එක රැයකින් සම පැහැපත් කරගමු

සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑ තරම් ක්‍රම ඒ හැම එකක්ම සෞඛ්‍යාරක්ෂිත වන්නේ නැහැ. අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් වුවත් අපට සම ආශ්‍රිත ගැටලු විසඳා ගෙන සම පැහැපත් කර ගැනීමට හැකියාව තියෙනවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ එක රැයකින් සම පැහැපත් කර ගැනීමට හැකි ක්‍රම කිහිපයක් ගැනයි.

සහල් සහ තල

සහල් සහ තල එකම ප්‍රමාණ වලින් ගෙන එක රැයක් පොඟවා ගන්න

උදෑසනදී වතුර පෙරා හොඳින් අඹරා ගන්න

ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගෙන සකස් කරගත් ස්ක්‍රබ් එක මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න 

විනාඩි දෙකක් පමණ තිබෙන්නට හැර චලිත ආකාරයෙන් ඉතා මෘදුව මුහුණ ස්ක්‍රබ් කර ගන්න

ඉන් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න 

අවසානයට ටෝනර් එකක් ආලේප කරන්න 

මෙම ස්ක්‍රබ් එක ශරීරයේ සම සඳහා වුවද භාවිතා කළ හැකිය.

තල ඔබේ සම පෝෂණය කරන අතර සම අලුත්වැඩියා කිරීම සහ සම වයසට යාම වැළැක්වීම සඳහා උපකාරී වෙනවා.

ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් අනූන සහල් මගින් ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කරන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි 

කිරි

මේදය අඩු හෝ මේද රහිත කිරි ඔබේ මුහුණ මත ආලේප කරන්න.

කිරි ඔබේ සමට සම්පූර්ණයෙන්ම අවශෝෂණය වනතුරු ඇඟිලි තුඩුවලින් උඩු අතට සම්භාහනය කරන්න.

එය එසේ තිබෙන්නට හැර උදෑසන දී මෘදු ෆේස් වොශ් එකකින් සෝදා හරින්න.

කිරි මුහුණේ අඳුරු ලප ඉවත් කිරීමට උපකාරී වන අතර ඔබ නින්දේ සිටින විට ඔබේ සම සන්සුන් කර පෝෂණය කරයි.

Face Oil

අධික වියළි කාල වලදී වගේම සීතල කාලවලදීත් ඔබේ සමට පෝෂණය ලබා දීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ සඳහා ඔබට භාවිතා කළ හැකි සරලම ක්‍රමයක් ලෙස Face Oil හැඳින්වෙනවා.

මේ සඳහා පොල් තෙල් , ලැවෙන්ඩර් තෙල් , ජොජෝබා තෙල්, ආමන්ඩ් තෙල් හෝ වෙනත් වුනේ ආලේප කළ හැකි ඕනෑම තෙල් වර්ගයක් භාවිතා කිරීමට ඔබට හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේදී මෙවැනි තෙල් වර්ගයක් සම මත ආලේප කර මෘදු ලෙස සම්භානය කරන්න.

එය මුහුණ මත තිබෙන්නට හැර පසුදින උදෑසන මෘදු ස්ක්‍රබ් එකක් මගින් මුහුණ පිරිසිදු කර සුදුසු moisturizer වර්ගයක් ආලේප කරන්න.

කෝමාරිකා ජෙල් 

ස්වාභාවික තෙතමන කාරකයක් ලෙස වගේම සුව කිරීමේ ගුණය අඩංගු වන නිසා කෝමාරිකා සම සඳහා භාවිතා කළ හැකි හොඳම ස්වාභාවික අමු ද්‍රව්‍යයක් ලෙස සැලකෙනවා.

පිරිසිදු කෝමාරිකා ජෙල් මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර  රවුම් චලිත ආකාරයෙන් සම්බාහනය කරන්න. මෙම සත්කාරය මගින් කුරුලෑ , ලප කැළල් ක්‍රමයෙන් මැකී යාම ආරම්භ වන අතර මුහුණට ඒකාකාරී පැහැයක් ලබා දෙනවා

මීට අමතරව ස්වාභාවික කෝමාරිකා ජෙල් ඔබේ මුහුණේ ආලේප කර සම්පූර්ණ රැයක් තිබෙන්නට හරින්න.එය ඔබේ සම ගැඹුරට සජලනය කරන අතර සමට හොඳ පෝෂණයක් ලබා දෙමින් සම ඉතා හොඳින් පැහැපත් කරනවා.

රෝස වතුර 

ඔබේ සම exfoliate කිරීමෙන් පසුව ඔබ සාමාන්‍යයෙන් ටෝනර් එකක් භාවිතා කළ යුතුයි. නමුත් ටෝනර් එකක් වෙනුවට රෝස වතුර භාවිතා කිරීම මගින් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබේ සමේ තෙල් මට්ටම සමතුලිත කිරීමට වගේම සම සංසුන් කිරීමට රෝස වතුර වලට හැකියාව තිබෙන අතර සම මත ඇති විවිධ අඳුරු ලප සහ පැල්ලම් ක්‍රමයෙන් මකා දමනවා.

මෙවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත සත්කාර වලින් ඔබේ සමට කිසිදු හානියක් සිදුවන්නේ නැති අතර ස්වාභාවිකවම සම පැහැපත් කිරීම ආරම්භ වෙනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හොඳින් ජලය පානය කිරීම සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමත් අතිශයින්ම වැදගත් බව අපි ඔබට මතක් කරනවා 

Related Articles

Don't Miss


Latest Articles