පෝෂ්‍යදායී දන් වේලක්‌ පිළිගැන්වීමේදී මේ දේවල් ගැන සැලකිලිමත්වෙමු

මහත් ඵල මහානිශංස ලබාදෙන සාංඝික දානයක් පිළිගැන්වීමේදී ආවාට ගියාට පිළිගැන්වීම සුදුසුවන්නේ නැහැ. එසේම පමණ ඉක්මවා ස්වාමීන්වහන්සේලාට එකවර වැඩි පෝෂණයෙන් යුත් දන් පිළිගැන්වීමත් එතරම් සුදුසු නැහැ. එනිසා මේ කරුණු පිළිබඳවත අවධානය යොමන්න.

  1. සුදුසු සහල් වර්ගයක්‌ පිළිගැන්වීම – නිවුඩු සහිත සහල් හා තම්බාපු සහල් යන දෙවර්ගයම සුදුසුය. මෙම සහල් වල සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සංඝටක වන තන්තු ප්‍රතිඔක්‌සිකාරක හා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතවීම නිසා රුධිරගත සීනි හා කොලෙස්‌ටරෝල් ප්‍රමාණය පාලනය කරයි. බෝනොවන රෝග වැළඳීමේ අවදානම අඩුකරයි.
  2. පලතුරු පිළිගැන්වීම – පලතුරු යුෂ පානයට වඩා පලතුරු කැබලි වශයෙන් ආහාරයට ගැනීම හිතකරය. පලතුරු යුෂ වශයෙන් පිළිගන්නේ නම් සීනි නොයොදා පානය සුදුසුය. එක්‌ එක්‌ වකවානුවලදී බහුලව තිබෙන දේශීය නැවුම් පලතුරු වැළඳීම වඩා සුදුසුය. අවම වශයෙන් දිනකට පලතුරු දෙවර්ගයක්‌වත් වැළඳීම සුදුසුය.
  3. එළවළු හා පලාවර්ග පිළිගැන්වීම – එළවළු වල ශරීරයට අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවන ප්‍රතිඔක්‌සිකාරක හා තන්තුද බහුලය. එනිසා පලාවර්ගයක්‌ද ඇතුළුව අවම වශයෙන් දිනකට එළවළු තුන්වර්ගයක්‌ වැළඳීම සුදුසුය.
  4. නැවුම් කිරි හා කිරි ආහාර පිළිගැනීම – නැවුම් කිරි හෝ මුදවපු කිරි හෝ යෝගට්‌ වැනි කිරි ආහාර එකක්‌ හෝ දෙකක්‌ දිනපතා උදේ හා දහවල් දානය සඳහා පිළිගැන්වීම සුදුසුය. යොදය ඉවත්කරන ලද නැවුම් කිරි හෝ මේදය අඩු කිරි නිෂ්පාදන වඩාත් සුදුසුය.

මීට අමතරව පලතුරු, එළවළු හා පලාවර්ගවල නැවුම්බව පිළිබඳව සැලකලිමත්වීමත් වැදගත්. මේ අයුරින් කටයුතු කරමින් ඉතා අගනා පෝෂ්‍යදායී දන් වේලක්‌ පිළිගැන්වීමට ඔබට හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles