සම්බන්ධතාවයක සාර්ථකත්වය කියන දේට විශේෂයෙන්ම එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන, ඒවාට ගරුකරමින් ගෙවාගෙන යන ජීවිතයක් ගොඩනැගීමේ හැකියාව තීරණාත්මක සාධකයක් වෙනවා. විශේෂයෙන්ම විවාහ සබඳතාවයක් ඇතුලෙ ඕනම Couple එකකට තමන්ගෙ Partner එක්ක Share කරගන්න කැමති විදියෙ ආශාවල්, උවමනාවල් තියෙන්න පුලුවන්. අද වගේ ලෝකෙ දියුණූ, තාක්ෂනය සහ සමාජ මාධ්‍ය දියුණු කාලෙක මේ වගේ දේවල් මහ අමුතු Topics නොවුනට තවමත් සංස්කෘතිය වගේ දේවල් ගැන හිතන රටක ඉන්න විවාහක Couple එකකට මේ වගේ ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඔයාටත්, ඔයාගේ partnerටත් වෙනස් sexual fantasies තියෙන්න පුලුවන්. හැබැයි ඒකෙන් ඔයාලාගේ bond එක අඩු වෙනවාට වඩා තවත් සමීප වෙන එකක් බවට පත් කරගන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද?
”අපෝ ඕව ගැන කවුද ප්‍රසිද්ධියෙ කතාකරන්නෙ?” කියල හිතන අයට වුනත් Openly තමන්ගෙ Partner එක්ක මේවා ගැන Openly කතාකරන කෙනෙක්ට වුණත් මේ fantasies ගැන කතාකරන Article එක කියවන්න කිසිම තහනමක් නෑ. ඒත්, ඒවගේම, ඒවා බලෙන් impose කරන්න, හෝ ignore කරන්නත් යොජනා කරන්නේ නෑ. ඉතින් අපි බලමු ඔයාට වඩා වෙනස් විදියට හිතන Partner කෙනෙක් ඉද්දි පවුල් ජීවිතේ ලස්සනට අරගෙන යන්න පුලුවන් කොහොමද කියලා.
1. ආදරයෙන් ආරම්භ කරන්න:
ඔයාගේ Relationship එකට value එකක් දෙන්න
ඔයාගේ partnerගේ fantasies අහලා ඒවා තේරුම්ගන්න එකට මුලින්ම ඔයා ready වෙන්න ඕන. ඔහු/ඇයගේ අදහස් විහිළුවක් හෝ අමුතු දෙයක් කියලා dismiss කරන්න එපා. මොකද ඒ දේවල් තමයි,ඒ දේවල් ගැන තේරුම් ගැනීම තමයි, ඒවට සවන් දීම තමයි ඔයාලගෙ Personal Life එකේ Growth එකට හේතු වෙන්නෙ. ඒ නිසා, open-minded වෙලා, ඔයාගේ partnerගේ feelings පිළිගන්න.
ඒ වගේම එයාගෙ තෝරගැනීම් වලට හිනාවෙන්න එපා. මොකද ඔයා කියන්නෙත් එයාගෙ තෝරගැනීමක් හන්දා.
2. කතා කරන්න ලැජ්ජ වෙන්න එපා
Fantasies ගැන කතා කරන්න ගොඩක් අය ලැජ්ජා වෙන්න පුළුවන්, ඒත් ඒක එහෙම ලැජ්ජ වෙන්න ඕන නරක හෝ පව්කාර දෙයක් නෙවෙයි! ඒ දේවල් දන්න, තේරුම් ගන්න, සහ එකිනෙකාට මධ්‍යස්තව හිටගන්න පුලුවන් ground එකක් හොයාගන්න, direct conversation එකක් පටන් ගන්න.
ඒ වගේම, ඔයාට ඒක අපහසුයි නම්, partnerගේ fantasies ගැන අහලා ඒ ගැන ඔයාගෙ තියෙන Concerns ඔයාට කතා කරන්න පුලුවන්. Effective Communication තමයි ඕනම සබඳතාවයක අත්තිවාරම වෙන්නෙ.
3. එකිනෙකාගේ limits පිළිගන්න: Respect කියන දේට ඉහළම තැන දෙන්න
Sexual fantasies කියන දේ කසාද බැන්ද දෙන්නෙක් අතරෙ උනත් සමාන වෙන්න බෑ. කසාද බැන්දා උනත් ඔයාලා දෙන්නා දෙන්නෙක්. ආශාවල්, අවශ්‍යතාවයක් දෙවිදියක්. ඔයාගේ partnerගේ boundaries (limit) ගැන හොඳින් අසාගෙන, ඒවට ගරු කරන්න ඕන ඒ නිසාමයි. Partnerට පහසුවක් නැති දෙයක් කරන්න හෝ ඔයාට අපහසු දෙයක් කරන්න උවමනාවක් නෑ ඔයාලා දෙන්න අතරෙ තියෙන ආදරේ කොච්චර හොඳ එකක් වුණත්.
අපි හැමෝම වෙනස් මිනිස්සු. අවශ්‍යතාවයක් සහ අපහසුතාවයන් දෙයාකාර මිනිස්සු බව සබඳතාවයකදි හොඳින්ම මතක තබාගන්න ඕන.
4. Common ground එකක් හොයාගන්න
ඔයාගේ fantasies සහ partnerගේ fantasies අතරේ ඔයාලා දෙන්නටම සන්තෝස වෙන්න පුලුවන් Middle Ground එකක් හොයාගන්න. කිසිම වෙලාවක එයාව තලල පෙලලා, රිද්දල, බලහත්කාරයෙන් සතුටක් ලබන්න උත්සහ කරන්න එපා.
5. අළුත් අත්දැකීම් සඳහා open වෙන්න
5.Sometimes, fantasies වලට open-minded වෙන එක bond එක solid කරන powerful step එකක්. නමුත්, ඒක safe, consensual, සහ pleasurable විදිහට කරන්න අපි දැනගන්න ඕන.
එහෙම තැනකදි විතරයි ආදරයත් පරිස්සම් කරගෙන ඔයාලට සම්පූර්ණයෙන්ම සන්තෝස වෙන්න පුලුවන් වෙන්නෙ.
6. Professional help consider කරන්න
Fantasies අතරේ clash එකක් ඇතිවෙනවා නම්, couple’s therapist කෙනෙක්ගේ guidance consider කරන්න. Therapy sessions මගින් fantasies share කරන විදිහ, එකිනෙකාගේ needs handle කරන විදිහ, සහ balance කරන විදිය ඔයාලට ඉගෙන ගන්න පුලුවන්.
7. තමන්ගේ feelings ගැන හැමවෙලාවෙම ඇත්ත කතාකරන්න
Sometimes, fantasies ගැන කතා කරන්න කෙනෙක්ට හරිම අපහසුවක් වගේ දැනෙන්න පුලුවන්. හැබැයි ඔයාගෙ Partner ට Honest වෙන එකෙන් ඒ වගේ දේවල් ගැන ඔයාගෙ මනස ඇතුලෙ ගොඩ නැගෙන ආතතිය අඩු කරගන්න, නැති කරගන්න ඔයාට ඉඩ ලැබෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ගැන එයා එක්ක කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.
එයා ඔයාට ආදරේ බව ඔයාට විශ්වාස නම් එයා කිසිම වෙලාවක මේ වගේ දෙයක් සම්බන්ධව ඔයාව Judge කරාවි කියල බයක් ඇති කරගන්න උවමනා නෑ.
8. Social Stigma ගැන විමසා බලන්න
Sexual fantasies කියන දේ ගැන අපේ සමාජයේ විවිධ අදහස් තියෙනවා. ඒවා විශ්වාසය සහ ආදරය අඩාල කරන දෙයක්ද නැත්නම් bond එක deep කරන දෙයක්ද කියලා හොඳින්ම පැහැදිලි කරගෙන තමයි ඔයාලා දෙන්නම ඒ වගේ දේකට යන්න ඕන.
මොකද ඔයා ඒවට කැමති උනාට ඔයාගෙ Partner හිතන්නෙ සම්ප්‍රදායික විදියට නම් එයා එක්ක කතා නොකර ඒ වගේ දේකට යන එක ප්රශ්නකාරී තත්ත්වයන් ඇති කරන්න පුලුවන්.
9. Pleasure එකට අමතරව trust එක ගොඩනගන්න
Fantasies කියන එකට pleasure එකට අමතරව trust එකක්, connection එකක් එක්ක combine කරන්න. Sexual compatibility build කරගන්න ඒක ලොකුම ලොකු උදව්වක් වෙනවා.
10. Realistic Expectations: ජීවිතේ reality එකට adjust වෙන්න
Sometimes, fantasies කියන එක reality එකට perfectly match වෙන්නෙ න. ඒකෙන් සම්බන්ධතාවයේ තියෙන ශක්තිමත් බව අඩු වෙන්නේ නැහැ. ඒක විනෝදයක් සහ ජීවිතයට සතුටක් දෙන්න භාවිතා කරන method එකක් විතරයි කියලා සිතන්න.
Sexual fantasies වෙනස් වුණත්, ඒකෙන් අදහස් කරන්නෙ ඔයාලා අතර තියෙන Bond එක හයිය නෑ කියන එක නෙවෙයි. ඒ වෙනුවට, එකිනෙකාට අලුත් දෙයක් seek කරන්න, විනෝදයක් එක්ක අත්දැකීමක් ගොඩනගන්න ලස්සන අවස්ථාවක් හදාගන්න ඔයාලට පුලුවන්කම තියෙනාවා. ඔයාටත් ඔයාගේ partnerටත් ඔයාලාගේ dreams and desires explore කරගන්න complete freedom එකක් දෙන්න මේ වගේ දේවල් Try කරල බලන්න.
හැබැයි අමතක කරන්න එපා – හැමදේටම කලින් මේ ගැන එයත් එක්ක Effectively Communicate කරගන්න!