බොලිවුඩයේ ෆීනික්ස් කිරිල්ලිය

අද වන විට ප්‍රියංකා චෝප්රා කියන්නේ ඉන්දියාවේ පමණක් නොව, ජාත්‍යන්තර මට්ටමින්ද සාර්ථකත්වයට පත්වූ විශිෂ්ට නළියක්. ඇයගේ විලාසිතාවන්, නිර්භීතව කතා කරන ආකාරය, සහ හදවතට වදින ප්‍රතිචාර නිසා බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. නමුත් මේ ජනප්‍රියත්වය ලබා ගන්න එකනම් අපි හිතන තරම ඇයට එතරම් පහසු ගමනක් වුනේ නැහැ.. බොලිවුඩයේ ඇතැමුන් ඇයට එරෙහිව ක්‍රියා කරමින්, ඇය විනාශ වීමට බලා සිටිය කියන කතාව සමහරවිට ප්‍රියංකාගේ කතාව අහලා තිබෙන ඔබ නම් දන්නවා වෙන්නත් පුලුවන්.

ලෝක රූ රැජිණ කිරුළ දරාගැනීම සජ එතැන් සිට සිනමාවේ ගමන

1982 ජූලි 18 වන දින ජමේශ්ද්පූර් නුවරදී මධු චොප්රා සහ අශෝක් චොප්රාට දාව උපන් ප්‍රියංකා, 2000 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනිමින් ලොව අවධානයට ලක්වුණා. ඉන් අනතුරුව 2003දී The Hero: Love Story of a Spy චිත්‍රපටය හරහා ඇයගේ බොලිවුඩ් ගමන ආරම්භ කළා. එම වසරේම Andaaz චිත්‍රපටය වෙනුවෙන් Filmfare හොඳම නවක නිළිය සම්මානය දිනා ගැනීමට ඇයට හැකි වුණා.

2004දී Mujhse Shaadi Karogi සිනමාපටය දැඩි වාණිජමය සාර්ථකත්වයක් ලැබුවා. Aitraaz නම් චිත්‍රපටයේ නපුරු චරිතයක් නිරූපණය කළ ප්‍රියංකා, Filmfare සම්මාන උළෙලේ හොඳම දුෂ්ට චරිතයට හිමි සම්මානය දිනා ගත්තේ බොලිවුඩ් ඉතිහාසයේ එම ගෞරවය හිමි කළ දෙවන නිළිය විදියටත් පත්වෙමින්. හැබැයි ඒ කිසිම දෙයක් කරන එක එච්චර ලේසි දේවල් නම් උනේ නෑ.

පෙම් කතා සහ කටකතා

මෙම සමයේදී, ප්‍රියංකා සහ අක්ශේ කුමාර් අතර පෙම් සබඳතාවයක් පැවති බවට කටකතා පැතිරුණා. මෙය අක්ශේගේ බිරිඳ ට්වින්කල් ඛන්නාගේ දැඩි අකමැත්තට හේතුවෙච්ච දෙයක් වුණා. ඒ නිසාම ට්වින්කල් ඛන්නා චිත්‍රපට රූගත කරන තැනකට ඇවිල්ලම ප්‍රියංකාට තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ලොකු ප්‍රශ්නයක් ඇති කරා කියලත් වාර්තා වෙනවා. ට්වින්කල් සහ කරන් ජොහාර් එක්ව, ප්‍රියංකාගේ සිනමා දිවිය විනාශ කිරීමට උත්සාහ කළ බවත් ඔය විදියටම එක එක තැන්වල එක එක අය එක එක කතන්දර කියලා තියෙනවා.

මෙම විරුද්ධත්වය නිසා, Barsaat චිත්‍රපටයෙන් අක්ශේ ඉවත්වෙනවා වගේම ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා බොබි ඩියෝල් ව තෝරාගන්නවා. හැබයි මේ කිසිම දෙයක් ප්‍රියංකා නම් තමන්ට වැටෙන්න හේතුවක් කරගන්නෙ නෑ. ඒ වෙනුවට තව තාවත් ශක්තිමත් වෙන ප්‍රියංකා 2006දී Krrish සහ Don චිත්‍රපටයන් ඔස්සේ තමන්ව තව දුරත් ජනතාවගේ ආදරය සහ ආකට්ශනය දිනාගන්න කටයුතු කරනවා..

සාර්ථකත්වය සහ ජාත්‍යන්තරය වෙත යන්න මග සකසා ගැනීම

2008දී Fashion චිත්‍රපටය ඔස්සේ ප්‍රියංකා නැවතත් තමන්ව ප්‍රේක්ශකයන්ගෙ වගේම ඉන්දියන් සිනමා ලෝකය ඇතුලෙ ඉහලම තැනක රඳවන්න දක්ශ වෙනවා. Filmfare හොඳම නිළිය සහ ජාතික සම්මානය දිනා ගන්නත් ප්‍රියංකාට උදව් වෙන්නෙ Fashion චිත්‍රපටය. 2009දී What’s Your Raashee? චිත්‍රපටය හරහා එකම සිනමාපටයක චරිත 12ක් නිරූපණය කළ ප්‍රථම නිළිය වෙන්නත් ප්‍රියංකාට පුලුවන් වෙනවා.

2011දී Don 2 චිත්‍රපටය Box Office වාර්තා බිඳ හෙළමින් ඉදිරියට ගියත්, මෙය තවත් වරක් ප්‍රියංකාට කටකතා සහ විවේචන අරගෙන එන්න හේතුවෙනවා. ඒ ශාරුක් ඛාන් සමඟ ඇයගේ සබඳතාවයක් තිබූ බවට පළ වූ කටකතා නිසා ඔහුගේ බිරිඳ ගෞරි ඛාන් කරන් ජොහාර් එක්ක එකතුවෙලා ප්‍රියංකාගේ ගමන නතර කරන්න හදපු හන්දා. කරන්, Twitter ඔස්සේ, ප්‍රියංකාව සෘණාත්මක ආකාරයෙන් චෝදනා කරමින් සටහන් තිබ්බා වගේම, බොලිවුඩ් මාධ්‍ය ඇයට “Home Breaker” යන ලේබලය ලබාදෙන්න මේ සිදුවීම හේතුවක් වෙනවා.

හොලිවුඩ්, අභියෝග, සහ ජයග්‍රහණ

ප්‍රියංකාගේ ජාත්‍යන්තරයට යන ගමන සඳහා ඇය නිතරම ස්තුති කරන කෙනෙක් තමයි අංජුලා ආචාර්‍යා කියන්නෙ. ප්‍රියංකා තමන්ගෙ මෙ හොලිවුඩ් ගමන යද්දි බොලිවුඩ් නිෂ්පාදකයන් එයාව කොච්චර පහලට දාලා කතා කරාද කියන එක ගැන එයාගෙ ඉන්ටවිව්ස් වලදි කියනවා. 2012දී, හොලිවුඩ් වලට ඇය යාමට පෙර, ඇතැම් නිෂ්පාදකයෙක් ප්‍රියංකාට ඔය හොලිවුඩ් ගමන කවදාවත් හරි යන්නෙ නෑ කියන එක වගේම, ඇය “නැවතත් ඉන්දියාවට ආපසු එනවා” යැයි ප්‍රකාශ කරමින් කියා සීටියෙ හොලිවුඩය කවදාවත් දුඹුරු හමක් තියෙන කෙල්ලෙක්ව තමන්ගෙ රටේ නිළියක් කරහන්නෙ නෑ කියල කියන ගමන්.

නමුත්, සියලුම විවේචන පරාජය කරමින්, අද වන විට ප්‍රියංකා චෝප්රා ජාත්‍යන්තර නිළීයක මෙන්ම ව්‍යාපාරිකයෙක් විදියටත් කටයුතු කරනවා. ඇය Quantico ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ඇමරිකාවේ බොහෝ ආදරය දිනා ගත් අතර, Baywatch සහ The Matrix Resurrections වැනි සිනමාපටවලද රංගනයෙන් එක්වී තියෙනවා.

ඇය බොලිවුඩ් සහ හොලිවුඩ් අතර සීමාවන් බිඳ හෙළා, ලොව පුරා සිය නාමය මතු කරමින්, නාට්‍ය හා සමාජ ක්‍රියාවලියන් සැලසුම් කරමින් ඉන්නවා. ඉතින් ප්‍රියංකා චෝප්රාගේ ගමන අපිට කියලා දෙන එකම එක කතාවක් තියෙනවා.

ඒ තමයි බාධක ජයගෙන යනවා නම් හැමදෙයක්ම කළ හැකියි කියන එක.

Related Articles

Don't Miss


Latest Articles