මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු වෙන ග්‍රහලෝකයක්?

ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ ඉතාම විශිෂ්ට චිත්‍රපට හදන අධ්‍යක්ශකවරයෙක් කියන එක නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරම් ඔහු විසින් නිර්මාණය කරපු මේ චිත්‍රපට ලෝකයේ හැම අස්සක් මුල්ලක් වගේම කතාකරල, ජනාදරයට සහ ජනප්‍රසාදයට පත්වෙලා තියෙනවා. ඉතින් අදත් අපි අරගෙන එන්න යන්නෙ ඒ වගේම විශිෂ්ට චිත්‍රපටයක් ගැන කතාවක්.

ඒ තමයි 2014 ආව epic science fiction film එකක් කියල කියන්න පුලුවන් ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ශණය කරපු Interstellar චිත්‍රපටය. සමහර විට ඔබ මේ චිත්‍රපටය බලලා තියෙන්න පුලුවන්. බලලා නැතිවෙන්නත් පුලුවන්. ඉතින් කොහොම වෙතත් බැලුවත් නැතත් ඕන ආයෙ වතාවක් බලන්න කලින් මේ කතාවත් අහලම චිත්‍රපටය බලන්න කියල කියන්න අපි කැමතියි.

මේ චිත්‍රපටයේ පිටපත ක්‍රිස්ටෝපර් එයාගෙ සහෝදරය වන ජොනතන් එක්ක එකතුවෙලා තමයි ලියලා තියෙන්නෙ. Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain, Bill Irwin, Ellen Burstyn, සහ Michael Caine වගේ ගොඩක් හොඳ දක්ශ නලු නිලියො තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.

මේ කතාව සිද්දවෙන්නෙ අනාගතේ කාලෙ තැනක. අනාගත කාලෙ අපි ජීවත්වෙන මේ පෘතුවිය ප්‍රශ්නයකට වැටිල ඉන්න කාලෙක සිද්ද වෙන කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් අපිට අරගෙන එන්නෙ. ලොකුම ලොකු දූවිලි කුණාටු වගේම ආහර හිඟවීමේ අර්බුධතාවයක තමයි ඒ වෙද්දි අපි ජීව්ටහ්වෙන ලෝකෙ තියෙන්නෙ. ඉතින් මෙන්න මේ වගේ කාලෙක මේ ලෝකෙ මිනිස්සුන්ට තවදුරටත් පෘතුවියේ ජීවත් වෙන්න බැරිකම නිසා ගගනගාමීන් පිරිසක් මිනිස්සුන්ට ජීවත්වෙන්න පුලුවන් වෙන ග්‍රහලෝකයක් හොයාගෙන යන කතාවක් තමයි මේ චිත්‍රපටයට plot එක වෙලා තියෙන්නෙ.

ඉතින් වැඩි බයිලා නැතුව අපි බලමු මොකද්ද මේ චිත්‍රපටයෙ වෙන්නෙ කියලා.

21 වන සියවසේ මැද හරියක් වෙද්දි අපි ජීවත්වෙන ලෝකෙ තියෙන්නෙ නැතිවෙන්න ඔන්න මෙන්න වගේ ලෙවල් එකක. ලොකුම ලොකු කුණාටු වගේම ආහාර වගාකරන තැන්, බෝග හෙම විනාශ වෙන නිසා ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ ආහාර හිඟයකින් පීඩා විඳිනවා. මේ සිදුවීම් වෙද්දි නාසා ආයතනයේ හිටපු පරීක්ෂණ නියමුවෙකු වන ජෝසප් කූපර් ගොවියෙකු දැන් ගොවියෙක් විදියට වැඩ කරන ගමන් මාමණ්ඩිය වන ඩොනල්ඩ් සමඟ ඔහුගේ දරුවන් වන මර්ෆ් සහ ටොම් ඇති දැඩි කරනවා. Dust storm එකක් අතරවාරෙ තමන්ගෙ කාමරයේ ඇතිවෙන dust patterns දකින මර්ෆ් හිතනවා තමන් එක්ක සන්නිවේදනය කරන්න අවතාරයක් උත්සහ කරනවා කියලා. හැබැයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මර්ෆ් සහ කූපර් මේ කාමරේ ඇතුලෙ ඇතිවන dust patterns වලින් හොයාගන්නවා සැඟවුණු නාසා කඳවුරකට ගෙන යන රහස් ඛණ්ඩාංකයක්.

මේ ඔස්සේ ගමන පටන් ගන්න කූපර් සහ මර්ෆ්ට හම්බුවෙනවා Professor John Brand ව. එයා කියනවා මීට වසර 48 කට පෙර සෙනසුරු අසල wormhole එකක් පෙනිච්ච බව. මේ wormhole එක තවත් මන්දාකිණියකට පාර කියනව වගේමෙ එහේ මිනිසුන්ට ජීවත් වීමට සුදුසු ග්‍රහලෝක 12 ක් තියෙනව කියලත් වැඩිදුර විස්තර කරනවා. නාසා ආයතනය දැනටමත් මෙම ග්‍රහලෝක ගවේෂණය කිරීම සඳහා ගගනගාමීන් යවලා තියෙනව කියන එකත්, ඒකෙන් තුන්දෙනෙක් වෙන මිලර්, එඩ්මන්ඩ්ස් සහ positive feedback එවලා තියෙන බවත් කියනවා.

වාසයට සුදුසු ග්‍රහලෝකයක් සොයා ගැනීම සඳහා එන්ඩියුරන්ස් නම් අභ්‍යවකාශ යානයක් නියමු කරන ලෙස මහාචාර්ය බ්‍රෑන්ඩ් කූපර්ගෙන් ඉල්ලා ඉන්නෙ ඒ කතාව කිව්වයින් පස්සෙ. ශීත කළ මිනිස් කළල 5,000 ක් රැගෙන නව ජනපදයක් නිර්මාණය කිරීම තමයි ඒ ගමනෙ සැලසුම කියන එකත් මෙතනදි විස්තර කරනවා. මේ අතරෙ, බ්‍රෑන්ඩ් විශාල අභ්‍යවකාශ නැව් තැනීමෙන් මිනිසුන්ට පෘථිවියෙන් පැන යාමට උපකාර කළ හැකි විද්‍යාත්මක සමීකරණයක් මත වැඩ කරමින් තමයි ඉන්නෙ. මර්ෆ් කූපර් පිටව යාමට අකමැති වුනත් අන්තිමේදි කූපර් යන එකට එකඟ වෙනවා. පිටත්ව යාමට කලින්, එයා මර්ෆ්ට තමන්ගෙ අත් ඔරලෝසුව දීලා ඔහු ආපසු පැමිණෙන විට ඔවුන්ගේ කාලය සංසන්දනය කරන ලෙස එයාට කියනවා.

කූපර් සහ එයාගෙ කණ්ඩායම – විද්‍යාඥයින් වන ආචාර්ය ඇමීලියා බ්‍රෑන්ඩ් (මහාචාර්ය බ්‍රෑන්ඩ්ගේ දියණිය), රොමිලි, ඩොයිල් සහ TARS සහ CASE නම් රොබෝවරු දෙදෙනෙක්  wormhole එක හරහා ගමන් කරනවා. වසර දෙකක ගමනකින් පස්සෙ, එයාලා පළමු ග්‍රහලෝකය වන මිලර්ගේ ග්‍රහලෝකයට එනවා. කොහොම උනත් ඒ වෙද්දි ඒ ග්‍රහලෝකය තියෙන්නෙ නොගැඹුරු ජලයෙන් වැසිලා. කාලය ගමන් කරන්නෙ හරිම හෙමින්.  මෙයාලගෙ පැත්තට එන giant wave එකක් මෙයලට හානි කරල මෙයාලගෙ යානෙටත් හානි කරලා දානවා වගේම ඩොයිල්ව මරලා දානවා. කූපර් සහ බ්‍රෑන්ඩ් එන්ඩියුරන්ස් වලට එද්දි අවුරුදු 23ක් ගතවෙලා තමයි තියෙන්නෙ..

දැන්, එයාල ලග තියෙන්නෙ තවත් එක් ග්‍රහලෝකයක් නැරඹීමට ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ව්තරයි. එයාලා ආචාර්ය මෑන්ගේ ග්‍රහලෝකය තෝරා ගන්නේ ඔහු තවමත් සංඥා යවන හන්දා. යන අතරමගදී, කූපර් පෘථිවියෙන් එන වීඩියෝ පණිවිඩ නරඹනවා. එයාගේ පුතා වෙන ටොම් හැදී වැඩී, විවාහ වී, දරුවෙකුත් ඉන්න ලොකු මනුස්සයෙක් වෙලා. දැන් වැඩිහිටියෙකු වන මර්ෆ් මහාචාර්ය බ්‍රෑන්ඩ් සමඟ වැඩ කරනවා. මිය යන්න කලින්, බ්‍රෑන්ඩ් හරිම පුදුම හිතෙන කතාවක් එලිකරනවා. ඒ කතාව අනුව මේ කූපර්ලගෙ ගමන අහම්බෙන් ප්ලෑන් වෙච්ච එකක් නෙවෙයි කියන එක තේරෙනවා.

ඉතින් ඒ කතාව මොකද්ද කියලා දැනගන්න නම් ඔයාලා මේ චිත්‍රපටය බලන්නම ඕන! ඉතින් ඔන්න බලලා නැති අයත් බලන්න. බලපු අය ඉන්නවනම් ආයෙ බලන්න!

Related Articles

Don't Miss


Latest Articles