පනස් හය වැනි නෙත් සැරිය
චත්‍ර සහන් මුණ ගැසීමෙන් පසු සිදුවූ කිසිවක් කිසිවෙකු දැන ගත්තේ නැත. ඔහු අවධානම අඩු නැතිවම තෝරාගත්තේය. අතීත කෙටි පණිවිඩ ඔහු සන්තක විය. කල්පනාගේ වෛද්‍ය වාර්තා ඔහු සතු විය. සහන්ගෙන් ඉන් එහා පළිගැනීමක් දෙන්නට ඔහු උත්සාහ නොකලේය. සහන් ජීඉව්ත කාලය පුරාම කල්පනා ගේ ද්‍රෝහී වීමේ වේදනාවෙන් මැරි මැරී ඉපදෙනු ඇත.
එහෙත් සහන් සිහිනිට කෙටි පණිවිඩයක් එවා සමාව අයැද තිබුණේය. එයට සිහිනිගෙන් ලැබුණ පිළිතුරට යළි පණිවිඩයක් තබන්නට කෙතරම් අවැසි වුවද ඔහු නිහඬවම සැඟවීම තෝරාගත්තේය. චත්‍රලා පේන මානයකටවත් යන්නාට තරම් හයියක් ඔහුට වූයේ නැත.
පාසැල් නාට්‍ය කණ්ඩායම සමස්ත ලංකා තරඟාවලියේ ප්‍රථම ස්තානය තෙක් වූ ගමන පසුපස වැඩිම බර කලණ සහ අයත්මාගේ විය. අයත්මා පෞද්ගලික වේදනා අමතක කිරීමේ ඔසුව කර ගත්තේ නාට්‍ය කණ්ඩායමේ බරය. කලණ අයත්මා ට හැකි තරම් දුර නඩත්තු කරමින් ඉන්නට උත්සාහ කලේය. එහෙත් දිනෙන් දින ඇය ගැන දැනෙන ඒකපාර්ශවීය ප්‍රේමය නසා ගන්නට ක්‍රමයක් ඔහු දැන ගත්තේ නැත. එනිසාම කලණට ද නොසන්සුන් වේදනා හැඟීම් අඩු නැතිව විඳින්නට විදු විය
චත්‍ර පූර්ණ කාලීන දේශපාලනය තෝරාගත්තේය. අයත්මා වෙනුවෙන් ඔහුගේ ජීවිතයේ වූ ඉඩ ඉතාම අල්ප විය. එහෙත් අයත්මා ඒ අල්ප ඉඩ තුළ සුව පහසුව සිටින්නට උත්සාහ කලාය. ඇයට කෙතරම් රිදුම් තැනුනත් හැකි තරම් ඉවසා සිටීමට උත්සාහ කලාය. දුරස්ව උන්නද චත්‍රගේ නිවෙසට යන්නට එන්නට සිහිනිව හේතුවක් කරගත්තාය. චත්‍ර නිවසේ නොවුන් දවල් වරු වල චත්‍රගේ යහනේ ගුලිව නිදාගත්තාය. ඔහුගේ කමිස කලිසම් පිළිවෙලට නැවුවාය. ඒ අටහ්‍රවාරයේ ඔහුගේ අල්මාරියේ උඩ තට්ටුවේ කොනෙක ඇති තම රාතී ඇඳුම පපුව්ට ගුලි කරගෙන දෑස් පියාගෙන විනාඩි කිහිපයක් ගෙවා දමන්නට ඉඩ සොයා ගත්තාය.
සහන්ගේ ද්‍රෝහී වීමෙන් සිහිනිගේ සිත ඉතා ඉක්මනින් සුවපත් වෙමින් තිබුණි. එහි සම්පූර්න අයිතිය අවිශ්කගේ විය. ඒ අතරේ අවිශ්ක ගේ ජීවිතයේ වූ කුඩා කුඩා කපොලු වලින් රිංගා ගන්නට හැකි හැම උත්සාහයක්ම සිහිනි ගත්තාය. අයත්මා පිට හේතු පටවමින් ඕ හැකි හැම වෙලාවේම අවිශ්ක දකින්නට ආවාය. නේජාගේ ජීවිතයට රිංගා ගත්තාය.
” අපේ අවිශ්ක මහත්තයාගේ නෙවෙයි මේ දරු පැටියා නෝනේ … අපේ පොඩි නෝනා කොහෙදෝ හාදයෙක් එක්ක ඇඟෑලුම් කමක් තිබිලා … මේ දරුවා බඩට ඇවිල්ලා තියෙන්නේ ඒ හාදයාගෙන් … ඕක දැනගත්ත දවසේ තමයි ඔය බයිසිකලේ හැප්පුණේ …. අවුරුදු ගානක් තිස්සේ පොඩි නෝනා ඒ හාදයා එක්ක සම්බන්ධේ තිබිලා … පොඩි නෝනාගේ මලගමින් සතියකට පස්සේ ඒ හාදයා අවිශ්ක මහත්තයාව හම්බවෙන්න මේ ගෙදර දොරකඩටම ඇවිල්ලා දරු පැටියාවත් ඉඹලා මොනවදෝ මන්දා අවිශ්ක මහත්තයාගේ අත් දෙකේ තියලා ගියේ.. ඒ ගිහින් දවස් දෙකෙන් ඒ හාදයත් එල්ලිලා මැරුණා….”
සිහිනිට ඉන් එහා කිසිවක් ඇසුනේ නැත. නිමලා අම්මා මේ දේවල් තමා සමඟින් පවසන්නේ ඇයිදැයි කියාවත් ඇයට සිතන්නට තරමේ මානසිකත්වයක් වූයේ නැත. ඕ නිමලා අම්මාට නේජා බලන ලෙසින් දෑසින් ඉඟි කලාය. අවිශ්ක සිටින්නේ කොහිදැයි සොයමින් ඉක්මන් ගමනින් ඇවිද්දාය.
අවිශ්ක උන්නේ සිහිනි මඟ හරින්නට එහෙ මෙහෙ ඇවිදිමිනි. දැන් සිහිනි අයත්මාටද වඩා නිවසේ ආදිපත්‍ය පතුරවාගෙනය. ඕ අයත්ම හමුවීමට එනවායැයි කියමින් නිවෙසට එන්නේ අයත්මා නිවසේ නැති වේලාවල් සැලසුම් සහගතවම දැනගෙනය. අවිශ්කට එය දැනෙන්නේ සමනල් හැඟීමක් ලෙසින් නොවේය. ඇය නිවෙසට ඇතුලු වන්නේම තම හදවත මත බර අඩි තියමිනි. ජීවිතයේ පරාජිත ගමනක් ඇවිද ආ තමාට ඒ බර අඩි වලින් තමා තැලී යන්නට ඉඩ දීම විනා අන් සුවපහසු සිතුවිල්ලක් වෙනුවෙන් පේවෙන්නටවත් නොහැකි බව අවිශ්ක දනී.
අවිශ්ක වතුර වීදුරුවක් පුරවා මුවට ගත්තේත්, සිහිනි ඔහුගේ පිටුපසින් විත් ඔහු බඳා වැළැඳගත්තේත් එක් වරමය. අවිශ්ක අතින් වතුර වීදුරුව ඉහිරී ගියේය. ඔහු වහා වීදුරුව පැන්ට්‍රිය මත තමා කුමක් සිදුවන්නේදැයි දකින්නට ආපසු හැරෙන්නට උත්සාහ කලේය. එහෙත් එය එක් වරම කල හැකි වූයේ නැත. සිහිනි උන්නේ ඕ සතු සාමාන්‍ය ශක්තිය මෙන් දහස් ගුණයක ශක්තියක් දරාගෙනය.
” කොහොමද දෙයියනේ අයියේ මෙච්චර දුකක් දරාගත්තේ ?….”
ඕ අවිශ්කගේ පිටට මුහුන ඔබාගෙනම ඇසුවාය.
” සි.. හි … නි … කෝ …”
එවර අවිශ්ක ඇයව පසෙකට කර ඉවතට ව සිටගත්තේය. සිහිනි පැන්ට්‍රියට වාරු වී සිටගත්තාය. අවිශ්ක ඇය දෙස බලා උන්නේ හොල්මනක් දැක්කාක් මෙන් ය.
” මුකුත් කියන්නෙපා ප්ලීස් … පොරොන්දු වෙනවා මම .. නේජා කියන්නේ අපේ ලොකු දුව .. කවදා කොහොම කවූරු ආවත් .. නේජා අපේ ලොකු දුව….”
අවිශ්ක සිහිනි කුමක් පවසන්නේද යන්න පැහැදිලි නැතිව, ව්‍යාජ සිනහවක් මවාගෙන ඇය යලි කුමක් හෝ පවසනතුරු මෙන් බලා උන්නේය. සිහිනිට අවිශ්ක ලඟට එන්නට අඩි දෙකකට වැඩිය වැය වූයේ නැත. එහෙත් අවිශ්කට දැනුනේ ඇය ආලෝක වර්ශ කිහිපයක දුරක හිඳ ආ සෙයකි.
” මට ආදරෙයි නේද අවිශ්ක අයියේ ? …”
සිහිනි අවිශ්කගේ කොපුලක එල්ලී ඇසුවාය. අවිශ්ක ඇගෙන් පසෙකට වූයේ විදුලි සැර වැදුනු වේගයෙන් සහ ඒ රිදීමෙන්මය.
” මොනවද අහන්නේ සිහිනි ?… පිස්සු ද ?…”
ඔහු වහා කෝපයම මවාගන්නට උත්සාහ කලේය. ස්වරූප සඟවාගන්නට උත්සාහ කලේය. එහෙත් සිහිනිලා පිරිමින් කියවන්නට අත්දැකීම් නැතුවා වුවද ආදරය කරන පිරිමියා කියවා ගන්නට සියල් අත්දැකීම් දරන ආකාරයේ කෙල්ලන් ය.
‘” ඇයි බය?… කාටද බය ?…. ?”
” පිස්සුද සිහිනි ?… කාට බය වෙන්නද … පි ස් සු ද?…”
” එහෙනම් කියන්න .. මට ආදරේ බව.. මාත් එක්ක ජීවත් වෙන්න ඕනි බව.. නේජාටයි ඔයාටයි මටයි සතුටින් ඉන්න පුලුවන් කියල ඔයාට දැනෙන බව… මං මෙහෙ යන එන්කොට ඔයාගේ බඩේ, මෙන්න මෙතැන ඉඳන් සමනල්ලු පියඹන බව….”
ඕ අවිශ්කව සම්පූර්නයෙන්ම ආක්‍රමනය කරමින් උන්නාය. අවිශ්ක උන්නේ ඇගේ කියවීම අභිමුව දුර්වලව යමිනි. ඔහු වහා ආපසු හැරුණේය. එහෙත් සිහිනි අවිශ්ක ඉක්මවා යන තරමින් උන්නාය. ඕ වහා ඔහුගේ අතක එල්ලුනාය.
” නේජා ගැන හැමදේම දන්නවා.. ඒ නැතත් , ඒකට මම ලෑස්තියෙන් හිටියේ …”
අවිශ්ක සුදුමැලිව යමින් උන්නේය. නිමලා අම්මා .., එලෙසනම් ඇය සියල්ල පවසන්න්නට ඇත. ඔහු සිහිනිට යමක් පවසන්නට උත්සාහ කලේය. එහෙත් වචන ගැලපීම පහසුවෙන් සිදුවූයේ නැත.
” ආදරෙයි නේද?…”
” සිහිනි ප්ලීස් …. ගෙදර යන්න ….”
” මම අයත්මා එක්ක කතා කරනවා එහෙනම් මේ ගැන …. ඊට පස්සේ ඔයාව හම්බෙන්නම් ….”
සිහිනි අවිශ්ක පසු කර යන්නට උත්සාහ කලාය. ඒ සැනින් ආපසු ඇදී විත් සුව පහසු පපු තුරෙක නැවතුණාය. ඕ අවිශ්ක දෙස බලා උන්නේ හිස ඉහලට වන සේ හරවාගෙනය. අවිශ්කගේ මිතුරන්ගේ බස් අවිශ්කට එක හැල්මේම සිහි වන්නේය.
” ආදරෙයි … හැබැයි එච්චරයි රයි ..ඉන් එහා කිසිම දෙයක් ඉල්ලන්න එපා.. දෙන්නේ නෑ ප්ලීස් ..ප්ලීස් …”
සිහිනි මුව පුරා ඉහිරුන සිනා මල් වැසි එක්කම අවිශ්කගේ කොපුලක් ඉම්බාය. ඔහු වටා දෑතම යවා වැලදගත්තාය. අනතුරුව යලි ඉස්සී කොපුලක් ඉම්බාය.
” ආදරෙයි නම් එච්චරයි .. හැබැයි , ඒත් , අනේ මන්දා වගේ කෑලි අමුණන්න එපා ….. ඉගෙනගන්න ඒක …”
ඕ අවධාරනය කලාය.
ඇතැම් විට දරදඬු කම්, වඩා මොලොක් සියුමැලි කම් අභියස ක්ශයව යන්නේය.
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |