කෙනෙක්ට ආදරය කරන එක හොඳ දෙයක්. හැබැයි ආදරේ කියන්නේ balance එකක්, mutual respect එකක්, සහ දෙපැත්තෙන්ම ඒ හැඟීම් reciprocate කරන එකක්. කෙනෙක්ගේ පස්සෙන් දිගටම යන එකෙන් ඒ balance එක නැතිවෙන්න පුළුවන්. හැඟීම් මතුවුනා කියලා, ඒ හැඟීම් ඔයාගේ dignity එකට හානියක් කරන්න ඉඩ දිය යුතු නැහැ.
කවුරුහරි කෙනෙක්ව ඔයාට කැමති කරවාගන්න, එයාගේ අවධානය දිනාගන්න, හෝ ආදර සබඳතාවයක් ගොඩනගාගන්න එකඔයාගේ self-worth එකට හානියක් විය යුතු නෑ. ඉතින්, ආදරේ chase කරන්න ගියොත්, ඔයාටත් එයාටත් long-term happiness එකක් ලැබෙන්නේ නෑ.
සමහර වෙලාවට ආදරේ කිය කිය ඔයා එයාගෙ පස්සෙන් යනවා වෙන්න පුලුවන්. ඔයාට ඒක ප්රශ්නයක් නොඋනට එයාට වගේම ඒක දකින, බලාගෙන ඉන්න අයට හරිම කැතට පේන්න පුලුවන්.ඉතින් ඔයා කොච්චර එයාට ආදරේ කරත් එයාගෙ පස්සෙන් ඕනවට වඩා යන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.
කෙනෙකුගේ ආදරය දිනාගන්න කියලා ඔයා තනියෙන් ඕනවට වඩා එයා පස්සෙන් යන එක, ඒ ආදරය sustainable එකක් කරන්නෙ නැහැ. අපි හැම තිස්සෙම උත්සහ කරන්න ඕන healthy boundaries, dignity, සහ respect තියෙන relationship එකක්. අපි අද Points කිහිපයක් ඔස්සේ කතාකරන්න යන්නෙ කොහොමද කියලා ඒ විදියෙ සබඳතාවයක් ගොඩනගාගන්නෙ.
1. ඔයාගේ දිරිය අඩු කරන්න එපා.
ආදරේ කියන්නේ දෙපාර්ශවික එකක්. ඔයා එයාගෙ පස්සෙන් යන එකේදී dignity එක අතහැරීමේ අවදානමක් තියෙනවා. කිසිම වෙලාවක කිසිම කෙනෙක් වෙනුවෙන් ඔයා කවුරුද කියලා අමතක කරන්න එපා. ඔයාගේ uniqueness එකෙන් එයාගේ අවධානය දිනාගන්න. එහෙම නැතුව චූටි බලු පැටියෙක් වගේ එයාගෙ පස්සෙන් යන එකෙන් කොල්ලෙක් හිතන්න ඉඩ තියෙනවා “අපෝ මෙයා නම් මහ ලැජ්ජ නැති කෙල්ලෙක්” කියලා. පොඩ්ඩක් විතර Status එක තියාගෙන ඉන්න අමතක කරන්න එපා.
2. Obsessed වීමෙන් වළකින්න.
කෙනෙක්ව අනිවාර්යෙන්ම දිනාගන්න ඕන කියන කාරණාව Relationship එකක තියෙන healthy boundaries මකා දමාන්න හේතුවක් වෙන්න පුලුවන්. මිතුරෙක් වගේ හැසිරෙන්න, කෙනෙකුගේ space එකට ගෞරවයක් දෙන්න ඔයා අමතක නොකරන්න ඕන ඒකයි. සමහර විට ඔයා කොච්චර එයාට කැමති උනත් එයා එහෙම නොවෙන්න ඉඩක් තියෙන බව අමතක කරන්න එපා.
3. Space එකට ගෞරවයක් දෙන්න.
එයාගෙ පෞද්ගලික ඉඩකඩ invade කරන එකේ කිසිම වෙලාවක හොඳක් නම් කරන්නෙ නෑ කියල මතක තියාගන්න. කෙනෙකුගේ ආදරය දිනාගන්න පුලුවන් වෙන්නෙ එයාව chase කරන එකෙන් නෙවෙයි . Time එක දෙන්න, එයාගෙ decisions වලට බලපෑම් කරන්න යන්න එපා. නිදහසේ හිතලා තීරණයක් ගන්න එයාට ඉඩ දෙන්න.
4. ඔයාගේ ජීවිතය build කරගන්න.
ආදරේ නෙවෙයිනෙ ඔයාගෙ ජීවිතේ එකම අරමු. Career එකක්, hobbies, personal goals, සහ self-improvement වගේ දේවල් Build කරගන්න මහන්සි වෙන්න. සමහර වෙලාවට matured relationship එකකට ඒ වගේ දේවලුත් හරියට බලපානවා.
5. කෙනෙකුගේ interest එක Analyze කරන්න.
ඔයාගේ හැඟීම් reciprocate කරනවාද? එයාගෙ interests මොන වගේද, ඒ feelings එකපාර්ශවිකද කියලා හොඳින් හඳුනාගන්න එක ඔයාට උනත් මේ Feelings වල අවසානය මොන වගේ දෙයක් වෙන්න ඉඩක් තියෙනව කියන එක තේරුම්ගන්න ඔයාට උදව් කරන්න පුලුවන්.
6. Friendship එකකින් ආරම්භ කරන්න.
ආදරය ගොඩනගන්න foundation එකක් තියෙන එක වැදගත්. මිතුරෙක් වගේ ආරම්භ කරන්න. ඒක ඔහුගේ trust එක දිනාගන්න සහ ඒ trust එක උඩම ආදරය ගොඩනගන්න උදව්වක් වේවි. පුදපු ගමන් කාපි යකා කියලා ආදරෙන් වැඩේ පටන්ගන්න යන්න එපා. Friendship එක ආදරේ කරන්න සුදුසුද නුසුදුසුද කියල කරන Trial Period එකක් වගේ හිතන්න ඔයාට පුලුවන්.
7. ඔයාගේ uniqueness එකෙන් shine වෙන්න.
අවධානය දිනාගන්න එකක් තියෙන්න ඕන. හැබැයි ඔයා ඒක කරන්න ඕන එයාගෙ පස්සෙන් යන එකෙන් නම් නෙවෙයි. ඔයා එයාගෙ අවධානය දිනාගන්න ඕන ඔයාගෙ uniqueness එකෙන්. Chase කරනවාට වඩා, ඔයාගේ nature එකෙන් එයාගෙ attention එක ගන්න කටයුතු කරන්න.
8. ඔහුගේ actions වලට අවධානය දිය යුතුයි.
ඔහුගේ හැසිරීම, ආකල්ප, සහ decision-making patterns ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ඔයාගේ future happiness එක ඔහුගේ present behavior එක මත පදනම් වෙනවා කියන එක නම් අමතක කරන්න එපා.
9. Rejection එකකදී dignity එකට hold වෙන්න.
Rejection එකේදී, නිකන් අඬා වැලපිලා, “අනේ මට එහෙම කරන්න එපා” වගේ හොටු පෙරන් අඬන කෙල්ලෙක් වෙන්න නම් එපා. Maturity එක පෙන්වන්න. කොටින්ම ඔයාව අතෑරිය එක එයා කරගත්ත ගොංකමක් වගේ හිතෙන විදියට හැසිරෙන්න. Self-respect එකේ value එක අහිමි කරන්න එපා.
10. Long-term compatibility එක ගැන හිතන්න.
Emotional stability, shared values, සහ respect build කරලා long-lasting relationship එකක් හදාගන්න පුලුවන්ද කියන එක බලන්න ඕන. අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට ආකර්ශණය වෙන්නෙ එයාගෙ පෙනුම, හැසිරීම වගේ දේවල් බලලනෙ. ඒ උනාට Relationship එකක් ඇතුලෙ ඊට වඩා ඔයා consider කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා Long term relationship එකකට යනවනම් ඔයාල දෙන්නට දෙන්න කොච්චර compatible ද කියන එක බලන්න.
ඉතින්, feeling එකක් තියෙන එක okay.
මතක තබා ගන්න ඕනේ, ආදරය කිසිම විදියකට වද දීලා පස්සෙන් ගිහින්, බලෙන් කැමැත්ත අරගෙන build කරන්න බැහැ. Respect, trust, සහ mutual affection එකෙන් ආදරය build කරලා, ඒ ආදරය sustainable එකක් කරන්න පුළුවන්.
ReplyForwardAdd reaction |