ඔයාගේ List එකට Add වෙන්නම ඕන Netflix Spy Movies

රහස් පරීක්ෂක කතා කිව්වොත් ඉතින් පිස්සුවෙන් වගේ ඕව බලන්න කැමති ෂර්ලොක් හෝම්ස්ලා අපි අතරම ඉන්නවනේ.

ඉතින් අන්න ඒ වගේ ගෙවල් වල ඉඳන් රහස් පරීක්ෂක වැඩ කරන්න කැමති අයට නිවාඩු පාඩුවේ විසඳගන්න පුලුවන් Netflix එකේ තියෙන රහස් පරීක්ෂක කතා පහක් ගැන විස්තර තමයි අපි අද කතා කරන්න යන්නේ.

Heart of Stone

Netflix එකට අලුතෙන්ම ආව රහස් පරීක්ෂක කතාව තමයි Heart of Stone කියන්නේ.

මේ කතාවේ තියන විශේෂත්වය තමයි Gal Gadot, Jamie Dornan එක්ක අපි ගොඩක් ආස කරන ඉන්දීය සුපිරි තාරකාවක් වන Alia Bhatt මේ කතාවේ ප්‍රධාන චරිතයකට පණ පෙවීම.

කතාව පටන් ගන්නේ, ඉතාලි ඇල්ප්ස් කඳුකරයේ කාර්මික ශිල්පී රේචල් ස්ටෝන්ගේ උදව්වත් එක්ක M16 Field Agents ලා වන Parker, Yang සහ Bailey, Malvaney කියන ආයුධ වෙළෙන්දා කොටු කරගන්නා යන දර්ශනයකින්. 

ඉතාම සුන්දර සහ දක්ෂ නිළියක් වන, Wonder Woman චරිතයට පණ පොවාපු Gal Gadot තමයි මේ රේචල් ස්ටෝන්ගේ චරිතයටත් පණ දෙන්නේ.

වෙඩි තැබීම, පැන දිවීම වගේ ත්‍රාසජනකය ක්‍රියාදාමයන් රැසක් වෙනකම්ම ප්‍රේක්ෂකයන් හිතන් ඉන්නවා රේචල් ස්ටෝන් කියන්නේ තවත් එක් M16 Field Agent කෙනෙක් කියලා.

ඒත් ඒ අදහස වෙනස් වෙන්නේ Malvaney ව අල්ලන්න යන ගමනෙදී, බොරුවට තමන්ගෙ කකුල තුවාල වුනා කියලා රඟපාන රේචල් ස්ටෝන්ගෙ ඇත්තම සේවා යෝජකයා වෙන්නෙ Charter කියලා දැනගත්තට පස්සෙ.

ඇත්තටම මේ Mission එකේදී රේචල් ස්ටෝන් උදව් කරන්නේ කාටද? එයා කාගේ පැත්තෙද?

ආයුධ වෙළඳාම කරන Malvaney වගේ ප්‍රබලයෙක් එක්ක හැප්පෙන්න, රේචල් ස්ටෝන් වගේ ලස්සන කෙල්ලෙක්ට පුළුවන් වෙයිද?

රේචල් ස්ටෝන් ඇත්තටම තමන් එක්ක එකතු වෙලා ඉන්නෙ උදව් කරන්න නෙවෙයි, ඔත්තු හොයන්න කියල දැනගත්තම, M16 එකෙන් රේචල්ට නිදහසක් ලැබේවිද?

මේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයාගන්න අදම Heart of Stone බලන්න.

අමතක කරන්න එපා මේක තවත් එක Spy Movie එකක් නම් නෙවෙයි. වෙනස්ම එකක්.

Pain Killer

මේ Pain Killer කියන කතාවත් Netflix එකට ආවෙ මේ ඊයෙ පෙරේදා.

මේ කතා මාලාවට Barry Meier ලියපු Pain Killer කියන පොත වගේම, Patrick Radden Keefe New Yorker සඟරාවට ලියපු The Family that built the empire of pain කියන කතාවත් එකතු කරගෙන තියෙනවා.

මේ කතාවට පදනම් කරගෙන තියෙන්නේ 90 දශකයේ ඇතිවූ Opioid අර්බුදයේ බිහිසුණු මූලාරම්භය ගැන.

කතාව පටන්ගන්නේ, Purude Pharma හි මුල් පුටුවේ හිටපු Richard Sackler මේ Oxytocin කියන වේදනා නාශක පෙත්ත හැදීමේ කාර්‍යයයට අතගහන එකෙන්. 

මේ වේදනා නාශකය ලොකු පොඩි හැමෝගෙම අතට ලැබෙන විදියට බෙදා හරින ප්ලෑන් එක ගහන්නේ Shannon Shaeffer සහ Britt Hufford.

මේ වේදනා නාශකයක් විදියට හදපු පෙත්ත, මත්වෙන්න අරගෙන, ඒකට ඇබ්බැහි වුණ Taylor Kitcsch කියන්නේ පවුලක් නඩත්තු කරන මනුස්සයෙක්.

ජීවිත රැසකට තර්ජනයක් වුන මේ ගැටලුවේ මුල හොයාගෙන ගිහිල්ල විසඳන රාජකාරියට අත ගහන්නේ ඇමරිකානු නීතිපති කාර්‍යාලයේ විමර්ශකයෙක් වන Edie Flowers.

සත්‍ය සිදුවීම් හේතු පාදක කරගෙන නිර්මාණය වෙච්ච Pain Killer කතා මාලාව මේ වගේ කතා හොය හොය දුක් විඳින ඔයාලා වෙනුවෙන්ම හදපු Pain Killer එකක්.

අදම Netflix එකේ මේ කතාවත් බලන්න.

Edie Flowers ට මේ Opioid ඛේදවාචකයේ මුල හොයාගන්න පුලුවන් වුනාද නැද්ද?  

Oxytocin වලට මිනිස්සු ඇබ්බැහි වුන කතාව බලලා ඔයත් Pain Killer කතාවට ඇබ්බැහි වෙයිද?

කතාව බලලම ඒකට උත්තරේ හොයාගන්න.

In for a Murder 

මේකත් මේ රහස් පරීක්ෂක ගැටලු විසඳන්න ආසාවක් තියෙන අය බලන්න ඕන විදියෙ කතාවක්.

අපි නිතරම බලන්නෙ ඉංග්‍රීසී රහස් පරීක්ෂක කතාවක්නෙ. හැබැයි මේ කතාව නම් පෝලන්ත කතාවක්.

මේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ පුංචි ගම්බද ගෙදරක, දරුවන් සහ තමන්ගෙ සැමිය එක්ක ජීවත්වන අහිංසක, කාරුණික මග්දා කියන කාන්තාව.

කතාව පටන් ගන්නේ එක රෑක මේ මග්දාට හම්බුවෙනවා මැරිච්ච ගැහැණියකගේ මල සිරුරක්.

නිහඬ, නිස්කලංක ගම්බද පරිසරේක තියෙන මිනිස්සු නිස්කලංකෙ ඇවිදන් යන උද්‍යානයකදී මැරිච්ච ගෑණියෙක්ව හම්බෙනවා කියන්නේ හිතාගන්න පුලුවන් දෙයක්ද?

බයෙන් දුවල යන්න හදන මග්දා නතර වෙන්නේ ඒ මැරිච්ච ගෑණිගේ බෙල්ලෙ තියෙන මාලයක් දැකලා.

ඒ මාලේ අයිතිවෙලා තිබුනේ මීට අවුරුදු ගාණකට කලින් එකපාර ගමෙන් අතුරුදහන් වෙලා ගිය මග්දාගේ හොඳම යාලුව වුන වෙරෝනිකාට.

ඒත් මේ මැරිල ඉන්නෙ වෙරෝනිකා නෙවෙයි.

එතකොට වෙරෝනිකාගේ මාලෙ කොහොමද මේ මැරිච්ච ගෑණු මනුස්සයගෙ බෙල්ලට ආවෙ?

එතකොට කෝ වෙරෝනිකා?

එයා එකපාර අතුරුදහන් වුනේ ඇයි?

ඔයාට මට වගේම මේ ඔක්කොම ප්‍රශ්න මග්දටත් තියෙනවා.

මේ මැරිච්ච ගෑණු මනුස්සය කවුද කියල හොයල බලන පරීක්ෂණේ කරන්න ලැබෙන්නෙ මග්දගෙ ඉස්කෝලේ කාලෙ හොඳ යාලුවෙක් වෙන කොමසාරික් ජාසෙක් සිකෝරට.

හැබැයි ඒ දවස්වල මේගොල්ලො මේ ජීවත්වන පොඩ්කෝවා හි ලෙස්නා කියල ගමට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ බයිසිකල් හොරුන්ගෙන් බයිසිකල් බේරගන්නෙ කොහොමද කියන එක. 

ඉතින් සිකෝරට මැරිච්ච ගෑණියෙක්ට වඩා නැතිවෙන බයිසිකල් ප්‍රශ්නෙ ලොකුයි.

ඒත් එහෙමයි කියල මේ ප්‍රශ්නෙ අතාරින්නෙ, රහස් පරීක්ෂක කතා නිතරම කියවන මග්දා නම් නෙවෙයි.

ඉතින් ගෙදර ඉඳන් මේ ප්‍රශ්නෙ විසඳන්න මග්දට උදව්වක් දෙන්නත් ඔයාලාට පුලුවන් ඔන්න.

Flower of Evil

Flower of Evil කියන්නේ කොරියානු රහස් පරීක්ෂක කතාවක්.

ඉතින් ඔන්න කොරියන් කතා වගේම රහස් පරීක්ෂක කතා බලන්න ආස කරන ඔයාට Try කරන්න පුලුවන් තවත් එක ලස්සන කතාවක් තමයි Flower of Evil කියන්නේ.

මේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Baek Hee-Sung. එයා හොඳ සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක් ඒත් ප්‍රේක්ෂකයන්ට නම් Baek Hee-Sung කියන්නේ හරිම ගුප්ත මනුස්සයෙක්.තමන්ගෙ අතීතය හංගන්න හදන කෙනෙක්.

Baek Hee-Sung ගේ බිරිඳ තමයි රහස් පොලිස් පරීක්ෂක Cha Ji-Won.

තමන්ගේ ඉතාම යහපත් ස්වාමියා තමන්ගෙන් ලොකු රහසක් හංගගෙන ඉන්නව කියල Cha Ji-Won ට තේරුම් යන්නේ රහස් පොලිස් කණ්ඩායමේ ඉන්න අනිත් අයත් එක්ක එකතුවෙලා පැහැදිළි කරගන්න අමාරු මිනීමැරුම් රැසක් ගැන පරීක්ෂණ කරගෙන යද්දි.

ගෙදරට වෙලා තමන්ගේ Work Shop එකේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න, තමන්ට වගේම තමන්ගෙ පුංචි දුට ඉතාම ආදරය කරන තමන්ගෙ ස්වාමිපුරුෂයාගේ මොකක් හරිම සම්බන්ධයක් මේ මිනීමැරුම් දාමයට තියන බව Cha Ji-Won දැනගන්නෙ අහම්බෙන්.

දාම ඝාතකයෙක්ට පුළුවන්ද පොලිස් රහස් පරීක්ෂකයෙක්ව තමන්ගෙ බිරිඳ කරගෙන මේ දාම ඝාතන දිගටම කරගෙන යන්න?

හැම ප්‍රශ්නයක්ම ඉවර වෙන්නෙ Cha Ji-Won සහ එයාගේ දුව මේ දාම ඝාතකයගෙ එක ඉලක්කයක් වෙලාද? එහෙමත් නැත්තම් දාම ඝාතකයට දඬුවම් ලැබිලද?

තමන්ගේ සැමියා දාම ඝාතකයෙක් බව Cha Ji-Won පොලිසියට කියාවිද?

ඒ ගැන දැනගන්න අදම මේ කතාවත් ඔයා බලන්නම ඕන.

Kathal a Jackfruit Story

මෙච්චර වෙලා මම කිව්වෙ මේ මාර සංකීර්ණ රසහ් පරීක්ෂක ප්‍රශ්න ගැනනෙ.

මොකද කියන්නෙ පොඩි වෙනසකටත් එක්ක හිනා යන, ඒත් ඇතුලෙන් ලොකු කතාවක් කියන්න හදන රහස් පරීක්ෂක කතාවක් බලමුද?

මේක මේ කොස් කේස් එකක්.

ඔව් ඔව්. කොස් කේස් එකක් තමයි.

ඉන්දියාවේ පුංචි නගරෙක ඉන්න මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදර වත්තක තිබිලා රට ඉඳල අරගෙන ආව කොස් ගහක තිබුණ කොස් ගෙඩි දෙකක් අතුරුදහන් වෙනවා.

මේ කොස් කේස් එක විසඳන වැඩේ භාර දීලා තියෙන්නෙ මහිමා කියන පොලිස් නෝනට. 

“හොරකම් කරපු මිනිහා කන්න කළින් කොස් ගෙඩි දෙකල හොයල දෙන්න” කියන මන්ත්‍රීවරයගේ බලපෑම නිසා මේ මුලු පොලිසියම අනිත් විසඳන්න තියෙන ඔක්කොම ප්‍රශ්න මග නතර කරලා නැතිවෙච්ච කොස් ගෙඩි දෙක හොයන්න ප්ලෑන් හදනවා.

කොස් ගෙඩි හොරා විදියට දැනට හංවඩු ගහලා තියෙන්නේ මේ මන්ත්‍රීවරයගෙ ගෙදර වැඩ කරන උයන්පල්ලව.

මහිමා තමන්ගෙ ප්‍රධාන සැකකරු වෙච්ච උයන්පල්ලව හොයාගෙන යද්දි  කොරේ පිටට මරේ කියලා ඒ මනුස්සයගෙ දූ අතුරුදහන් වෙලා දවස් ගාණක්ලු.

හැබැයි පොලිසිය අනිත් ඔක්කොම කේසස් පැත්තක තියල කොස් කේස් එක විසඳන්න හදන නිසා මේ ගෑණු ළමයා අතුරුදහන් වෙච්ච එක මගෑරිලා.

ඉතින් මොකද හිතන්නේ?

මහිමට නැතිවෙච්ච කොස් ගෙඩි දෙක හොයාවිද එහෙම නැත්තම් අතුරුදහන් වුණ ගෑණු ළමයව හොයාවිද?

ඉතින් මේ වගේ ලස්සන ලස්සන රහස් පරීක්ෂක කතා ඕන තරම් Netflix එකේ තියෙනව. 

මේ ලිපිය කියවල, අපිට Comment එකකින් කියන්න බලන්න ඔයාල ඊළඟට දැනගන්න කැමති මොන විදියෙ Netflix Movies/Series ගැනද කියලා.

අපි එතකොට ඊළඟ ලිපියෙන් ඔයාලා ඉල්ලන විදියෙ Movie සහ Series ගැන තොරතුරු අරගෙන එන්නම්.

උදතාරි

Related Articles

Don't Miss


Latest Articles