සිල්වියා ක්ලිෆර්ඩ් උඩුමහලේ ආලින්දයට වී ඈත නොපෙනී යන මෝටර් රථය දෙස බලා උන්නාය. වසර තිස්තුනක් ගතවීත් තමාගේ වදනකට කන් නොදෙනා එකම පුතුගේ මුරණ්ඩුකම ඇය බෙහෙවින් රිදවාලයි. ස්ටීවන් ක්ලිෆර්ඩ්…ස්ටීව් දන්නා කාලයේ පටන් තමා නොසලකා හැරියේය. එය එකට එක කිරීමක්ද පළිගැනීමක්ද කියාවත් සිල්වියා නොදත්තාය.කුඩා වියෙහිදී තමාගෙන් සහ සැමියා ඩැරන් ක්ලිෆර්ඩ්ගෙන් අතහැරුණ ,මගහැරුණ කුඩා පිරිමි දරුවා අද කඩවසම් තරුණයෙක්ව තමා නොසලකා හරියි. සාගරයක් බඳු දේපල දෙස ඇසැර නොබලන ඔහු තමාගේම කැමැත්තට ඇරඹූ ව්‍යාපාරය සාර්ථක කොට ගෙන සාර්ථක ව්‍යාපාරිකයෙකු වී ජීවිතය ගෙනයයි.
ස්ටීව් මොහොතකට පෙර ද තමා සමගින් බහින් බස් වූයේය. ඩැරන් ක්ලිෆර්ඩ් මියගියාට පසු ව්‍යාපාර කටයුතු හිතේ හයියට මෙහෙයවූවාට දැන් නම් තමාහටද ඇත්තේ විවේකයක අවැසිතාවයකි. ස්ටීව් මොහොතකටවත් ඒ කරුණු කාරණාවලට කන් නොදෙයි.
“ඔය බිස්නස් නිසානෙ ඔයාලා මාව අතෑරලා ඔයාලගෙ ලයිෆ් එක එන්ජෝයි කලේ.ඉතින් ඇයි දැන් මට ඒවා බාරගන්න කියන්නෙ.නෝ මමී නෙවර්…”
කටකොණකට නැගුණ සමච්චල් සිනාවේ සැඟව ගත්තේ මේ පවතින්නේ තමාගේ වාරය බව හැඟවීමකි.
“ස්ටීව්, මේ අහන්න….හැමදාම එකම දේ කියකිය මගෙන් පලිගන්න එක නවත්වන්න.මේ දේවල් ඔයාගෙ…අපිට වෙන ලමයි නෑ..මේවා බාරගන්න කියන්න…ප්ලීස් ස්ටීව්…”
සිල්වියා ක්ලිෆර්ඩ් ගේ බැගෑපත් හඬ ගණනකට නොගත් ස්ටීව් නික්ම ගියේය.කෙතරම් තරහා ගත්තද ඔහු හෙට හවසද මේ නිවසට එයි.ඒ තමා බලන්නට නොව ආච්චිව බලන්නටය.අම්මාගෙන් තාත්තාගෙන් මගහැරුණ ස්ටීව් නම් වූ කුඩා දරුවා සෙනෙහසින් බලා ගත් මේරි මර්ෆි නම්වූ සිය මිත්තණිය ස්ටීව්ගේ ලෝකයේ ඇති සුන්දරම බලාපොරොත්තුව විය.
“මොන තරහක්ද මන්දා මේ ළමයා හිතේ තියාගෙන ඉන්නෙ…”සිල්වියා නෙතට ඉනූ කඳුළද පිසලා හැරියාය.පියගැටපෙළ බැස අම්මාගේ කාමරයට ඇවිද එන සිල්වියා කාමරයේ සිට මුහුණ ඇදකොට ගෙන පිටතට එන පෝලා දෙස විමසුමෙන් බැලුවාය.
“ඇයි පෝලා…?”
ඇසිය යුතු නැති පැණයක් වුව සිල්වියා විමසුවේ පෝලා දෙස බලමිනි.
“තරහ ගිහින් මැඩම්. මේරි මැඩම්ට දැන් දැන් අමතක වෙනවාත් වැඩියි. හවස ස්නැක් එකක් එක්ක ටී එකක් ගෙනිහින් ඒක කවලා පොවලා මම ඇවිත් වොශින් මැශින් එකේ රෙදි ඩ්‍රයර් කරන්න දදා උන්නෙ.ආපහු බෙල් එක ගැහුවා.හවස තේ දුන්නෙ නෑ කියලා කෑගහනවා.මට ටේබල් එක උඩ තිබුණ වතුර වීදුරුවෙන් විසිකරලා ගැහුවා…”
පෝලා සිනාසෙන්නට තැත් කළද එහි වූයේ වෙහෙසකර බවක් රැඳි අකමැත්ත්කි.පෝලා නිවසේ ඉන්නා පලපුරුදුම පැරණිම සේවිකාවයි.ඇය මුලුතැන් ගෙය භාරව ඉන්නවා විනා අම්මාගේ වැඩ වලට යොදාගන්නේ නැත.
මින් පෙර අම්මා බලාගන්නට උන් පිලිපීන ජාතික යුවතිය අම්මා නෙරපා හැරියේ ඊයේය. සති දෙකක් උපරිමයෙන් සේවිකාවක උන්නෝතින් එය පුදුමයකි. කුමක් හෝ වරදක් මතුව එන්නේ සතියක් ගතවන විටමය.
එක්කෝ කෑම උණුසුම්ය.නැතහොත් සීතලය.වතුර වල රස්නය කිසිදාක ඇයට අවශ්‍ය මට්ටමේ නැත. හිස පීරූ අන්දම වැරදිය.එක්කෝ ඇන්දවූ ඇඳුමේ පාට හිතට හරි නැත….අනේකවිධ ප්‍රශ්න රාශියකි.අස්ථි බිඳීමෙන් ඇතිවුනු කායික අපහසුතාවයට වඩා අම්මා පෙළන අමතක වීමේ ගැටලු සහගත බව මේ සියලු ගැටලු වලට හේතුවෙයි.
“මැඩම්, මිස්ටර් ස්ටීව් ට කියලා ආපහු කෙනෙක් හොයන්න ප්ලීස්. මේරි මැඩම්ට වෙනමම කෙනෙක් තියන්නම වෙනවා..”
පෝලා සුසුමක් හෙලා ගත රැඳි දිය බිඳු පිසලමින් ඇවිද ගියාය.
ස්ටීවන් ක්ලිෆර්ඩ් ජංගම දුරකතනය අතට ගත්තේ සිය ඥාති සොහොයුරාගෙන් දිගින් දිගටම ආ ඇමතුම් නොසලකා හැර බැරිම තැනය.එකත් එකටම මේ අම්මාගේ ඔත්තුවක් වන්නට ඉඩ ඇත.ඇයගේ ඇඬුම් වැළපුම් වලට සවන් නොදෙනා විට බ්‍රයන් හරහා බල්පෑම් කරන්නට ඇය පටන් ගනී.
“යස්..බ්‍රයන්…මොකද මේ එක දිගට කෝල් ගන්නෙ…අයෑම් ඩ්‍රයිවින් ..”
බ්ලූටූත් උපාංගය හරහා ඇමතුම ලබා ගනිමින් ස්ටීව් විමසුවේය. සිය ඥාති සොහොයුරාගේ හඬෙහි නොරිස්සුම නොසලකා හරිමින් බ්‍රයන් ඇමතුමට එක්විය.
“අන්න අදත් ආච්චි පෝලාට වතුර එකකින් ගහලා…”
බ්‍රයන්ගේ නොරිස්සුම් ස්වරයට ස්ටීව්ගේ ප්‍රතිචාරය වූයේ මහ හඬින් නැගුණ සිනාවකි.
“ඇයි මොකද වෙලා තියෙන්නෙ…මං එහෙන් එනකොට පූස් පැටියෙක් වගේ හරි ස්වීට් ලුක් එකකින් හිටියානෙ…”
ස්ටීව් සිය සිනහව අතරේම විමසීය.ආච්චී පාලනය කිරීම එන්න එන්නම අසීරු වන බවක් ඔහුටද පසුගිය දිනවල වැටහෙමින් තිබිණ.පෙරදාක තමා සිටියදීම පිලිපීන ජාතික රැකබලා ගන්නියට අතවූ කෑම බඳුනින් දමා ගසන්නට හදත්දීම එය තමන් දුටු බව දැක ඉරියව් වෙනස් කරගත්තාය.
“හිනා නෙවෙයි ස්ටීව්, ලොයිඩ් අංකල් ගේ තැනට කතාකරලා බලනවද?”
බ්‍රයන් සිත යට අපේක්ෂාව සඟවාගනිමින්ම විමසුවේය.
“එතන ඉන්න අය ඔක්කොම එකයි බ්‍රයන්.උපරිම ඕන්නම් සති දෙකක් ආච්චි එක්ක ඉඳීවි. මේ කෙයාහෝම්ස් වල මිනිස්සුන්ව ට්‍රේන් කරලා නෙවේද කෙනෙක්ව බලාගන්න එවන්නෙ කියලා මට ලොයිඩ් අංකල්ගෙන් අහන්න හිතෙනවා. ආච්චි කියන්නෙ අවුරුදු අසූපහක වයස මනුස්සයෙක්.එයාගේ මෙන්ටැලිටි එකයි මෙමරි ප්‍රශ්නෙයි මේ එන මිනිස්සුන්ට කියලමනෙ එවන්නෙ….මට ෆෙඩ් අප් මේ ඒජන්සි එකත් එක්ක නම් ..”
ස්ටීව්ගේ හඬෙහි ඇති කළකිරීම බ්‍රයන්ගේ ඊලඟ පියවර ඉක්මන් කළේය.
“ස්ටීව්, ඔප්ෂන් එකක් නම් තියනවා…”
බ්‍රයන් ඊලඟ මොහොතේ ස්ටීව් පුපුරා හැලේදැයි අවිනිශ්චිත බවින් කතාව මොහොතක් නවතාලීය.
“මොකක්ද ඒ…? “
ස්ටීව් සිටියේ අවන්හලක රථ ගාලට රිය ඇතුළු කරමිනි. අම්මාගේ නිවසින් පිටත්වූයේ වතුර වීදුරුවක් හෝ නොබීය. ගතට මෙන්ම හිතටද දැනෙනා වෙහෙසට බීමට යමක් අවැසිය.එහෙත් ඒ සියල්ලටම පෙර මේ ප්‍රශ්නය විසඳාගත යුතුව ඇත.
“ඔයාට මතකද …අර එදා අපි කොෆිශොප් එකකදි මෙලාගේ පර්ස් එක අමතක වෙලා ඇවිත් ඒක අහුලලා බාරදුන්න ගර්ල්…”
බ්‍රයන් ඉතා පරෙස්සමින් වචන එක්කළේය.ස්ටීව් මොහොතකට නිහඬ විය.
මෙලාගේ අත් පසුම්බිය අසුලා දෙන්නට පෙරත් ඔය කී ගැහැණු ළමයා තමන්ගේ නෙතට හසුවුණ බව බ්‍රයන් නොදනී. කියන්නට තරම් විශේෂයක් නැතද ආසියාතික ගැහැණු ළමයෙකු සේ පෙණුන ඇයගේ මුහුණ විටින් විට තමන්ගේ ඇසරඳවා ගන්නට සමත්වූ බව ඔහුට සිහිවිය.
හැඟීම් සහසක් පිරුණ ඒ මුහුණේ ඒ මොහොතේ තිබූ අවිනිශ්චිත භාවයක්, දුකක් සහ හුදෙකලාවක සේයාවන් තමන් ඇස ගැටුණද සමස්තයක් ලෙස තමා ගැහැණු අය සම්බන්ධයෙන් දක්වන දැඩි ප්‍රතිචාරය ඒ මොහොතේද තමා වෙතින් පළවූ කළ ඇය බියෙන් මෙන් බිමට නෙත හරවා ගත්තාය.
මේ මොහොතේ ඇය ගැන කතාවක් මතුවන්නේ කිමදැයි යන්නත්..එය මේ අවස්ථාවට සබැඳෙන්නේ කෙසේද යන්නත් ස්ටීව් මොහිතකට සිටුවේය.
“ඔව්..ඉතින්..”
නොසැලකිලිමත් ස්වරය තමා වෙත එන්න්ට ගත වූ විනාඩියේදී බ්‍රයන් බලාපොරොත්තුව අථැර දමන්නට ආසන්නව තිඹුණි.
“මෙලා කිව්වා..ඒ ගර්ල් ජොබ් එකක් හොයන හමන්ලු.එයාගේ රටෙදි මේ වගේ පේශන්ට්ස්ලා බලල එක්ස්පීරියන්ස් තියන්වත්ලු…..”
බ්‍රයන්ගේ පැහැදිලි කිරීම මැද්දට ස්ටීව් කඩාවැටුණේ ගෙරවීමක් බඳු ස්වරයකිනි.
“බ්‍රයන්…පිස්සුද තමුන්ට…එක දවසක් හම්බ වුණ ගැනු කෙන්ක්ව මෙලා ඔච්චර කරට අරන් ඉන්නේ මෙලාගෙ ඔලුව හොඳ නැද්ද? අනෙක් අතට මේ ආච්චිව බලාගන්න…පිස්සුද බ්‍රයන්..”
ස්ටීව් ගුගුරා හැලුණේය.මේ දේ මෙසේ වන බවම දන්නා නිසා බ්‍රයන් මොහොතක් නිහඬ විය.විනාඩි කිහිපයක්ම නිහඬ තාවය රැක්කායින් පසු ස්ටීව් යළි හ්ඬ අවදි කළේය.
“හ්ම්ම් ..මේ වෙලාවෙ හැටියට දැන් අලුත් කෙනෙක් ඕනම වෙලාවත්නෙ..හරි ඕකේ…මෙලාට කියනවා හැබැයි ඔක්කොම රෙස්පොන්සිබිලිටි එක ගන්න කියල ඔය එන මනුස්සයාගෙ…ආයෙ දන්නවනෙ…ආච්චිගෙ කෙයා එක මට ඕනෙ ලෙවල් එක…”
ස්ටීව් අවසානයේ එකඟවීම සම්බන්ධව බ්‍රයන් සැනසුම් සුසුමක් හෙලීය.ඔහුට එහා පස සිට මේ සංවාදය අසා උන් මාලිකා උන්නේ තරහෙන් පිපිරෙමිනි.
“මොකක්ද බ්‍රයන් ඔය ස්ටීව්ගෙ බිහේවියර් එක…බලන්නකො මිනිස්සුන්ට එයා කතාකරන කැත…අනෙක එයා කොහොමද එහෙම කෙනෙක්ව ජජ් කරන්නෙ…මට නම් තරහෙ බෑ..”
මාලිකා බ්‍රයන් වෙතින් නැගී හිඳිමින්ම පැවසුවාය.
“ස්ටීව් ගෙ හැටි ඔයා එදා ඉඳන්ම දන්නවනෙ මෙලා…ඔය මනුස්සයාගෙ හිත ඇතුළේ තියෙන්නේ සනීප නොවුණ ලොකු තුවාලයක්…ඒක නිසයි ඔහොම වෙන්නෙ…පව් ..එකාතකට…”
බ්‍රයන් පැවසූවේ මඳ සංවේගයකිනි.
ඒ අතරේ අවන්හලේ රිය ගාලේ සිට සංවාදය අවසන් කළ ස්ටීව් කෝපි බඳුනක් රස නොවිඳම සිය නිවහන වෙත නික්ම ගියේය.