙක පටලවා ගනිමින් ඊලඟ විනාඩිය වෙනුවෙන් සූදානම් වූවාය.
” කමක් නෑ… කරදරේනේ ඔයාට … පාරෙන් දාන්න …”
ඇයට හැඬුණි. ඕ දෑතින්ම මුහූන වසාගෙන මහ හඬින් අඬන්නට ගත්තාය. අවිශ්ක පැවසූ සියල්ල චත්‍රට පවසන්නට සිතෙද්දී පවා අයියාට වූ පොරොන්දුව රකිමින් ඒ සිතුවිලිද කඳුලු වලටම පිරෙව්වාය. බිඳුනාය.
” අඬන්න එපා … හිසරදයක් මට ඕක ..”
අයත්මා ට දැනුනේ තමා මහා ගින්දරක් මැදට ඇදී යන පිච්චීමය. ඔහු සැබැවින්ම තමා අත් හැර අවසන් ය. ඕ හැඬුම් නවතා ගන්නට දැරූ උත්සාහයන් පවා ව්‍යර්තව ගියා පමණි.
” මට ටික කාලයක් දෙන්න අයත්මා .. මට ටිකක් තනියෙන් කල්පනා කරන්න ඕනි …”
චත්‍ර මද වේලාවකින් කීවේය.
” මට සමාවෙන්න චත්‍ර .. මං දන්නේ නෑ ඇයි මම එහෙම කෑ ගැහුවේ කියලා….”
” ඒකම තමයි ප්‍රශ්නේ අයත්මා … ඒකම තමයි ප්‍රශ්නේ ….”
” ඇයි මට අයත්මා කියන්නේ?.. මං ඔයාගේ අයූ නෙවෙයිද චත්‍ර ?…”
චත්‍ර එයට කිසිත් නොපවසාම කැබ් රිය ධාවනය කලේය. අයත්මා වෙහෙසෙමින් හැඬුම් පාලනය කර ගැනීමට උත්සාහ කලාය. චත්‍ර වැලඳගෙන, තම හිතුවක්කාර වචන වෙනුවෙන් සමාව අයදින්නට වන උවමනාව පාලනය කරගනිමින් තව තවත් මානසික වෙහෙසකටද පත් වූවාය.
” අපි දෙන්නා අතර හැදිලා තියෙන ප්‍රශ්න වලට මගේ නංගීව ගාවගන්න එපා.. ඒකි ඉන්නේම මගේ ප්‍රශ්න වලින් බිඳිලා .. එහෙව් එකේ තව ප්‍රශ්න ඕනි ණෑ..ප්ලීස් …”
අයත්මාට දැනෙන්නේ තමා යම් තද බැඳීමකින් අත් හැරී යන බවය. බැඳීම් ලෙහෙද්දී සැනසීමක් දැනෙනවාය කියන්නේ කොහොමදැයි ඕ සිතුවේ දැනෙන මරණීය තරමේ වන වේදනාව එක්කය.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |