ආරම්භයේ ඉඳගෙනම කුතුහලය එක්ක බොහොම රසවත්ව නරඹලා අවසන් කරන්න පුලුවන් චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට ඔත්තුවක් ගේන්නේ.ඒ I am Kathalan කියන මලයාලම් චිත්‍රපටය.
පරිඝනක විද්‍යාතනයක ඉගෙනගන්න තරුණයෙක් සහ තරුණියක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතිලා තියෙන්නේ. දුප්පත් තරුණයෙක් සහ පොහොසත් තරුණියක් අතරේ ගෙතුණ කතාවක් කියලා මේ කතාව තවත් ටිකක් රසවත් කරන පුලුවන්.
ඔන්න, චිත්‍රපටය පටන් ගන්නේ අපේ කතාවේ කතා නායකයා වුණ විෂ්ණු ඉන්න දර්ශයකින්. විෂ්ණු බස් එකෙන් බැහැලා, ඇඳුමත් මාරු කරගෙන බැංගලෝර් වල තියෙන කඩයකට ගිහින් කෑම කන අතරෙදි ඔහුට කෙටි පණිවිඩයක් එනවා.
” මම දන්නවා ඒක කලේ ඔයා කියලා..”
ඒ කෙටි පණිවිඩයේ තියෙන්නේ එහෙම. විශ්ණු ඒ පණිවිඩයට ගානකට නොගෙන රැකියා සම්මුඛ පරීක්ෂණයකට යනවා. එතනට ගියාම ඔහුට මතක් වෙන්නේ මීට කලින් වතාවක රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගිය වෙලාවක, ඔහුට අත් විඳින්න වුණ සිදුවීමක්.
” මේ සුදුසුකම් නම් අපි බලාපොරොත්තු වෙන මට්ටමට නැහැ ..ඔයා ළඟ වෙනත් විශේෂ දේවල් තියෙනවාද අපිට පෙන්නන්න ?..”
ඊට පස්සේ විෂ්ණු ඔහු සතුව තිබුන යම් උපකරණයක් එලියට අරගෙන පෙන්නවා. ඒකේ තියෙන්නේ යූ එස් බී කේබල් එකක් භාවිතා කරලා භාවිතා කරන ඩස්ටර් එකක්. ඒ ඩස්ටර් එක පරිඝනකයට සම්බන්ධ කරාම එන්ටර් කියන යතුර වෙනුවට ඒ ඩස්ටර් එක භාවිතා කරන්න පුලුවන් කියලා විෂ්ණු කියනවා.
” ඒත් එන්ටර් කී එක වෙනුවට ඇයි මේ වගේ විකල්පයක් ඔබ ගේන්නේ ?…”
” අපි වැඩ කරනකොට අපිට විවිධ ආතති තත්වයන් එනවා.. ඒ ආතතිය අඩු කරගන්න පුලුවන් මේ ඩස්ටර් එකට ගහලා ..”
ඒත් විෂ්ණුට සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන්න ළැබෙන්නේ නැහැ. ඊට පස්සේ විෂ්ණු ආයෙම අධ්‍යාපන ආයතනයට යනවා. එතනදී ඔහුගේ මිතුරෙක් මුණ ගැහිලා කියනවා, ඔහුගේ පෙම්වතියගේ සමාජ මාධ්‍ය ගිණුමක් හැක් කරගන්න උදව් කරන්න කියලා. විෂ්ණු ඒ වෙනුවෙන් උදව් කරන්න මිතුරාට පොරොන්දු වෙලා, තමන්ගේ පෙම්වතිය මුණ ගැහෙන්න යනවා. ඒ ගිහින් කියනවා, අද දවසේ සහභාගී වුන සම්මුඛ පරීක්ෂණයෙනුත් සාර්තක වෙන්න තමන්ට ඉඩක් ලැබුනේ නැහැ කියල. ඊට පස්සේ ශිල්පායි විෂ්ණුයි ඒ ගැන කතා කර කර ඉන්නවා.
” ඔයා බය වෙන්න එපා.. මම ආයෙම තව එකකට ඇප්ලයි කරන්නම් …”
” මට තාත්තාගේ කම්පැනි එකේ අයි ටී සෙක්ශන් එකේ වැඩ කරන්න වෙනවා .. ඔයා එතකොටත් ජොබ් එකක් නැතුව ඉන්න එක නම් මන්දා …”
ශිල්පා එහෙම කියනකොට විෂ්ණුගේ හිත රිදෙනවා. ඒත් ඔහු ඒ බවක් පෙන්නන්නේ නැතුව, ඔහු හදපු ඩස්ටර් එන්ටර් එක ඇයට පෙන්නනවා.
ඊට පස්සේ විෂ්ණු ඔහුගේ මිතුරාගේ වැඩේ කරන්න හිතාගෙන බෝඩිමට යනවා. පුරුදු විදියට එහා ගෙදර වයි ෆයි එකට ලොග් වෙලා ඔහු වැඩේ පටන් ගන්න සූදානම් වෙනවා.
” ශිට් .. පාස්වර්ඩ් මාරු කරලා එහා ගෙදර අය …”
” ඉන්න .. මම හොට් ස්පොට් දෙන්නම් ..”
මිතුරා කියනවා.
” නෑ .. මේක හැක් කරගමු …”
විෂ්ණු කොහොමම හරි එහා ගෙදර වයි ෆයි පස්වර්ඩ් එක හොයාගෙන වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ විෂ්ණු මිතුරාට මෙහෙම කියනවා.
” ෆාතිමා ගන්න ආසාවෙන් ඉන්න දෙයක් අඩුවට ගන්න පුලුවන් කියලා පෝස්ට් එකක් හදන්න ..”
මිතුරා වහාම ඒ පෝස්ටුව හදන්න පටන් ගන්නවා.ඊට පස්සේ විෂ්ණුගේ මිතුරා විෂ්ණු හදන ලින්ක් එක එක්කම ඒ පෝස්ට් එක ෆාතිමාට යවනවා. ෆාතිමා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා බලලා, විෂ්ණුගේ මිතුරා වුන ශාන්ට බනිනවා මෙහෙම ස්පෑම් ලින්ක් එවන්න එපා කියලා.
ඊට පස්සේ මේ අය ඉගෙනගන්න ආයතනයේ අවසාන දිනයත් උදා වෙනවා. ඒ දවස ඉවර වෙලා විෂ්ණු යාලුවෝ එක්ක ඇවිදින්න යනවා. ඒ ගිහින් ඉන්න අතරේ ශිල්පාගෙන් ඇමතුමක් එනවා.
” ඔයාට මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ විෂ්ණු … පිස්සෙක් වගේ කෝල් ගන්නේ ඇයි ?.. මැනර්ස් නැද්ද …? මම වැඩක .මම ඔයාට කෝල් එකක් ගන්නම් …..”
ශිල්පා එහෙම කියලා ඇමතුම විසන්ධි කරනවා. විෂ්ණු මේකට හිත රිදවගෙන, ඔහුගේ මිතුරෙක් එක්ක කතා කරලා, පහුවෙනිදාම ශිල්පාව මුණ ගැහෙන්න සුදානම් කරගන්නවා. ශිල්පා පහුවෙනිදා තාත්තාව මුණ ගැහිලා අවසර ඉල්ලනවා වේලාසනින් වැඩ ඉවර කරන්න.
තාත්තා කියනවා තාත්තාගේ සේවකයෙක් වුන තෝමස් ලවා ඇරලවාගන්න කියලා.කොහොමහරි ශිල්පා තෝමස් එක්ක මෝටර් රියෙන් ඇවිල්ලා බහිනකොට, විෂ්ණු හිත රිදවගන්නවා.
දෙන්නා එක්ක අවන්හලකට යනවා.
” මම හිතුවා කම්පියුටර් ශොප් එකක් දාන්න ..”
” ඔයාට පිස්සුද විෂ්ණු .. තාත්තා කීයටවත් කැමති වෙන්නේ නෑ කම්පියුටර් ශොප් එකක් කරන කෙනෙක්ට මාව දෙන්න ..පිස්සුද ඔයාට ..”
” හරි තාත්තා අකමැතිමයි කියමු .. ඔයා මා එක්ක එනවාද එහෙම නම් ..”
” ඔයාට ජොබ් එකකුත් නෑ… අපේ ආගම් වල අවුලකුත් තියෙනවා…අපි මේ ගත්ත කෑම වල බිල ගෙවන්නෙත් මම.. මම කොහොමද ඔයා එක්ක එන්නේ ?..”
ශිල්පා මෙහෙම කිව්වම, විෂ්ණු ඔහු සතුව තිබුන මුදල් මේසය මතින් තියලා, යන්න යන්නවා.ඔහු බෝඩිමට ගිහින් ඉන්නේ උමතුවෙන්. විෂ්ණුගේ මිතුරා වුන ශාන් විෂ්ණුට අදහසක් දෙනවා.
” ශිල්පාගේ සෝෂල් මීඩියා අකවුන්ට් හැක් කරලා බලමු …”
කොහොම හරි ශාන්ගේ උදව්වෙන් , ශිල්පාගේ මුහුනු පොත් ගිණුමට ඇතුල් වෙන්න විෂ්ණුට පුලුවන් වෙනවා. විෂ්ණු ශිල්පාගේ සංවාද එකින් එක කියවනවා. මේ අතරේ ශිල්පා ඔන්ලයින් ඉන්න බව දකින තෝමස් ස් ශිල්පාට පණිවිඩයක් එවනවා.
” ඔයා නිදි නැද්ද ?.”
මේකට කේන්ති ගන්න විෂ්ණු කුණුහරුප වචන දෙක තුනක් එක්කම තෝමස්ට බනිනවා.
පහුවෙනිදා උදේ ශිල්පා ළඟ තිබුණ විෂ්ණුගේ ඩස්ටර් එක ශිල්පා කාර්යාල සගයෙකුට දෙනවා. ඊට පස්සේ තෝමස් ඇවිල්ලා අහනවා ඇයි කලින් දවසේ රෑ ඒ විදියට හැසිරුණේ කියලා. නමුත් ශිල්පා තමන් එවැන්නක් නොකල බව කියලා අඬන්න ගන්නවා.
ශිල්පා තේරුම් ගන්නවා කුමක්ද වෙලා තියෙන්නේ කියලා. ඇය වහාම විෂ්ණුට ඇමතුමක් අරගෙන සියල්ල අවසන් බව කියලා ඇමතුම විසන්ධි කරනවා.
ඒ අතරේ විෂ්ණු සහ ශිල්පා මුණ ගැහෙන්න හේතු වුන කතාවත් පෙන්නවා.
පහුවෙනිදා විෂ්ණු ශිල්පාව මුණ ගැහෙන්න ගිහින් සමාව ඉල්ලමින් ඉන්න අතරේ ශිල්පාගේ තාත්තා එතැනට එනවා.
” මේ මගේ කොලේජ් එකේ යාලුවෙක් …”
ඊට පස්සේ ශිල්පාව ගෙදර යවලා, ශිල්පාගේ තාත්තා විෂ්ණු එක්ක කතා කරනවා.
“මම ශිල්පාට ඇත්තටම ආදරෙයි … ඔයා මට කැමති වුනත් නැතත්, ශිල්පා මට ආදරේ නිසා මම එයාව බඳිනවා…”
මේ කතාවට ශිල්පාගේ තාත්තාට හොඳටම කේන්ති යනවා. ඔහු විෂ්ණුට කනේ පහරක් ගහනවා.
” මින් පස්සේ ශිල්පා එක්ක කිසිම සම්බන්ධතාවක් තියාගන්න එපා…”
ඊට පස්සේ විෂ්ණු මිතුරෙකුගේ පරිඝනක අලෙවි සැලකට ගිහින් මේ විස්තරේ කියනවා. ඒ අතරෙදි ශිල්පාගේ තාත්තාගේ ආයතනයෙන් මිතුරාට ඇමතුමක් එනවා.
” ප්‍රින්ටර් එකක් අලුත්වැඩියා කරගන්න ඕනි …”
ඒ ඇමතුමට පස්සේ විෂ්ණුගේ මිතුරා එක්ක, විෂ්ණුත් ශිල්පාගේ තාත්තාගේ ආයතනයට පිටත් වෙනවා. මිතුරා වැඩේ කරනකල්, විෂ්ණු ශිල්පාගේ තාත්තාගේ ආයතනයේ පරිඝනකයකට ලොග් වෙලා ආයතනයේ තොරතුරු පද්ධතියට අතුල් වෙනවා. ඔහු දැනගන්නවා ඒආයතනයේ තොරතුරු පද්ධතියේ කිසිම ආරක්ෂාකාරී බවක් නැහැ කියලා.
ඉතින් .. ඉන් පස්සේ මොකද වුනේ කියලා දැනගන්නම්, ඔබට මේ අපූරු මලයාලම් සිත්තම් පටය නරඹන්නම වෙනවා.
ReplyForwardAdd reaction |