මේධාවිණී එදා ගෙදර එද්දී මේධාවිණී ගෙදර ඇවිත් හිඳීවි යැයි හිතන අන්දමේ අමුත්තෙක් ගෙදර සාලයේ තේ බොමින් තාත්තා එක්ක කතාකරමින් උන්නේය.
ඒ වලාකුලු වීරවර්ධනය.
“මම නම් පර්සනලි හිතන්නෙ අංකල් ඕනම රිටේල් ශොප් එකකට තියෙන්න ඕන එයාලගෙම පර්සනල් ස්‍ටුඩියෝ එකක්. අංකල්ලට උනත් දැන් ෆොටෝ ශූට්ස් කරන්න එලියෙ ෆොටෝග්‍රැෆර්ස්ලව අරගන්නවට වඩා ලේසි වෙයි එහෙම ඔප්ශන් එකකට ගියා නම්” කියා වලාකුලු තාත්තා ඇසුව හෝ කිව්ව යම් දේකට තමන්ගේ පැත්තෙන් පිළිතුරු දී අවසන් වෙද්දී මේධා ගෙදර සාලයට පියවර තිබ්බාය.
මේධාගේ දෙනෙත්වල ඇඳී තිබුනේ “ඔයා මෙහෙ මොකද කරන්නෙ?” කියන එක දුටුවේ වලාකුලු වුණාට එයට උත්තර දෙන්නට ඉදිරිපත් උනේ මනුර සුමතිපාලය.
“එදා පාටි එක වෙලාවෙදි වලාකුලු හරි ඉන්ටරස්ටින් බිස්නස් අයිඩියා එකක් දුන්නනෙ. මං එන්න කිව්වා ඒක ගැන පොඩ්ඩක් කතාකරගන්නත් එක්ක” කියා තාත්තා කියද්දී මේධා කිසිත් වෙනසක් මුහුනෙන් නොපෙන්වා වලාකුලු වෙත මද සිනාවක් පා නිවස ඇතුලට යන්නට පියවර තැබුවට ඒ ගමනට මනුරගෙන්වත් වලාකුලුගෙන්වත් ඉඩක් ලැබුනේ නැත.
“මේධාත් එන්න. දැන් ඉස්සරහට බිස්නස් එක බලන්න ඉන්න කෙනා මේධා නිසා මේ ඩිස්කශන් එකට මේධාත් ආවට අවුලක් නෑනේ නේද අංකල්?” කියා වලාකුලු කියද්දි මනුර සුමතිපාල ඒ කතාවට එකඟ වුනේ එකහෙලාය. ඉන්පසුව ගෙවුන හෝරාවක පමන කාලය පුරාවට වලාකුලුගේ මුවෙනුත් මනුරගේ මුවෙනුත් මේධාගේ මුවෙනුත් නික්මුණේ ව්‍යාපාර වලට සම්බන්ධ අදහස් පමණක් උනත් වලාකුලුගේ දෙනෙතත් මේධාගේ දෙනෙතත් තිබුනේ වෙනත් අන්දමක කතාවකට අර අදිමිනි.ඒ දෙනෙත් අස්සේ දෙතොල් මතට එන්නට ඉඩක් නොදී කෙරුන කතාව කියන මේ කාලය බව වලාකුලුත් මේධාත් දෙදෙනාම දැනගෙන උන්නද ඒ කතාව කල යුත්තේ ඇරඹිය යුත්තේ කෙසේද කියන එක ගැන අදහසක් දෙදෙනාටම තිබුනේ නැත.
“ඔයා එකපාර මටත් කියන්නෙ නැතුව මෙහෙ ආවෙ ඇයි?” කියා මනුර සුමතිපාල ව්‍යාපාර කතාව අවසන් කර එතනින් නික්ම යද්දී එලියේ සුවිසල් ගෙවත්ත වෙත ඇවිද එමින් මේධා ඇසුවද ඒ වදන් වල කිසිත් අමනාපයක් තැවරී නැති බව වලාකුලු දැනගෙන උන්නේය.
“ම්ම්ම් හේතු දෙකක් උඩ. ඔයාලගෙ තාත්ත මට කෝල් කරල අද එන්න පුලුවන්ද කියල ඇහුව මං එදා ඔය ඉන් හවුස් ස්ටුඩියො එකක් ගැන කිව්ව එක ගැන තව ටිකක් කතා කරන්න. දෙක මට පොඩ්ඩක් ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතුනා. ඔයා කොහෙද ගියේ?”
“ම්ම් යාලුවෙක් හම්බෙන්න ගියා”
“ම්ම් යාලුවෙක්…” කියා වලාකුලු දෙනෙත් මදක් අඩවන් කර බලද්දී මේධාගේ දෙනෙත් මත සිනාවක් ඇඳුනේත් දෙතොල් මෑත් වී “හරි හරි යෙහෙලියක් යෙහෙලියක්. පරණ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක්” කියා කියවුනේත් අඩවන් වුන දෙනෙත් ඔස්සේ වලාකුලු කියන්න තැනුව නිහඬ කතාව අඳුරගත්තාක් මෙනි.
“හදිසියෙම ගියේ මොකක් හරි ප්‍රශ්නයක්ද?” කියා වලාකුලු අහද්දි චිරත්ට කියන්න බැරි කතාව වලාකුලුට කියන එක හිතට සැනසුමක් ගෙන එන්නට හේතුවක් විය හැක්කේ කෙසේද කියන එක ගැන නොහිතාම මේධාවිණී පෙත්මලී සම්බන්ධව හිත අස්සේ පැන නගිමින් තිබු ප්‍රශ්නය වලාකුලු වෙත කිව්වේය.
“එදා පාර්ටි එක දවසෙත් බබා අර කෑගහගෙන අඬාගෙන ගිහින් තියෙන්නෙ ඒක හන්දද එතකොට?”
“ඔව් ඊටපස්සෙ චිරත් ආවයින් පස්සෙ තමයි එයා ටිකක් හරි සෙට්ල් ඩවුන් උනේ. මට තේරෙන්නෙ නැත්තෙ කොහොමද එයාට තේරුම් කරල දෙන්නෙ කියල මමයි එයාගෙ තාත්තයි දැන් ඉන්නෙ එක තැන නෙවෙයි කියන එක සහ මම ඒක එයාට කොච්චර තේරුම් කරල දුන්නත් ගෙවල් වල මිනිස්සු කතා කරන ඒව අහගෙන ඉඳල ලමයි ඕව පෙත්මලීට කියන එක මට නතර කරන්න බෑනෙ, ඔලුව නිකන් විකාරයි වගෙ මට ඕව මතක් වෙද්දි”
“දරුවො එහෙම තමයි කොහොමත් ගර්ල්ස්ලා තාත්තල එක්ක හරි එකතුයිනෙ. ඒක නිසා පෙත්මලී ඔහොම රියැක්ට් කරන එක නෝමල් දෙයක් කියන්න පුලුවන්. හැබැයි ඔයා බෑ කියල හිතුවට ඔයාට පුලුවන් නේද පෙත්මලීගේ ක්ලාස් ටීච හරහා ඔය එක එක ඒව කියන බබාගෙ අම්මලට ඒ වගේ දේවල් බබාට ඇහෙන්න කතා කරන්න එපා කියල ඉන්ෆෝම් කරන්න. මොකද ඒක ඇත්තටම හරි කැත දෙයක්නෙ. එයාගෙ දරුවෙක්ට උනත් ඔහොම දෙයක් වෙන්න බැරිකමක් නෑනෙ”
“ඒක කරන්න පුලුවන්. ඒ උනාට ඒක ශෝර්ට් ටර්ම් සොලුශන් එකක් නේද? ඔයා හිතනවද අපි ඒ ළමයගෙ අම්මලට කතාකරල එයාල ගෙදරදි ඕක කතාකරන එක නතර කරාට එයාගෙ ළමය අපෙ දරුවට එක එක ඒව කියන එක නතර කරාවිද? අනික ඒ දරුව කියන එක නතර කරත් ඉස්සරහදි තව කවුරුහරි ඕක කියාවිද නැද්ද කියල අපි දන්නෙ නෑනෙ. එහෙම ඉතින් කට්ටිය කියන කියන සැරේට ඒ මිනිස්සුන්ට එහෙම කියන්න එපා කියල කියන්න අපිට බෑනෙ වලාකුලු. ඒ හැම උත්තරයක්ම ශෝර්ට් ටර්ම් ඒව, ඔහොම දේවල් වෙන වෙන සැරේට ඒකට ශෝර්ට් ටර්ම් සොලුශන්ස් දෙන එකම පෙත්මලීගෙ කන්ඩිශන් එක එන්න එන්න වර්ස් කරන්න හේතුවක් වෙයි කියන එකයි මට තියෙන ලොකුම බය වලාකුලු. මං ගත්ත වැරදි තීරණයක් හරි කලබල වෙලා ගත්ත තීරණයක් හරි හින්දා පෙත්මලී මේ ලෝකෙට දැන් ඇවිත් ඉවරයි. අපි කරපු කියපු දේවල් හන්දා, ගත්ත වැරදි තීරණ හන්ද දැන් ඒ දරුව අහේතුකව හරි දුකක් කරදරයක් විඳිනවනම් ඒක ඇත්තටම විසඳල දෙන එක දෙමව්පියො විදියට මගෙ වගකීම. මට ඒකෙන් මිදෙන්න බැරිකමක් නෑනෙ වලාකුලු.ඒත් මට හිතාගන්න බෑ මොකද්ද ඒකට දෙන ලෝන්ග් ටර්ම් සොලුශන් එක කියන එක”
“මේ සිටුවේශන් එක ඔයා පෙත්මලීගේ තාත්තට කිව්වද? එයා මොකද කියන්නෙ?”
“මම ඇත්තටම චිරත්ට කිව්වෙ නෑ මුකුත්”
“ඇයි ඒ? එයා හරිනම් දැනගන්න ඕනනෙ. මොක උනත් පෙත්මලීගේ ඔයාලා දෙන්නගෙම දරුවා. දරුවගෙ ප්‍රශ්නෙට ඔයා විතරක් තනියෙන් සෆර් කරන්න උවමනා නෑ නේද? අනික එදා බර්ත් ඩේ පාටි එක දවසෙත් කලබල වෙලා එයා දුවන් ආව කියන්නෙ හී කෙයාස් ෆො පෙත්මලි නේ”
“ඇත්ත, ඒත් දරුවගෙ දේවල් වලට හරි මම චිරත්ට නිතර නිතර කතා කරන එකෙන් වෙන්නෙ අපි අතාරින්න හදන බැඳිමක් මොකක් හරි හේතුවක් නිසා ආයෙ ආයෙ ලං කරගන්න, කනෙක්ට් කරගන්න හදන එක නේද? මට ඒක කරන්න උවමනා නෑ. අනික මම එහෙම කතා කරන එක චිරත්ගෙ පොයින්ට් එක පෘව් කරන්න හේතුවක් වෙනවා නේද?”
“මොන පොයින්ට් එකද?”
“එයා නැතුව මට ජිවීතේ ඉස්සරහට මූව් වෙන්න බෑ කියන එක. මට ඒක ඇත්තක් කියල ඔප්පු කරන්න උවමනා නෑ. ඒක ඇත්තක් නෙවෙයි. එයා නැතුව මම ඕල්‍රෙඩි ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නෙ. එහෙම එකේ ආයෙ මම මොකටද බොරුවට එයා ලඟට යන්නෙ ප්‍රශ්නයක් ආව ගමන් ඒක පෙත්මලීගෙ ප්‍රශ්නයක් උනත්?”
“එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි මේධා. ඒක ලෝන්ග් ටර්ම් සොලුශන් එකකුත් වෙනවා”
“මොකද්ද?” කියා මේධාවිණී වලාකුලු දෙස බලාගෙන උන්නේ වලාකුලු විසින් කියන්නට හදන ලෝන්ග් ටර්ම් උත්තරේ මොකද්ද කියා හිතාගන්න බැරුවය. අද දවසේ මේ මොහොත වෙනතුරුත් මේධාවිණී හිත කරදර කරගෙන උන්නේ පෙත්මලීව සතුටෙන් තියන්න. චිරත්ගෙන් වූ හිස්තැන මකාදමා පෙත්මලීගේ ජීවිතය සම්පූර්ණ කරනු පිණිස කුමක් කරන්නද කියා හිතාගන්න බැරුවය. එහෙම තැනකදි වලාකුලු වීරවර්ධන විසින් කියන්නට යන ලෝන්ග් ටර්ම් උත්තරේ කුමක්ද කියා දැනගන්න හිත උන්නේ නොවසිල්ලකිනි.
“පෙත්මලීගේ ජීවිතේ චිරත් අයින් වීම නිසා ඇතිවෙච්ච හිස්තැන මකන්න කාව හරි හොයාගන්න එක. පෙත්මලී වෙනුවෙන් විතරක් නෙවෙයි ඔයා වෙනුවෙනුත්. ඔයාවයි පෙත්මලීයි දෙන්නම වෙනුවෙන් ඉන්න පුලුවන්, කෙයා කරන කෙනෙක්” කියා වලාකුලු නිහඬවම තමන් දිහා බලා ඉද්දී “එහෙම කෙනෙක් ඉන්නවද ඉතින්?” කියා තමන්ගේ හිත ඇසූ ප්‍රශ්නයට උත්තරය වලාකුලුගේ දෙනෙත් අස්සේ ඇඳි තිබුණා මේධාවිණී නොදුටුවා නොවේ.