පවුලේ අයගේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි නොසලකා හරින දියවැඩියාව ගැන ඇත්ත කතාව
අපේ ගෙදර ඉන්න තාත්තා, සැමියා එහෙමත් නැත්නම් පවුලේ වෙනත් වැඩිහිටියෙක් “මට මුකුත් නෑ, මට හොඳට සනීපයි” කියමින් දියවැඩියා පරීක්ෂණයක් කරගැනීම මඟහරින අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති. බොහෝ විට ඔවුන් එසේ කරන්නේ අසනීපයකට ඇති බයට වඩා, “ලෙඩෙක්” කියා පවුලේ අය අතරේ කොන්වේ යැයි ඇති බිය නිසයි.
මෑතකදී රූපවාහිනියෙන් දැකගත හැකි වූ චන්න විජේවර්ධනයන්ගේ නර්තන විලාසය දකින ඕනෑම ගෘහණියකට සිතෙන්නේ තමන්ගේ පවුලේ අයත් ඒ වගේ නිරෝගීව, ජවයෙන් ඉන්නවා නම් කොච්චර දෙයක්ද කියලා. වෙළඳ දැන්වීම දියවැඩියාව සහ පූර්ව දියවැඩියා තත්ත්වය තිබෙන අයට පෝෂණීය අවශ්යතාවයන් කර ඇඟට ශක්තිය ලබා දෙන ඩයබිටසෝල් පෝෂණීය පානය සම්බන්ධව වුණත් චන්නගේ කථාව හරහා ලබාදෙන පණිවිඩය සම්බන්ධයෙන් වෙනම කථා කරන එක වැදගත්.
ශ්රී ලංකාවේ පවුල් අතර සැඟවී ඇති තිත්ත ඇත්ත
අපේ රටේ සමස්ත ජනගහනයෙන් 50%කට ආසන්න ප්රමාණයක් (අඩකට ආසන්න පිරිසක්) කුමන හෝ මට්ටමක රුධිර සීනි මට්ටම සම්බන්ධ ගැටලුවකින් පෙළෙන බව ඔබ දැන සිටියාද? වඩාත්ම භයානක කරුණ වන්නේ, අපේ රටේ දියවැඩියාව තියෙන වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුම (41.4%ක්) තමන්ට දියවැඩියාව තියෙනවා කියලවත් නොදැන, කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ජීවත් වීමයි. ලෝක සෞඛ්ය සංවිධානයේ දත්තවලට අනුව වයස අවුරුදු 30ට වැඩි දියවැඩියාව තියෙන අයගෙන් 41%ක්ම (ලක්ෂ 24ක්) කිසිම ප්රතිකාරයක් ගන්නේ නැත.
බොහෝ දෙනෙක් කරන්නේ එක පාරක් රුධිර පරීක්ෂණයක් කරලා, බෙහෙත් පෙත්තක් බීලා පස්සේ ඒ ගැන හොයා බලන්නේ නැතුව සිටීමයි. ප්රතිකාර ලබන අය අතරින් පවා නිසි ලෙස රුධිර සීනි මට්ටම පාලනය කරගන්නේ 12.4%ක් වැනි ඉතා කුඩා පිරිසක් වන අතර, ඉතිරි 67%ක්ම රෝගය හඳුනාගැනීමෙන් පසුව එය පාලනය කිරීමට උත්සාහ කරන්නේ නැත. මෙම නොසැලකිල්ල සහ මඟහැරීම නිසා පසුගිය වසර 20 තුළ අපේ රටේ දියවැඩියාව නිසා සිදුවන අකල් මරණ සංඛ්යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇත.
වැඩිහිටියන්ට විතරක් නෙවෙයි; පුංචි දරුවන්ට සහ තරුණ පරපුරටත් තර්ජනයක්!
ගෘහණියක් විදිහට ඔබ වඩාත්ම සිතිය යුතු තවත් එක් ප්රධාන කාරණයක් තිබේ. දියවැඩියාව කියන්නේ දැන් වයසක වැඩිහිටියන්ට විතරක් හැදෙන රෝගයක් නොවේ. පසුගිය වසර 20 තිස්සේ අපේ රටේ තරුණ සහ නැගී එන පරම්පරාව අතරද Type 1 වගේම Type 2 දියවැඩියා තත්ත්වයන් සීඝ්රයෙන් වැඩි වෙමින් පවතී.
අද වන විට කුඩා අවධියේදීම වැළඳෙන දියවැඩියා තත්ත්වයන් (young-onset) හඳුනාගැනීමේ මධ්යස්ථ වයස අවුරුදු 15 දක්වා පහළ බැස ඇත! අක්රිය ජීවන රටාව, වැරදි ආහාර රටාවන් සහ නොසැලකිල්ල නිසා අපේ ගෙදර ඉන්න පුංචි දරුවන්ද නොදැනුවත්වම මෙම අවදානමට ගොදුරු වෙමින් සිටිති. එම නිසා පවුලේ වැඩිහිටියන්ගේ පමණක් නොව, දරුවන්ගේ පෝෂණය සහ ශාරීරික ක්රියාකාරීත්වය ගැනද මවක් ලෙස අවධානය යොමු කිරීම අද දින අත්යවශ්ය කාරණයකි.
පවුලේ කෑම මේසය සහ “කොන්වීමේ” මානසිකත්වය
බොහෝ දෙනෙක් දියවැඩියා පරීක්ෂණ නොකරන්නේ හෝ රෝගය හඳුනාගැනීමෙන් පසු මඟහරින්නේ පවුල තුළ තමන් වෙනස් වේ යැයි ඇති මානසික බිය නිසයි. අපේ සංස්කෘතියේ කෑම මේසයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. දියවැඩියාව හැදුණාම පවුලේ කෑම මේසයේදී තමන්ට වෙනම කෑම හදන්න වෙන එක, උත්සව අවස්ථාවලදී තමන්ට ප්රියමනාප ආහාර අත්හැරීමට සිදුවීම සහ තමන් අන් අයට බරක් වෙන එක ගැන බොහෝ දෙනා මානසිකව පීඩා විඳිති.
එමෙන්ම, දියවැඩියාව පාලනය කිරීම යනු එක රැයකින් සීනි, කාබෝහයිඩ්රේට් සම්පූර්ණයෙන්ම නවත්තලා රසවත් ආහාර අතහැරීමය යන වැරදි පෝෂණ මිථ්යාවන් නිසා, මුල සිටම පරීක්ෂණ නොකර සිටීමටත්, රෝගය තදින්ම උත්සන්න වන තෙක් මඟහැර සිටීමටත් බොහෝ දෙනා පෙළඹෙති.
දියවැඩියා තත්ත්වය පාලනය කිරීම යනු ඔබ ආහාරයට ගන්නා දේ සීමා කිරීමම පමණක් නොවේ; එය වඩාත් බුද්ධිමත් ලෙස නිවැරදි ආහාර තෝරා ගැනීම පිළිබඳ කාරණයකි. අද වන විට, ක්රියාශීලීව සහ උද්යෝගයෙන් ජීවිතයට මුහුණ දීමට අවශ්ය පෝෂණය සහ ශක්තිය ලබා දෙන අතරම, රුධිරයේ සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට නිවැරදි ආහාර උපකාරී වන ආකාරය පිළිබඳව අප පෙරටත් වඩා හොඳින් දැනසිටීමට හැකියාව ලැබී ඇත.
කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී බොහෝ දෙනෙක්ට ආහාර සීමා කිරීමට සිදුවීම නිසා ඔවුන්ට අත්යවශ්ය වන පෝෂණය අහිමි වී යන අතර, එමඟින් ඔවුන් ක්ෂය වූ, දුර්වල සහ වෙහෙසකර ස්වභාවයකට පත්වේ. එවන් තත්ත්වයන්හිදී ඔවුන් පෝෂණීය පානයන් (supplements) වැනි විසඳුම් හරහා අතිරේක පෝෂණය ලබාගත යුතු අතර එහිදී සිය තෝරාගැනීම නිවැරදිව සිදු කිරීමට ඔවුන් සැළකිලිමත් විය යුතුය.
දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් විශේෂයෙන්ම තමන්ගේ අවශ්යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිෂ්පාදන තෝරා ගැනීමටත්, රුධිරයේ සීනි මට්ටමට අවම බලපෑමක් එල්ල කරන බව තහවුරු කෙරෙන Low GI (අඩු ග්ලයිසීමික් දර්ශකය) සංකේතය සහිත නිෂ්පාදන පිළිබඳව සැලකිලිමත් වීමටත් වගබලා ගත යුතුය. දියවැඩියා තත්ත්වයට ගැළපෙන පෝෂණීය තේරීම් රැසක් අද වන විට ලබා ගැනීමට ඇති බැවින්, දියවැඩියාව කළමනාකරණය කිරීම යනු ඔබ විඳින ජීවිතය අතහැර දැමීම නොව, වඩාත් සුදුසු සහ යහපත් තේරීම් වෙත යොමු වීමයි.
ගෘහණියක් ලෙස ඔබට කළ හැක්කේ කුමක්ද?
දියවැඩියාව කියන්නේ ජීවිතයේ අවසානයවත්, ආශාවන් අතහැර දැමීමවත් නෙවෙයි. චන්න විජේවර්ධන මහතා තමන්ගේ උදාහරණයෙන්ම පෙන්වා දෙනවා වගේ නිවැරදි ආහාර තේරීම්, සමබර පෝෂණය සහ ක්රියාශීලී බව තියෙනවා නම් දියවැඩියාව පාලනය කරගෙන පවුලේ සැමට සතුටින් සහ ජවයෙන් ජීවත් වෙන්න පුළුවන්.
පවුලේ ආදරණීයයන්ව “ලෙඩෙක්” කියා බිය නොකර, මුල් අවධියේදීම රුධිර සීනි පරීක්ෂාවකට යොමු කිරීමත්, එක රැයකින් අන්තගාමී ලෙස ආහාර පාලනය නොකර සමබර පෝෂණීය රටාවකට මුළු පවුලම හුරු කිරීමත් මඟින් ඔබේ සැමියාගේ, දෙමාපියන්ගේ වගේම වැඩෙන දරුවන්ගේත් නිරෝගී තාලය ඔබට සැමදා රැකගත හැකියි.











