නිම්නාවී පියා සමගින්ම නිවසෙන් පිටවූවාය. ඒ සෙත් පසුගිය රැයේ පැවසුවේ කුමක්දැයි දැනගන්නටත් එක්කය. එහෙත් ඒ සඳහා පිවිසුම ගන්නේ කෙලෙසින් දැයි ඇට දැන උන්නේ නැත. තාත්තා හා මල්ලි සෙත් පැමිණියේ කුමකට ද යන්න දැන උන්නත්, එය තමාට නොපවසා සිටීම තුළ කුතුහලයක් වේදනාවත් වැඩි වූවා මිසක අඩුවක් වූයේ නැත.
පසන් හා සමඟ වන සම්බන්ධතාවය දැනගන්නට ලැබීමත්, පසන් මන්දාරම්ගේ වෘත්තීය සගයෙකු වීමත් තුළින්, තමා කෙරෙහි මන්දාරම් දරන කෝපය දෙගුණ තෙගුණ වී ඇති බව නිම්නාවී ට වටහා ගැනීම අපහසු වූයේ නැත. බොහෝ දුරට පසන් තනතුරින් මන්දාරම්ට වඩා ඉහළ විය යුතු යැයි නිම්නාවී උපකල්පනය කළාය. එසේ තිබියදී මන්දාරම්ට දැනෙනවා ඇත්තේ තමා විසින් ඔහුව රැවටීමට ලක් කලා යැයි කියාත්, සල්ලි මුදලේ බලයෙන් සහ පසන්ගේ බලය ඔහු යළි යටපත් කිරීමට හැකි විය හැකි වනු ඇතැයි කියාත් බව නිම්නාවී උපකල්පනය කළාය.
සීමාව ඉක්මවා එලෙසින් සිතමින් නිම්නාවී කළේ ඇයගේ සිතටත් කයටත් අනවශ්‍ය ලෙසින් වේදනා එක් කර ගැනීමය. රැය පුරාම ඕ ගෙවා දැමුවේ ඒ වේදනාවන් සමගිනි.
“පුතාට මේ සයිට් විසිටින් කරන්න බෑ. ඔයා එහෙනම් ඔෆිස් එකෙන් ඉන්නවද? සයිට් දෙකක් තියෙනවා පැය දෙයක් වගේ ඇතුලත ගිහින් එන්නම් මම ….. ” .
” මට එහෙම ලොකුවට මහන්සියක් නෑ තාත්තා. මාත් එන්නද ? මං ආසයි මිනිස්සු වැඩ කරන විදිහ, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දකින්න බලන්න …. එතකොට තමයි දේවල් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හිතන්න පුළුවන් වෙන්නේ… “
“හරි එහෙනම් යමු….”
ඩයස් තම දියණියගේ යෝජනාවට එකඟ වූයේ හිතේ ඇතිවන වේදනාවත් සමඟිනි. සැබැවින්ම ඇය මේ ජීවිතයට කැමැත්තෙන් ආශාවෙන් සිටින්නට ඇත. එහෙත් තමා සහ බිරිඳ කලේ ඇයව නිවසට කොටු කර දමා ඇගේ සියලු සිහින විනාශ කර දැමීම නොවෙද?
ජීවිතය කොයියම් හෝ මොහොතකින් අතීතය පුරා තමා කළ කල සියලු වැරදි අත් වැරදීම් නිවැරදි කර ගැනීමට තත්පරයක කාලයකින් හෝ හැරවීමක් ගන්නට දීම කෙතරම් යහපත් දැයි ඩයස් සිතුවේය.
නිම්නාවී අතින් වූ රිය අනතුරු සැඟවී ගියා නම් මේ කිසිවක් සිදුවන්නේ නැත. යළි වතාවක් මන්දාරම් මුණගැසී ඔහුට ස්තූතිවන්ත විය යුතු යැයි යැයි සිතුවේය. එපමණක් නොව මන්දාරම්ගේ මව මුණ ගැසී ඇයගෙන් සමාව අයැද සිටිය යුතුයැයිද ඩයස් සිතුවේය.
මන්දාරම් වෙසෙන් පෙරදා රාත්‍රියේ පවසන ලද පසන් විසින් දෙන්නා වීත යම් කරදරයක් කරාවි යන සිතුවිල්ල ඩයස් ගේ හත් සිතෙන් ඉවත් වූයේ නැත. රාජකා නිවසේ සිටියදී පවා ඈ සමඟ නිමාවී නිවසේ තනිකර නොයෙන්නට ඩයස් හිතාගත්තේ එවේලෙහිමය උදෑසන නිර්ණාවේ ද තමා සමග පිටව යාමට සූදානමින් සිටීම නිසා එය වෙනුවෙන් විශේෂ යමක් කරන්නට ඔහුට අවැසි වූයේ නැත.
නිම්නාවී පියා සමඟින් ඉදි කෙරෙමින් තිබූ ගොඩනැගිලි තුළ ඇවිදිමින් සේවය කරන්නන් සමග කතාබහ කරමින් පැය කිහිපයක්ම ගෙවා දැමුවාය. ඒ කාලේ ඇයට මන්දාරම් සිහි නොවූවා නොවේ. එහෙත් කළ හැකි කිසිවක් තිබුණේ නැත නැත. පෙරළා කාර්යාලයට පැමිණෙන අතරවාරයේ නිම්නාවී මුහුණු පොත් ගිණුම සක්‍රීය කර ගත්තාය. එහි මන්දාරම් සෙත් වර්ණකුලයැයි සොයා බැලුවාය. එහෙත් මන්දාරම් වර්ණකුල සෙවූ කාලය සේම කිසිදු සෙවීමකට පිළිතුරු ලැබුණේ නැත.
කොහොමටත් නිම්නාවී ෆේස්බුක් අවකාශය තුළ එතරම් සක්‍රීය අයකු නොවු නිසාම ඇයට යම් නමක් සෙවීම සඳහා ෆේස්බුක් අවකාශය තුළ ඇති යම් යම් කුඩා කාරණා මඟ හැරී තිබුණි.
” පුතේ ඔයා මීට පස්සේ මට නොකියා එළියට වත් කොහෙටවත් යන්න එපා..?”
ඩයස් නිම්නාවී ට පැවසුවේ පෙරළා නිවසට පැමිණෙද්දීය. නිම්නාවී විමතියෙන් පියා දෙස බලා කිසිවක් නොවිමසාම බලා උන්නාය.
ඩයස් කිසිවක් නොපවසාම ඉදිරිය බලාගෙන මෝටර් රථය ධාවනය කළේය.
” ඇය තාත්තා එහෙම කිව්වෙ මොකක් හරි ප්‍රශ්නයක්ද ? “
“ඔයා මං කිව්ව දේ කරන්නකෝ.. අනෙක් කාරණේ අම්ම උනත් එහෙම යන්න කතා කරාට ඔයා මට නොකියා කොහෙවත් යන්න ඕන නෑ..”
“මොකද වෙලා තියෙන්නේ තාත්තා? “
නිම්නාවී යලි ඇසුවාය. ඩයස් නිම්නාවී දෙස බැලුවේය. මේ සියල්ල නිම්නාවී ට තවදුරටත් සැඟවීමේ පළකුත් නොමැති බව ඔහු දනී. පසන්ගෙන් ආරක්ෂා වීමට නම් නිම්නාවී තමා විසින්ම තම ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයන් ද අනුගමනය කළ යුතුය.
” අර ඇක්සිඩන්ට් එක වුණ ගෑනු කෙනාගේ පුතා ඊයේ ඇවිල්ල ගියානේ….මොකක්ද ඒ ළමයාගේ නම මේ … මන්දාරම්…”
නිම්නාවීගේ හදවත ඉතා වේගයෙන් උඩ පනින්නට පටන් ගත්තේය. ඒත් නිම්නාවී පියාට කිසිදු වෙනසක් නොපවසා ඔහු දෙස බලා සිටින්නට උත්සාහ කලාය. ඇය දෑත් එකිනෙක තරයේ අල්ලාගෙන, අත ඇඟිලි එකිනෙකින් පිරිමැද ගන්නට උත්සාහ කලාය.
මන්දාරම් තමාට යම් තර්ජනයක්වත් සිදු කර ඇත්දැයි එක්වරම ඇයටට සිතුනි. එහෙත් ඔහු එවැන්නෙකු යැයි සිතන්නට ඇයට හිත දෙන්නේ නැත. ඇතැම් විට ජිනේන්ද්‍රගේ සහායද ද ඔහුට ලැබී ඇති නිසා ඔවුන් දෙදෙනා එක්ව තමාට යම් අනතුරක් කරනවා යයි යන ඉඟියක් දී යෑමට ඔවුන් පැමිණියා විය හැක. ජිනේන්ද්‍ර ට තමා සමග ඇත්තේ සුළු පටු කෝපයක් නොවන බව නිම්නාවී දනී. ඒ වරද නිවැරදි කිරීම වෙනුවෙන් පෙරේදා දිනයේම නොසෑහෙන දේ සිදු කළත් ඇයට කාව්‍යා සම්බන්ධ කර ගැනීමට කිසිදු මාර්ගයක් සොයාගන්නට හැකි වූයේේ නැත. ජීවිතය ඇතැම් අත් වැරදීම් සහ හදිසි තීරණ වෙනුවෙන් නිවැරදි කර ගැනීමේ කාලයක් ලබා නොදෙන බව නිම්නාවී වටහා ගත යුතුය.
” අර පසන් ඒ ළමයාගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ලු…… ඔෆිස් එකේ වැඩ කරනවා කිව්වට මොකක්ද මන්ද ප්‍රොජෙක්ට් එකකට ඒගොල්ලන්ගේ ඔෆිස් එකට යන එන කෙනෙක්…… ඒ ආපු වෙලාවක මන්දාරම්ට නිකන් ඇහිලා තියෙනවා, පසන්ගේ ෆෝන් කෝල් එකක්. මන්දාරම්ට හිතන විදියට ඒ කෝල් එකට පදනම් වෙලා තියෙන්නේ ඔයා.. කෝල් එකෙන් පසන් අනෙක් පැත්තේ හිටපු කෙනාට කියලා තියෙන්නේ, මොන දේ වුනත් කමක් නැහැ කෙල්ලව ඕනි කියලා.. මන්දාරම් අර රෑ තකහනිය ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය කතාව කියලා යන්න…”
නිම්නාවී ඇසුණේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිව මෙන් පියා වෙත දෑස් අයාගෙන බලා උන්නාය. ඔහුට තමා පිළිබඳව එතරම් ළයාදර දයාර්ද බවක්, සහකම්පනයක් ඇතිවන්නේ කෙලෙසද ? රාත්‍රී එකොළහත් පසුව තිබියදී මන්දාරම් තම නිවසට පැමිණියේ පසන්ගෙන් තමාට අනතුරක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා යන්නද?
නිම්නාවී කිසිත් නොපවසා ඉතාමත් භීතියෙන් අයාගත් දෑසින් යුතුව බලා සිටියදී ඩයස් එක් අතක එක් අතකින් පමණක් පමණක්ම අල්ලාගෙන අනිත් අතින් නිම්නාවී ගේ හිස පිරිමැද්දේය.
” එහෙම ලොකුවට බයවෙන්න දෙයක් නෑ පුතේ. එහෙම උස්සන් යන මේක ඔහුට ගියපු රට නේ. ගෙවුනාට මට තියෙන සැකය අම්මා ඌත් එක්ක එකතුවෙලා මොකක් හරි නාඩගමක් නටාවිද කියලා… කොහොම හරිකමක් නෑ, අපි ටිකක් පරෙස්සමෙන් ඉන්න එක හොඳයි…”
නිම්නාවී රොබෝවියක මෙන් හිස සැලුවාය.
” පුතාගේ හිත හරි ගියපු දවසක මන්දාරම්ට කෝල් එකක් දීලා ස්තූති කරන්න ….. ඒ වගේම සමාව ඉල්ලන්න. අපි තව ටික දවසකින් එහෙ ගෙදරත් ගිහිල්ලා මන්දාරම්ගේ අම්මටත් කතා කරලම එමු… දිලුම් කියන්න වගේ, ජිනේන්ද්‍ර යි මන්දාරම් දෙන්නා අතර මොකක් හරි සහෝදරකමක් තියෙනවා හෝ නැතා පුතා ජිනේන්ද්‍ර එකත් කතා කරන්න ඕන…. ඒ ඉස්සර වෙච්ච ප්‍රශ්නෙ වැරදි කරන්න පුතාට දැන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පුතා ඒක කරන බවත් ජිනේන්ද්‍ර ටකියන්න ඕනේ…”
නිම්නාවී එයටද හිස සැලීම පමණක්ම කළාය.
නිම්නාවේ කාමරය තුළට වැදී දොර වසා ගත්තේ මුළු ලෝකයෙන්ම හුදකලා වී මුළු ලෝකයටම ඇසෙන්නට කෑ ගසා කියන්නට හැඟීමක් පිළිවෙලට පිළිවෙලට ගලපාගන්නටය. එසේ නම් මන්දාරම්, ඔහු තමා ගැන දරාගත නොහැකි තරමේ කෝපයකින් පෙලෙන්නේේ නැතිද. ? අහම්බෙන් ඇසුණු ඇමතුමක තමාට සම්බන්ධ කොටසක් අපූරුවට ගලපාගෙන ඒ පිළිබඳව දැනුම්දී යාම ආවේව අපූරුම ප්‍රහර්ෂණය හැඟීමකට හෙලා තිබුණාය.
ඕ මන්දාරම්ගේ නිවසට යන කාලය භාවිතා කළ ජංගම දුරකථනයේ ගබඩා කරගෙන තිබූ රහසේ ගත් මන්දාරම්ගේ ඡායාරූපය යලිත් ඇස ඇලෙව්වාය.
මගේ සෙත් ..
එලෙසින් නොපවසා ඒ රූ විඳින්නට ඇයට හිතක් තිබුණේ නැත.
නිම්නාවී එදින නින්දට ගියේ අප්‍රමාණ සැනසීමෙනි. දැන් මන්දාරම් තමාට වෛර නොකරන බව ඇය ඉන්තේරුවෙන්ම දනී. එලෙසින්ම පසන් හා තමා අතර තිබෙන්නට ඇතැයි කොයි ආකාරය සම්බන්ධතාවයක් දැයි ද මන්දාරම් දන්නවා ඇතැයි නිම්නාවේ සිතුවාය.
මන්දාරම් දින පහක් සඳහා නිවාඩු අනුමත කරවා ගත්තේය. ආයතන ප්‍රධානියා මන්දාරම්ගේ නිවාඩු අනුමත කළේ, කරන්නට හැකි යමක් හැකි සියලු දේ සිදු කරන බව පවසමිනි. පසන් රණවීර ගේ ඊළඟ ඇමතුම වෙනුවෙන් තමා මුහුණ දෙන්නෙ කෙසේදැයි ආයතන ප්‍රධානියා සූදානම්ව උන්නේය.
” මං නිසා කම්පැණි එක අනතුරක දාගන්න ඕන නෑ…… සර් මට ෂොප් එකක් හොයාගන්න එක මහ දෙයක් නෙවෙයි. මට මිනිහා එක්ක වැඩ කරන්න උවමනාවකුත් නැහැ….”
මන්දාරම් ආයතන ප්‍රධානියාට පැවසුවේය
” කලබල නොවී ඉන්න මන්දාරම් වෙන්න තියෙන දේ මම බලලා කරන්නම් බිස්නස් ෆීල්ඩ් එක කියන්නේ කැමති මිනිස්සුත් එක්ක විතරක්ම වැඩ කරන්න ලැබෙන ෆීල්ඩ් එකක් නෙවෙයි, කියලා මම මන්දාරම්ට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ…. දැන් ඔය දවස් පහයි සති අන්තෙයි දවස් හතේ නිවාඩුව ගන්න වෙන්න ඕන මොකක්ද ඒ මොකක්ද කියලා බලලා මම කෝල් එකක් දෙන්නම්..”
මන්දාරම්භ නිවසේ සිටියා වුවද හෙදිය කැඳවා ගැනීම සිදු කළේය. ඔහු කළේ පුස්තකාල කාමරයට වී කල් ගෙවිමය. සවස චානක නිවසට පැමිණෙන තුරුම ඔහු උන්නේ කාමරය තුළය.
” නිම්නාවී අලහකෝන්ගේ නම්බර් එක හම්බුනා. උඹට ඕනද..”
චානක කාමරය දොරෙන් එබී විමසුවේය
“මං එදාම නම්බර් එක හොයාගත්තා බං තවම කතා කරන්න හිතක් නෑ..”
මන්දාරම් චානක දෙස නොබලාම පැවසුවේය. චානකයි ඇහි බැමට නළලට ගත්තේය.
” යකෝ නොසෑහෙන කැපවීමක් නේ තිබිලා තියෙන්නේ. එතකොට ඔය කැපවීම අනෙක් දේවල් වලට නැති එකනේ බං ප්‍රශ්නේ..”
“ආවනම් දාගෙන තේ එකක්වත් හදපං බං… බඩගිනි …දවල්ට කාලත් නෑ..”
මන්දාරම් චානකව ගණන් නොගෙනම කීවේය.
” තෝ ගෙදරට වෙලා මොන මගුලක් කරාද යකෝ…. මන් නහිලා නැහිලා ආවායින් පස්සේ මට තේ හදන්නත් කියන්නේ…… මම වොශ් එකක් දාගන්නකල් තෝ හදපං තේකක්…””
මන්දාරම් මිතුරාට කිසිත් පැවසුවේ නැත.
“උඹට කතා කරන්නත් විචිකිච්චාවයි වගේ නම් කියපන් මං කෝල් එකක් දීලා කතා කරලා බලන්නම්..”
චානක තම කාමරය දෙසට පිටත්ව යන අතරේ එලෙස කීවේය. මන්දාරම් තිගැස්සී කාමරයෙන් පිටතට ආවේ චානක අල්ලා ගන්නටය.
“නෑ ඕන්නෑ මම ඒක බලාගන්නම්..”
චානක උස් හඬින් සිනාසුනේය.
“චික් යකෝ ඔය ගානට ඉරිසියාව තිබ්බම ඇති බං.
“
අපේක්ෂා ගුණරත්න