laptop එකක් මිලදී ගන්න කලින් සැලකිලිමත් විය යුතු කාරණා

Laptop පරිඝණකයක් කියන්නේ මේ වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රැකියා කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට මෙය ඔවුන්ගේ වැඩ පහසු කරගැනීම සඳහා අත්‍යවශ්‍යම වන උපකරණයක්.ඉතින් Laptop එකක් මිලදී ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් පිළිබඳවයි මේ ලිපිය.

ඔබ සතු මුදල

Laptop එකක් මිලදී ගන්න උනන්දුවෙන ඔබට අත්‍යවශ්‍යම වන සාධකයක් තමයි මුදල්. මේ වන විට විවිධ වර්ගයේ ලැප්ටොප් වර්ග ඕනෑතරම් වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ තිබෙනවා. එකකට එකක් මිලෙන් වෙනස් වන මේ laptop වර්තමානය වන විට නම් තරමක් මිල අධිකයි. ඒ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි laptop එකක් මිලට ගන්න කලින් ඔබ සතු මුදල් ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් මිලදී ගන්න පුළුවන් ආයතනත් මේ වෙනකොට බිහි වෙලා තියෙන නිසා මිල අධික ලැප්ටොප් එකක් වුණත් ගෙවීමේ ක්‍රමය යටතේ ලබා ගන්න දැන් පුලුවන්.

ප්‍රමාණය

Laptop එකක් කියන්නේ ඔබේ වැඩ පහසු කරවන උපකරණයක්.ඉතින් ඒ උපකරණය අධික බරක් සහිත විශාල එකක් නම් ඔබේ වැඩ පහසු කර වන්නේ නැහැ.ඒ නිසා ලැප්ටොප් එකක් මිලදී ගන්න කලින් එහි ප්‍රමාණය වගේම එය ඔබට ඕනෑම තැනකට ගෙන යා හැකි බරකින් යුතු එකක්ද කියලා සැලකිලිමත් වෙන්න.

තිරයේ ගුණාත්මකභාවය

මෙය බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන කාරණාවක්. නමුත් ඇත්ත වශයෙන්ම laptop එකක තිරයේ ගුණාත්මකභාවය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඔබ බොහෝ වේලාවක් තිරය දෙස බලාගෙන ඔබේ වැඩ කටයුතු කරන නිසා එය ඔබේ පෙනීමට හානි ඇති කරන්නට පුළුවන්. ඒ නිසා තිරයේ ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.

යතුරු පුවරුවේ ගුණාත්මකභාවය

සමහර laptop වල යතුරු පුවරුව කාලයක් ගතවන විට හානියට පත්වෙනවා. යතුරු පුවරුවේ ඇතැම් කොටස් වැඩ නොකිරීම , අකුරු මැකී යාම ආදී දේවල් සිදු වූ විට ඔබේ කටයුතු වලට බාධා සිදු වෙන්නට පුළුවන්. මේ නිසා ඔබ ලැප්ටොප් එකක් මිලදී ගන්නා විට එහි යතුරු පුවරුවේ ගුණාත්මකභාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ වන විට වෙළඳපොලේ යතුරු පුවරු වල ආරක්ෂාව සඳහා නිපදවන ලද සිලිකන් කවර, ආරක්ශක උපාංග තිබෙනවා. යතුරු පුවරුවේ වැඩි ආරක්ෂාව සඳහා ඒවායින් එකක් වුනත් භාවිතා කරන්න ඔබට පුළුවන්.

බැටරියේ ආයු කාලය 

Laptop එකක් ඕනෑම තැනකට ගෙන යා හැකි නිසා ඔබේ වැඩ පහසු කරවනවා. ඔබ යන හැම තැනකදීම එය විදුලියට සම්බන්ධ කර තබන්න ඔබට බැහැ. ඒ නිසා එහි බැටරියේ  ආයු කාලය පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්. ඒ නිසා laptop එකක් මිලදී ගන්න කලින් එහි බැටරියේ ධාරිතාවය , එහි ආයු කාලය පිළිබදවත් අනිවාර්යෙන්ම ඉතා හොඳින්  සොයා බලන්න.

ආරක්ෂක විධිවිධාන

Laptop එකක් සතු විය යුතු තවත් අත්‍යවශ්‍ය ගුණාංගයක් තමයි එහි ආරක්ෂාව. මුරපදය ක ට එහා ගිය ආරක්ෂක විධිවිධාන සහිත ලැප්ටොප් එකක් තෝරා ගන්න පුළුවන් නම් ඔබට ඔබේ ලැප්ටොප් එකේ ගබඩා කරන දත්ත සහ ඔබේ ලිපිගොනු පිළිබඳව බිය වන්නට අවශ්‍ය නැහැ.

මේ කාරණා වලට අමතරව laptop එකක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු තවත්  කාරණා කිහිපයක්ම තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ laptop එකක් මිලදී ගැනීමට කලින් ඔබ සැලකිලිමත් විය යුතු අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් පිළිබඳවයි.

Related Articles

Don't Miss


Latest Articles