සිසිල ගිනි ගනී කියන චිත්‍රපටය සිංහල චිත්‍රපටවලට ආදරය කරන ඔබට නුපුරුදු නමක් වෙන්න විදියක් නෑ. සබීතා පෙරේරා සහ සනත් ගුණතිලක සහ වීණා ජයකොඩි රංගනයෙන් දායක වුණ මේ චිත්‍රපටය ආවෙ 1992 වසරේ. ඒ ප්‍රසන්න විතානගේ අධ්‍යකශවරයාගේ අධ්‍යක්ශණයකින්.
ඒත් අද කතාව සිසිල ගිනි ගනී චිත්‍රපටය ගැන නම් නෙවෙයි. ඒ චිත්‍රපටයට පාදක වුණ ගෝඨාභය කිරමකන්ද දරුවාගේ ඝාතනයේ කතාව. මෙතෙක් දවස් අපි ඔබ වෙතට අරගෙන ආවේ වෙනත් රටවල සිදු වූ මිනීමැරුම් පිළිබඳ කතාවන් නෙ. ඒ නිසාමයි වෙනසකටත් එක්ක අපේ ලිපි වලට මාතෘකා සපයන ආදරණීය දිලිනි නංගි මේ කතාව ලියමු කියලා කිව්වෙ.
ඉතින් අපි බලමු සිසිල ගිනි ගන්න හේතුවූන ගෝඨාභය කිරමකන්ද ඝාතනයේ කතාව මොකද්ද කියලා.
1966 පෙබරවාරි 7 මොකද වුණේ?
දිනය 1966 පෙබරවාරි 7. ගෝඨාභය කිරමකන්ද කියන පුංචි දරුවා හිටියෙ පාසල් යන්න සූදානම් වෙමින්.School bus එකෙන් තමයි පාසල් යන්න ගියේ. ඒ විදියට පාසලට ගිය මේ පුංචි දරුවගෙ මළ සිරුර හමුවෙන්නෙ පාසලට සැතපුම් කිහිපයක් දුරෙන් රත්මලානෙ ශාන්ත රීටාස් කියන රෝමානු කතෝලික පල්ලියෙ ළිඳෙන්.
ඉස්කෝලෙ යන්න ගිය පොඩි දරුවෙක්ගෙ ප්‍රාණය සුන් වූ සිරුර කොහොමද මෙහෙම තැනකින් හම්බුවෙන්නෙ කියන ප්‍රශ්නෙ අපි හැමෝටම වගේම එදා ඒ කතාව දැනගත්ත හැමෝටමත් තිබුණා.
මරණයකට හේතු වූ ආදර කතාව
පෝලින් කෘස් කියන්නෙ කොළඹ පදිංචි වෙලා උන්න බර්ගර් ජාතික ගැහැණු ළමයෙක්. දෙහිවල කවුඩාන පාරේ පදිංචි වෙලා උන්න බෝධිපාල කිරමකන්ද එක්ක තමයි මේ පෝලින් යාලුවෙලා හිටියෙ.පෝලින් සහ බෝධිපාල කියන්නෙ ආදරයේ අන්තෙටම ගියපු ජෝඩුවක් කියල දකින ඕනම කෙනෙක්ට හිතෙන විදියෙ ආදරයක් තමයි මේ දෙන්න අතරෙ පේන්න තිබුණෙ.තමන්ගෙ ආදරේට කාගෙවත් බාධාවක් තිබුණෙ නැති හන්දා පෝලින් සහ බෝධිපාල කියන දෙන්නටම උවමනා උනේ ඉක්මනට තමන්ගෙම කියල තැනක එක වහලක් යටට වෙන්න.
හැබැයි මේ ආදරේට හෙණ ගැහුවෙ එක සැරේම වගේ පෝලින්ට අහන්න ලැබිච්ච ආරංචියකින්. ඒ තමයි මේ බෝධිපාල කියන්නෙ තමන් ආදරේ කල පෙම්වතා විතරක් නෙවෙයි බෝධිපාල දැනටමත් විවාහ වෙලා ඉන්න පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන එක.හිත කොච්චර රිදුණත් පෝලින් මේ කතාව ඇත්තක්ද කියන හොයල බලන්න අමතක කරන්නෙ නෑ. ඒ සෙවිල්ලේ ප්‍රතිපලයක් විදියට තමයි පෝලින්ට හොයාගන්න පුලුවන් වෙන්නෙ මේ කතාව ඇත්තටම ඇත්තක් කියලා.
ඒත් ඒ වෙද්දිත් පෝලින් උන්නෙ මේ සම්බන්දෙ නතර කරලා දාන්න පුලුවන් තැනක නෙවෙයි. ඒ නිසාම පෝලින්ට උවමනා වෙච්ච එකම දේ බෝධිපාලව කොහොම හරි තමන්ගෙ කරගන්න එක. බෝධිපාල තමන්ව රවට්ටල කියාලා දාන්න බව පෝලින් බෝධිපාලට ඇඟෙව්වෙ නෑ. ඒ වෙනුවට පෝලින් කල දේ තමයි තමන් දෙන්නගෙ කසාදෙ ගැන බෝධිපාල එක්ක කතාකරන එක.
ගිරේකට අහුවෙච්ච බෝධිපාල
ඒත් බෝධිපාල හිටියෙ ආදරේ කල පලියට පෝලින්ව කසාද බඳින්න පුලුවන් තැනක නෙවෙයි. ඒකට ලොකුවටම හේතුව වුනේ තමන්ගෙ කසාදෙ විතරක්ම නෙවෙයි. ඒ කසාදෙන් තමන්ට හිටපු පුතා වෙච්ච ගෝඨාභය කිරමකන්ද.
පෝලින්ට ඒක නොතේරුණා නෙවෙයි. ඒ අනුව තමයි ඒ වෙද්දි අවුරුදු 19 වයසැති පෝලින් හිතුවෙ මේ පොඩි පුතාව කොහොමහරි බෝධිපාලගෙන් අයින් කරානම් බෝධිපාලට තමන්ව කසාද බඳින්න බාධාවක් නෑ නේද කියන එක.
ඒ වෙද්දිත් බෝධිපාලගෙ වයස අවුරුදු 35ක් විතර වෙනවා. බෝධිපාලට මේ පොඩි කෙල්ලෙක් එක්ක තිබුණ සම්බන්ධෙ ගැන බෝධිපාලගෙ බිරිඳත් දැනගෙන හිටියා. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලත් බෝධිපාල පොඩි කොල්ලෙක් විදියට හැසිරෙද්දි තමන්ටයි දරුවටයි මෙහෙම කරන්න එපා කියල කොච්චර අඬා වැළපුණත් බෝධිපාල නෙවෙයි තමන්ගෙ බිරිඳ කියන කතාව කණකට අරගත්තෙ.
දරුවව නැතිකරන්න හිතුව පෝලීන්
ඒ අනුව තමයි 1966 අවුරුද්දෙ පෙබරවාරි 7 වෙනිදා ගෝඨාභය කිරමකන්ද දරුවගෙ ඉස්කෝලෙට යන පෝලීන් දරුවව ඉස්කෝලෙන් අරගන්නෙ.ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් දරුවව අරහෙන පෝලින් එන්නෙ ශාන්ත රීටාස් දේවස්තානයට. ආන්ටි කෙනෙක් ඇවිත් ගෝටාභයව අරගෙන ගියා කියලා බෝධිපාලට සහ එයාගෙ නෝනට කියන්නෙ ගෝඨාභයගෙ ඉස්කෝලේ යාලුවෙක්. ඒ අනුව හොයද්දි තමයි මියගිය ගෝඨාභයගෙ සිරුර ශාන්ත රීටාස් දේවස්තානයේ ළිඳක තිබිලා හමුවෙන්නෙ.
මැරිච්ච දරුවා එක්ක පෝලින් ගොඩක් වෙලා මේ දේවස්තානයේ හිටියා කියලා ඔත්තුව දෙන්නෙ දේවස්තානයේ සේවකයෙක්. දරුවාගේ මරණය සම්බන්ධයෙන් පෝලීන් කෘස් ව නීතිය ඉදිරියට අරගෙන එන්නෙ ඒ නිසා.
පෝලින් කෘස් නඩුවේ පලවෙනි විත්තිකාරයා වෙද්දි දෙවනි විත්තිකාරයා වෙන්නෙ බෝධිපාල කිරමකන්ද. හැබැයි බෝධිපාල කිරමකන්ද මේ සිදුවීමට කිසි සම්බන්ධයක් නෑ කියල තේරෙන නිසා එයාව මේ නඩුවෙන් නිදහස් කරනවා.පෝලීන් කෘස්ට මිනීමැරීමේ චෝදනාවට සිරදඬුවම් හිමිවෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මරණීය දණ්ඩනයට යටත් වූ සිරකාරියන් රඳවා තැබෙන සිර මැදිරියට පෝලින් කෘස් එන්නෙ ඒ විදියට. සාමාන්‍යයෙන් බන්ධනාගරයට එන සිරකරුවන්ට අඳින්න නියමිත අමු රෙද්දෙන් මැසූ හැට්ටය සහ රෙද්ද පෝලින්ට දුන්නට එයා ඒක අඳින එක කරන්න බෑ කියලා කියනවා. තමන්ට ගවුමක් අඳින්න ඕන බවත් පෝලින් කියනවා.ඒ අනුව තමයි පෝලින්ගෙ අම්මා මැදිහත් වෙලා නීතිඥ ටිරෝන් ප්‍රනාන්දු මාර්ගයෙන් බන්ධනාගාර කොමසාරිස් ඇතුළු ඉහළ නිලධාරීන්ට දන්වා පෝලින් කෲස්ට ගවුම ඇඳීමට අවසර ලබා දෙන්නෙ. බන්ධනාගාර ගත වූ කාන්තාවන් අතරින් ප්‍රථම වතාවට ගවුමක් හැඳ සිටි සිරකාරිය වශයෙන් පෝලින් කෲස්ගේ නම ඉතිහාසගත වෙන්නෙ ඒ අනුව.
මරණීය දණ්ඩනය සහ සිර මැදිරියේ දිනයක්
පෝලින් කෲස්ට මරණීය දණ්ඩනය නියම වුණත්, ශ්‍රී ලංකාවේ නීතිය අනූව කාන්තාවන්ට එල්ලා මරණයට පත් කිරීම සිදු නොකළ හෙයින්, ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා දුන්නා. සිර මැදිරියේ ඇයට අනුගමනය කළ යුතු සීමිත නිතියක් පැවැතුණා. දිනකට පැය ½ බැගින් උදෑසන සහ සවස ඇයව සිරමැදිරියෙන් පිටතට ගෙන ගියේ නාන්න සහ වැසිකිළි අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් විතරයි.
අනෙක් සිරකරුවන්ට වගේම පෝලින්ටද ආහාර ලබාදෙන්නේ සිරකුටියේ විශේෂ කවුළුවකින්. රාත්‍රී කාලයේදී ඇය රඳවා සිටි සිරමැදිරියේ විදුලි ආලෝකය තිබුනෙ නැතත්, කොරිඩෝවෙහි දැල්වුණු බුබුළු වලින් ආලෝකය ලැබුණා.
හිටපු බන්ධනාගාර නියාමකවරියගේ මතකය
හිටපු බන්ධනාගාර නියාමකවරියක වූ කාන්ති පැස්කුවල් පවසන්නේ පෝලින් කෲස් ඉතා මුරණ්ඩ, උඩඟු ගැහැණියක් කියන එකා. ඇයව මුල් වරට දැක්ක විට ඇගේ විශේෂ හැසිරීමක් ගැඹුරින්ම තේරුණ බවත් ඇය කියනවා. ඇය කළු පැහැති, අඩි 4ක් පමණ උසක් තිබුණ, දිගු කොණ්ඩයකින්, ප්‍රියමනාප පෙනුමක් ඇති කෙනෙක් කියල කාන්ති පැස්කුවල් කියනව. කාන්ති පැස්කුවල්කියන්නෙපෝලින් කිසිදිනෙක තමන් කළ දේ ගැන පසුතැවිලි වුනේ හෝ ඒ ගැන දුක් වුනෙ නැති බවයි.
ඒ වගේ කාන්ති පැස්කුවල්ගේ මතකයට අනුව, පෝලින්ගේ ආදරය වෛරයකට පෙරලුණු බවද කියනවා. සිර මැදිරියේ ඇය උඩඟු හැසිරීමෙන් නිතර ආධිපත්‍යය පතුරවන්නත් කටයුතු කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි නිසා තමන්ට අන්‍යයන්ට වඩා ඉහළ අයෙකු ලෙස හැසිරුණු බව කියනවා.
සිර මැදිරියේ නීති හා පෝලින්ගේ විශේෂ නීති
එවකට බන්ධනාගාරයේ නාන එකට ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. විසිල් හඬක් ඇහෙද්දි නාන්න පටන් ගත යුතු අතර, තවත් විසිල් හඬක් ඇහුනම සබන් ගාන්න පටන් ගන්න ඕන. තවත් විසිල් එකක් ඇහුනම ආයෙ නාන්න ගන්නවා. හැබැයි පෝලින්ට මේ නීති වලංගු වෙලා නෑ. ඒ වෙනුවට ඇය නීතිඥවරුන් මගින් එයාට නාන්න වෙනම වෙලාවක් වෙන් කරගෙන තිබුණා.
ආගමික භක්තිමත්කම සහ සිර මිතුරන්
පෝලින් කෲස් දරදඬු ගැහැණියක් වුනත්, ආගමික අතින් ගොඩක් උසස් මට්ටමේ සිටි කෙනෙක්. එයාගේ සිරකුටියේ බිත්ති පුරා ජේසු රූප අලවා තිබුණ කියනවා. කතෝලික ආගමේ දේව මෙහෙයට සහභාගි වීම ඇයගේ දෛනික ජීවිතයේ කොටසක් වුණා.
ඇය සිර මිතුරන් ලෙස ඇසුරු කර තිබුණේ වෛද්‍ය කුලරත්නගේ මව සහ මෙහෙකාරියයි. ඉහළ පැළැන්තියේ ඉංග්‍රීසි කතා කරන කාන්තා සිරකරුවන්ගේ සමීපතමයා වෙලා තිබුනෙත් පෝලින්යි.
සිර මැදිරියේදී කළ කලාත්මක ව්‍යාපාර
බන්ධනාගාරය තුළින් ඇයට ලබාදෙන පාන්වතුරේ පොඟවා අතේ නිර්මාණ සිදු කිරීම ඇගේ නවතම විනෝදය වෙලා තියෙනවා. එහිදී සතුන්ගේ රූප නවීන කලාවේ ආකාරයට නිර්මාණය කිරීමට ඇයව හැකියාව තිබිලා තියෙනවා.
පෝලින් කෲස්ට ලැබුණු සමාව සහ නිදහසජනාධිපතිවරුන් වූ විලියම් ගොපල්ලව මහතා විසින් ලබාදුන් පොදු සමාව යටතේ, ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබාදීමට තීරණය කරලා තියෙනවා. පසුව ඇයට සිර මැදිරියේ වෘත්තියකට යෙදවීමේ අවස්ථාව සැලසී තියෙනවා. ඉංග්‍රීසි දැනුම හොඳින් හැසිරවීම හේතුවෙන්, ඇයව ලේඛන කටයුතුවල යෙදවීමට තීරණය කල අතර, එම කාර්යය ඇය ඉතා මනා ලෙස ඉටු කරලා තියෙනවා.
හොඳ හැසිරීමක් පෙන්වීම හේතුවෙන්, ඇයට කාලයකට පසු නිදහස ලැබුණා. ඒ නිදහස ලැබුණු පසු ඇය විදේශගතවූ බව තමයි සඳහන් වෙන්නෙ.
ReplyForwardAdd reaction |