එක දිගටම කිඹුහුම් යවන කිසිවෙකු ඔබ නොදැක තියෙන්නට නම් බැහැ. පීනස නම් රෝගී තත්වය එතරම්ම සුලබ රෝගයක්. ලොකු රෝගයක් කියලා ගණන් ගන්නේ නැති එහෙත් ඉතාමත් අපහසු තත්වයක් පීනස නිසා ඇති වෙනවා.
මොකද්ද මේ පීනස කියන්නේ?
පීනස කියලා හඳුන්වන්නේ කෝටාර ප්‍රදාහයයි. කම්මුල් ඇට තුළ සහ නළලේ ඇස් බැමිවල ඉහළ කොටස් තමයි කෝටර හෙවත් කුහර ලෙස හඳුන්වන්නේ. මෙම කුහර මුළුමනින්ම පිරී තිබෙන්නේ වාතයෙන්. හුස්ම ගැනීම ක්‍රමවත් කරවීම සහ පහසු කරවීම මෙම කෝටාර මගින් සිදු කරනවා. කිසියම් හේතුවක් නිසා මෙම කෝටාර තුළ ආසාදනය වූ ශ්ලේෂ්මලය හෙවත් සෙම ඇතිවීම නිසා මෙම කෝටාර ඉදිමීමට ලක්වීම මේ නමින් හඳුන්වනවා.
පීනස ඇතිවන්නේ ඇයි ?
- උපතේදී ඇතිවන යම් යම් ජානමය හේතු
අසාත්මිකතාවන් හේතුවෙන් පීනස හැදෙන්නේ මෙවැනි අයටයි. මල් පරාග වලට, දුහුවිල්ලට, ලොම් වලට ආහාර වර්ග වලට වැනි හේතුන්ට මෙවැනි අය ට පීනස හැදෙනවා.
- හෝමෝන අසමතුලිතතා නිසා
ගර්භනී සමයේ ඇතිවන හෝමෝන අසමතුලිතතා නිසා මෙන්ම රෝගවලට ලබා ගන්නා ඔසු හේතුවෙන්ද මෙම තත්වය හටගන්නවා.
- පාරසරික හේතු
බැක්ටීරියා, වෛරස්, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය නිසා සහ කාලගුණික වෙනස්වීම් නිසා ඇතිවෙන පීනස. වඩාත්ම බහුල මේ වර්ගයේ රෝගීන්.
පීනසයේ ලක්ෂණ
- නාසයෙන් සොටු දියර ගැලීම සහ නාසය සිරවීම
- මුහුණේ මස්පිඩුවල වේදනාව සහ තද වෙන්නාක් සේ දැනීම
- ගඳ සුවඳ දැනීම අඩපණ වීම
- කැස්ස
- උණ
- හුස්ම ගැනීම අපහසුවීම
- දත්වල වේදනාව
- හිසරදය
මේ තත්වය පාලනය නොවී සති දොළහකට වඩා වැඩි කාලයක් පැවතුණහොත් එය නිදන්ගත පිනසය බවට පත්වීමට ඉඩ තිබෙනවා. එය වඩාත් වේදනාකාරී සහ සුව කිරීමට තරමක කාලයක් ගතවනවා.
අවදානම් තත්ත්ව
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිට පිනසය වැළදුණු විටෙක රෝගියාගේ ජිවිතයට හානි ඇතිවන තරමටම අනතුරුදායක වනවා.
ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති විටත් එය මාරාන්තික විය හැකියි. ඒඩ්ස්, ක්ෂය රෝගය, හෙපටයිටිස්, දියවැඩියාව, ඩෙං
වළක්වා ගන්නේ කොහොමද ?
මෙයට ගත හැකි හොදම පියවර නම් පුද්ගලික ස්වාස්ථතාවය නිසි පරිදි පවත්වාගෙන යාම වනවා. ඒ වගේම තමන් අසාත්මිකතාවය දක්වන්නේ කුමකටද කියා හඳුනාගෙන සිටීමද හරිම වැදගත්. සාමාන්‍ය ප්‍රතිශ්‍යාවකදී පවා නිසි පරිදි ප්‍රතිකාර ගෙන සුව කරගන්නේ නම් අවදානමක් එන්නේ නැහැ.
– චම්මි –