දරුවන් වෙනුවෙන් මවකගේ කැපවීමේ සීමාව කොයිතරම් ද? Kadin Tv series

ගැහැණියකගේ ශක්තිය කොතරම්ද ? එය ඇත්තෙන්ම සිතාගත නොහැකි තරම්. උපතින්ම දරාගැනීම සහ ඉවසීම අතැතිව එන ගැහැණිය ,මවක් වූ පසු ඇය තුළ වූ ධෛර්යය තම දරුවන් වෙනුවෙන් දෙගුණ තෙගුණ වනවා. දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ගැහැණියක් ගැන කියවෙන නාට්‍ය මාලාවක් ගැනයි අද අපි ඔබට කියන්නේ

2013 වර්ශයේ ජපන් නාට්‍යයක් වන Women මත පදනම් වෙමින් නිර්මාණය වූ තුර්කි නාට්‍යයක් වන Kadin ලොව පුරා ගැහැණු පිරිමි දෙපාර්ශවයම ආදරය දිනාගත් කතා මාලාවක් විදියට හඳුන්වන්න පුලුවන්.
මේ වනවිට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාගෙද විශේශ අවධානයට පාත්‍ර වී ඇති මෙය ” කිසා ” නමින් සිරස නාලිකාවේ විකාශය වනවා

බහර් යනු වයස අවුරුදු 8 දි මව අතහැර ගිය , ඉන්පසු පියාද අහිමිව තනිව ජීවිතය සොයා ගිය ගැහැණියක්.
එහිදි ඇයට සාප් නැමති කඩවසම් තරුණයා මුණගැහෙනවා.අසීමිත ආදරයකින් බැඳෙන ඔවුන් දෙදෙනා ඉන්පසුව දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන විවාහ වෙනවා.
විවාහයෙන් පසු දියණියක් ලබන ඔවුන් දෙදෙනා ඇයට “නිසන් ” ලෙස නම් තබනවා. ඉන් කලකට පසුව නැවත ගැබ් ගන්නා බහාර්ට දරු ප්‍රසුතියට ආසන්නව සිටින කාලයකදි මුහුණ දෙන්නට සිදු වන්නේ ඉතා අවාසනාවන්ත ඉරණමකට .

දිනක් රාත්‍රියේදි බහාර්ට හදිස්සියේ එන ඇමතුමකින් ඇගේ ජිවීතය උඩු යටිකුරු වනවා. තමන්ගේ ආදරණීය සැමියා බෝට්ටුවකින් මුහුදට වැටි මියගිය පුවත බහාර්ගේ ජීවිතයේ ඇසූ ඛේදජනකම පුවත වෙනවා.

ජිවිතයට මුහුණ දෙන්නට අදිටන් කරගන්නා බහාර්ට තම දෙවන දරුවා වන ” ඩොරුක් ” ලැබෙන්නේ සාප් ගේ මරණයෙන් ටික දිනකට පසුවයි

දරුවන් දෙදෙනා සමග ජිවීතය ගැට ගසාගන්නා බහාර් ජිවිතයේ විවිධ වූ අභියෝග සහ අත්දැකීම් වලට මුහුණ දෙන අතර වසර 20 කට පසුව ඇගේ හැරගිය මව ඇගේ ජිවීතයට පැමිණෙනවා.නමුත් මවගේ ආදරය බහාර්ට විඳින්නට නොලැබෙන්නේ ඇගේ දෙවන විවාහයේ දියණිය වන ” සිරින් ” ගේ අකමැත්ත නිසා. නමුත් “හනිස්” ගේ, එනම් බහාර්ගේ මවගේ දෙවන සැමියා වන ” එන්වර් ” බහාර්ටත් ඇගේ දරුවන් දෙදෙනාටත් දැඩි ලෙස අනුකම්පා කරනවා.

ඒ අතර රැකියා ස්ථානයේ මිතුරිය වන යෙලීස් , අසල්වැසි තරුණිය වන සෙයිඩා , බහාර්ගේ නිවසේ හිමිකරුගේ පුතා වන වන අරීෆ් යන අය බහාර්ගේ හොඳම මිතුරන් බවට පත් වෙනවා.

ජිවීත අරගලයට ඉතා අපහසුවෙන් මුහුණ දෙමින් සිටින බහාර්ට හදිස්සියේම කිසිවෙකු විසින් මියගිය සැමියාගේ ජංගම දුරකථන එවනවා.එයින් කලබලයට පත් වන බහර් ඒ පිළිබඳව තොරතුරු සොයන්නට උත්සහ කල නමුත් ඇගේ උත්සහය සාර්ථක වන්නේ නැහැ.

හොඳම මිතුරිය යෙලීස්ගේ උපදෙසකට අනුව සාප්ගේ දුරකතනයේ කෙටි පණිවිඩ පරික්ශා කරන බහාර්ට, සාප් හට අනියම් සම්බන්ධයක් තිබෙන බවට දැනගන්නට ලැබෙන්නේ මේ අතර.ඉන් අතිශය කම්පාවට සහ කලබලයට පත්වන බහාර් සියල්ල පසෙක ලා ඒ පිළිබඳව සොයනවා

දරුවන්ට අසීමිතව ආදරය කරන ඔවුන්ව ජීවිතයම කරගත් බහාර් දරුණු ලෙස අසනීප වන්නේ ඉන්පසුව.සියල්ලන්ගෙන්ම එය සඟවන බහාර් නිවසේ කටයුතු ,දරුවන්ගේ සහ රැකියාගේ වගකීම් කරට ගෙන ඉටු කරන්නේ ඉතාම අසිරුවෙන්.

ඉන්පසුව තමන්ගේ සැමියාගේ අනියම් පෙම්වතිය තමන්ගේ මවගේ දෙවන විවාහයේ දියණිය වන එනම් ,තමන්ගේ නැඟණිය සිරින් බව බහාර්ට දැනගන්නට ලැබෙනවා.

නොසිතන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙන බහාර්ගේ ජිවීතයට, සතුට සහ කඳුළ රැගත් ජීවිත අත්දැකීම් බොහොමයක් නොනැවතී ගලාගෙන එනවා.ඒ කෙසේ වුවත් දරුවන්ගෙන් කඳුළු හංගා ඔවුන් ඉදිරියේ සිනාසෙන්නටත් , දරුවන්ව සතුටින් තබා ගැනීමටත් ඇය අසීමාන්තිකව වෙහෙස වෙනවා

සැමියාගේ අනියම් පෙම්වතිය තමන්ගේම නැඟණිය බව දැනගන්නා බහාර්ගේ ක්‍රියා කලාපය කෙසේ වෙයිද ?

දරුණු ලෙස අසනිප වන බහාර්ගේ ඉරණම කෙසේ වෙයිද ?

දුර්වල වන බහාර්ගේ දරුවන්ගේ ජිවීතයට කුමක් වෙයිද ?

මේ සියල්ල දැනගන්න ඔබට මෙය නරඹන්නටම වෙනවා.ගැහැණියක් තුල මෙතරම් ශක්තියක් තිබෙනවාද කියා ඔබ පුදුම‍යට පත් වනු නොඅනුමානයි .

මෙහි බහාර්ගේ චරිතයට සූ බර්කූ යස්ගෝ කොකූන් ද , සාප්ගේ චරිතයට කැනර් සින්ඩොරූක් පණ පොවන අතර , කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි සියලු දෙනා දක්වාම මෙහි චරිත වලට ඉතා සාධාරණයක් අත් කරනවා

ෆාරුක් බහාන් සහ ෆාති අක්සෝයි විසින් නිශ්පාදනය කර ඇති මෙම නාට්‍ය මාලාව තුර්කි බසින් ලෝකය පුරා ප්‍රසිද්ධ වනවා.

ගැහැණියකට ඇති අසීමාන්තික ආත්ම ශක්තිය , ධෛර්යය , ආදරය සහ වේදනාව ,කඳුළ ආදී සියලු හැඟීම් කැටිකරගත් මෙම කතා මාලාව ඔබේ හදවත වැළඳගන්නා ඉතා විශිෂ්ට නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැහැ

Related Articles

Don't Miss


Latest Articles