Buried Alive කියන්නෙ 1990 ආව thriller movie එකක්. නම ඇහුවමත් නිකන් පොඩ්ඩක් සීන් එක තේරෙනවා වගේ නේද?
මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරේ ෆ්රෑන්ක් ඩෑරබොන්ට්. චිත්‍රපටයට විචාරකයන්ගෙන් ලැබිලා තියෙන්නෙ නම් mixed comments, පස්සෙ කාලෙක එයා හදපු තව මීට වඩා හොඳ චිත්‍රපට ඕන තරම් තිබුන හන්දා මේ චිත්‍රපටය කට්ටියට අමතක වෙලා ගිහින් තියෙනවා.
ඉතින් ගොඩක් අය මේක බලලා නැතුව ඇති කියල හිතලා තමයි අපේ දිලිනි මේ පාර චිත්‍රපට ගැන කතාකරන ලිපියට මේ ෆිල්ම් එක අරගෙන තියෙන්නෙ.
ක්ලින්ට් ගුඩ්මන් කියන්නෙ සාර්තක contactor කෙනෙක්. එයා ජීවත්වෙන්නෙ එයාගෙ වයිෆ් වෙච්ච ජොආනා එක්ක. ජොආනට affair එකක් තියෙනවා ඒ පැත්තෙ ඉන්න වෛද්‍යවරයෙක් වෙන කෝට්ලන්ඩ් වැන් ඕවන් එක්ක. මේ දෙන්නගෙ ප්ලෑන් එක වෙන්නෙ ක්ලින්ට් ව මරලා දාලා, එයාගෙ ගෙදරයි, ව්‍යාපාරයි විකුනලා, ඒ සල්ලි අරගෙන බෙවර්ලි හිල්ස් පැත්තෙ ක්ලිනික් එකක් දාන එක.
මේ ප්ලෑන් එකේ පලවෙනි ස්ටෙප් එකා විදියට කෝට්ලන්ඩ් ජෝආනාට tropical fish කෙනෙක්ගෙන් ගත්ත විසක් දෙනවා ඕක ක්ලින්ට් ගේ කෑමට එක්කහු කරන්න කියලා. ඉතින් එදා රෑ කෑම වෙලාවෙදි ජොආනා ඉන්නෙ මේක කරනවද නැද්ද කියන අදහසක උනත් එයා ඒ විසෙන් ටිකක් ක්ලින්ට්ගෙ වයින් වීදුරුවට දානවා. විස ක්‍රියාත්මක වෙලා හාට් ඇටෑක් එකක් එන ක්ලින්ට් මැරිලා වැටෙනවා. මිය ගිහින් කියලා සලකලා ක්ලින්ට්ගෙ ශරීරය මෝචරියට අරගෙන යනවා. කෝට්ලන්ඩ් ජොආනාට කියනවා “වැඩි වියදම් කරන්න ඕන නෑ ඔය මනුස්සයගෙ අවසන් කටයුතු වලට, ලාබෙට පෙට්ටියක් ගමු, එම්බාම් කරන්න ඕනත් නෑ” කියල.
කොහොමහරි ඔය අතරෙ තමයි හොඳම දේ වෙන්නෙ. මැරිලා කියලා හිතාගෙන මෝචරියට දාලා තියෙන ක්ලින්ට්ගෙ ශරීරයට පණ තියෙන බව පෙන්වන්න පොඩි සෙලවීමක් පෙන්වනවා.
පණ ආවට මොකෝ වෙන්නෙ ක්ලින්ට්ව වල දාන්නෙ පණ පිටින්.ලාබ මිනී පෙට්ටියත් කඩාගෙන වලෙන් එලියට එන ක්ලින්ට් ආපහු තමන්ගෙ ගෙදරට යනවා. එහෙම ගියාම තමයි එයාට තමන්ගෙ බිරිඳ වෙච්ච ජොආනා එයාගෙ පෙම්වතා එක්ක එක්කහු වෙලා තමන්ව මරන්න ගහපු ගේම් එක ගැන. ගෙදර හැංගිලා මේ දෙන්නගෙ කතාව අහගෙන ඉද්දි තාමයි ක්ලින්ට් ට දැනගන්න ලැබෙන්නෙ ජොආනා තමන්ගෙ දරුවෙක්ගෙන් pregnant වෙලා ඉද්දි එයා කෝට්ලන්ඩ් එක්ක එක්කහු වෙලා ඒ දරුවව ගබ්සා කරවලා කියලා.
ඊටපස්සෙ දවසෙ උදේ ක්ලින්ට්ගෙ යාලුවා වෙච්ච Sheriff කෙනෙක් උන සෑම් එබර්ලි හොයාගන්නව ක්ලින්ට්ගෙ සොහොන විනාස කරලා තියෙන බව සහ ක්ලින්ට්ගෙ සිරුර අතුරුදහන් වෙලා කියලා.
මෙදාම ජොආනා දකිනවා ගෙදර නාන කාමරේ මඩ ගෑවිලා තියෙනව. තමන් කවුරුවත් මඩ ගාගෙන ආවෙ නෑ කියල හොඳටම දන්න නිසා බයවෙන ජොආනා ඕවන්ට කෝල් කරන්න හැදුවට එයාගෙ answering machine එකට තමයි connect වෙන්නෙ. ගේ ඇතුලෙ ඇවිදගෙන යන ජෝආනාගෙ ඇඟට කඩාගෙන පනිනවා ක්ලින්ට්ගෙ බලු පැටියා. මේ වෙලාවෙ ජොආනා පිටිපස්සෙන් වෙල්ඩින් මාස්ක් එකක් දාගෙන මතුවෙන ක්ලින්ට් දොර ඇරියට පස්සෙ ජොආනා බේස්මන්ට් එකට වැටෙනවා. එයාට සිහිය නැතිවෙනවා.
ක්ලින්ට් මොකද කරන්නෙ ජොආනාව බේස්මන්ට් එකට දාලා ලොක් කරනවා.
ඊටපස්සෙ අපිට පෙන්වන්නෙ අර Tropical Fishගෙන් ගත්ත විස ටික කෝට්ලන්ඩ් ආයෙම වතාවක් සිරින්ජර් එකකට දාගන්න දසුනක්. මේ සිරින්ජර් එකත් අරගෙන ජොආනාගෙ ගෙදරට එන කෝට්ලන්ඩ් ජොආනව හෙව්වට එයාගෙන් කිසිම සද්දයක් නැති තැන කාමරේට ගියාම කෝට්ලන්ඩ් දකිනවා ඇඳ උඩ සල්ලි මල්ලක් තියලා තියෙනවා. ඒ සල්ලි ටික අරගන්න කෝට්ලන්ඩ් කාමරෙන් එලියට එන ක්ලින්ට් ජොආනාව හොයාගෙන බේස්මන්ට් එකට යනවා. මාස්ක් එකක් දාගෙන තමන්ව මෙතන හිරකලේ කෝට්ලන්ඩ් කියලා හිතන ජොආනා මොකද කරන්නෙ හොඳ ශොට් එකක් දෙනවා මිනිහට සිහි නැතිවෙන්න.
සල්ලි ටික අරගෙන ජොආනා පැනලා යන්න හැදුවට ඊට කලින් ක්ලින්ට් දෙන්නවම බේස්මන්ට් එකේ දාලා හිරකරනවා. සිහිය ආවට පස්සෙ තමයි ජොආනා දැනගන්නෙ තමන් දෙන්නම දන්නෙ නැතුවට මේ ගෙදර තව කෙනෙක් ඉන්නවා කියලා. මේ අතරෙ එලියෙ ඉන්න ක්ලින්ට් ගෙදර බඩු හෙම තියෙන තැන් ඔක්කොම වෙනස් කරනවා.
මේ අතරෙ බේස්මන්ට් එකෙ හිරවෙලා ඉන්න ජොආනා දකිනවා කෝට්ලන්ඩ් අරගෙන ආව විස තියෙන සිරින්ජර් එක.එයා හිතනවා කෝට්ලන්ඩ් ඒක ගෙනාවෙ තමන්වත් ක්ලින්ට් යවපු තැනට යවන්න කියලා. ඕන්න ඔතනදි තමයි ඇත්ත හෙලිවෙන්නෙ. “ඇත්තටම ක්ලිනික් එකක් දාන අදහසක් මගෙ තුන් හිතකවත් නෑ. මට ඕන උනේ ඔයාලා දෙන්නවගෙන්ම සල්ලි හොරකම් කරලා දෙන්නවම රවට්ටලා පැනගන්න” කියලා කෝට්ලන්ඩ් කියනවා.
මේ කතාව ඇහුවට පස්සෙ කෝට්ලන්ඩ් – ජොආනා දෙන්න හොඳටම රණ්ඩු වෙනවා. මේ රණ්ඩුවෙ ප්‍රතිපලයක් විදියට කෝට්ලන්ඩ් උත්සහ කරනව අර tropical fish ගෙ විස තියෙන සිරින්ජර් එක ජොආනාගෙ ඇඟට එන්නත් කාරන්න.
හැබැයි ඒක කරන්න වෙන්නෙ නෑ. මොකද ඒ වෙලාවෙම බේස්මන්ට් එකේ දොර ඇරෙනවා.
ඉතින් ඒ දොරෙන් කවුරු ඇතුලට එයිද? එලියට යන ජොආනා සහ කෝට්ලන්ඩ් ට මොකක් වෙයිද?
අන්තිමේ පණ පිටින් කවුරු වැලලෙයිද?