ස්වභාවික ඔසු

කිසියම් ලෙඩක් දුකක් හැදුනම අපගේ මුතුන් මිත්තන් ට රෝහල් ගතවීමේ පහසුකම් තිබුණේ නැහැ. නමුත් සොබා මාතාව ඒ සියලු ලෙඩ දුකට අවශ්‍ය කරන ඔසු තමන්ගෙ තුරුලේ තබාගෙන සිටියා. කිසිම අහිතකර බලපෑමකින් තොරව ඒ ඔසු ලෙඩ දුක් සුවපත් කළා. ඉතින් තවමත් සොබා දහම විශ්වාස කරන ඔබට ඉපැරණි අපගේ මුතුන් මිත්තන් සුව කල ඒ හෙල ඔසු සුව විදින්නට තවමත් පුලුවන්. ඒ වගේම ගෙවත්තේ ඔසු පැළ වවාගැනීම සම්බන්ධයෙන් ලිපි පෙලක් ද ස්මාර්ට් ලේඩි වෙබ් අඩවිය සතුයි. එම ලිපි පෙළ ද කියවනකරට  අප ඔබට ආදරයෙන් ආරාධනා කරන්න කැමතියි.

මල බද්ධය ට

මල බද්ධය කියන්නෙ වෙදකම් කළයුතු රෝගයක් නෙවෙයි කියලයි වෙදමහතුන් කියන්නෙ. සමහර අයට උපතින්ම මේ රෝගය තියෙනවා. ව්‍යායාම් නොමැති බව, ඒකාකරී ආහාර රටාව, තන්තුමය ආහාර නොගැනීම, වතුර පානය අවමවීම වැනි හේතු මේ තත්වයට හේතු වනවා.

  • අරලු, සෙනෙහෙ කොල සමව ගෙන කොටා කුඩුකර, රට ඉඳි සහ සියඹලා බොර  සමග  අඹරා වරකට තලන බඩු ගෙඩියක පමණ ගුලි එකක් හෝ දෙකක් උණු වතුරෙන් බොන්න.
  • සෙනෙහෙකොල ගැට, අරලු, ඇට නැති මුද්දරප්පලම්, සූකිරි හෝ සීනි සියුම්ව කුඩුකර, අඹරා කලඳක බරට ගුලි කර තබාගෙන නින්දට පෙර ගුලියක් කා වතුර බොන්න.
  • මල බද්ධයට කංකුං කොල හෝ කතුරුමුරුන්ගා කොල, තරමකට මලවා කෑමට ගන්න. මේ දෙවර්ගයම නැවුම් ඒවා ගන්න.

මුත්‍රා දැවිල්ලට

  • නීරමුල්ලිය, පොල්පලා, සුදු හඳුන් තැම්බූ වතුරට සීනි මිශ්‍ර කර දවසට තුන් වරක් බොන්න.
  • පුහුල් දඬු තැම්බූ වතුරට සීනි මිශ්‍ර කර දවසට තුන් වරක් බොන්න.
  • අක්කපාන කොල තැම්බූ වතුරට සීනි මී පැණි මිශ්‍ර කර දවසට තුන් වරක් බොන්න.
  • ඉඟිනි ඇට, සුදු හඳුන්, පොල් පලා තැම්බූ වතුරට සීනි මිශ්‍ර කර දවසට තුන් වරක් බොන්න.
  • එන්සාල් ඇට, අලු කෙසෙල් අල ඉස්මෙන් අඹරා තැඹිලි වතුරට දියකර, උදෑසන හිස්බඩ බොන්න.
  • කැකිරි ඇට තලා තැම්බූ වතුරට සීනි මිශ්‍ර කර දවසට තුන් වරක් බොන්න.
  • පුහුල් මද යුෂ සීනි මිශ්‍ර කර බොන්න.
  • ඉඟිනි ඇට, සුදු හඳුන් වැල්මී උරච්චි කර තැඹිලි ගෙඩියට දමා පියන්පත වසා, රාත්‍රී පින්නේ තියා උදේට බොන්න.
  • කටුවැල් බටු තැම්බූ වතුර බීමද, කැකිරි, පිපිඥ අමුවෙන් කෑමද ඉතාමත්ම ගුණයි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles