සතියකදි 4 kg කින් බර අඩු කරන oatmeal diet plan 

Smart lady අපේ ලිපි නිතරම කියවන ඔබට ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ඕට්ස් වල තියෙන හැකියාව ගැන හොඳ දැනුවත් බවක් මේ වෙද්දි ලැබිල ඇති කියල අපි අනිවාර්යයෙන්ම දන්නවා.

ෆයිබර්, ප්‍රෝටීන, විටමින් සහ තවත් පෝෂක රාශියක් අඩංගු සම්පූර්ණ ධාන්‍ය වර්ගයක් වන ඕට්ස් වල කැලරි ප්‍රමාණය අඩු නිසා ආහාර පාලනය කරන ඔබට ඕට්ස් කියන්නෙ ඉතාම හොඳ විසඳුමක්.

මේ පෝෂක නිසා ඕට්ස් අනුභව කිරීමෙන් පස්සෙ බඩ පිරී ඇති බවක් සහ තවදුරටත් කුසගිනි නොමැති බවක් ඔබට දැනෙන්න පටන් ගන්න නිසා ඔබ ගන්න ආහාර ප්‍රමාණය සීමා වී නැවත නැවත ආහාර ගැනීමේ අවශ්‍යතාවය අඩු වීමත් තවත් හොඳ ප්‍රතිලාභයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

ඉතිං ඕට්ස් එකතු කරගෙන සතියකින් ඔබේ බර 4 kg කින් විතර අඩුකරගන්න ඔබට උදව් කරන diet plan එකක් / ආහාර සැලැස්මක් අරන් අද ඔබත් එක්ක එකතු වෙන්න smart lady අපි තීරණය කරා.

මේ ආහාර වට්ටෝරුව ප්‍රධාන පියවර තුනක් ඔස්සේ ඉදිරියට ගලාගෙන යනවා.

පලවෙනි පියවර 

පළමු දින දෙකේදී ඕට්ස් අඩංගු ආහාර වේල් තුනක් ගැනීම. 

දෙවෙනි පියවර 

ඊළඟ දින දෙකේදී ඕට්ස් අඩංගු ආහාර වේල් දෙකක් ගැනීම.

මේ පියවරේදී ඔබේ බර කැපී පෙනෙන ප්‍රමාණයකින් අඩුවෙන බව හඳුනාගන්න පුළුවන්.

තුන්වන පියවර 

අඩු කරගත් බර පවත්වා ගැනීම සඳහා ඉතිරි දින තුනේදී දිනකට එක්වතාවක්වත් ඕට්ස් යෙදූ ආහාරයක් ගැනීම.

මේ ආහාර සැලැස්ම සති හයක් දක්වා ඉදිරියට ගෙනයාමෙන් ඔබේ බර 15 kg කින් පමණ අඩු කරගන්න පුළුවන් කියලත් මේ ආහාර සැලැස්ම සාදන ලද පෝෂණවේදීන් ප්‍රකාශ කරන්නෙ.

එහෙමනම් අපි බලමු දවසින් දවස මේ ආහාර සැකැස්ම සැකසෙන්න කොහොමද කියල?

පළමු දිනය 

උදෑසන ආහාරය 

තේ හෝ කෝපි කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක්

යොදය ඉවත් කළ කිරි කෝප්ප ½ ක්

වියළි මිදි මේස හැඳි 01 ක් 

කුරුඳු මේස හැඳි ½ ක් 

උදෑසන කෙටි ආහාරය

බ්ලූබෙරි කෝප්ප ½ ක් 

දහවල් ආහාරය

කෙසෙල් ගෙඩියක්

ඕට්ස් කෝප්ප ½ ක් 

මේදය අඩු / ඉවත්කළ යෝගට් කෝප්ප ½ ක් 

සවස කෙටි ආහාරය 

අමු එළවළු (කැරට්, පිපිඤ්ඤා, සලාද කොළ) කෝප්ප ½ ක් 

රාත්‍රී ආහාරය

ග්‍රිල් කරගත් කුකුල් මස් පපුව කොටසෙන් 100g ක් 

කොළ සලාදයක් 

ඕට්ස් කෝප්ප ½ ක් 

රාත්‍රී කෙටි ආහාරය

සීනි නොදැමූ පුඩිං

දෙවන දිනය 

උදෑසන ආහාරය

තේ හෝ කෝපි කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක් 

යොදය ඉවත් කළ කිරි කෝප්ප ½ ක් 

වියළි මිදි මේස හැඳි 01 ක්

කුරුඳු මේස හැඳි ½ ක් 

උදෑසන කෙටි ආහාරය

බ්ලූබෙරි කෝප්ප ½ ක් 

දහවල් ආහාරය

කෙසෙල් ගෙඩියක්

ඕට්ස් කෝප්ප ½ ක් 

මේදය අඩු හෝ රහිත යෝගට් කෝප්ප ½ ක්

සවස කෙටි ආහාරය

අමු එළවළු කෝප්ප ½ ක් 

රාත්‍රී ආහාරය 

ඕට්ස් කෝප්ප ½ ක් 

ග්‍රිල් කරන ලද කුකුළු මස් පපුව කොටස 100g ක් 

කොළ සලාදයක්

රාත්‍රී කෙටි ආහාරය 

සීනි රහිත පුඩිං 

තුන්වන දිනය

උදෑසන ආහාරය

කෝපි හෝ තේ කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක් 

යොදය ඉවත් කළ කිරි කෝප්ප ½ ක් 

වේලන ලද කැන්බෙරි මේස හැඳි 01 ක්

කුරුඳු මේස හැඳි ½ ක් 

උදෑසන කෙටි ආහාරය

සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩියක්

දහවල් ආහාරය

ස්ට්‍රෝබෙරි කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක්

මේදය අඩු හෝ ඉවත් කළ යෝගට් කෝප්ප ½ ක්

සවස කෙටි ආහාරය 

ආමන්ඩ් ඇට අහුරක්

රාත්‍රී ආහාරය

තම්බපු මාළු 100g ක්

බ්‍රොකලි කෝප්ප 01 ක්

Wild rice pilaf (එලවළු කීපයක් යොදා සෑදූ බත් වර්ගයක්) කෝප්ප 01 ක් 

රාත්‍රී කෙටි ආහාරය

සෙලරි දඬු කෝප්ප 01 ක් 

හතරවන දිනය 

උදෑසන ආහාරය

කෙසෙල් ගෙඩියක්

තේ හෝ කෝපි කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක් 

යොදය ඉවත්කළ කිරි කෝප්ප ½ ක්

වැනිලා මේස හැඳි ½ ක් 

උදෑසන කෙටි ආහාරය 

කුඩා කිවි ගෙඩි 02 ක් 

දහවල් ආහාරය 

ඕට්ස් කෝප්ප ½ ක් 

යොදය ඉවත්කළ කිරි කෝප්ප ½ ක් 

වෝල්නට්ස් කෝප්ප ¼ ක් 

කුරුඳු මේස හැඳි 01 ක් 

සවස කෙටි ආහාරය

ඇපල් ගෙඩියක්

රාත්‍රී ආහාරය

තම්බපු මාළු / කළුකුන් මස් 100g 

සම්පූර්ණ ධාන්‍ය වලින් සෑදූ බනිස් ගෙඩි 01 ක් 

බේක් කරන ලද සුකිනි කෝප්ප 01 ක් 

රාත්‍රී කෙටි ආහාරය

සීනි අඩංගු නොවන ජෙලි කෝප්පයක්

පස්වන දිනය 

උදෑසන ආහාරය 

කෝපි හෝ තේ කෝප්ප 01 ක්

ඕට්ස් කෝප්ප ½ ක් 

මේදය ඉවත් කරන ලද ග්‍රීක් යෝගට් කෝප්ප ½ ක් 

බ්ලූබෙරි කෝප්ප 01 ක්

සාදික්කා මේස හැඳි ¼ ක් 

උදෑසන කෙටි ආහාරය

ආමන්ඩ් අහුරක්

දහවල් ආහාරය 

ඕට්ස් කෝප්ප ½ ක් 

යොදය ඉවත් කල කිරි කෝප්ප ½ ක්

වේලන ලද කැන්බෙරි කෝප්ප ½ ක්

කුරුඳු මේස හැඳි 01 ක්

දහවල් කෙටි ආහාරය

කෙසෙල් ගෙඩියක්

රාත්‍රී ආහාරය 

හරක් මස් 100g ක් / මස් හෝ මාළු 100g 

එළවළු සලාද කෝප්ප 03 ක්

රාත්‍රී කෙටි ආහාරය 

දොඩම් ගෙඩියක්

හයවන සහ හත්වන දිනය 

උදෑසන ආහාරය

කෝපි හෝ තේ කෝප්ප 01 ක් 

ඕට්ස් කෝප්ප ½ ක්

යොදය ඉවත් කළ කිරි කෝප්ප ½ ක් 

වියළි මිදි කෝප්ප ½ ක් 

උදෑසන කෙටි ආහාරය

ඇපල් ගෙඩියක්

දහවල් ආහාරය

ඕට්ස් කෝප්ප ½ ක් 

වැනිලා රසැති මේදය රහිත යෝගට් කෝප්ප ½ ක් 

වෝල්නට්ස් කෝප්ප ¼ ක් 

දහවල් කෙටි ආහාරය 

පීනට් බටර් මේස හැඳි 01 ක් 

සෙලරි දඬු 04 ක් 

රාත්‍රී ආහාරය 

මිශ්‍ර එළවළු කෝප්ප 02 ක්

කුකුළු මස් සුප් 

රාත්‍රී කෙටි ආහාරය 

සීනි රහිත පුඩිං කෝප්ප ½ ක් 

අපි එකිනෙකාගේ ශරීර එකිනෙකාට වෙනස් නිසාත් ජීවන රටාව එකිනෙකට වෙනස් නිසත් මේ ප්‍රතිඵල ලැබෙන්න ගතවෙන කාලයේ යම් යම් වෙනස්වීම් තියෙන්න පුළුවන්.

මේ ආහාර පාලනය වගේම ව්‍යායාම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පානයෙන් හැකිතරම් ඉවත්වීම, සුව නින්දක් ලැබීම, මානසික තෘප්තිමත් බව මේ හැමදේම ඔබේ අනවශ්‍ය බර අඩු කරගන්න ඍජුවම බලපාන නිසා ඒ ගැන ඔබ සැළකිලිමත් වීම අනිවාර්යයි.

එහෙනම්, මේ වගේම ප්‍රයෝජනවත් තවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles