ඔන්ලයින් පේමට් එකක් නිසා මුදල් සියල්ල අහිමි කරගත් තරුණියකගේ කතාව

“රු. 1000ට මේකප් බඩු සෙට් එකක්ම. මේකප් සෙට් එක ගත්තම මේක් අප් බ්‍රශ් එකකුත් ෆ්‍රී” කියල දාලා තිබ්බ ඇඩ් එක සඳුනි දැක්කෙ හවස ඇඳේ හාන්සි වෙලා ඉන්න අතරෙ ෆේස්බුක් එකේ උඩ පහල යමින් උන්නු වෙලාවක.

සඳුනි කොහොමත් හරි ආසයි ලස්සනට ඇඳගෙන ඉන්න. එහෙ මෙහෙ යන්න. අනික දැන් එයා ටික්ටොක් එහෙමත් කරන නිසා කොහොමත් ගෙදර ඉන්නෙත් පොඩ්ඩක් හරි මේකප් දාගෙන. කොයි වෙලේ ටික් ටොක් එකක් කරන්න ඉඩක් ලැබේවිද කියලා කවුද දන්නෙ?

ඔහොම කෙල්ලෙක්ට ඉතින් අර වගේම මාරම සුපිරි ඔෆර් එකකට මේක් අප් බඩු ගන්න චාන්ස් එකක් ලැබුණම නොගෙන ඉන්නෙ නෑනෙ කියල හිතලා තමයි සඳුනි ඒ ඇඩ් එකෙ දාලා තිබුන නම්බර් එකට මැසේජ් එකක් දැම්මෙ තමන්ට මේ මේකප් බඩු සෙට් එකක් ගන්න ඕන කියල.

මැසේජ් එක දාන පරක්කුවට රිප්ලයි එක ආවෙ හරිම ආදරෙන්.

“කියන්න ඩියර්, මොකද්ද ඔයාට ඕන සෙට් එක?” කියලා එහා පැත්තෙන් මේකප් බඩු විකුනන ළමයා ඇඩ් එකේ තිබ්බ මේකප් බඩු වලටත් වඩා ලස්සන ඒවයි පින්තූර එවද්දි සඳුනිට පිස්සු හැදුණෙ නැති ටික විතරයි. ඕලෙවල් ළමයින්ට ක්ලාස් කරලා අතටත් ගාණක් හම්බෙන නිසා සඳුනිට ඕව ගන්න බැරිකමක් තිබ්බෙ නෑ. අනික ඉතින් අම්මයි තාත්තයිත් සල්ලි නොදෙනවය කියල.

“ඔන්න චුට්ටි ආස දෙයක් ඕන වෙලාවක අරගන්න” කියලා තාත්තම තමයි බැංකු කාඩ් එකක් එහෙමත් හදලා දුන්නෙ. ඉතින් ඒ කාඩ් එක පාවිච්චි කරල තමයි සඳුනි තමන් ආස දේවල් එහෙම සල්ලි දීලා ගත්තෙ.

“මට එහෙනම් මේ සෙට් දෙකම එවන්න” කියලා සඳුනිට අහන්න ඕන උනේ COD තියෙනවද කියල? ඒ උනාට “මිනිස්සු විශ්වාස කරන්න බෑ ඩියර්. සමහරු COD දාලා ගෙදරට ගෙන්න ගත්තම ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ. ඒ නිසා මම දැන් COD කරන්නෙ නෑ” කිව්ව හන්දා ඊලඟට කරන්න පුලුවන් උනේ බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් හරි online හරි ගෙවන එක විතරයි.

ට්‍රාන්සර් කරන එක කම්මැලි හන්ද තමයි සඳුනි ඔන්ලයින් ගෙවන්නම් කියලා කිව්වෙ. එහා පැත්තෙන් එවපු ලින්ක් එකට ලොග් වෙලා, අදාල පේමන්ට් එක කර සඳුනි හරි සන්තෝසෙන් හිටියෙ මේකප් බඩු ටික එනකම්.

හැබැයි මොකක් හරි විදියකින් තමන්ට වැරදිලා කියලා සඳුනිට තේරුණේ ඉන්පස්සෙ දවසෙ උදේ නැගිටිද්දි බැංකුවෙන් ඇවිත් තිබ්බ මැසේජ් එක දැක්කම. මේ මාස කීපෙකට එක්කහු කරගත්ත ඔක්කොම සල්ලි ටික සතේටම හිඳිල බව තේරුම් ගියාම සදුනිට මුලින් හිතාගන්න බැරිවුනා කොහොමද මෙහෙම දෙයක් වුනේ කියලා.

ඒ නිසා තමයි එයා බැංකුවට කතා කරලා මේ ගැන විස්තර ඇහුවෙ.

“මිස් ළඟඳි මොකක් හරි තර්ඩ් පාටි සයිට් එකකින් පේමන්ට් එකක් කරාද?” කියලා බැංකු නිලධාරියා අහද්දි තමයි සඳුනිට මතක් උනේ මේකප් බඩු ගන්න තමන් ඒ විදියෙ පේමන්ට් එකක් කල බව.

ඒත් එහෙම පේමන්ට් මීට කලිනුත් කරලා තියෙනවනෙ? කියන එක සඳුනිට මතක් උනේ. ඒ වතාවල නොවිච්ච දෙයක් මේ වතාවෙ වෙන්නෙ කොහොමද?

“මිස් එතනදි තමන්ගෙ බෑන්ක් ඩීටේල්ස් ඔක්කොම, CVV එක otp එක ඔක්කොම සබ්මිට් කරලා තියෙනවා” කියල බැංකු නිලධාරියා කියද්දි තමයි සඳුනිට හිතාගන්න බැරි උනේ දැන් තමන් මොකද්ද කරන්න ඕන කියන එක.

මේ වගේ අවස්තාවලට ඔබ මුහුන දීල නැතත් ඔබත් නිතරම Online භාණ්ඩ මිල දී ගන්න කෙනෙක් නම් මේ වගේ දෙයක් අනාගතයේ වෙන්න ඉඩක් තියෙනවා. ඉතින් කොහොමද අපි මේ වගේ ගැටලුකාරි තත්ත්වයන්ගෙන් බේරිලා පරිස්සමෙන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන්නෙ කියන එක ඔබ කල්පනා කරනවා ඇති.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේශ්ට තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු – චරක දමුණුපොල මහතා ඒ ප්‍රශ්නෙට දෙන්නෙ මෙන්න මේ වගේ උත්තරයක්.

“මේ වගේ Online භාණ්ඩ මිල දී ගන්න අවස්තාවකදි ඔබගේ බැංකු ගිණුම් තොරතුරු වෙන කෙනෙක් අතට පත්වීම වලක්වාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි COD ක්‍රමයට භාණ්ඩ ගෙදරට ආ පසු මුදල් ගෙවීම.

සමහර අවස්තාවල එහෙම බැරිවෙන තැන් එන්න පුලුවන්. හැබැයි මොන යම් හෝ අවස්තාවක Online Payment එකක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතනදි ඔබ ගනුදෙනු කරන Vendor එහෙම නැත්තම් භාන්ඩ සපයන්නාව ඔබට කොපමණ විශ්වාසයක් තබාගන්න පුලුවන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න”

ඒ වගේම තමයි මේ වගේ දෙයක් වුනාට පස්සෙ ඒ මුදල් ආයෙම ඔබේ ගිණුමට ලබා ගැනීම ඔබ හිතන තරම් පහසු වෙන්නෙ නෑ. හැබැයි අනාගතයේ මේ විදියට ඔබේ ගිණුමෙන් මුදල් කැපෙන එක නතර කරගන්න වගේම, ඉතිරිවෙලා තිබෙන යම් මුදලක් වේ නම් ඒක පරිස්සම් කරගන්න ඔබ ගනුදෙනු කරන බැංකුවට කතා කරලා මේ විස්තර පැහැදිලිව කියලා, ගිණුම අත් හිටුවා ගැනීමක් කරන්න ඔබට පුලුවන්.

ඉතින් සයිබර් අවකාශයෙන් මිදුණ ජීවිතයක් ගැන මේ කාලෙ අපිට හිතන්නවත් බෑ.

හැබැයි පරිස්සමෙන් Surf කරන්න – Smart විදියට ජීවත්වෙන්න!

තොරතුරු මූලාශ්‍ර: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේශ්ට තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු – චරක දමුණුපොල මහතාගෙන්

Related Articles

Don't Miss


Latest Articles