Nail art කියන්නේ මේ වන විට ලෝකයේ කාන්තාවන් බහුතරයක් අතර බෙහෙවින්ම ජනප්‍රිය දෙයක්. Nail art විවිධ ආකාරයෙන්,විවිධ මෝස්තර වලින් සහ විවිධ වර්ග වලින් කළ හැකි වන අතර මේවා සඳහාම විශේෂයෙන්ම පුහුණ වූ ශිල්පීන් ද මේ වන විට සිටිනවා. කොහොම වුණත් සමහර Nail art වර්ග මිලෙන් ඉතාම අධික වන නිසා ඔබට නිවසේදීම ඉතාම පහසුවෙන් කර ගත හැකි Nail art කිහිපයක් ගැන ඔබට කියන්න අපි හිතුවා.
Multi-Colored Stripes
මෙම විලාසිතාවේදී Nude colour එකක් තෝරා ගෙන නියපොත්ත සම්පූර්ණයෙන්ම වර්ණ ගන්වා ගන්නා අතර ඉන්පසුව මෙම මෝස්තරය සිදු කිරීම සඳහා විවිධ ආකාරයේ වර්ණ තුනත් හයත් අතර ප්‍රමාණයක් තෝරා ගන්නවා. මෙහිදී මෙම වර්ණ සාමාන්‍ය හෝ Glitter ආකාරයට ඔබට තෝරා ගත හැකියි.
Nude colour එක ගල්වා ගත් මතුපිට මත නියපොත්තේ අග කොටසේ ඔබ තෝරා ගත් විවිධ වර්ණ සිහින් බ්‍රෂ් එකක් මගින් තීරු ආකාරයට ඇඳ ගත යුතුයි. එය නිමා කල පසු වර්ණ වල ආරක්ෂාව සඳහා සහ වර්ණ සීල් කිරීම සඳහා Top coat එකක් ගැල්වීමත් අත්‍යවශ්‍යයි.
Neutral, Two-Toned Nails
මෙය ඉතාම පහසුවෙන් කරගත හැකි සරල Nail art එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔබ කැමති ආකාරයෙන් neutral colours කිහිපයක් තෝරා ගෙන නියපොත්ත කොටස් දෙකකට වෙන් වී පෙනෙන සේ වර්ණ දෙකක් ආලේප කර ගන්න. ඔබ තෝරා ගන්නා වර්ණ කිහිපය කැමති ආකාරයට ගලපමින් ඔබේ නියපොතු වර්ණ ගන්වා ගැනීමේ හැකියාව මෙහිදී තිබෙනවා.
Abstract Waves
ඔබට මෙම නිය විලාසිතාව ඔබ කැමැති ආකාරයේ පැස්ටල් වර්ණ භාවිතා කර සකස් කර ගන්නට පුළුවන්. මෙහිදී මුලින්ම ඔබේ නියපොත්ත සම්පූර්ණයෙන්ම Nude colour එකකින් වර්ණ ගන්වා ගත යුතු වන අතර ඉන් පසුව ඔබ කැමති ආකාරයේ පැස්ටල් වර්ණ භාවිතා කරමින් ඉතා සිහින් බ්‍රෂ් එකකින් Waves නිර්මාණය කර ගත හැකියි.
Faded Gold Chrome Tips
ඔබේ නියපොතු රන්වන් පැහැයක් ගන්නවා නම් එමගින් ඔබේ දෑත් වලට ලැබෙන්නේ ටිකක් luxury පෙනුමක්.මේ විලාසිතාව උත්සව අවස්ථාවකට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට ඉතාම සුදුසුයි. මෙහිදී මුලින්ම ඔබට ඔබේ නියපොත්ත සම්පූර්ණයෙන්ම ඔබ කැමැති ආකාරයේ Nude colour එකකින් වර්ණ ගන්වා ගත හැකිවන අතර ඉන්පසුව නියපොත්තේ අග කොටස Gold colour එකකින් Fade වන ලෙස වර්ණ ගන්වා ගත හැකියි.
Polka Dots
මෙය පැස්ටල් වර්ණ කිහිපයක් මගින් සකස් කර ගත හැකි ඉතාම සරල සහ සුන්දර Nail Art එකක්. ඔබ කැමති පස්ටල් වර්ගයකින් ඔබේ නියපොත්ත සම්පූර්ණයෙන් වර්ණ ගන්වා ගෙන ඉන්පසුව තවත් පැස්ටල් වර්ණ දෙකක් හෝ තුනක් භාවිතා කර තිත් ඇඳ ගැනීම මගින් මෙම විලාසිතාව නිර්මාණය කර ගත හැකියි.
Side french
මෙම විලාසිතාව වැඩිපුර දක්නට නොලැබෙන නමුත් ඉතා අලංකාර Nail art එකක්. මෙහිදී ඔබ කැමති තරමක් තද වර්ණයකින් ඔබේ නියපොතු සම්පූර්ණයෙන්ම වර්ණ ගන්වා ගෙන එහි එක් කෙළවරක් Gold හෝ Silver වැනි glitter colour එකකින් සිහින්ව වර්ණ ගන්වා ගත යුතුයි.
ඔබට නිවසේදීම අඩු වේලාවක් තුළදී කරගත හැකි Nail arts කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කළේ.