සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගෙනෙන චොක්ලට්

පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් චෝක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරව්වක් කළාඒ හෙළිදරව්වට චොක්ලට් ලෝලීන්ගේ අවධානය යොමු විය යුතුමයි.

  • චොක්ලට් පෙති 3, 4 පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත වැටෙනවානමුත් අනෙක් ආහාර වල මේදය අඩු නොකර එය කිරීමෙන් පලක් වන්නේ නැහැමේ ගුණ ලැබෙන්නේ චොක්ලට් වල අඩංගු ශාක ස්ටෙරෝල හා කොකෝවා ෆ්ලැවනෝල් සතු විශ්මිත පෝෂණ ගුණාංග නිසාවෙන්.
  • චොක්ලට් හදවත් රෝග හටගැනීමේ අවදානම සියයට තිස් පහකින් අවම කරනවාසීමිත ප්‍රමාණයක් පමණයි ආහාරයට ගත යුතු වන්නේ.
  • දිනකට දෙවරක් චොක්ලට් දියර පානය කිරීමෙන් වැඩිහිටි හා වියපත් අයගේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්.
  • මොළයේ එක් එක් කලාප වලට ඉලක්කගත කාර්යයන් ඉටු කරගැනීමට අවශ්‍ය ප්‍රශස්ත රුධිර සංසරණය ෆ්ලැවනෝල් මගින් ලැබෙනවා.

ඒ විතරක්ම නෙවේමේදය අධික ආහාර අනුභවයෙන් නොමිදී චොක්ලට් පමණක් අනුභව කිරීමෙන් මෙම ප්‍රතිලාභ නොලැබෙන බව අනිවාර්යයෙන්ම මතක් කරන්නත් ඕනා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles