රන් මල් දම් – 67

 

රාජිකා නිවසට කැටුව ගියේ ඩයස් ය. නිම්නාවී සෙත් සමඟ ඔහුගේ මෝටර් රියේ පැමිණියේය. රාජිකා උන්නේ කම්පනයට පත් වී සේය. සැබැවින්ම  මුලදී ඇයට කුමක් සිදුවීදැයි සිතා ගන්නට හැකි වූයේ නැත.  එහෙත් ඕ පසුව සිහියට එලැඹ කල්පනා කර බලද්දී සියල්ල වටහා ගත්තාය. පසන් තමා බිලිදී ඔහුට අවැසි සියල්ල සිදු කර ගැනීමට සැලසුම් කර ඇති බව ඕ වටහා ගත්තාය. පසන් රණවීර යනු තමා සිතා උන් විඩියේ ස්මාර්ට් තරුණයෙකු නොව, ඔහුගේ පියා වැනිම කෛරාටික මිනිසෙකු බව ඕ වටහා ගත්තාය. 

පසන් රණවීරගේ පියා රාජිකාගේ පළමු  පෙම්වතා විය. එහෙත් එවකට ඔහු එතරම් වත්පොහොසත් කම් දැරුවෙක් නොවූ නිසා රාජිකා ඔහු සමඟ වූ සම්බන්ධතාවය අතැර ඩයස් හා විවාහ වූයේ දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනාවකට එකඟ වීය.  පසන් රණවීරගේ පියා විදෙස්ගත විය. ඒ  ඔහුට රාජිකාගේ මතක වලින් මිදී ජීවිතය අරඹන්නට අවැසි වූ නිසාමය. වසර කිහිපයක අවෑමෙන්  ඔහු යලි ලංකාවට පැමිණියේය. ව්‍යාපාර කිහිපයක් වෙනුවෙන් ආයෝජනය කලේය. ඔහුට යළි රාජිකා මුණ ගැසුනේ ඒ අතරවාරයේය. රෙ වන විට ඔහූ උන්නේ රාජිකා පිළිබඳව වන උදාසීන හැඟීම් එක්කය. එහෙත් ඔහු රාජිකාට පෙනෙන්නට යම් ප්‍රහර්ෂණීය හැඟීම් මැව්වේය. ඩයස් හා සමඟ ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්නට රාජිකා තීරණය කලාය. පසන් රණවීරගේ පියාද ඇය රිසි දෙයක් කරන්නට ඉඩ දී බලා උන්නේය. එහෙත්, නිම්නාවී රාජිකාගේ කුස පිළිසිඳ ගත්තේ ඒ අතරේය. රණවීර වහා පසෙකට වූවේය. රාජිකා කෙතරම් ඇවිටිලි කලද ඔහු ඇය හා එක් වීම ප්‍රතික්ෂේප කලේය. රාජිකාගේ කුස සිටින දරුවාගේ පියා ඩයස් බව දැන දැනම ඔහුට ඔවුන් මැදට පැමිණීමට අවශ්‍ය වූයේ නැත. රාජිකා නිම්නාවී ගබ්සා කිරීමට සූදානම් වන බව මිතුරියක හරහා දැන ගත් පසු රණවීර රාජිකා කෙරෙහි අප්‍රසන්න පිළිකුලක්ම ඇති කරගත්තේය.  එතැන් පටන් රාජිකා ජීවත් වූයේ ඇරියස් එක්කය. ඩයස් ගේ ජීවිතයට යළි ඇලී ඔහු එක්ක ජීවිතය ඉදිරියට යෑමේ විකල්පය ඕ තෝරා ගත්තාය. එහෙත්, රණවීර හා සමඟ ගෙවන්නට තිබු ජීවිතය අහිමි වූයේ නිම්නාවී නිසාවෙන්‍ ය යන සිතුවිල්ල ඇයගේ  සිතින් ඉවත් වූයේ නැත.

ඒ නිසාම නිම්නාවී සමඟ ඇය ගෙන ගියේම යම් දුරස්ත සම්බන්ධතාවයකි. එලෙසින්ම නිම්නාවී යම් ආදර සම්බන්ධතාවයක පැටලෙන්නට නොදී ඇගේ ජීඉව්තය සිර කර දැමීමේ කුරිරු සිතුවිලිද රාජිකා පෝෂණය කලාය. නිම්නාවීගේ ජීඉව්තය සිරගත වීම ද තම ජීවිතය සිර ගත වීමද රාජිකා සිතුවේ එකම තැටියක වන කාරණා දෙකක් ලෙසිනි. ඉන් තම දියණියගේ ජීවිතයට සිදු වන විනාශය,  මවක සේ වටහා ගැනීමක් කිසිදිනෙක රාජිකා අතින් සිදු වූයේ නැත.

ඩයස්ගේ වෙළඳ මිතුරු හමුවකදී යළි රණවීරව මුණ ගැසීමෙන් පසු, නිම්නාඅවීව පසන් රණවීරට යෝජනා කෙරුණේ ඒ අතරය. රාජිකාට අවැසි වූයේ රණ්වීරගේ බිරිඳට රිදෙන්නටම කෙලෙසකින් හෝ ඒ පවුල හා හා වෙනටය. රණවිර සතු වත්පොහිසත්කම් වල අයිතියේ කොටස්කාරියක වීමය. ඒ වෙනුවෙන් නිම්නාවී බිලි දෙන්නට වීම ඇයට අංශුමාත්‍රික හෝ ගැටලුවක් වූයේ නැත.

දැන් ඇය මේ ගෙවන්නේ වසර ගනනාවක් ඇය තුළ කැකෑරෙමින් තිබූ වෛරය විසින් ඇයවම ගිල දැමීමේ ප්‍රතිපලය. මින් මත්තට ඇයට නිවෙස තුලවත් සැනසීමෙන් හිස ඔසවා ජීවත් වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැති බව ඕ දැන උන්නාය.

රාජිකා ඩයස්ට පිටුපසින් නිවසට ඇතුළු වූවාය. ඩයස් සෙටියේ හිඳ ගත් පසු සෙටියේ හිඳ ගත්තාය,

” මම ඒක කලේ   නෑ …”

ඕ කීවේ පහත් හඬිනි. ඩයස් ඇය වෙත කෝපාග්නි බැල්මක් හෙලුවේය. ඉන් රාජිකා නිහඬ විය.

” මං තමුන්ට කිව්වා දරුවෝ දෙන්නාගෙන් ඈත් වෙලා ඉන්න කියලා රාජිකා… රණවීරලා එක්ක තමුන් ඕනි ඩීල් එකක් කරගන්නවා … මට කමක් නෑ.. හැබයි … දරුවන්ව පැත්තකට තියලා කියලා මම කිව්වා … ඉතින් … කියපු දේ අහපු හැටිද මේ ?….”

නිම්නාවී සහ මන්දාරම් නිවසට ඇතුලු වූයේ ඩයස්ගේ ඒ  හඬත් එක්කමය. නිම්නාවී රාජිකා දෙස යන්තමින් බලා පසෙකට ඇවිද ගියාය. ඩයස්ගේ ආරාධනයෙන් මන්දාරම් ඔහුට පේන සීමාවේ හිඳ ගත්තේය.

රාජිකා මන්දාරම් දෙස හෝ නොබලා සිටින්නට වග බලා ගත්තාය. එහෙත් ඕ නිම්නාවී සිටින්නේ කොහේදැයි බලන්නට උත්සාහ කලාය.

” ආයේ මඩේ දදා හෝදන්න දෙයක්  නෑ මේ කතාව… දිලුම්ට මම මේක නොකියා හිටියේ, තමුන් පොලිසියේ බව දැනගත්තා නම් කොල්ලා ඔක්කොම අතෑරලා දාලා මෙහෙ එන නිසා … ඒත් ආවම මම ඔක්කොම කියන්වා… මෙච්චර කල් තමුන්ගේ බොරු ආදරේ මායාවෙන් මගේ ඇස් බොඳ වෙලඅ තිබුනේ රාජිකා… මම මගේම දරුවන්ව තමුන්ගේ විදියෙන් හැදෙන්න අතෑරලා දාලා තිබුණේ .. දිලුම් ඔක්කොම කඩාගෙන ඉස්සරහට ගියා.. කෙල්ල පැරදුනා …. ඒත්, තවදුරටත් , මම නිම්නාවීව පැරදෙන්න දෙන්නේ නෑ .. “

ඩයස් පවසද්දී මන්දාරම් එතැනින් නැගිට යන්නට උත්සාහ කලේය. එහෙත් ඩයස් ඔහු නවතාලූවේය.

” ආයේ මගේ දරුවන්ගේ ජීවිත ගැන තමුන්ට කිසිම අයිතියක් නෑ ….”

රාජිකා සාලයෙන් නැගිට ගියේ හඬාගෙනය. පපුවට වඩා වැඩි බරක් දැනෙන අබ්ව ඇයට හැඟේ. තමාගේ ජීවිතයේ අහිමි වීම් වෙනුවෙන් නිම්නාවීගේ ජීවිතය සිර කර දැමීමේ පාපය තමා මතට විශාල ගල් කන්දක් සේ පෙරලී ඇති බව ඇයට හැඟේ. රාජිකා කාමරයේ ඩ්දොර වසාගෙන සයනයේ වැතිරුණාය.

ඩයස් මන්දාරම් දෙස බලා නැගිට කාමරය වෙතට ගියේ ඔහු සම්ඟ ඉතා කෙටි කතාබහකින් පසුවය. නිම්නාවී හෙමින් සීරුවේ ඔහු වෙත ළං වූවාය.

” ඔයාගේ ජොබ් එකේ ප්‍රශ්නේ ගැන මම තාත්තා එක්ක කතා කරන්නද සෙත් ..?..”

ඕ එක්වරම විමසද්දී සෙත් ආසක්ත ඇලීමකින් ඕ දෙස බැලුවාය.

” සෙත් කියන අකුරු දෙක, මගේ නමේ කෑල්ලක් වුනාට, ඔයා මට සෙත් කියලා කතා කරනකල් මට ඒ නම අමතකම වෙලා තිබුනේ නිම්නාවී .. ඇත්තමයි . සෙත් කියන අකුර්උ දෙක සෙතක් වෙන ලස්සනට කියන්නේ ඔයාම විතරයි …”

නිම්නාවීගේ උගුර තුළ වචන හිර විය. ඉන් පසුව සෙත් පැවසූව ඇසීමෙන් පසු ඇගේ හදවතද සිර විය.

” ඉස්කෝලේ යන කාලේ මම සෙත් වර්ණකුල කියලා පාවිච්චි කලේ.. පස්සේ මම ඒ නම මැරෙන්න ඇරියා….”

නිම්නාවී කෙළ පිඬක් ගිල දමා කිසිවක්ම නොවිමසා උන්නාය.

” ඒ ඇයි කියලා දැන් අහන්න එපා … දවසක කියන්නම් …”

සෙත් සිනාසිසීම කීවේය. නිම්නාවී අපහසුවෙන් සිනහවක් අල්ලාගෙන හිස සැළුවාය.

” ජිනේන්ද්‍රගේ ගෑණු ළමයාගේ ප්‍රශ්නේ ගැන අපි ටිකක් හොයලා බලන්න ඕනි නිම්නාවී .. ඒ වගේම ඔයා සෝශල් මීඩියා ඇක්ටිව්  කරගෙන, ඔයා ආස විදියෙන් ජිවත් වෙන්න ගන්න ඕනි … මේ ගේ ඇතුලේ ඔයාට හුස්ම හිර වෙනවා වගේ ගතියක් දැනෙනවා නම්, ඔයා ඒකෙන් මිදෙන්නත් ඕනි .. අපි දෙන්නා ගැන  මොන වගේ දෙයක් අනාගතේදී සැලසුම් වේවිද මම දන්නේ නෑ .. ඒත් ඔයා ඔය හිර වෙලා ඉන්න කූඩුවෙන් ඔයාව එලියට අදිනකල්, මම ඔයා පස්සෙන් ඉන්නවා …”

නිම්නාවී දෑස් කඳුලින් පුරවාගත්තාය. සෙත්ට සිතා ගන්නට නොහැකි වේගයෙන් ඔහු වෙත විත් , ඔහු අසල බිම දණ තියා ගත්තාය.

” ඔය මාව ආයේ දාලා යනවාද සෙත් ඒ කියන්නේ ?….”

ආයේ දාලා යනවාද යන විමසීම සෙත්ට එක්වරම වැටහුනේ නැත. එහෙත් පසුව ඒ පසුගිය දිනවල තමන් දෙදෙනා අතරේ වූ සිදුවීම් පිළිබඳව විය හැකියැයි ඔහු සිතා ගත්තාය. එහෙත් නිම්නාවී විමසුවේ වසර එකොලහකට එපිට වූ හැර යෑමක් ගැනය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles