“කසාදෙන් පස්සෙ කවුද අනේ Love කර කර ඉන්නෙ?” කියල සමහරු අහනවා. සමහරු හිතනවා. සමහරු කියනවා. ඒ උනාට ඇත්තටම කසාදෙන් පස්සෙන් Love කරන මිනිස්සු නැතුව නෙවෙයිනෙ. සමහර වෙලාවට ඔය අවුරුදු ගණන් යාලු වෙලා ඉඳල කසාද බැන්ද ජෝඩු නම් කියනවා “බැන්දට පස්සෙ ඉතින් අර ඉස්සර වගේ ඇලිලා ගැලිලා Love කරන්නෙ නෑ. කසාදෙන් පස්සෙ ආදරෙ වෙන්නෙ වෙනස් විදියකටනෙ” කියලා.
හරි එයාලා නම් අවුරුදු ගාණක් Love කරලා කසාද බැන්දා කියන්නකි. එහෙම ආදරේ කරන්නෙ නැතුව, මංගල යෝජනාවක ප්‍රතිපලයකින් එහෙමත් නැත්තම් Arranged Marriage එකකින් කසාදෙකට යන ජෝඩුවකට ආදරේ කවදාවත් හම්බුවෙන්නෙ නැද්ද?
අන්න ඒ ගැන තමයි අපි අද කතාකරන්න යන්නෙ.
ඇත්තටම “කසාදෙන් පස්සෙ කවුද අනේ Love කරන්නෙ? කොහොමද ඒක කරන්නෙ?” කියල තමයි අපි අද ඔයාලා එක්ක කතා කරන්න යන්නෙ.
1. ආදරය කියන්නෙ සන්සුන් යාමක්: කුඩා පියවරකින් ආරම්භ කරන්න
Arranged marriage එකක, පළමු මොහොතේම ආදරයක් දැනෙන්නෙ නැති එක සාමාන්‍යයි. ඒ උනත් ආදරය සෑම විටම එකම විදිහේ හෝ ඒකම වේගයෙන් ලැබෙන දෙයක් නෙවෙයි කියන එක් අමතක කරන්න එපා. ඔයා වටේ ඉන්න හැමෝම විවාහයට කලින් ආදරේ කර අය උනා කියල ඔයාටත් එහෙම වෙන්න ඕන නෑ. ඔයාට පුලුවන් විවාහයෙන් පස්සෙත් ආදරේ හොයාගන්න. පියවරෙන් පියවර, එකිනෙකා සමඟ ගත කරන කාලය, කතා බහ වැඩිකරගන්න ගමන් මුලින් කරන්න ඕන හොඳ මිත්‍රත්වයකට අත්තිවාරම දාගන්න එක.
Tip: මුලදී, අනිවාර්යයෙන්ම එකිනෙකාගේ කැමැත්ත, නොකැමැත්ත සහ පෞද්ගලික ආකල්ප ගැන අහන්න. ඔයා ආස Hobbies, ඔයා කන්න ආස දේවල් මොනවද කියල වගේ සරල තැනකින් උනත් පටන්ගන්න පුලුවන්.
2. මුලින්ම හොඳ යාලුවෝ වෙන්න
විවාහය කියන්නේ දෙපාර්ශවයම එකිනෙකාටම completely comfortable විය යුතු මෙන්ම, එකිනෙකාගේ flaws පිළිගන්න බැඳීමක් වෙන්න ඕන දෙයක්. Arranged marriage එකකදී, පළමුවෙන්ම best friends ලා වෙන වෙන්න උත්සහ කරන එක ඒ comfortable relationship එක පටන් ගන්න හොඳ starting point එකක් වෙනවා. මිතුරෙකු ලෙස, එකිනෙකාගෙ අත්දැකීම්, ජීවිත සිහින, සහ අතීතය ගැන අසන්න.
Tip: යාලුවො වගේ අලුත් අලුත් දේවල් try කරන්න. ඒක පොඩි trip එකක් යන එකක් වෙන්න පුලුවන්.
3. එකිනෙකාගේ සරලම දේවල්වලට පවා ආදරය කරන්න
Arranged marriage එකක, partner කෙනෙක් ගැන ඔයාට හරිම අදහසක් ඔලුවට දාගන්න පුලුවන් වෙන්නෙ ඔවුන්ගේ flaws හෝ imperfection හඳුනාගැනීමෙන්. ඒ flaws ගැන විවේචනයට වඩා, ඒවා පිළිගන්න. ඔවුන්ගේ සරල බවට, එයාගෙ පොඩි හොඳ හැසිරීමකට, එයා ඔයාට ආදරය කරන්න දරන හැකියාවට ආදරය කරන්න.
Tip: “මට ඔයාගේ මේ habit එක ගොඩක් unique කියලා හිතෙනවා” වගේ positive comments එක්ක ඔවුන්ගේ self-confidence වැඩි කරන්න වගේම ඒ ඔස්සේ ආදරේ පොඩ්ඩ පොඩ්ඩ උඩට ගන්න ඔයාලට පුලුවන්.
4. කාලය දෙන්න: ආදරය කියන්නෙ ගහක් උස් මහත් වෙනවා වගේ දෙයක්
ආදරය කියන්නේ තරඟයක් නොවෙයි. ඒක හිතේ අභ්‍යන්තර සන්සුන් බව මගින් වර්ධනය වන දෙයක්. එයා එක්ක ගත කරන සරලම මොහොතක් පවා ජීවිතයට අගනා මතකයක් කරගන්න. විශේෂයෙන්, එකිනෙකාගේ කුඩා ආදරණීය උත්සහයක් උනත තේරුම්ගන්න උත්සාහ කරන්න.
Tip: එකිනෙකාට surprises දෙන්න, ලිපි ලියන්න හෝ unexpected compliments කියන්න.
5. Communication එකේ බලය හොඳින්ම පෙන්වන්න
Communication එකෙන් ගොඩක් දුරක් යන්න පුළුවන්. ඔයාගෙ හැගීම් share කරන්න, එයාගෙ අදහස් අසාගන්න, සහ open-minded conversation එකක් ගොඩනගන්න.
Tip: “ඔයාට හිත රිදෙන දෙයක් මගෙ අතින් උනොත් ඒක මට නොකිය ඉන්න එපා” කියලා space එකක් දෙන්න.
6. Adventures එක්ක bond එක ශක්තිමත් කරන්න
Adventure කියන එක මොනවා වුණත්, එය bond එකේ energy එකට අළුත් මඟක් ගොඩනගනවා. Weekend getaway එකක්, cooking challenge එකක්, හෝ වෙනත් fun activity එකක් එක්ක bond එක ලස්සන කරගන්න try එකක් දෙන්න ඔයාලට පුලුවන්.
7. එකිනෙකාගේ Dreams සහ Goals වලට support කරන්න
එයාගේ ජීවිතේ සිහින, අරමුණු, සහ අභිලාෂයන් ගැන දැනගන්න. එයාට මේවා සාර්ථක කරගන්න support එකක් දෙන්න. එයාගෙ struggles, hopes, සහ joys ඔයාගෙත් අත්දැකීම් කරගන්න අමතක කරන්න එපා.
8. ගැටලු දිහා හොඳ විදියට බලන්න
සෑම සම්බන්ධතාවයකම ගැටළු තියෙනවා. Arranged marriage එකකදී, ගැටළු පැමිණෙන විට, ඒවාට calmly සහ නව අත්දැකීමක් ලෙස මූණ දෙන්න අමතක කරන්න එපා. ඔයාලා දෙන්න කතා කරල එකට විසඳගන්න ඕන ප්‍රශ්න වගේම, ඔයා තේරුම්ගන්න ඕන එයාගෙ ප්‍රශ්නත්, එයා තේරුම් ගන්න ඕන ඔයාගෙ ප්‍රශ්නත් තියෙන බව මතක තියාගන්න.
9. ආදරය අත්දැකීමක් බවට පත් කරන්න
විවාහය කියන්නේ ආදරයෙන් පිරුණු ගමනක්. Arranged marriage එකේ ආදරය අත්දැකීමක් බවට පත් කරන්න. ඒක එකිනෙකාගේ flaws, dreams, and experiences හොඳින් understand කරගෙන ඉස්සරහට යන ගමනක් කරගන්න.
Arranged marriage එකක ආදරය කියන්නේ සාර්ථක team එකක් වගේ වර්ධනය වෙන process එකක්. ආදරය කියන්නේ පුදුමයක් නොවෙයි, නමුත්, ඒක ගොඩනගන, පෝෂණය කරන, සහ විශ්වාසය, සහයෝගය, සහ සංවේදනයෙන් පිරුණු ගමනක්.
ඒ නිසා අමතක කරන්න එපා “කසාදෙන් පස්සෙ උනත් Love කරන්න ඕන කෙනෙක්ට පුලුවන්”.
හැබැයි ඒකට ඔයාගෙ වගේම එයාගෙත් උනන්දුව, කැපවීම අවශ්‍ය වෙනවා.