අද ලෝකය ඉස්සරට වඩා හරිම වෙනස්. ඉස්සර කාලෙ නම් ගොඩක් වෙලාවට කාන්තාවන් ගෙදරටම වෙලා ගෙදර දොරේ වැඩ පල කරගෙන දරුවන් බලාගෙන ඉන්න එක තමයි කලේ. ඒත් අද ලෝකයේ සහ ජීවිතවල තියෙන තරගකාරිත්වය එක්ක පිරිමින් එක්ක හරි හරියට වැඩ කරන්න කාන්තාවන්ට සිදුවෙලා තියෙනවා.
පිරිමි පාර්ශ්වය වගේම රෑට වැඩට යන්න, වැඩ ඇරිලා ගෙදර එන්න, තනියෙන් එහෙ මෙහෙ යන්න බහුතරයක් කාන්තාවන්ට සිදුවෙලා තියෙනවා. කාලෙ වෙනස් වුණත්, ලෝකෙ වෙනස් වුණත්, කාන්තාවන්ට පිරිමි පාර්ශ්වයෙන් වෙන අඩත්තේට්ටම් වල නම් කිසිම වෙනසක් එදාවත් අදවත් වෙලා නෑ.
ඒ වගේ ඉතාම වේදනාබර කතාවක සාක්කියක් තමයි අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ. අද කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Eno Farihah. අමනුස්ස, අසම්මත පිරිමි පාර්ශ්වයක හැසිරීම් රටාවක් නිසා මිලින වෙච්ච අවුරුදු 18ක කෙල්ලෙක් තමයි Eno Farihah. මේ කතාව අපිට ඇහෙන්නෙ ඉන්දුනීසියාවෙන්. ඒ 2016 අවුරුද්දෙ මැයි මාසෙ.
Eno Farihah ජීවත් වුනේ ඉන්දුනීසියාවෙ ටැන්ගෙරැන්ග් කියන ප්‍රදේශයේ. 2016 මැයි මාසෙ වෙද්දි එයා Vocational School එකෙන් Graduate වුනා විතරයි. Graduation එකෙන් පස්සෙ Eno එයාගෙ අනිත් යාලුවො වගේම Plastic Company එකක Office එකකට Join වුනා. මේ Office එක තිබුනෙ Eno ගෙ ගෙදරට ටිකක් දුරකින්. හැබැයි මේ Office එකේ අය ඔෆික් එකේ වැඩ කරන ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම වෙන වෙනම නවාතැන් පහසුකම් සලසලත් තිබුණා.
ඒ වගේම Eno ඉඳියෙත් මෙන්න මේ නවාතැනකින් එකක. එයා සතියට එක දවසක් හෝ දෙකක් රාත්‍රියක් දෙකක ගතකරලා එන්න එයාලගෙ දෙමව්පියන්ගෙ ගෙදරට යනවා. Eno Farihah කියන්නෙ හත් දෙනෙක් ඉන්න පවුලක හතරවෙනි දරුවා. ඒ වගේම මෙයාලා ඉස්ලාම් ආගම තමයි අදහන්නෙ. ඒ නිසාම Eno ට Proposal Marriage එකකින් විවාහ වෙන්න කෙනෙක්ව බලලත් තමයි තිබූනෙ ගෙදරින්.
හැබයි මේ අතරෙ තමයි Eno දවසක් අප්‍රේල් මාසෙ දවසක වැඩ ඇරිලා නවාතැනට යද්දි පාරෙදි හම්බුවෙන පිරිමි ළමයෙක් එක්ක කතාකරන්න පටන් ගන්නෙ. මේ කතාව අවසානයේ දුරකතන අංක හුවමාරු කරගන්න මේ දෙන්න දුරකතනය ඔස්සේත් කතා කරන්න පටන් ගන්න එක ඉවර වෙන්නෙ එක්තරා විදියට සම්බන්ධයක් මේ දෙන්න අතරෙ ඇතිවෙලා.
මේ පිරිමි ළමයා Eno ට වඩා බාල අවුරුදු16ක් වයස Eno ගෙ නවාතැනට ලඟ ඉස්කෝලෙකට යන පිරිමි ළමයෙක්. එයාගෙ නම Ari කියලා තමයි කියන්නෙ.
2016 මැයි මාසෙ 12 වෙනිදා Eno එයාගෙ Boy friend වෙච්ච Ari ට කියනවා “ඔයා මගේ නවාතැනට එන්න” කියලා. ඒකට හේතුව විදියට Eno කියන්නෙ “මට කසාද බඳින්න කෙනෙක්ව ගෙදරින් හොයල දීලා තියෙන හන්දා අපිට මේ මාසයක් විතර තිබ්බ සම්බන්ධෙ දැන් නතර කරන්න වෙනවා” කියලා.
ඉතින් එදා රෑ 11.30 ට විතර Ari එනවා Eno ගෙ නවාතැනේ ගේට්ටුව ළඟට. එතනට එන Eno Ariව එයාගෙ කාමරේට එක්කරගෙන යනව. පැය භාගයක් විතර කතාකරන මේ දෙන්න හිම්න් සැරේ සිපගන්න පටන් ගන්නවා.
මේ අතරෙදි තමයි Ari එයාගෙ ඇඳුම් ඉවත්කරන්න පටන් ගන්නෙ. Eno එතකොට කියනවා එයා මීට එහා දුරකට යන්න කැමත් නැති විත්තිය.මේක ප්‍රතික්ශේප වීමක් විදියට භාරගන්න Ariට හොඳටම තරහා යනවා. ආයෙම ඇඳුම් ඇඳගන්න Ari කරන්නෙ Eno ගෙ කාමරයෙන් එලියට ගිහින් මේ නවාතැන්පලේ කාන්තා සහ පිරිමි නේවාසිකාගාර මැද කොරිඩෝවක නතර වෙලා සිගරට් එකක් පත්තු කරගන්න එක.
මෙන්න මෙතනදි තමයි Ari ට අවුරුදු 24 වයසති Imam ව සහ Ramad ව හමුවෙන්නෙ. මේ දෙන්න වැඩ කරන්නෙත් Plastic Factory එකේ සහ නතරවෙලා ඉන්නෙ ඒ නේවාසිකාගාර වලමයි. ඉතින් මේ දෙන්න Ari ගෙන් අහනවා “ඔයා කවුද, මෙතන මොකද කරන්නෙ?” කියලා. ඔතනදි තමයි Ari කියන්නෙ මම මෙහෙම මෙතන වැඩ කරන කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා. ඒ උනාට දැන් එයා මේ සම්බන්ධෙ නතර කරන්න ඕන කියනව. මම ඒක ගැන කතාකරන්නයි මේ ආවෙ කියලා. එතකොට අර දෙන්න කියනවා “අපිට බලන්න ආස්යෛ ඔයාගෙ ගෑණු ළමයා කවුද කියලා”.
මේ නේවාසිකාගාරවල පිරිමි සහ කාන්තා කාමර වෙන් කරන ගේට්ටුවක් තියෙනවා. සාමාන්යෙන් ඒ ගේට්ටු වහලා තියෙනව උනත් තරහෙන් එලියට ආව Ari ගෙ අතින් අතපසුවීමකින් මේ ගේට්ටුව වහල තියන්න අමතක වෙන නිසා මෙයාලට පුලුවන් වෙනවා ගේට්ටුවෙන් ඇතුලට යන්න. Eno ගෙ කාමරේ ලඟට ගිහින් කාමරේ දොර අගුල කරකවල බලන Ari දැනගන්නවා තමන් දොර වහගෙන යාවි කියල හිතල Enoට දොර වහන්න අමතක වෙලා කියන එක. ඉතින් තුන්දෙනාටම කාමරේ ඇතුලට එන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
මේ මුකුත් නොදන්න Eno ඉන්නෙ ඇඳේ හාන්සිවෙලා නින්දක. එතනදි තමයි Imam සහ Ramad Eno ව අඳුරගන්නෙ. එකම Office එකක වැඩ කරන Imam ගෙ හිතෙත් Eno ගැන කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. එයා Eno ගෙ දුරකතන අංකය හොයාගෙන මැසේජ් කොච්චර දැම්මත් Eno ඒ එකකටවත් Reply නොකරපු තරහා Imam ගෙ හිතේ තියෙනවා. ඒ වගේම තමයි Ramad ඉන්නෙත් මෙයා එක්ක තරහෙන්. මොකද මීට කලින් වතාවක Eno එයාට අපහාස කරලා තියෙනවා එයා කැතයි සහ හම කලුයි කියලා.
ඉතින් එක්තරා විදියකට බැලුවම මේ පිරිමි තුන්දෙනාම ඒ වෙලාවෙ Eno එක්ක එක සමාන තරහෛන් ඉන්නෙ Eno විසින් තමන්ව ප්‍රතික්ශේප කිරීම නිසා.
එතනදි තමයි Imam කොට්ටයක් අරගෙන Eno ගේ මූණ උඩින් තියලා කොට්ටෙ තද කරන්නෙ. නින්දෙන් උන්නත් ඇහැරෙන Eno මේකට විරුද්ධව සටන් කරද්දි Imam එයාගෙ සාක්කුවෙ තිබ්බෙ ගෑරැප්පුවක් අරගෙන Eno ගෙ මුහුණට ඇනගෙන ඇනගෙන යනවා.
Imam සහ Ramad Eno ව බිමට ඇදලා දාන ගමන් Ari ට කියනවා කුස්සියට ගිහින් පිහියක් අරගෙන එන්න කියල. කුස්සියට ගිහින් පිහියක් හෙව්වට හම්බුවෙන්නෙ නැති තැන Graden එකට යන Ari එතන තියෙන Garden Hoe එකක් එහෙමත් නැත්තම් උදැල්ලක් වගේ එකක් අරගෙන එනවා. Imam සහ Ramad Ari ට කියනවා ඒ උදැල්ලෙන් Eno ගෙ මුහුණට පාරක් දෙන්න කියලා.
Ari දෙපාරක් තියා එකපාරක්වත් හිතන්නෙ නෑ. “මෙයාට මං ආදරේ කරා” කියනව වෙනුවට Ari ට මතක් වෙන්නෙ “මෙයා මාව ප්‍රතික්ශේප කරා” කියන එක විතරයි.
නිසොල්මන් වෙච්ච Eno ගෙ සිරුව උඩ තමන්ගෙ පහත් ආශාවල් සංසිඳුවාගන්න පිරිමි තුන්දෙනාම කටයුතු කරනවා.
එතනින් නතර නොවේ අර Gardening Hoe එක නිසසල Eno ගෙ සිරුරට ඇතුලු කරන්න තරම් අමානුශික වෙන්නත් Ramad අමතක කරන්නෙ නෑ. ශරීරය ඇතුලට ඒ ආයුධයේ 90%කටත් වඩා ප්‍රමාණයක් ඇතුලුවෙන නිසා ශරීර අභ්‍යන්තර අවයව වලට හානිවෙන Eno ජිවීතේට සමුදෙන්නෙ ඒ වගේ අභාග්‍යසම්පන්න රාත්‍රියක.
Eno ගෙ මල සිරුරෙන් එන්න නියමිත දුගඳ පාලනය කරන්න Eno ගෙ ඇඳුම් වලින් එයාගෙ මල සිරුර වහන මේ අමනුශ්‍යයන් තුන්දෙනා එතනින් පිටත්වෙන්නෙ Eno ට අයිති දුරකතනව වගේ දේවල් අරගෙන, සාක්කි හංගන්න හිතාගෙන.
මේ හැමදේම ලෝකය දැනගන්නෙ Eno රැකියාවට වාර්තා නොකරනවත් එක්කම. Eno ගෙන් යවපු Message වලට කිසිම උත්තරයක් නැති තැන එයාගෙ යාලුවො කාමරේ දොරට තට්ටු කරනවා. ඒත් සද්දයක් නැති තැන දොර කඩලා බලද්දි තමයි මේ දරාගන්න අපහසු සිදුවීමට ලෝකයේම ඇස් යොමුවෙන්නෙ.
පොලිසිය සිදුවීමට එකතු වෙනවා. Eno ගෙ මරණයට හේතුව එයාගෙ සිරුරට බාහිරින් එකතු වුන උදැල්ල නිසා ශරීරයේ අභ්‍යන්තරයේ හටගත් අධික රුධිර වහනය බව මරණ පරීක්ෂණයෙදි ඔප්පු වෙනවා. මරණය ඇයට කොපමන වේදනාවක් වන්නට ඇතිද කියන එක මෙතනදි ලියා තැබිය යුතු නැති බව මම හිතනවා.
Fingerprints, bite marks, saliva, semen ඔස්සේ අපරාධකරුවන් හඳුනගන්න එක අපහසුවක් වෙන්නෙ නෑ.
සාක්කි රැසක් ඔස්සේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවෙනවා. දඬුවම් ලැබෙනවා. ඒත් ඒ හසුවීම සහ ඔවුන්ට ලැබුන දඬුවම් Eno ට කල අපරාධයට සාධාරණයක් ඉටු කරනවද?
ඊටත් එහා ගිහින් අපි සමස්ත ලෝකයෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා.
“ප්‍රතික්ශේප කිරීමක අවසානය විය යුත්තෙ ඉතාම වේදනාකාරී මරණයක් අත්වීමද?”
ReplyForwardAdd reaction |