කිසි බයක් සැකක් නැතුව, සන්තෝසෙන් ආදරේ කරන්න පුලුවන් වෙන්නෙ මනස සන්සුන් වුණොත් විතරයි. ඒ වුණාට, සරල ආදර කතාවකින් විතරක්ම විවාහය කියන භාරදූර අභියෝගය ජයගන්න පුළුවන්ද? අපි සමහර වෙලාවට හිතනවනෙ “ආදරේ තියෙනම් අනිත් ප්‍රශ්න Nothing කියලා”. එහෙම කියල අවුරුදු ගණන් යාලුවෙලා, පෙම් කෙලලා කසාද බැඳපු මිනිස්සු පවා වෙඩින් ඇල්බම් එකේ වැඩ ඉවර වෙන්නත් කලින් දික්කසාද වෙච්ච කතාත් අහන්න දකින්න නැතුව නෙවෙයි. එතකොට ඇත්තටම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ආදරේද?
විවාහය කියන්නෙ ආදරය තිබුන පමණින් හරි පහසුවෙන් පනින්න පුළුවන් කඩයිමක් නම් නෙවෙයි. ඒකේ අභියෝග තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද කාලේ, අපි ලඟ තියෙන පුංචි පුංචි පුරුදු වලිනුත් එකිනෙකාගේ ගැලපීම හොයාගන්න එක ජීවිතේ ගමනට සාර්ථක වෙනස්කමක් ගෙනෙනවාය කියන එක අපිට අමතක කරන්න එපා. අපි සමහර වෙලාවට යාලුවෙලා ඉන්න කාලෙ කියනවනෙ “ඔන්න බැන්දට පස්සෙ අපි තුරුලු වෙලා තමයි නිදාගන්න ඕන” කියල. ඒ කාලෙට දුර දිග නොහිත “හරි හරි” කියලා කිව්වට බැඳලා මාස කීපයක් යද්දි තමයි තේරෙන්නෙ ඔය කියන තරම් හැමදාම තුරුලු වෙලා නිදාගන්න එක එච්චර ආතල් වැඩක් නෙවෙයි කියන එක.
ජීවිතයෙදී සැබෑ සම්බන්ධයක් නිර්මාණය කරගන්න, එකිනෙකාගේ කැමැත්ත, ආදරය, සහ හැගීම් වැදගත්ම පදනමක් සපයනව. ඒත්, ඒකට අමතරව කුඩා සොඳුරු පුරුදු සහ විවිධ අතින් ගැලපෙන දේවල් පවා සම්බන්ධයක දිගුකාලීනත්වය ගොඩනැගීමට හෝ විනාශ කිරීමට බලපානවා.
අන්න ඒ හන්දා තමයි අපි හිතුවෙ ඔය කසාදයක් වෙද්දි පොරොන්දම් බලනවා වගේ අද කාලෙ විවාහයක් වෙද්දි අඩුම ගාණෙ බඳින ජෝඩුව හරි විතරක් බලන්න ඕන අද කාලයට ගැලපෙන පොරොන්දම් 10ක් ගැන කතාකරන්න.
1. නිවාඩුවේ ගෙදර ඉන්නද ආස, එලියට යන්නද ආස?
නිවාඩුවක් යෙදීගෙන එනකොට, එකිනෙකා විනෝද වෙන්න ආස මොන විදියටද කියලා දැනගෙන ඉන්න එක හරිම වැදගත්. කෙනෙක්ට Netflix binge කරන එක තමයි තියෙන ලොකුම විනෝදෙ වෙන්නෙ. අනික් කෙනෙක්ට අලුතෙන්ම Open කල restaurant එකකට යන්න ඕන වෙන්න පුලුවන්. “මේවා මහ ලොකු ප්‍රශ්න නෙවෙයි” කියලා හිතුවට එකම දේ දිගටම වෙද්දි ඕනම කෙනෙක්ට එපා වෙන්න පුළුවන්
“ගෙදර ඉඳන් books කියවන්න, movies බලන්න ආසද?”
“ඇක්ශන්-packed trip එකකට යන්න ආසද?”
මේ වගේ ප්‍රශ්න දෙන්න එක්කහු වෙලා කතා කරන්න. ඔබේ partner ගෙ වගේම ඔයාගෙ vibe එකට match වෙන දේවල් ගැන හොඳ Understanding එකක් තියාගන්න එක සාර්ථක සම්බන්ධයකට මඟ පෙන්නනවා.
2. Fan එකද, AC එකද?
නිදාගන්න යද්දි හරි ගෙදර ඉද්දි හරි ඔය ආස Fan එක දාගෙන ඉන්න වෙන්නැති. ඒ වුනාට ඔයාගේ එයා ආස AC එක දාගෙන ඉන්න වෙන්නැති. මේ වගේ දේවල් නම් මහ ලොකු දේවල් නෙවෙයි කියලා හිතුවට partner ගෙ preferences එක දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි.
“Fan එක දාගෙනද නිදාගන්නෙ?”
“AC එකේ luxury vibe එකක ඉන්න ආසද?”
Budget, comfort, සහ lifestyle එක මනාව adjust කරගන්න මේවගෙ පොඩි preferences match කරගන්න එක වැදගත් කියලා අමතක කරන්න එපා.
3. රෑට නිදාගනිද්දි තුරුලු කරගන්නද එපාද?
Cuddle vibes කියන්නේ ඕනම Couple එකක් ආස දෙයක්නෙ. හැබැයි ඔය Cuddle වෙනවා කියන එකත් හැමදාම එකම විදියට කරද්දි කෙනෙක්ට ඒක හිරිහැරයක් වගේ දැනෙන්නත් පුලුවන්. අනික අසනීපයක්, ඔලුවෙ කරදරයක් තියෙන දවසක කෙනෙක්ට හිතෙන්න පුලුවන් “අද තනියම නිදාගන්න තිබුණොත් හොඳයි” කියලා. එහෙම වෙලාවක ඔයා එයාව තුරුලු කරගන්න යන එක පොඩ්ඩක් අවුල් වෙන්න පුලුවන්. ඒ නිසාම අනික් කෙනාගෙ Personal space එකේ Boundaries දැනගෙන ඉන්න එකත් හොඳයි.
ඒ නිසා Middle Ground එකක් හොයාගෙන දෙන්නාටම සන්සුන් වටපිටාවක් හදාගන්න දෙන්න එක්කහු වෙලා කතාකරන්න.
4. ගෙදරින් කනවද, එළියෙන් කනවද?
Dinner plans කියන්නේ day-to-day life එකක පොඩි Thrill එකක් එකතුකරන දෙයක්නෙ. බැඳපු අලුත් විතරක් නෙවෙයි පස්සෙ වුණත් දෙන්නා එක්ක එලියට ගිහින් Dinner එකක් ගන්න එක හිතටත් හොඳයි. හැබැයි ඔයා එයාව Surprise කරන්න එහෙම දෙයක් Plan කරාට එයාගෙ Preference එකත් අහලා ඉන්න ඕන බව අමතක කරන්න එපා.
Budget, convenience, සහ taste එක ගැන කතා කරලා දෙන්නාටම සාධාරණයක් වෙන Decision එකකට තමයි එන්න ඕන. එක්කෙනෙක්වත් තමන්ගෙ ආසාවල් මෙතනදි සහමුලින්ම නැතිකරගන්න ඕන නෑ.කතාකරලා Middle Ground එකක් හදාගන්න එක තමා වැදගත්ම දේ.
5. බබෙක් හදනවද නැද්ද?
අනාගතේ ගැන කතා කරද්දී, family planning එකේ goals එකිනෙක එක්ක share කරගන්න එක වැදගත්.
“බැන්ද ගමන් ළමයි හදනවද?”
“අපි දෙන්න ඉස්සෙල්ලා ජීවිතේ පොඩ්ඩක් Enjoy කරමු නේද?”
අනාගතය ගැන සතුටින් කතා කරන්න. ආදරය සහ අවශ්‍යතාව balance කරගන්න. ඒ වගේම තමයි පවුලෙ අය ඉස්සරහ මේ වගේ ප්‍රශ්නෙකට ඔයාලා දෙන්න දෙන උත්තරේ මොකද්ද කියන එකත් කතා කරලා තියන එක කිසි වරදක් නෑ.
6. අම්මලා එක්කද ඉන්නෙ, වෙනමද?
Family එකේ decisions ගැන එකිනෙකාගේ අදහස් බෙදාගන්න එක සාර්ථක සම්බන්ධයක් සදහා වැදගත්.
“අම්මලා එක්ක එකට මහගෙදර ඉන්න living arrangement එක ගැලපෙයිද?”
“අපි දෙන්නාගේම privacy එක වෙනුවෙන් වෙනම ඉමුද?”
කියන ප්‍රශ්නෙ නම් හොඳට කතබහ කරලා තීරණ තීන්දුවකට එන්න ඕන එකක් කියන එක අමතක කරන්න එපා.
7. Hollywood ද Bollywood ද Kollywood ද?
Entertainment taste එක compatibility එක කියාදෙන වැදගත් රහසක්.
“James Bond vibe එකට ආසද?”
“Shah Rukh Khan romance ද?”
“Vijay action මාරයිද?”
Taste එක අනුව movie nights හදන්න සරලයි! ඒ වගේම ගෙදරදි වුණත් Theatre එකට ගිහින් වුණත් Film එකක් බලද්දි එක්කෙනෙක් ආස ඒව විතරක් නෙවෙයි බලන්න ඕන කියන එක අමතක කරන්න එපා. එයා Batman බලන්න ආස වෙද්දි ඔයා කැමති Dhanushගෙ Film බලන්න වෙන්න පුලුවන්. මාරුවෙන් මාරුවට දෙන්න එක්කහුවෙලා දෙකම බලන්න. අනිකාගේ Taste එක “හරි නෑ” කියලා Judgement එකකට යන්න එපා.
මොකද At the end of the day, ඔයා කියන්නෙත් එයාගෙ එක Taste එකක්නෙ!
8. Liquor ගන්නවද නැද්ද?
Lifestyle decisions ගැනත් කතා කරලා එකිනෙකාගේ boundaries සහ preferences හොයාගන්න.
“Mocktails ද Cocktails ද?”
“බොනවද නැද්ද?”
Respect කරලා happy middle ground එකක් හොයාගන්න. ඒ වගේම තමයි බොන්නෙ නැති එක මෝඩකමක් වත් බොන එක වරදක්වත් නෙවෙයි. එකිනෙකාව තේරුම්ගන්න එක තමයි වෙන්න ඕන.
9. රෑට රෙද්දක් පොරවගන්න ආසද, නැද්ද?
Sleeping preferences කියන්නේ compatibility එකට හරි වැදගත් වෙන දෙයක්.
ඔයා රෑට නිදාගනිද්දි පොරවගන්න ආස වුණාට එයා ආස එහෙම නැතුව ඉන්න වෙන්න පුලුවන්. ඒක ඔයාලගෙ සම්බන්දෙට ප්‍රශ්නයක් කරගන්නෙ නැති එකයි වඩා වැදගත්.
Sleep quality එකට බලපෑම් වෙන decisions ගැන කතාකරන එක වැදගත් වෙන්නෙ ඒ නිසා. එකිනෙකාට සන්සුන් කරන්න. සමහරුන්ට පුලුවන් රෑට ලයිට් දාගෙන නිදාගන්න. සමහරු හරි Light sleepers ලා. දෙකම තේරුම්ගන්නයි ඕන.
10. Beach ද Upcountry ද?
Travel plans සහ vibe එක ගැන දැනගන්න එකත් හරිම Important healthy relationship එකක් Manage කරන්න.
කෙනෙක් ආස වෙන්න පුලුවන් නුවර එළියෙ වගේ යන්න පුලුවන්. තව කෙනෙක් ඉන්න පුලුවන් අනුරාධපුර පොළොන්නරු පැත්තෙ යන්න. කෙනෙක් ආස වෙන්න පුලුවන් වැඩි සෙනග නැති තැන්වලට යන්න. මේවත් කතා කරල විසඳගන්න පුලුවන් දේවල්.
කෙනෙක්ය හිතෙන්න පුලුවන් මේව හරි පොඩි දේවල්නෙ කියලා. අමතක කරන්න එපා වතුර බිංදු බිංදු එක්කහු වෙලා තමයි මහ ගඟක් පිරෙන්නෙ. ඒ නිසා ඒ පුංචි වතුර බිංදුවකට පවා ලොකු අගයක් තියෙනවා කියන එක අමතක නොකර දෙන්නටම සන්තෝසෙන් ඉන්න පුලුවන් Middel Ground එකක් හොයාගන්න දෙන්න අතරෙ හොඳ Communication එකක් බඳින්න කලින් වගේම බැන්දට පස්සෙත් maintain කරගන්න!