ඒ 1989 ජුලි මාසෙ 24 වෙනිදා. එදා දහවල්, හොක්කයිඩෝ පොලිසිය කඳු නැගීමේදී අතුරුදහන් වූ මිනිස්සු දෙන්නෙක්ව සොයාගෙන හෙලිකොප්ටරයකින් සෝදිසි කිරීමක් සිදු කරනවා . කොහොම වුණත්, සෝදිසි කිරීමේදී, කඳු නැගීම වෙනුවෙන් වෙන් කරලා තියෙන මාර්ගයෙ ඉඳලා කෙටි දුරකින් දිරප්ය් බර්ච් ගසකින් හදපු ‘ SOS ‘ සලකුණක් මේ පොලිසියට හමුවෙනවා. එතැන් සිට කිලෝමීටර් 2-3 ක් දුරින් උතුරේ දී, අතුරුදහන් වෙච්ච මිනිස්සු දෙන්නව ආරක්ෂිතව බේරා ගන්න පුලුවන් වෙනවා.,
ඒත් කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ. කතාව ඇත්තටම පටන් ගන්නෙ එතනින්. බේරා ගැනීමෙන් පස්සෙ පොලිසිය එක්ක වෙච්ච දේ කතාකරන මේ මිනිස්සු දෙන්නා කියනව ඔය කියන විදියෙ SOS සලකුණක් ගැන කිසිම දෙයක් තමන් දන්නෙ නෑ කියලා.
ඒ අනුව මේ සලකුණ තියන්න ඇත්තෙ අතුරුදහන් වෙච්ච තව මනුස්සයෙක් කියල හිතලා පොලිසිය ආයෙම වතාවක් අතුරුදහන් වූවන් සොයා බැලීමේ මෙහෙයුමකට යනවා. ඒ විමර්ශනයෙදි තමයි පොලිසියට හමුවෙන්නෙ සතුන් දෂ්ට කිරීමේ කැළැල් සහිත දේහ කොටස් සහ උදව් ඉල්ලා කෑගසන මිනිසෙකුගේ හඬ පටිගත කරන කැසට් පටියක් අඩංගු අළු පැහැති බෑගයක්.
මේ බෑග් එකේ පිරිමි කෙනෙක්ගෙ කටහඬ පටිගත කරපු, පටිගත කිරීමේ හැකියාව තියෙන කැසට් පටයක් සහ අතේ ගෙන යන්න පුලුවන් කැසට් රෙකෝඩරයක් සහ කැසට් පට හතරක් තියෙනවා. සබන්, දත් බුරුසුවක්, දන්තාලේප සහ ෂැම්පූ අඩංගු ප්ලාස්ටික් වැසිකිළි බෑගයක්, කොළ පැහැති ප්ලාස්ටික් කෝප්පයක්, රේඩියෝවක් මුලින්ම සොයාගත් දේවල් අතර තියෙනවා.
ඇතුළත් කිරීමේ ලැයිස්තුව, අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව සහ දේපළ මත පදනම් වෙලා අසහිකාවා වෛද්‍ය විශ්ව විද්‍යාලය සහ පොලිසිය මේ දේහය 1984 ජූලි මාසයේදී නැව් අනතුරට ලක් වූ අයිවි ප්‍රාන්තයේ ජීවත් වූ 25 හැවිරිදි කාර්යාල සේවකයෙකු වූ A ගේ දේහය විදියට හඳුනාගන්නවා. ඒ වගේම දේහයේ DNA විශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට, ඒ මරණය සිදු වූ කාලය ආසන්න වශයෙන් වසර 5 කටත් කලින් කියන එක වගේම, එයා වයස අවුරුදු 25 සිට 35 දක්වා වූ කාන්තාවක් බවත්, සෙන්ටිමීටර 160 ක් උස බවත්, O රුධිරය ඇති බවත් සොයා ගන්නවා.
ඒ වගේම වැඩිදුර විමර්ශනයක ප්‍රතිඵලයක් විදියට, 1984 ජූලි මාසයේදී නැව් අනතුරට ලක් වූ A කියන මේ තැනැත්තියට පෙම්වතෙක් හිටි බවත් B කියන ඒ පෙම්වතාත් එදිනම කන්ද තරණය කිරීමෙන් පසු අතුරුදහන් වූ බවත් අනාවරණය වෙනවා. DNA පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට, පෙම්වතාගේ DNA සහ අළු වල DNA ගැලපෙන අතර ඒ අනන්‍යතාවයත් තහවුරු කරගන්න පුලුවන් වෙනවා.
පස්සෙ මල සිරුර මුලින්ම සොයාගත් ස්ථානය අසල කරපු තවත් විමර්ශන වල ප්‍රථිපලයක් විදියට තවත් මල සිරුරු දෙකක්, පිරිමි බලපත්‍රයක් සහ පිරිමි ඔරලෝසුවක් හොයාගන්න පුලුවන් වෙනවා. ජූලි 28 වෙනිදා අසහිකාවා විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අතිරේක හඳුනාගැනීම් වල ප්‍රතිඵලයක් විදියට, දේහය A ලෙස හඳුනා ගන්නවා. ඒක ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පිරිමි ඇටසැකිල්ල බව තීරණය කරනවා වගේම අතර අවසානයේ මේ වෙලා තියෙන්නෙ කාර්යාල සේවකයින් කිහිප දෙනෙකු කඳු නැගීමේදී අනතුරට පත්වීමක් බවට නිගමනය කරන පොලිසිය, SOS කෙටි පණිවිඩයක් යැවීම සහ හෙලිකොප්ටරයකට කෑ ගැසීම වගේ දේවල් කරත් එයාලව බේරාගන්න පුලුවන්කමක් නොලැබීම නිසා මිය ගිහින් කියලා නිගමනයකට එනවා.
තුන්වෙනි කෙනා කවුද?
A කියල හඳුනගත්ත මනුස්සයගෙ දේහය අසල තිබිල හොයාගත්ත දේවල් එයාගෙ ගෙදරට ගිහින් භාරදුන්නයින් පස්සෙ තමයි විසඳුව කියල හිතපු කතාවක් ආයෙම වතාවක් අබිරහසක් බවට පත්වෙන්නෙ. මේ මනුස්සයගෙ පවුලෙ අය කියනව දෙවනි විමර්ශනයෙදි හොයාගත්ත පිරිමි ඔරලෝසුව, බපලත්රය වගේ දේවල් තමන්ගෙ පවුලෙ කෙනාට අයිති දේවල් උනත් පලවෙනි විමර්ශනයෙදි හොයාගත්ත බෑග් එක එයාට අයිති නැති බව.
ඒවගේම අර කැසට් පටයේ රෙකෝඩ් වෙලා තිබුන කටහඬ තමන්ගෙ පවුලෙ සාමාජිකයවට වඩා ගොඩක් වෙනස් බව. ඒවගේම මේ තත්ත්වෙ තවත් නරක අතට හැරවෙන්නෙ DNA පරීක්ශන වලින් පලවෙනි සහ දෙවනි අයිතම වල DNA එකිනෙකට සමාන නැති බව සොයාගත්තයින් පස්සෙ. ඒ අනුව පැහැදිලි වෙන දේ තමයි SOS ගලවා ගැනීමේ සංඥාව යැවූ පුද්ගලයා තුන්වන පුද්ගලයෙක් වෙන C කියල මිසක් 1984 දී අතුරුදහන් වූ කාර්යාල සේවක යුවළ නෙවෙයි කියන එක.
අදාළ තුන්වන පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි කිරීම සඳහා ඉතිරි වූ දේ නැවත විමර්ශනය කිරීම හැර වෙනත් විකල්පයක් පොලිසියට නැතිවෙනවා. මේ අතරෙ තමයි අදාල විමර්ශනය කර තැනින් තවත් බෑග් එකක් හමුවෙන්නෙ. ඒකෙ කොමඩි බුක් එකක්, ට්‍රයිපොඩ් එකක්, 1983 දී සාදන ලද කඩදාසි බෑගයක් සහ රක්ෂණ සමාගමක ලිපිනය සහිත කඩදාසි බෑගයක් තියෙනවා. DNA පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස, නව බෑගයේ තිබී සොයාගත් DNA පළමු බෑගයේ තිබූ DNA සමඟ ගැලපෙනවා. ඒ අනුව මේ සිදුවීම තුන්වෙනියා වන C සහ පලවෙනි ජෝඩුව වන A සහ B අතර තිබුණ ප්‍රේම සබඳතාවයක තතු පොලිසියට හෙලි කරලා දෙනවා. හැබැයි තුන්වෙනි පුද්ගලයාගේ ඉතුරු වුන දේවල් වල කාලය කාර්යාල සේවක ජෝඩුවගේ දේවල් වල කාලයට වඩා අවුරුද්දකට වැඩි බව පරීක්ශන වලින් හෙලිවෙනවා.ඒ කියන්නෙ මේ තුන්දෙනාට දේවල් වෙලා තියෙන්නෙ එකම තැනකදි නෙවෙයි.කොච්චර විමර්ශන කරත් තුන්වෙනියෙක්ගෙ මල සිරුර හොයාගන්න පුලුවන් වෙන්නෙත් නෑ.
බර්ච් ගසකින් හැදූ SOS සලකුණ
විමර්ශනයෙදි හොයාගන්නවා මේ SOS අකුරු හැදිලා තියෙන්නෙ විශාල බර්ච් ගස් තුනක් හෝ වැඩි ගණනක් ගොඩගැසීමෙන් කියන එක . ඒ වගේම සෑම අකුරක් මීටර් 5 කට වඩා පළල බැවින්, වැඩිහිටි පිරිමියෙකුට පවා එය නිපදවීම ඉතා අපහසු වෙන්න පුලුවන් බව විමර්ශන වලින් හොයාගන්නවා. ඒ වගේම ඒ සලකුන තිබුන අවට කිසිම විදියකින් බර්ච් ගසක් හොයාගන්න පුලුවන් වෙන්නෙත් නෑ.මෙම සලකුණ සොයා ගන්න අවුරුද්දකුත් මාස 10 කට කලින්, 1987 සැප්තැම්බර් 20 වන දින ජපානයේ භූගෝලීය තොරතුරු ආයතනය විසින් ගන්නා ලද ගුවන් ඡායාරූපයක ද මෙම සලකුණ පෙනිලා තියෙනවා කියන එක හොයාගන්න පුලුවන් වෙනවා. ඡායාරූපයේ අකුරුවල පළල මිලිමීටර් 0.9 ක් පමණ වෙනවා.
උපකල්පන මොනවද?
මේ ගැන විවිධ අය විවිධ උපකල්පන පෙන්වා දීලා තියෙනවා. එකක් තමයි මේ හොයාගන්න බැරිවෙච්ච තුන්වෙනියා තමන්ට අයිති උන ගොඩක් දේවල් මෙතන තියලා සියදිවි නසාගන්න යන්න ඇති කියල සමාජය පිළිබඳ අශුභවාදී අදහස් එයාට තිබුන නිසා.ඒත් කිසිම නටඹුනක් හම්බු නොවීම නිසා මේ තියරි එක එච්චර පිළිගැනීමට ලක්වෙන්නෙ නෑ.
දෙවනි උපකල්පනය වෙන්නෙ තුන්වන පුද්ගලයා එයාගෙ කටහඬ පටිගත කරල එයා අතුරුදහන් වුනා කියල පෙන්නන විදියට බොරුවට ඔක්කොම දේවල් සූදානම් කරලා අතුරුදහන් වෙලා යන්න ඇති කියලා. තුන්වෙනි පුද්ගලයෙක්ගෙ මල සිරුරක් හමුවෙලා නැති නිසා මේක පොඩ්ඩක් ඇත්ත කියල පිළිගන්න පුලුවන්කමක් තියෙනවා.
තවත් සමහරු කියනවා මේ තුන්වෙනි පුද්ගලයා ඝාතකයෙක් බව. ඝාතකයා කඳු වැටිය වටා වනාන්තරයේ සැඟවී සිටි බවත්, වින්දිතයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කලින් පටිගත කරන ලද කැසට් පටයක් වාදනය කර, ඔවුන් මරා දමා පස්සෙ පලා ගිහින් කියලත් කියනවා.
කොහොම වෙතත් අද දක්වාම, මේ SOS සලකුණ නිර්මාණය උනේ කොහොමද කියන එක වගේම ඒ සලකුණ හැදුව අය අතුරුදහන් උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ReplyForwardAdd reaction |