රන් මල් දම් – 7

හත් වෙනි  මල් දම

මන්දාරම් අම්මාට සමුදී කාර්‍යාලය බලා පිටත් වූයේය. ඔහුගේ සිතෙහි වෙනදා වූ සැහැල්ලුව වූයේ නැත. අම්මා වෙනදාට වඩා වෙනස් බව ඔහුට දැනෙයි. වෙනදා නොවූ උනන්දුවකින් ජංගම දුරකතනය දෙස බලා සිටින අබ්ව මන්දාරම් දින කිහිපයක්ම දුටුවේය.

තාත්තා මිය ගියේ හදිසිරිය අනතුරකින් බව මන්දාරම්ට මතකය. එහෙත් ,  එය සැලසුම් සහගතව කරවන ලද එකක් බව පොලිසිය සොයා ගත්තේය. තාත්තාගේ මරණයෙන් පසු අම්මා උන්නේ ජීඉව්තය අත් හැරුණු ලෙසකින් නිසා ඒ ගැන සොයා බලන්නට අම්මා උනන්දු වූයෙ නැත. එහෙත් මාමමා ඒ පිළිබඳව බොහෝ කල් යනතුරු සොයා බලූහ. එසේ සොයා බලන විට තාත්තා සම්බන්ධයැ්‍ි කියන කලු ව්‍යාපාර කිහිපයක් එළි ඇඳෙන්නට වූයෙන් අම්මාගේද එකඟතාවය මත මාමලා ඒ පිලිබඳව සොයා බැලීම නවතා දැමූහ.

ඉන් පසුව කිසිදිනෙක ඒ පිලිබඳව වන කතාබහක්වත් මන්දාරම්ට ඇසුනේ නැත. ඉතා දැඩි, සැර පරුෂ, ඔහුගේ කාර්‍යයන් වෙනුවෙන් පමණක් අම්මා ට සැලකූ තාත්තා ගැන මන්දාරම්ට කොහොමට්ටහ් පැහැදිලි අදහසක් වූයේ නැත. තාත්තා නැති නිවසේ මන්දාරම්ට සහ අම්මාට ඇති තරමට නිදහස සහ සතුට විය. වාර්ෂික දානය වෙනුවෙන් ඔහුගේ යුතුකම් ඉටු කිරීම හැරුන කොට මන්දාරම් තාත්තා පිළිබඳව කතා බහ කිරීමටට්වත් කැමති වූයේ නැත. ඔහු මිය යන්නට ඇත්තේ ඔහු විසින් නඩත්තු කරන ලද යම් අනිසි ව්‍යාපාර නිසාවෙන්ම බව විශ්වාස කල නිසා මන්දාරම් තාත්තාගේ ව්‍යාපාර මිතුරන් ලෙසින් හඳුන්වා දෙමින් තමා හමුවන්නට එන මිනිසුන් තවමත් අතේ දුරින් තබාගෙන ආශ්‍රය අක්‍රන්නේය.

සියල්ල මෙලෙසින් තිබියහී අම්මාගේ මේ අනතුරට හේතුවත්, ඇගේ මේ නොසන්සුන්කමට හේතුවත් තාත්තා සම්ඟ වල දමා තිබූ ඒ  අඳුරු අතීතයේ යම් කොනක් උඩ ඇදී තිබීමදැයි මන්දාරමට දැන් දැඩිව සිතෙන්නේය. එසේ නොවන්නට අම්මාට එටහ්‍රම් දුරක් තමාටද නොපවසා තනිව යන්නට උවමනාවක් නැත. ඒ සිධ්ඩි වෙනුවෙන් තමාැදිහත් කරවාගන්නට තිබූ අකමැත්ත නිසාම අම්මා එලෙසින් හිතුවක්කාර ගමනක් ගියා විය නොහැකිද?

මන්දාරම් දවස පුරා කිහිප වතාවක්ම අම්මා බලාගන්නට පැමිණි කාන්තාව අමත්කා විස්තර කතා කලාය. චානක උදෑසන එකොළහට පසුව පිටත්ව ගියාට පසු අම්මා පැය දෙකක පමන වීඩියෝ තුමක කිසිවෙකු හා උන් බව්ටහ්, තමාට කාමරයට නොපැමිණෙන ලෙස පැවසූ බවත් ඕ පවසද්දී මන්දාරම් මොහොතකට කිසිවක් සිතා ගත නොහැකිව ගල් වූයේය. එහෙත් හෙදි කාන්තාවට කිසිවක් නොඅඟවා අම්මාගේ දිවා ආහාරය සහ බෙහෙත් පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස පවසා ඔහු ඇමතුම විසන්ධි කලේය. චානක සමඟ මේ පිලිබඳව පැවසිය යුතුද නැතිද කියා හෝ අදහසක් නැතිව මන්දාරම් ඉතා කලබලයෙන් දිනය ගෙවමින් උන්නේය. කාර්‍යාල සගයන් අම්මාගේ සුව දුක් බලන්නට නිවෙසට එන්නට සූදානම් වෙධ්ඩී මන්දාරම් එය දින කිහිපයකින් කල් දමන් මෙන් ඉල්ලුවේද හිතේ කලබලය නිසාමය. පසුව ඔහු ඔවුන්ට පහසු ලෙසින් එය සුදානම් කරගන්න්නා ලෙසත්, කරදර විය යුතු නැති බවත් කීවේය.

ඒ අතරේ දිලුම් මන්දාරම් ඇමතුවේ නිම්නාවි විසින් දිගින් දිගටම දවස පුරා ඉල්ලා සිටි යමක් වෙනුවෙන් යම් ඉඩක් ඇතිදැයි සොයා බැලීමටය.

” මිස්ටර් මන්දාරම්..?”

” ඩොක්ටර් දිලුම්.. මං ඒත් බැලුවා මේ වෙලාවේ එකපාරටම කවුද කියලා…”

” ඩිස්ටර්බ්ද දන්නේ නෑ.. මට පස්සේ ගන්නත් පුලුවන්….”

“නෑ ණෑ… කිසිම ප්‍රශ්නයක් ණෑ …”

” මේ .. අම්මාව බලාගන්න නර්ස් කෙනෙක් එහෙම හොයාගත්තාද මිස්ටර් මන්දාරම්….?”

” අපි ටෙම්පරි නර්ස් කෙනෙක්ව ආසිරි එකෙන් ගෙන්නගත්තා ඩොක්ටර්.. ඩේ බේසිස්.. මස හය හතක් යනකල් එකම කෙනෙක් හොයාගන්න  තමයි කල්පනාව ඒත් ..අ ර දවසින් දවස එක එක්කෙනා එනකොට ඒක අම්මටත් කරදරයි, අනෙක අපිටත් ඩේලි හැමදේම ෆලෝ අප් කරන්න ඕනිනේ…”

” ඒක හරි .. ඒක හරි .. මම මේ කතා කලේ මිස්ටර් මන්දාරම් .. අපේ අක්කාගේ යාලුවෙක්ගේ යාලුවෙක්  ජොබ් එකක් හොයනවා මාස හත අටකට වගේ.. ඔය කඩවත අවටින් තමා හොයන්නේ … මට මතක් වුනා මන්දාරම් ළැගත් ජොබ් ඔපොර්චුනිටි එකක් තියෙනවා කියලා… ඒකයි මම ගත්තේ මේ…”

” මොන වගේ ජොබ් එකක්ද ඩොක්ටර් …”

” එයා අවුරුදු දෙකක් ඩුබායි වල නර්සින් ඉඳලා ආයේ ලංකාවට ඇවිත් ඉන්නේ.. ආයේ යන්න තියෙන්නේ තව මාස අටකින් වගේ.. එතකල් එයා කැමති ගෙදරක ඉඳන් පේශන් කෙනෙක් බලාගන්න වගේ .. මොකද මාස හත , අටට වෙන කොහෙන්වත් ජොබ් ඔෆර් කරන්නේ නෑනේ…”

” අඩේ .. නියමයිනේ ඩොක්ටර් .. මෙවෙලේ ඒ රික්වරයමන්ට්ස් අපේ රික්වයර්මන්ට්ස් වලට හරියටම ගැලපෙනවනේ..අපි වැඩේ කරමු .. ඩොක්ටර් මට ඒ ලමයාගේ නම්බර් එක දාන්නකෝ ,… මම කතා අක්‍රගන්නම්.. මෙවෙලේ මාරම උදව්වක් ඩොක්ටර් ….”

” අනිවාර්‍යෙන් .. ශුවර්.. ඇත්තටම මේක අපිටත් උදව්වක්.. මොඅක්ද අක්කාගේ මේ යාලුවා මගෙන් උදව්වක් ඉල්ලුවාමයි …. “

” අනිවාර්‍යෙන් ඩොක්ටර්.. අපි මේ වැඩේ කරගමු…එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියන්නේ මට්ටහ් ඒක මාරම සපෝර්ට් එකක් ….”

” හරි.. මම හවස ගෙදර ගියාම විස්තර අහලා මන්දාරම්ට ටෙක්ස්ට් එකක් දානන්ම් …”

” හරි ඩොක්ටර් ..වේයිටින්….”

දිලුම් ඇමතුම විසන්ධි කලේය. එහෙත් ඔහුගේ නලලේ රැලි නැගී තිබුණි.

” ඔය කිව්වාට අපේ අක්කට පුලුවන් වෙයිද රන්දු ….”

තමා අසල සිටගෙන සිටින රන්දුලාගෙන් ඒ සැකය එලෙසින්ම විමසුවේය.

” අක්කාට මොකක්ම හරි විශ්වාසයක් ඇතිනේ දිලුම් .. අනෙක, මෙවෙලේ අක්කා ට එහෙම දෙයක් වෙනුවෙන් ඉඩ හදලා දෙන එක හොඳයි .. අක්කට කරගන්න ඹැරි වුනොත් ඉතින් ශේප් එකේ නවතින එකනේ.. ඔය මන්දාරම් වුනත් ඔයාට කතා කර කර ආයේ ඔව්වා අහන්න යන එකක් ණෑ.. ඒ කතා කරත් හොයලා බලලා කියන්නම් කියලා ශෙප් එකේ උන්නම හරිනේ…”

රන්දුලා එලෙස ප්වසද්දී දිලුම් ඇය දෙස  මනමාල බැල්මක් හෙලුවේය. තමාට ඕ මුන ගැහෙන විට ඕ  මෙහෙම කට්ට කෛරාටිකකම් දන්නා කෙල්ලක නොවූවාය. එහෙත් දැන් ඕ තමා සම්ඟ සිටම පදම් වී ඇත.

” යසයි මගේ ගෑණි ….”

දිලුම් කිසිවෙකුට නොපෙනෙන්ට රන්දුලාගේ සුලැඟිල්ලේ පැටලී අතැරියේය.

” හවසට ගෝල් ෆේස් යමුද?..”

” මම ඕෆ් වෙන්නේ හතට …”

” අවුලක් නෑනේ.. නයිටක් අදිමු…”

” ඔයාලා අක්කවත් එක්කගෙන එන්න …”

දිලුම් රන්දුලා වෙත හදවතින්ම නැඟුන හාදුව පා කලේය. ජීවිතට අවැසි මෙවන් ප්‍රේමයක් නොවේද ?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles