ඇඳුම් ගන්නකොට අමතක නොකළ යුතු Tips

මේ ඔබ ශොපින් යන කාලේ.. ඉවරයක් නැතුව ඇඳුම් ගන්න කාලේ.. ඉතින් ආසාවෙන් ගන්න ඇඳුම් ඔබව වඩා ලස්සනට ස්මාට් කරලා පෙන්වනවා මිස තවත් කැත කරනවා නම් ඔබේ ශොපින් මෙහෙයුම අසාර්ථකයි.

මේ ටිප්ස් මතක තියාගෙන ශොපින් යන්න. ඔබට වඩා ලස්සන සහ හොඳ විලාසිතා තෝරා ගන්න හැකි වේවි.

1. වර්ණය: ඕනෑම යුවතියකට තමන් ආසා කරන වර්ණ තිබෙනවා. ඒත් ඔබ වඩා උනන්දු වෙන්න ඕනෑ ඔබේ කැමතිම පාට ඇඳුම් ගන්න නෙවෙයි.ඔබට වඩා ගැළපෙන වර්ණයෙන් ඇඳුමක් තෝරා ගන්නටයි. ඔබේ පැහැය තරමක් අඩුයි නම් තද පැහැති වර්ණ තෝරා ගන්න එපා. තද වර්ණ අඩු ලා වර්ණ වැඩි මෝස්තරයේ ඇඳුම් ඔබට වඩාත් සුදුසුයි. ඔබ පැහැපත් නම් තද වර්ණයේ ඇඳුම් ඔබට හොඳින් ගැළපේවි.

2. මේ දිනවල පවතින විලාසිතා: මේ දවස්වල පවතින විලාසිතා ගැන ඔබට අන්තර්ජාලයේ ඇති ලිපි මඟින්, රෙදිපිළි සාප්පුවල ෆේස්බුක් පිටු ඒ මාසයට හඳුන්වා දෙන ඇඳුම් වලින්, විලාසිතා සඟරාවලින්, ජනප්‍රිය යුවතියන් මේ දිනවල අඳින ඇඳුම් හරහා අවබෝධ කරගන්න පුලුවන්. ඒ විලාසිතා වලින් ඔබේ සිරුරට වඩාත්ම ගැලපෙන මෝස්තර තෝරා ගන්න වග බලා ගන්න. කල් පැන ඇති මෝස්තර ලස්සන වුවත් සමහර වෙලාවට ඔබේ කැපී පෙනීමට එය හානිකර වේවි.

3. ඒ වගේම සෑම විටකම වයසට ගැළපෙන විලාසිතා තෝරා ගන්න. සමහර යුවතියන් මැදි වියේ කාන්තාවන් සඳහා වන බ්ලවුස් ආදිය තෝරා ගන්නවා.එමඟින් ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙනවා. ඒ නිසා යුවතියන්ගේ විලාසිතා තෝරා ගැනීමට උනන්දු වෙන්න.

4. සමහර වෙලාවට ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ සේවක යුවතියන් ඔබට උපකාර කරන්නට පැමිණෙනවා. එවන් වෙලාවට ඔවුන් සමහර නිෂ්පාදන වැඩියෙන් අලෙවි කිරීමට උත්සාහ දරන වෙලාවන් ද තිබෙනවා. ඔබ ඒ උගුල් වලට අසු වන්නට එපා. පිටෝන් කර ඔබට හොඳින් ගැලපෙනවාද යන්න ගැන සහතික කර ගන්න.

5. රැකියාව සඳහා ඇඳුම් තෝරා ගන්නා විටත් ඔබට සෑම විටම පහසුවෙන් මැද ගත හැකි, දවස පුරා පහසුවෙන් ඇඳ සිටිය හැකි කාර්යාලීය විලාසිතා තෝරා ගන්නට උනන්දු වෙන්න.

6. ස්කර්ට් බ්ලවුස් තෝරා ගන්නා විටත් සහ ජීන්ස්, ඩෙනිම් සහ තවත් කලිසම් වර්ග වලට ටී ෂර්ට්, ටොප්, සහ කුර්තා තෝරන විටත් වර්ණ සංකලන සහ සෙසු ගැළපීම් ගැන සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසමක් තෝරා ගන්නා විට ඔබ ළඟ ඇති ටීෂර්ට් සහ ටොප් කිහිපයකටම ගැලපෙන වර්ණයක් තෝරා ගත හැකි නම් එය ඉතා සුදුසු තෝරා ගැනීමක්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles