පරණ ඇල්බම් එකකින් හෙළිවූ මිනීමැරුම් නඩුවේ අභිරහස

අද ඔයාලට චිත්‍රපට ලිපි පෙලෙන් අරගෙන එන්නෙ මිනීමැරුම් නඩුවක් ගැන අභිරහසක් හෙලිවෙන අපූරු කතාවක්. අද අපි අරගෙන එන චිත්‍රපටයේ නම 13B.

ඉතින් මේ චිත්‍රපටයේ තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්.

මනෝහර් කියන තරුණ පිරිමි කෙනා එයාගෙ පවුලෙ අයත් එක්ක අලුත් ගෙදරකට පදිංචියට යනව. ගෙයක් කිව්වට මේක ෆ්ලැට් එකක්. කොහොමහරි මේ ෆ්ලැට් එකට අඩිය තියපු වෙලාවෙ ඉඳලා වෙන්නෙ මහ අමුතු දේවල්.

මේ ගෙදර එක තැනක් තියෙනව කොච්චර උත්සහ කරත් එතන කිසිම දේව රූපයක් එල්ලන්න බෑ. මොකක් හරිම ගැටලුවක් එනවා. ඒ වගේම මේ ගෙදරට අරගෙන එන කිරි හිටිහැටියෙ නරක් වෙනවා. මේ වගේ අමුතු දේවල් මහ ගොඩක් වෙනවා. මේව වෙද්දි තමයි මනෝහර්ට තේරෙන්නෙ තමන් සහ ගෙදර අය ඇරුණම මේ ෆ්ලැට් එකේ මොකක් හරි අත්භූත බලවේගයක් තියෙනවා කියාලා. මුලින් මේක ගණන් ගත්තෙ නැති උනාට එකපාර වෙන මෙච්චර දවසක් තිස්සෙ නොවිච්ච ලොකු අත්භූත දෙයක් හන්දා මනෝහර්ලා තේරුම්ගන්නවා මොකක් හරි කරන්නම වෙනවා කියලා.

මේ කියන අත්භූත දේ වෙන්නෙ මෙයාලගෙ ගෙදර ටීවි එක ඇතුලෙන්. කොහොමද ටීවි එකක් ඇතුලෙ අත්භූත දෙයක් වෙන්නෙ නේද? අන්න ඒක ගැන දැනගන්න මේ කතාව කියවලම ඉන්නකො.

මේ චිත්‍රපටය අපි වෙනද බලන Horror Films වලට එහා ගිය ඇඟේ හිරිගඩු පිපෙන සිදුවීම් වගේම ලොකු අහිරහසක් මුල් කරගත්ත අපූරු චිත්‍රපටයක්. ඉතින් අපි බලමු කොහොමද මේ චිත්‍රපටයෙ කතාව දිග හැරෙන්නෙ කියලා.

කලින් කිව්ව වගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි මනෝහර්. මනෝහර්ගෙ වයිෆ් එක නම දීපා. එයාගෙ අයියගෙ නම මනෝජ්. මනෝජ්ගෙ වයිෆ් ගෙ නම දීපා.මේ දෙන්නට දරුවො දෙන්නෙක් ඉන්නව. මනෝහර්ලගෙ අම්මා සහ නංගි චිත්‍රත් ඇවිත් තියෙනව මේ 13 B ෆ්ලැට් එකට.

මෙයාලා මේ අලුත් ෆ්ලැට් එකට ආවෙ ඊයෙ. අද තමයි ඉතින් සාමාන්‍ය විදියට වැඩ පටන් ගන්න පලවෙනි දවස. කොහොමහරි උදේ කිරි හදන්න බලද්දි කිරි එක කැටි ගැහිලා. ඊයෙත් මෙහෙම දෙයක් වෙච්ච නිසා පොඩ්ඩක් අමුතුයි වගේ දැනුනට මනෝහර් වැඩට යන්න පරක්කු හන්දා ටක් ගාලා කෑම කාලා යන්න හදනවා.

මනෝහර් ලිෆ්ට් එකට නැගල බට්න් එක ප්‍රෙස් කරාට ලිෆ්ට් එක වැඩකරන්නෙ නෑ. මේ වෙලාවෙ මනෝහර්ට එයාලගෙ අසල්වැසි දාස් ව හම්බෙනවා. මේ දෙන්න එතනදි කතා කරනවා. මනෝහර් දාස්ට කියනව සිකුරාදා මනෝහර්ට නිවාඩුයි, ඒ නිසා එදාට දවල් කෑමට මනෝහර්ලගෙ ගෙදරට එන්න කියලා. දාස් ඒක ආදරෙන් භාරගන්නව. දාස් කියන්නෙ අන්ධ කෙනෙක්, එයාට කියල පවුලෙ කවුරුවත් නැ එයා සුරතලයට ඇති කරල බලු පැටියා ඇරෙන්න.

කොහොමහරි දාස් එක්ක කාතාකරල වැඩට යන්න පරක්කු වෙන හන්දා මනෝහර් යනවා.එතකොට දාස් මනෝහර්ගෙන් අහනවා ඇයි ලිෆ්ට් එකේ යන්නෙ නැත්තෙ කියල. එතකොට මනෝහර් කියනව ලිෆ්ට් එකේ මොකක් හරි අවුලක් කියල එයා පඩිපෙල බැහැගෙන යනවා. නිකමට වගේ බලු පැටියා එක්ක ලිෆ්ට් එකට නගින දාස් බට්න් එක එබුවම ලිෆ්ට් එක වැඩකරනවා.

දාස් ඒක ගැන වැඩිය හිතන්න එපා. කොහොමහරි එතනදි අපිට තේරෙනව මේ ලිෆ්ට් එකේ අවුල වෙන්නෙ මනෝහර්ට විතරයි වගේ කියල. කරන්න දෙයක් නැති තැන මනෝහර් පඩිපෙල දිගේම තට්ටු දහතුනක් පල්ලෙහට බැහැගෙන යනවා.

මනෝහර් ගිහිල්ල අපාට්මන්ට් එකේ සෙකියුරිටි ලඟට ගිහින් කතාවෙනවා. එයා කියනව එයාලගෙ අපාට්මන්ට් එකේ පූජා කාමරේ දේඑව රූප ටිකක් එල්ලගන්න තියෙනව. ඒකට පොඩි සපෝට් එකක් දෙන්න හැබැයි අපෙ අම්මල දවල්ට යන කතාවක් බලන හන්දා දවල් 1 -1.30 අතර නම් යන්න එපා කියලා.

ඒ වගේම එයා ලිෆ්ට් එකේ ප්‍රශ්නෙත් සෙකියුරිටිට කියනව. එහෙම කියලා මනෝහර් වැඩට යනව. එයා වැඩකරන්නෙ විසිල් ඉන්ජිනියර් කෙනෙක් විදියට කන්ස්ට්‍රක්ශන් සයිට් එකක. මනෝහර් මේ වෙද්දි අලුත් ෆෝන් එකක් අරගෙන තියෙනව. එයා ඒක එයාගෙ යාලුවන්ට එහෙමත් පෙන්වනවා. කොහොමහරි අලුත් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ මොනවද කියල බලන්න ගැලරි එකට යන යාලුව දකිනව මනෝහර් කලින් දවසෙ ගත්ත ෆොටෝ විකෘති වෙලා කියලා. එයා ඒක මනෝහර්ටත් පෙන්නනවා.

කලින් දවසෙ හොඳට තිබ්බ ෆොටෝ එක එක පාර අවුල් ගියේ ඇයි කියලා මනෝහර්ට තේරෙන්නෙ නෑ.

ඊටපස්සෙ අපිට පෙන්නන්නෙ මනෝහර්ගෙ ගෙදර වෙන දෙයක්. දවල් බලන කතාව බලන්න ගෙදර කන්තාවො ටික ඔක්කොම ටීවි එක ඉස්සරහට එනව. ටීවි එක දාලා චැනල් මාරුකරන්න ගියාට 13 වෙනි චැනල් එකෙන් එහාට චැනල් මාරුවෙන්නෙ නෑ.

ඉතින් මෙයාලට බලන්න වෙන්නෙ 13 වෙනි චැනල් එකේ යන කතාව බලන්න මෙයාලට වෙනවා. මේකෙ පෙන්වන්නෙ එදා අලුතෙන්ම යන කතාවක්. ඒ කතාවෙ තියෙන්නෙ පවුලක මිනිස්සු අට දෙනෙක් අලුතෙන් ගෙදරක පදිංචියට යන කතාවක්. හරියට මනෝහර්ගෙ පවුලෙ අට දෙනා වගේම අට දෙනෙක් තමයි මේ පවුලෙත් ඉන්නෙ.

ඊලඟට අපිට පෙන්නන්නෙ මනෝහර් හවස වැඩ ඇරිලා ගෙදර එද්දිත් ලිෆ්ට් එක වැඩ කරන්නෙ නෑ කියන එක.තරහ ගියාට කරන්න දෙයක් නැති තැන එයා පයින්ම උඩට යනව. එයා ගෙදරට ඇතුලු උනාම දකිනව පූජා කාමරේ දේව රූප තාම එල්ලල නෑ කියලා. එයා ප්‍රියාගෙන් ඇහුවම ප්‍රියා කියනව මුරකාරය ඇණ ගහන්න හැදුවට හරි ගියේ නෑ කියල වැඪේ, ඊටපස්සෙ මනෝහාර් ඇණ ගහන්න හැදුවට ඒක හරියන්නෙත් නෑ. මනෝහර්ගෙ අතත් තුවාල වෙලා තමයි වැඩේ නාතර වෙන්නෙ.

මේ වෙලාවෙ මහ අමුතු දෙයක් වෙනවා.

මනෝහර්ගෙ තුවාල වෙච්ච අතෙන් බිමට වැටෙන ලේ වලින් පොලොව උඩ b අකුරක් ඇඳෙනවා.

ඉතින් ඔයාලා හිතන්නෙ මේ හැමදෙයක් පිටිපස්සෙම කවුද ඉන්නව ඇත්තෙ? මේ අත්භූත දේවල්වලට මනෝහර්ගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?

Related Articles

Don't Miss


Latest Articles