පිග්මන්ටේශන් තත්වයකට නිවසේදීම කළහැකි ප්‍රතිකාර

සම ආශ්‍රිත ඇතිවිය හැකි ගැටලු වලින් කාන්තාවන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි Pigmentation කියන්නේ. පිග්මන්ටේෂන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මේ වන විට ලෝකයේ භාවිතා වෙනවා. ඒවා ඉතා මිල අධික ඒවාද වනවා. කෙසේ වෙතත් පිග්මන්ටේශන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්වාභාවික ක්‍රමද යොදා ගන්නට පුළුවන්. මේවායේ ප්‍රතිඵල දැකගැනීමට සති කිහිපයක් ගත වුවත් ඒවා කිසිසේත්ම සමට අහිතකර වන්නේ නැහැ.

Pigmentation එකක් කියන්නේ මොකක්ද ? 

අපගේ ශරීරයේ මෙලනසයිඩ් නැමැති සෛලය මගින් මෙලනින් නමැති වර්ණකය නිපදවන අතර මෙම වර්ණකය සමේ ඉතා සංවේදී එක් ස්ථානයකට රැස්වී අඳුරු ලප සහ කැලැල් ඇතිවීම සිදුවනවා. මෙය පිග්මන්ටේෂන් එකක් ලෙස සැලකෙනවා.  සම අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම , හෝමෝන වෙනස්කම් , ගර්භනී බාවය , ජානමය හේතු සහ සමේ තුවාල හෝ ආසාත්මිකතා ද පිග්මන්ටේශන් තත්වයන් වලට හේතු විය හැකියි.

මේ සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද ? 

අර්තාපල් 

අර්තාපල් යනු ස්වාභාවික බ්ලීචින් කාරකයකි. අර්තාපල් යුෂ පිග්මන්ටේශන් එක මත ආලේප කිරීම හෝ අර්තාපල් පෙත්තක් ගෙන පිග්මන්ටේශන් එක මත දිනපතා මෘදුව පිරිමදින්න. පසුව අයිස් වතුරෙන් සෝදා හරින්න.

යෝගට්

යෝගට් වල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර එය සමේ අවපැහැ ගැන්වීම් ඉවත් කරනවා. පිග්මන්ටේෂන් ඇති ප්‍රදේශයේ යෝගට් ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සතියකට තුන් වතාවක් පමණ සිදු කරන්න.

තක්කාලි 

තක්කාලි වල ස්වාභාවික බ්ලීචින් අඩංගු වන අතර එය පිග්මන්ටේෂන් සහ සමේ අව පැහැ ගැන්වීම් වලට ප්‍රතිකාර කරන හොඳම ස්වභාවික අමුද්‍රව්‍යක් ලෙස සැලකෙනවා. තක්කාලි පල්ප් හෝ තක්කාලි යුෂ පිග්මන්ටේශන් එක ඇති ස්ථානයේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. 

පැපොල්

පැපොල් වල අඩංගු එන්සයිම සම මත ඇති වර්ණක සැහැල්ලු කිරීමට උපකාරී වෙනවා. හොඳින් ඉඳුණු පැපොල් කැබැල්ලක් පොඩි කර මුහුණේ ආලේප කර විනාඩි පහළොවත් විස්සත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න  

ඇපල් සයිඩර් විනාකිරි 

ඇපල් සයිඩර් විනාකිරි ජලය සමග තනුක කර කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් පිග්මන්ටේෂන් එක ඇති ස්ථානයේ ආලේප කරන්න. විනාඩි පහක් දහයක් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න 

පිපිඤ්ඤා 

පිපිඤ්ඤා වල අඩංගු සිසිල් කිරීමේ ගුණය මගින් සම මත ඇති වර්ණක සැහැල්ලු කරනවා.පිපිඤ්ඤා පෙති හෝ පිපිඤ්ඤා යුෂ පිග්මන්ටේෂන් ඇති ප්‍රදේශයේ ආලේප කර විනාඩි පහළොවක් විස්සත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න.

කිරි

කිරි වල අඩංගු ලැක්ටික් අම්ලය මගින් සම පැහැපත් කිරීමට සහ සමේ ඇති පිග්මන්ටේෂන් තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වනවා. කපු පුළුන් කැබැල්ලක් කිරි වලින් පොඟවා පිග්මන්ටේෂන් ඇති ස්ථානයේ ගල්වා සෙමෙන් පිරිමදින්න. එය මඳ වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න.

රතු ළූණු 

රතුලූණු වල අඩංගු වන විටමින් සී මගින් සම පැහැපත් කරන අතර වර්ණක එකතු වීම් සහ වර්ණක අඩු කිරීම් සඳහා රතුලූණු උපකාරී වනවා. රතුලූණු පෙත්තක් ගෙන පිග්මන්ටේෂන් එක ඇති ස්ථානයේ සෙමෙන් පිරිමදින්න. මිනිත්තු දහයකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. 

මෙවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර කිරීමෙන් ඔබේ සමට කිසිසේත්ම අහිතකර තත්වයන් හෝ ආසාත්මිකතා ඇති වන්නේ නැහැ. මෙවැනි සත්කාර කරන අතරතුර අධික හිරු එළියට නිරාවරණය වීම වැනි සමට අහිතකර තත්ත්වයන් ගෙන් වැළැක්වීමද ඔබ කළ යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles