තාත්තයි කුඩම්මයි එකතුවෙලා දිව්‍යලෝකේ යවපු පුංචි ආතර්ගෙ දුක හිතෙන කතාව

මාස ගණනක අපයෝජන සහ නොසලකා හැරීම් වලින් පසුව, ආතර් ලැබින්ජෝ-හියුස් 2020 ජුනි මාසයේදී වයස අවුරුදු හයේදී මිය යනවා. අවුරුදු හයක පොඩි දරුවෙක් කියන්නෙ අපේ රටේ නම් එකේ පංතියට යන පොඩ්ඩෙක්. හුරතල් දරුවෙක්. පවුලෙ හැමෝගෙම වගේම සමාජයෙත් හැමෝගෙම වගේ ආදරය සහ හුරතලය දිනාගන්න දරුවෙක්.

එහෙම දරුවෙක්ට ඒ වගේ පොඩි වයසකදි, ජීවිතය කියන්නෙ මොකද්ද කියන එකවත් නොදැන මාස ගණන අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට ලක්වෙලා මිය යන්න වෙනවා කියන්නෙ ඒක ඇත්තටම කොච්චර ලොකු වේදනාවක්ද? අපරාධයක්ද? අසාධාරයක්ද නේද?

ඉතින් අද අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ අන්න ඒ අසාධාරණයට ලක්වුණ පුංචි ආතර්ගෙ දුක්බර කතාව.

ජීවිතේ මුල් කාලය

තෝමස් හියුස් සහ ඔලිවියා ලැබින්ජෝ-හැල්ක්‍රෝ ආතර්ට වයස අවුරුද්දක්වූ විට වෙන් වුණා. ඒවගේම ආතර් ඔහුගේ මව සමඟ ජීවත් වුණත් දෙදෙනාම ඔහුගේ භාරකාරත්වය බෙදා ගත්තා. 2019 පෙබරවාරි මාසයේදි ඔලිවියා, ඇගේ නව පෙම්වතා පිහියෙන් ඇන මරා දැමුවා. ඒ නිසා ඇය සිරගත වුණා.

මේකට පස්සේ, ආතර්ගේ රැකබලා ගැනීම තෝමස්ට භාර ගන්න වුණා. ආතර්ගෙ තාත්තගෙ දෙමව්පියන් සමග තමයි ආතර්ට ජීවත්වෙන්න සිදු වුනේ. ඔතනදිම, ඔහුට Marriage Web Site එකකින් ටස්ටින්ව හම්බවෙනවා. 2020 මාර්තු මාසයේදි ඔවුන් දෙදෙනා එකතුවෙලා තීරණයක් ගන්නවා. ඒ තමයි තෝමස් සහ ආතර් දෙදෙනා ටස්ටින්ගේ නිවසේ නවතින්න පටන් ගන්න එක.

2020 මැයි වලට එනකොට, දේවල් තවදුරටත් අයහපත් වෙන්න පටන් ගත්තා. ආතර්ට පැය ගණනක් එක තැනක ඉඳින්න සිදු වුණා. ටස්ටින්, ඔහුගේ අඬන වීඩියෝ සහ ක්ලිප් හියුස්ට යැවුවා. ඔහුට “යක්ෂ දරුවා” කියලා අපහාස කළා. ආතර් තම ආච්චි සහ මාමාගෙන් උදව් ඉල්ලලා, “කිසිවෙකු මට ආදරය කරන්නේ නැහැ” කියලා කිව්වා. ටස්ටින්ගේ දරුවන් කාමරයේ නිදා සිටියත්, ආතර්ව විසිත්ත කාමරයේ බිම නිදාගන්නට වුණා.

අපරධය සිදුවීම

ජුනි මාසයේදී පාසල් නැවත විවෘත කළ විට, ආතර් පාසටල එන්නෙ නෑ. හියුස් දරුවා ඉස්කෝලෙ එන්නෙ නැති එක ගැන පාසලට නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. හුදකලා කාලවලදී ආතර් මොකද කරන්නෙ කියලා බලන්න මෙයාලා කැමරාවක් හයි කරනවා ගෙදර. ජුනි 12-14 දක්වා දින තුනක කාලයක් තුළ, ආතර් පැය 25 ක් එකම තැනක හුදකලා කරලා තියෙනවා වගේම, ටස්ටින්ගේ දරුවන් ආහාර සහ ක්‍රියාකාරකම් එක්ක ඉන්නවා මේ කැමරාවෙන් දකින්න ලැබෙනව. ජුනි 15 වන දින, හියුස් ආතර්ගේ කකුල් වලට පටියකින් පහර දෙනවා, ඒ වගේ එක් අවස්ථාවකදී ටස්ටින්ට එයාව ඉවරයක් කරන්න කියලා හියුස්ට කියන එකත් දකින්න අහන්න ලැබෙනවා.

ජුනි 16 වන දින, සීසීටීවී දර්ශනවල ආතර් දුර්වල වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා. ටස්ටින්, හියුස් සහ ආතර් ටස්ටින්ගේ කොණ්ඩා මෝස්තරකරු බැලීමට යනවා වගේම එතන ඉද්දිත් එයාලා ආතර්ට නිතර නිතර බනිනවා.

එයාලා ගෙදර ආවාට පස්සෙ, හියුස් දහවල් 1 ට පමණ ආතර් ටස්ටින් සමඟ තබා පිටතට යනවා. ටස්ටින් ප.ව. 2:29 ට ආතර්ට ආයෙමත් මාරාන්තික විදියට පැහැර දීල තියෙනවා කියල විශ්වාස කරනවා. ඇය දුරකථනයෙන් හියුස්ට කතා කරන එකත් සීසීටීවී දර්ශන වල දකින්න ලැබෙනවා. හියුස් නිවසට ආපසු ආවට පස්සෙ ඔවුන් දරුවාට බොන්න දෙයක් සහ පැරසිටමෝල් ඖෂධයක් ලබා දීමට උත්සාහ කළ අතර, මිනිත්තු 12 කට පසුව, ටස්ටින් 999 අමතා වෛද්‍යවරුන්ට පැවසුවේ ආතර් වැටිලා එයගෙ ඔලුව වැදිල හොඳටම අමාරුවෙන් ඉන්නවා කියලා. පරිපූරක වෛද්‍යවරු ආතර් සිහිසුන්ව සිටින බව සොයා ගත් අතර, එයාලා එද්දිත් අසල්වාසියෙක් හිටියෙ සිහි නැතුව ඉන්න ආතර්ට CPR කරන ගමන්. ආතර්ගේ හිසට සහ ශරීරයට පහරදීම් වෙලා තියෙන බවත්, බර අඩු වෙලා තියෙන බවත් මෙතනදි වෛද්‍යවරුන්ට පනෙන්නට ගන්නවා. ආතර්ගෙ විදුරුමස්වලින් ලේ ගලමින් තමයි එවෙලෙ තිබෙන්නෙ. වැඩිදුර ප්‍රතිකාර දෙන්න බලාගෙන ආතර්ව ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ආතර්ගෙ වාසනාවට හෝ අවසනාවට ආතර් දිව්‍යලෝකෙ බලා යනවා.

ඒ මරණයට හේතුව වෙන්නෙ Head Injury එකක් කියල රෝහලෙන් කියද්දි ටස්ටින් ආතර්ගෙ ෆොටෝ එකක් අරගෙන හියුස්ට යවනවා.

කොහොම වුණත් වැඩිදුර ප්‍රතිකාර සඳහ, ආතර්ව බර්මින්හැම් ළමා රෝහලට ගෙන යනවා වුනාට ඔහුව බේරා ගැනීමට කිසිවක් කළ නොහැකි බව තීරණය කරයින් පස්සෙ එදා රාත්‍රියේ අවුරුදු හයක් වයස එක්ක ආතර් මිය යනවා. රෝහල් වාර්තාවට අනුව මියයද්දි ආතර් තැලීම් 130ක් තමන්ගෙ ශරීරයේ තියාගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම ඔහුට ලුණු විශ වීමක් වෙලා තියෙන බවත් එයාගෙ ඇඟේ තිබුන සියලුම තුවාල එයාට සිදුවුණ වධහිංසා නිසා ඇතිවුණ ඒව බවත් ඒ වාර්තාවෙ සඳහන් වෙනවා.

පොලිස් විමර්ශනය

හියුස් සහ ඔහුගේ සහකරු ටස්ටින් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා එකිනෙකට වෙනස් වුනත් ආතර්ගේ හැසිරීම දුර්වල වීම සහ ඔහු තමාගේම හිස බිම ගසා ගැනීම කියන කතාව දෙන්නම කියපු දෙයක් බව තමයි පොලිස් විමර්ශන වාර්තා වල සඳහන් වෙන්නෙ. ආතර්ගේ තුවාලවල ස්වභාවය සහ ටස්ටින් සහ හියුස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා හේතුවෙන්, ඔවුන් මිනීමැරුමකට සැකපිට අත්අඩංගුවට ගන්න හැබැයි පොලිසිය කටයුතු කරනවා.

බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිස් විමර්ශකයින් ටස්ටින්ගේ නිවස තුළ සිට පැය ගණනක් CCTV දර්ශන පරීක්ෂා කරන්නෙ ඒ අනුව. ටස්ටින්ගේ සහ හියුස්ගේ ජංගම දුරකථනවල තිබී සොයාගත් වීඩියෝ, ශ්‍රව්‍ය ලිපිගොනු සහ ඡායාරූප සිය ගණනක් සහ ඔවුන් එකිනෙකා යවා ඇති පණිවිඩ දහස් ගණනක් එළියට එන්නෙ ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් විදියට. ඔවුන් හෙළි කළ සාක්ෂි මගින් ටස්ටින් සහ හියුස් යන දෙදෙනාම ආතර්ට සිදු කළ ක්‍රමානුකූල කෲරත්වය පැහැදිලිව පෙන්නුම් කරන්න ඒ සාක්ශි හේතුවෙනවා.

හය හැවිරිදි දරුවාගේ මරණය වැඩිහිටියෙකු විසින් ඔහුගේ හිසට සිදු කරන ලද කම්පනයකින් සිදුවී ඇති බවත්, එය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති ආකාරය ඔහු දැඩි ලෙස සෙලවීමෙන් සහ ඔහුගේ හිස නැවත නැවතත් තද මතුපිටක ගැටීමෙන් බවත් පෙන්වීමට පොලිසිය සායනික වෛද්‍ය විද්‍යාවේ සහ ව්‍යාධි විද්‍යාවේ විවිධ ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින් සමඟ එකතුවෙලා කටයුතු කරනවා.

ලුණු විශ වීම සහ මාරාන්තික ප්‍රහාරයේ කතාව

රෝහල් පරීක්ෂණවලින් හෙළි වූයේ ආතර්ගේ ශරීරයේ අසාමාන්‍ය ලෙස ලුණු මට්ටම ඉහළ ගිහින් තියෙනවා කියන එකත, දරුවෙකු තුළ අහම්බෙන් සිදුවන තැලීම් වලට වඩා අසාමාන්‍ය ලෙස බොහෝ ප්‍රදේශවල තැලීම් තියෙනවා කියන එකත්. පසුව පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වෙන්නෙ ආතර්ගේ හිස, ශරීරය සහ අත් පා මත විවිධ වර්ගයේ තලීම් සීයකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා.

ආතර්ට සිදු වූ තුවාල ඔහු විසින්ම ඇති කර ගත් ඒවා විය හැකි යැයි තමන් විශ්වාස කරන්නෙ නෑ කියන එකත් හය හැවිරිදි දරුවෙකුට තමාගේම හිසට මාරාන්තික තුවාලයක් ඇති කිරීමට තරම් හයියක් නෑ කියන එකත් මේ විමර්ශනයට සහය දුන්න වෛද්‍යවරුන් අධිකරණයට කියනවා.

විශේෂඥ වකුගඩු උපදේශකයෙකු මේ විමර්ශනයෙදි කියන්නෙ ආතර්ගේ ශරීරයේ ලුණු මට්ටම මෙතරම් ඉහළ මට්ටමක පැවතීමට නම්, ඔහු මාරාන්තික තුවාල ලැබූ දිනයේ අවම වශයෙන් ලුණු මේස හැඳි හයහමාරක්වත් කාලා තියෙන්න ඕන කියන එකත්,දරුවෙකු ඒක කරන්නෙ කොහොමද කියන එක හිතාගන්නවත් බෑ කියන එක. වැඩිහිටියෙකු විසින් හිතාමතාම ලුණු සහ ජලය මිශ්‍රණයක් බලහත්කාරයෙන් පොවනවා හෝ ආතර්ට දිගු කාලයක් තිස්සේ අධික ලෙස දූෂිත ආහාර හෝ ජලය ලබා දීමකින් හැරෙන්න මෙච්චර ලුණු ප්‍රමාණයක් ශරීරයට එකතුවෙන්න විදියක් නෑ කියන එක මේ විමර්ශනයෙදි ඔප්පු වෙනවා.

කවුද එතකොට වැරදිකරු?

කොවෙන්ට්‍රි ක්‍රවුන් උසාවියේ ජූරි සභාවක් විසින් ආතර් ලැබින්ජෝ-හියුස් ඝාතනය සම්බන්ධයෙන් එමා ටස්ටින් වැරදිකරු කරන අතර තෝමස් හියුස් මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු කරනවා.

මෙම යුවළ දරුවෙකුට කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් චෝදනා හතරක් ද ඉදිරිපත් කරනවා. 2021 ඔක්තෝබර් 5 වන දින නඩු විභාගයේ ආරම්භක දිනයේද, හුදකලා කිරීම සහ බිය ගැන්වීම මගින් ආතර්ට කිහිප වතාවක් හිතාමතාම හිංසා කිරීමේ චෝදනාවකට ටස්ටින් වරද පිළිගන්නවා.

නඩු විභාගයේ අවසාන දිනවලදී ටස්ටින් ළමා හිංසනය පිළිබඳ දෙවන චෝදනාව පිළිගන්නවා.

කෙසේ වෙතත්, ආහාර පාන ලබා නොදීම සහ ලුණු ලබා දීම මගින් ඇයට තවත් කෲර චෝදනා දෙකක් සම්බන්ධයෙන් ද වරදකරු වෙන්න සිදුවෙනවා.

බලහත්කාරයෙන් සිටවීම, හුදකලා කිරීම සහ බිය ගැන්වීම සහ ආතර්ට පහර දීම යන කෲරත්වයන් දෙකක් සම්බන්ධයෙන් හියුස් වරදකරු කරනවා. ආහාර පාන ලබා නොදීමෙන් සහ ලුණු ලබා දීමෙන් ඔහු මිනීමැරුම්, කෲරත්වය යන චෝදනාවලින් නිදහස් වෙනව.

ආතර් ලැබින්ජෝ-හියුස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ එමා ටස්ටින්ට අවම වශයෙන් වසර 29 ක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. ඔහුගේ පියා වන තෝමස් හියුස් ඔහුගේ මනුෂ්‍ය ඝාතනයට වරදකරු වී වසර 21 ක සිර දඬුවම් නියම වෙනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles