Dark Web වල වීඩියෝ විකුණා මුදල් ඉපැයූ මිනිස් වෙසින් ආ තිරිසනා

“මාස කිහිපයක් වයස පොඩි ගැහැණු ළමයෙක්ට අමානුශික විදියට වද හිංසා කරන වීඩියෝ එකක් dark web වෙත release වෙනවා. ඇවිත් විතරක් නතර වෙන්නෙ නෑ. මේක වයිරල් වෙන්නත් පටන් ගන්නවා. බලන ඕනම කෙනෙක්ව ලොකු කම්පනයකට පත් කරන්න පුලුවන් තරමෙ දර්ශන මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ නිසාම මේ ගැන අදාල බලධාරීන්ගෙ අවධානය යොමුවෙනවා වගේම මේ වීඩියෝ එක dark web වෙත මුදා හැරිය මනුස්සයව අත් අඩංගුවට ගන්නත් ඒ ඔස්සේ එයාලට පුලුවන් වෙනවා. මේ වීඩීයෝ එක රෙකෝඩ් කරපු කැමරමන්ව පවා අත් අඩංගුවට ගන්න ඒ අනුව පුලුවන් වෙනවා වගේම ඒ ඔස්සේ තමයි මේ කැමරමන් විසින් මේ වගේම කරපු තවත් දරුණු අපරාධ මහ ගොඩක් හොයාගන්න පොලිසියට පුලුවන් වෙන්නෙ”

Peter Scully ගැන සරල වචනයෙන් කිව්වොත් එයා කරපු අපරාධ අහන ඕනම කෙනෙක්ගෙ ඇඟ ගැහෙන්න පටන් ගන්නවා. ඒ තරම් නරක විදියෙ ළමා අපචාර, මිනිස් ජාවාරම් වගේ බොහොමයක් අපරාධ එක්ක මෙයාගෙ නම ගෑවිලා තියෙනවා.

අද මේ ලිපියෙන් අපි ඔයාලා වෙත අරගෙන එන්නෙ ලෝකයේ බිහිවෙච්ච දරුණුම අපරාධකරුවෙක් වෙන Peter Scully ගෙ කතාව.

කවුද මේ Peter Scully කියන්නෙ?

පීටර් ජෙරාඩ් ස්කලී 1963 ජනවාරි 13 වන දින ඕස්ට්‍රේලියාවේ උපත ලැබුවා. එයා මෙල්බර්න් හි ව්‍යාපාරිකයෙකු විදියට ජීවත් උනේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ. කොහොම වුනත් මෙයා දේපළ වෙළඳාම් වංචා යෝජනා ක්‍රමයකට සම්බන්ධ වුනා වගේම ඒකෙදි ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.68 කට වඩා වැඩි මුදලක් වංචා කරා. මේ වංචාවට එයාව අත්අඩංගුවට ගැනීමට පෙර, පීටර් 2011 දී පිලිපීනයට පලා යනවා.

පීටර් කියන විදියට පුංචි කාලෙ එයාව වික්ටෝරියාවල කතෝලික පූජකවරයෙකු වතින් අපයෝජනය වෙලා තියෙනවා. මෙල්බර්න් වලින් පිටත්වෙලා යන්න කලින් පීටර් එස්කෝර්ට් සර්විස් එකකුත් කරලා තියෙනවා. ස්කලී “ද කී රිසල්ට්” නමින් දේපළ වෙළඳාම් යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිහින් තියෙනවා වගේම සාමාන්‍යයෙන් නිවාස ණයක් සඳහා සුදුසුකම් නොලබන අඩු ණය සහ අඩු ආදායම්ලාභීන් ආයෝජකයෙකු සතු නිවසක් සඳහා වෙළඳපොළට වඩා ඉහළ කුලියක් ගෙවන ලද අතර, වසර පහකට පසු ඔවුන් හිමිකම ලබා ගනු ඇතැයි අපේක්ෂා කරනව. කී රිසල්ට් යෝජනා ක්‍රමය 2005 දී ඈවර කරනවා. ඩොලර් මිලියන 2.6 ක් ගෙවීමට සිදු වෙනවා.  2009 දී ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම විසින් කරන ලද විමර්ශනයකින් හෙළි කරගන්නවා දේපළ වෙළඳාම් වංචාවලට අදාළ වංචා ස වැරදි 117 කට ස්කලී සම්බන්ධ වෙලා තියෙනවා කියන එක.

අපරාධ කරන්න Dark Web එක පාරාදීසයක් කරගත් කෙනෙක්

මින්ඩනාඕ දූපතේ ඉඳලා ළමා ලිංගික අපයෝජනයට ලක්වන සහ වධහිංසාවට ලක්වන දරුවන් පිළිබඳ dark web එකේ සලි ගෙවලා බලන්න පුලුවන් වීඩියෝ ලබා දෙන ලාභදායී ජාත්‍යන්තර ළමා ලිංගික අපයෝජන වළල්ලක් ගොඩනඟා එහි නායකත්වය දරන්නෙ පීටර් පටන්ගන්නෙ ඔන්න ඔය අතරවාරෙ.

ඒ පොඩි දරුවන්ගෙ දුක්බරඅත්දැකීම් පටිගත කර අන්තර්ජාලය හරහා විකුණන ලද වින්දිතයින් අතරෙ ස්කලී සහ කාන්තා සහචරයින් දෙදෙනෙකු එකතුවෙලා දූෂණය කර වධහිංසාවට ලක් කරපු අවුරුදු පහක පොඩි දරුවෙකුත් ඉන්නවා.

රැකියාවක් හෝ අධ්‍යාපනයක් ලබා දෙන බවට දුප්පත් දෙමාපියන්ට පොරොන්දු වෙලා තමන්ගෙ පිලිපීන පෙම්වතියන් දෙදෙනා වන කාර්මේ ඈන් අල්වාරෙස් සහ ලීසිල් මාර්ගලෝ කැස්ටානා, සහ මාරියා ඩොරතියා චි වයි චියා කියන තවත් දන්න කාන්තාවක් ඔස්සේ තමයි පීටර් මේ පොඩි ළමයිව අල්ලගන්නෙ. ල්වාරෙස් සහ මාර්ගලෝ යන දෙදෙනාම ස්කලීගේ වීඩියෝවල දරුවන් අපයෝජනයට ලක්කරනවා. මේ විදියට කරන එක දරුවෙක් තමයි ඩේසි කියලා කියන්නෙ. 18 හැවිරිදි කාන්තාවක් විසින් ළදරුවෙකු උඩු යටිකුරු කර එල්ලා, වධහිංසා පමුණුවා සහ ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය මේ ඩේසිගෙ වීඩියෝ එකේ සටහන් වෙලා තියෙනවා.

2016 දී, ස්කලී සහ ඇගේ පෙම්වතිය ආහාර ලබාදෙන පොරොන්දුව මත නව යොවුන් වියේ ගැහැණු ළමයින් දෙදෙනෙකු ස්කලීගේ නිවසටගෙනවිත් තියෙනවා. ස්කලී ගැහැණු ළමයින්ට මත්පැන් ලබා දී ඔවුන් අතර ලිංගික ක්‍රියාවන් කිරීමට බල කළ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා වගේම, ඡායාරූප ශිල්පියා එම දර්ශනය රූගත  කරලා තියෙනවා. ගැහැණු ළමයින් පැන යාමට උත්සාහ කලාම, ස්කලී ඔවුන්ට නිවසේ බිම් මහලේ වලක් හාරා වළලනු ලබන බවට තර්ජනය කළ බවත් නඩුවෙදි සකලීට විරුද්ධව නැගෙන චෝදනාවල සඳහන් වෙනවා.දවස් පහකට පස්සෙ අල්වාරෙස් විසින් මේ ගැහණු ළමයින් දෙන්නවා නිදහස් කරලා හරිනවා.

Dark web සහ ඩේසිගෙ කතාව

ස්කලී “නෝ ලිමිට්ස් ෆන්” (“එන්එල්එෆ්”) කියලා හැඳින්වෙන රහසිගත dark web ළමා ලිංගික අපයෝජන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ස්කලී ඒකෙ තමයි සකලී එයා විසින් කල ඩේසිට කරදර කරන වීඩියෝ එක හදලා දාන්නෙ. එය ඔහු ඇමරිකානු ඩොලර් 10,000 දක්වා මිලකට ඔහුගේ වෙබ් අඩවියේ වාණිජමය වශයෙන් අලෙවි කර බෙදා හැරලා තියෙනවා. එහි ස්කලී සහ පිලිපීන කාන්තාවන් දෙදෙනෙකු විසින් මාස 18 ක් වයසැති ළදරුවෙකු ඇතුළු ගැහැණු ළමයින් තිදෙනෙකුට වධහිංසා පැමිණවීම සහ දූෂණය කිරීම නිරූපණය කරනවා. ස්කලීගේ පෙළඹවීම මත, ඔහුගේ පෙම්වතියක් වන එවකට 19 හැවිරිදි ලීසිල් මාගල්ලෝ විසින් ළමයින්ට දරුණුතම ශාරීරික අපයෝජන කිහිපයක් සිදු කරනවා. වීඩියෝව සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීමට පෙර, ස්කලී ඩේසිගේ විනාශය මුදල් ගෙවා බැලීමේ පදනම මත පුද්ගලිකව විකාශනය කරනවා. ග්‍රැෆික් අන්තර්ගතය නිසා, එය ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ සහ මාධ්‍යයේ අවධානය දිනා ගන්නවා.

ඒ අනුව තමයි පීටර් ස්කලී සහ ඔහුගේ කණ්ඩායම අත් අඩංගුවට පත්වෙන්නෙ.

දඬුවම

ස්කලීට චෝදනා 75ක් එල්ල වෙලා තියෙනවා වගේම ජර්මානු රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවක් වන n-tv ට අනුව, දරුවන් 75 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔහුගේ කාමුක දර්ශන නිෂ්පාදනයට සහාය වූ තවත් අය සමඟ ඔහු නඩු විභාගයට භාජනය වූ අතර, ඒ අතර ජර්මානු ක්‍රිස්ටියන් රූච්, පිලිපීන ජාතික ඇලෙක්සැන්ඩර් ලාඕ සහ ඇල්තියා චියා සහ බ්‍රසීලියානු හැනියෙල් කැටානෝ ද ඔලිවෙයිරා යන පිරිමින් හතර දෙනෙක් ද වෙනවා. ක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක සහ ළමා අපයෝජන විමර්ශන පිළිබඳ විශේෂඥවරියක වූ මාග්‍රට් අකුලෝ “මේක හරිම නරක, භයානක වගේම එයා කවදාවත් අහලා නැති විදියෙ නඩුවක්” බව කියනවා. ඔහුගේ අපරාධ කොතරම් දරුණු ලෙස සලකනු ලැබුවාද යත්, 2006 සිට පිලිපීනයේ මරණ දඬුවම අහෝසි කර තිබියදීත්, ස්කලීට දඬුවමක් ලෙස මරණ දඬුවම නැවත හඳුන්වා දීමට සමහර නඩු පවරන්නන් සහය දක්වලා තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles