මතක මන්දිර – 2

0
6510

“කාලි, අපි එස්.කේ එකට පිච් කරපු විමෙන්ස් ඩේ අයිඩියා එකට ඒගොල්ලො කැමතියි. හැබැයි බජට් ඉශූ එකක් තියෙන නිසා අපිට කොස්ට් එක රිවයිස් කරන්න පුලුවන්ද කියල අහල එවල තියෙනව. ඔයාට ටිකක් ඒක චෙක් කරල කියන්න පුලුවන් වෙයිද? ශූට් එකක් වෙන නිසා සහ කැමරා ඉක්විප්මන්ට්ස් යූස් කරන නිසා මම හිතන්නෙ ප්‍රඩක්ශන් පැත්තෙන් තමයි අපිට අඩු කරගන්න පුලුවන් වෙන්නෙ.”

පික් මී හරහා බුක් කෙරූ කුලී රිය එනතුරු නුගේගොඩ නාලාන්දාරාම පාරේ නවාතැන්පලේ දොරටුව අබියස හිඳිමින් කාලින්දී සවන් දෙන්නේ දුරකතනය හරහා ඇසෙන තම ප්‍රචාරණ ආයතනයේ ඩිජිටල් මාධ්‍ය අංශයේ නියමුවා වන කේසරගේ හඬට ය.

කොවිඩ් වසංගතය රට පුරා පැතිරී තිබෙන යුගයක ටීම්ස් මෙවලම හරහා ඔන්ලයින් සිදු කරන ලද එස්. කේ සමාගමේ කාන්තා දිනය සම්බන්ද පිච් එක, ප්‍රචාරණ ආයතන කිහිපයක් සමග තරග වැද තේරීමම ජයග්‍රහණයක් බව කාලින්දී නොදන්නවා නොවේ.

රට තුල සියලුම ආයතනය මූල්‍යමය අතින් ද ලාබ පාඩු සම සමව දරාගත් කාලවකවානුවක නිශ්පාදනය කිරීමට යන කාන්තා දින වීඩියෝ පටයේ නිෂ්පාදන අංශයෙන් කොස්ට් එක අඩු කිරීම ජයගැනීමට තිබෙන තවත් එක් අභියෝගයකි.

“කමක් නෑ තව ටිකක් රිවයිස් කරන්න ට්‍රයි එක දෙනවා” කියා සිතාගෙනම නවාතැනින් එළියට විත් කුලී රියට නගින්නට දොර හරින ගමන් කාලින්දී සිතුවාය.

සතියේ දිනයක උදෑසනට නුගේගොඩ සිට කොළඹ 07 රොස්මීඩ් පෙදෙසේ තිබෙන තම කාර්‍යාලයට කලබලයකින් තොරව, තරහා ගැනීමකින් තොරව යෑම ජයගත හැකි මට්ටමේ අභියෝගයක් නොවන බව කාලින්දී අත්දැකීමෙන් දකී.

විද්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ, දෙවන වසරේදී කනිෂ්ඨ පිටපත් රචිකාවක ලෙස සේවයට එළඹුණ කුඩා පරිමාණයේ ඩිජිටල් ප්‍රචාරණ ආයතනයෙන් නික්මීත් දැනට වසර හතක් පමණ ගෙවී ඇත.

එම ආයතනයේ සේවයෙන් නික්මී, මිහින්තලයේ නිවසේ වෙසෙමින්, උපාදිය ලැබෙන තුරු ගමේ පාසලේ නංගිලාට මල්ලිලාට සිංහල භාශාව උගන්නන ගුරුවරියක වෙන්නටත් හිත හදාගන්නට මාස කිහිපයක්ම ගෙවන්නට කාලින්දීට සිදුවිය.

ලංකාවේ දුෂ්කර, ශුෂ්ක පෙදෙසක, කුඩා සිල්ලර කඩයක් හිමි පියෙකුට හා මවකට දාව ඉපදුණු කාලින්දීට, තමා පෙළෙමින් සිටි හිත් වේදනාවෙන් මිදෙන්නට අවැසි සහයෝගය සපයාලන්නට උපකාර වුණේ එවකට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගනිමින් සිටි මිතුරියකි.ඇයගේ දැන හැඳුනුම්කම් මත අනුරාධපුර මහ ඉස්පිරිතාලයේ මනෝ උපදේශකයෙකුගේ මෙහෙය වීම යටතේ ජීවිතය හෙමින් හෙමින් ගැටගසා ගනිමින් ඉහළට එන්නට කාලින්දීට හැකිවිය.

උගත්, බුද්ධිමත්, උපාධිදාරී දියණිය, මිහින්තලේ කුඩා පාසලක තාවකාලික ගුරුවරියක ලෙස සේවය කිරීම මවටත් පියාටත් ගැටළුවක් නොවූ නමුත්, හිත් වේදනාවෙන් මිදුණු, ගල් හිතක් සහිතව යළි උපත ලැබූ දියණියට ගැටළුවක් විය.

එකී ගැටළුව විසඳන මාර්ගයක් ලෙස තවත් මාස ගණනාවක් තිස්සෙ වෙහෙස වී, එවකටත් ප්‍රචාරණ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ තිබූ “ද ක්‍රියේටිව් ස්පාක්ස්” ආයතනයේ, රැකියාව නතර කළ තැනින්ම අරඹන්නට කාලින්දීට අවස්තාව ලැබුණි.

එලෙස ඇරඹුණ ගමනේ, ගින්නෙන් උපන් ෆීනික්ස් කිරිල්ලියක මෙන් වෘත්තිමය ජීවිතයේ විවිධාකාර අභියෝග, ගැටළු මැද සාර්තකත්වයම හඹා යන්නට කාලින්දීට හැකියාව ලැබුණත්, විටින් විට පැන නැගින මානසික ගැටලු ඉදිරියේ දෙදණින් වැටෙන පෞද්ගලික ජීවිතය සාර්තක කරගන්නට හැකියාවක් හෝ උවමනාවක් නොතිබුණු තරම් ය.

අවුරුදු විසි තුනක දී ආදරය යැයි හෝටල් කාමරවල ගෙවූ ජීවිතයෙන් පළා ගිය ගමේ කෙල්ල, ෆීනික්ස් කිරිල්ලියක සේ නැවත සිදාදියට පියඹා විත් දැනට වසර හතකි.

වයස අවුරුදු තිහක් යනු වෙසෙසින්ම කාන්තාවකට විශාල කාල වකවානුවකි. “අවුරුදු තිහ පැනලත් තාම කටයුත්තක් ගැන හිතන්න උබේ හිතේ අදහසක් ඇත්තෙම නැද්ද දුවේ යැයි” අසන අම්මාත්, “ඔයාට නං තාම විසි පහේ ලුක් එකක් තියෙන්නෙ” යැයි කියමින් අඟපසඟ අතගාන්නට එන විවිධාකාර පිරිමින් අතරේත්, ගැඹුරු මුහුදේ රුවලක් නැති ඔරුවක් පදින්නියක සේ ඔහේ මෙහේ යමින් ගෙවන ජීවිතය කාලින්දීට දැන් අතැඹුලක් සේ පුරුදුය.

කුලී රියෙන් බැස, පැමිණීම ලකුණු කරන ඇඟිලි පුවරුවට ඇඟිල්ල තබමින්ම කාර්‍යාලය තුළට යන අතර, කෙතරම් කරදර,බාදක, දුක් සංකා හිතේ තිබුණත් සිනහවක් මුව අග නොරන්දා කොහොමද?

ලැප්ටොප් පරිගණකය, පරිගණක භාවිතය සඳහා විශේෂයෙන්ම සැකසූ උපැස් යුවල සහිත කොපුව සහ නෝට් පොත මේසය මතින් තැබූ පසු හෑන්ඩ් බෑගය සයිඩ් කබඩය උඩින් තබා සේදුම් කාමරය වෙත යෑම කාලින්දීගේ උදෑසන වතාවත්වලින් එකකි.

මීටින් රැසක් ඇති බැවින්ද, රාජකාරිමය හමුවීම් බොහොමයක් ඇති බැවින්ද උදයේ සිටම සිනහවක් මුව පළඳවා, සුන්දරව පෙනී සිටීම වැදගත්‍ ය.

ජී ෆ්ලොක් වෙතින් මිල දී ගත් ෆොරස්ට් කොළ පැහැ ගවුමත්, ඩල් ගෝල්ඩ් කරාබු යුවල සහ සරල මාලයත්, මුදුවත්, ඇපල් වොචයත් සහිත කණ්ණාඩියෙන් පෙනෙන තම රූපය පිළිබඳ කාලින්දී තෘප්තිමත් ය.

මේසයට පැමිණෙන උණුසුම් ප්ලේන් ටී කෝප්පය බිඳෙන් බිඳ රස විඳින අතරම, දිනයට අදාල රාජකාරි, ඊමේල් පණිවිඩ පිරික්සීම උදෑසනින්ම කිරීම දිනය පහසු කරයි.

පසෙකින් ඇති වීදුරුවෙන් පහල මාලය බලද්දී පෙනෙන්නේ කණිෂ්ඨ සේවකයන්ද යුහුසුළුව රාජකාරිවල නිරත වී සිටින බවයි.

“ට්‍රීංංංංංංං”

රාජකාරි මේසය පසෙක ඇති කාර්‍යාලීය දුරකතනය නාද වන හඬින් පහත මාලයට යොමු වී තිබුණ තම බැල්ම හැරවූ කාලින්දී දුරකතනයට පිළිතුරු දෙන්නට විය.

“හෙලෝ”

“හෙලෝ කාලී, විදූ හියර්. වුඩ් යූ බී ඒබල් ටො කම් ටු ද මීටින් රූම් 2 ෆොර් අ මෝමන්ට්? කේසර ඊස් අල්සෝ හියර්”

“දිස් ඊස් රිගාඩින් ද එස්.කේ පිච්?”

“යස්”

“ශුවර්, අයිල් බී දෙයාර් ඉන් අ මිනිට්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here